ධම්ම කරුනු 7 (part 2) – ඇයි අපි භාහිරයෙ පවතින සියල්ලම ආශ්වාදයකින් ගන්නේ?
Posted on September 25th, 2024

තිස්ස ගුණතිලක

අපිට ධර්මය තේරූම්ගන්න තියෙන්නෙ බුද්ධ වචනය තුලින්ම පමනයි, එක එක දේශකයින්ගේ හිතළුතුලින්‍ නොවෙයි.

බුද්ධ දේශනාව නම් අවිද්‍යාව හා තන්හාව නිසා දුක ඇතිවන බවයි. භාහිරයේ සියල්ලම පවතින්නේ ආශ්වාදයක් හෝ වෛරයක් නොමැති ආතතියක් ඇති නොකරන ස්වභාවයකිනි: සබ්බේ සංකාරා අනිච්චාති. නමුත් උපන්නාට පසුව අප සංකාර කිරීමට පටන්ගත්‍ දා සිට අප කලේ භාහිරයේ ඇති සියළුම දේ එක්කෝ සංතෝෂයකින් හෝ අසංතෝෂයකින් එනම් ආශාවකින් හෝ වෛරයකින් ග්‍රහනය කිරීමයි. අපි වෙනත් ආකාරයකින් භාහිරය ග්‍රහනය කිරීමට දැන සිටියේ නැත. ඉතා කුඩා අවදියේදී මෙම ක්‍රියාව නොදැන කිරීමට පටන්ගත් අතර අපි පසුකලකදී දැන දැනම භාහිරයට ආශාවක් හෝ ආශාවක් නැති වෛරී ස්වභාවයෙන්‍ ග්‍රහනය කලේය. අවසානයේදී සිඳුවුනේ භාහිරයේ ඇති සියල්ලම ආශාවකින් හෝ වෛරී ස්වභාවයකින් ග්‍රහනය කිරීම පුරුද්දක් බවට පත්වීමයි. අද අපි මෙම පුරුද්දට අනුව භාහිරය අරමුනු කර භාහිරයේ ඇති සියල්ලම තන්හාවකින් අල්ලා ගනී.

මෙසේ තන්හාවකින් අරමුනු කරගත් භාහිරයේ පවතින කිසිම දෙයක එවැනි තන්හාව උපදවන ගුණයක් නොපවතියි. ඉහත පරිදි භාහිරය තන්හාවකින් ගැනීම අවිද්‍යාවයි. 

බුදුන්වහන්සේ ධම්මචක්කපවත්වන සූත්‍රයේ මුලම ජේදයේ දේශනාකලේ ‘කාමසුඛල්ලිකානු’ දිවිපෙවෙතිනුත් ‘අත්තකිලමතානු’ දිවිපෙවෙතත් යන දෙකෙන්‍ම මීදිය යුතු බවයි. මෙම දෙකම ‘හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො’ නීච හීන, ග්‍රාම්‍ය, පෘතග්ජනයින්ට අයත්, අනාර්ය,  අනර්ථය, අවැඩ, විපත්ගෙන දෙන දිවිපෙවතක්‍ බව බුදුන්වහන්සේ දේශනාකල සේක. 

මේ අන්තදෙක ඇතුළුව එම අන්ත දෙක අතර පවතින සියළුම දිවිපෙවෙත් (whole spectrum) නිසා අපගේ සිහිය පමා කරනාබව (උභො අන්තෙ අනුපගම්ම මජ්ඣි) ධම්මචක්කපවත්වන සූත්‍ර දේශනාවේ පටන් ගැනීමේදීම බුදුන්වහන්සේ පෙන්වා දෙයි.

සිහිය පමාවීම යනු අපගේ මොලයේ ඇති යමක් හඳුනාගැනීමේ අංශ cognitive faculties – the modules where inherent cognitive (ප්‍රජානන පීඨ) or perceptual powers of the mind exists, 100% කාර්යක්ෂමතාවයකින් ක්‍රියා නොකිරීමයි. 

සංජානති, විජානාති (understand, perceive, recognize) හා පජානාති (knows clearly, distinguish විශේෂයෙන් දැනගැනීම, ටක්කෙටම දැනගැනීම) – නැතහොත් හඳුනාගැනීමේ හැකියාව (cognitive) හා යමක් ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්නා (perceptual) මොලයේ ඇති අංශ.

අපගතකරනා සියළුම දිවිපෙවෙත් තුල සිඳුවන්නේ භාහිරය තන්හාවකින් (ආශ්වාදයකින් හෝ වෛරයකින්) ග්‍රහනය වීමයි. ඒනිසා සිඳුවන උපාදානය හේතුකොට ගෙන ශරීරය තුල සමතුලිතතාවයක තිබූ රසායනික සංයුතිය උද්දීපනයකට නැතහොත් ආරෝපනයකට ලක්වෙයි. මෙම රසායනික උද්දීපනය නිසා ආතතියක් ඇතිවන බවක් දැනෙයි. ‘මම’ නැතහොත් ඉන්නවා සේ දැනෙන්නේ (ඉත්ථභාවය, සක්කාය) මෙම රසායනික ක්‍රියාවලිය නිසා දැනෙන ආතතියයි. ආතතිය යනු දුකයි. දුක නැති කිරීම යනු ආතතිය ඇති නොවන ස්වභාවයයි. එනම් රසායනික ක්‍රියාවලියේ ඇතිවන උද්දීපනය/ආරෝපනය උදාසීන/මධ්‍යස්ථ (neutral) තත්වයට ගෙන ඒමයි. විපස්සනාව මගින් අත්කරගන්නේ මෙම රසායනික උදාසිනත්වයයි (neutrality).

මෙම ලිපියේ අඩංගු කරුනු හා එම කරුනුවල දිගුවකට ඔබට ‘විපස්සනාව රසායනිකව, සෘද්ධිපාද, ඕභාශය සහ රූප දර්ශනය’ යන මැයෙන් ඇති YouTube ධර්ම සාකච්ඡාව තුලින් සවන්දිය හැකිය. එයට පිවිසීමට පහත සඳහන් link එක භාවිතා කරන්න.

විපස්සනාව රසායනිකව, සෘද්ධිපාද, ඕභාශය සහ රූප දර්ශනය ධර්ම සාකච්ඡාව 6A 15 සැප් 2024 youtu.be

ඔබට තෙරුවන් සරණයි

තිස්ස ගුණතිලක

tgunite@tpg.com.au

2024 සැප් මස 26 වනදා

Sent from Tissa’s Phone

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress