ජා: මූ: අරමුදල සහ ඩොලරය අපගේ එකම ගැලවුම් මගද? මැතිවරණ රූකඩ නැටුම සහ දේශගුණ විපර්යාස ප්‍රෝඩාව පිටුපස ඇති ආර්ථික වංචාවන්
Posted on September 26th, 2024

ධරිණි රාජසිංහම් සේනානායක

(2024 සැප්තැම්බර් මස 14 වැනි දින Are the IMF and US Dollar fit for purpose? Beyond Election Puppet Shows and Economic Gaslighting in the Faux Anthropocene” ලංකා වෙබ් අඩවියේ පළ වූ ලිපියේ පරිවර්තනය)

ධරිණි රාජසිංහම් සේනානායක

ජනාධිපතිවරණ වේදිකාව තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ඔහුගේ ආණ්ඩුවේ ණය තිරසාරකරණ ගිවිසුම(Debt Sustainability Agreement -DSA) ප්‍රතිරූපණය කර ඇත්තේ ලංකාව ගිලී ඇති ගෝලීය බහු අර්බුදය න්ගෙන් මිදීමට ඇති සර්වරෝග නාශකයක් ලෙසය.

මේ අතර මුදල් ඇමැති ෂෙහාන් සමරසිංහ ප්‍රකාශ කර ඇත්තේ ණය අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් ගැලවුම් මගක් නොමැති” බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම සංශෝධනය කරන බවට විපක්ෂයේ ඇතැම් පක්ෂ විසින් කර ඇති ප්‍රකාශ මගින් රටට විශාල හානියක් සිදුවනු ඇතැයිද එය සිය දිවි නසාගැනීමකට” සමාන වනු ඇතැයිද ඇමැතිවරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.‍

ජනාධිපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළද කොල්ලකාරී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (International Sovereign -ISB)නැතහොත් යුරෝ-බැඳුම්කර ණය දෙන්නන්ගෙන් ලබාගත් ණය ආපසු ගෙවීම සඳහා ඔවුන්ගෙන්ම නැවත ණය ලබාගැනීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තිත්ත කසාය” දිගටම පානය කළ යුතු බවට පැරිස් ණය දෙන කණ්ඩායමේ රටවල තානාපතිවරු මෙන්ම පසුගියදා මෙරට සංචාරයක යෙදුණු ජපාන ඇමැතිවරයෙක් විසින්ද අනතුරු අඟවා තිබේ.

දූෂිත ණය අවලංගුකරන ලෙස දේශිය සහ ජාත්‍යන්තර විද්‍යාර්ථීන් රැසක් විසින් කරන ලද ඉල්ලීම ක්‍රියාත්මක කරනු වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇති අනෙකුත් විසඳුම්” වන්නේ සමාජ සුබසාධනය ඇතුළු සහ රාජ්‍ය වියදම් කප්පාදු කිරීම සහ ආර්ථිකය හැකිළවීම පිණිස මහජන දේපළ පුද්ගලීකරණය කිරීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලසුම් සකස් කර ඇත්තේ ණය උගුල තවතවත් ගැඹුරු කිරීම සහ පුරවැසියන් අන්ත දරිද්‍රතාවයට පත් කිරීම ආදි ඔවුන්ගේ ඉලක්ක සම්පූර්ණ කරගැනීමේ අරමුණ සහිතවය.

BRICS රටවල් වෙත යොමුවීම සහ යුරෝ- බැඳුම්කර ණය උගුලෙන් මිදීමට උත්සාහ දැරීම

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති භූ දේශපාලනික ප්‍රශ්නවලට පැහැදිලිවම ආර්ථික විසඳුම් නැත. කෙසේ වුවද ආසියානු 21 වැනි සියවසේදී” බටහිර ණය උගුලට හසුව පීඩා විඳින ශ්‍රී ලාංකික පුරවැසියන් ඉන් මුදාගැනීම සඳහා නව රජයක් විසින් ශ්‍රී ලංකාව BRICS ආර්ථික හවුල වෙත නැඹුරු වූ ප්‍රතිපත්තියකට යොමු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව එක්සත් ජනපදයේ පිටුබලය ලබන මහජන වරමක් නැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම විපක්ෂයේ හිටපු-මාක්ස්වාදි ජාතික ජන බලවේගය ( NPP) පක්ෂයේද මැතිවරණ ප්‍රකාශන තුළ කිසිවක් සඳහන් නොවේ.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව,චීනය, දකුණු අප්‍රිකාව යන රටවල් 4 නායකත්වයෙන් ගොඩ නැගුණු BRICS ආර්ථික හවුලේ නායකයෝ 2018 නොවැම්බර් මස 26 වැනි දින දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් අගනුවර පැවැති 10 වැනි BRICS සමුළුවේදී සමූහ ඡායාරූපයකට පෙනී සිටිති. වමේ සිට දකුණට පිළිවෙළින් ඉන්දීයඅගමැති නරේන්ද්‍ර මෝඩි, චීන ජනාධිපති ෂී ජින්පින්, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, බ්‍රසීලියානු ජනාධිපති මිෂෙල් ට්‍රෙමර් (photo-Xinhua/Xie Huanchi)

වර්තමාන බහුධ්‍රැවීය ලෝකයේ වර්ධක බලවේගය වන්නේ BRICS රටවල්ය. ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුළුල් කරන ලද අරමුදල් පහසුකම් ගිවිසුම”(Extended Fund Facility- EFF) වැනි අලංකාර වචන යටතේ සඟවමින් දියත් කර ඇති
බටහිර පැරිස් ණය දෙන කණ්ඩායමේ ණය යටත්විජිතවාදයෙන් මුදවාගනිමින් නැගෙනහිර සහ ගෝලීය දකුණ වෙත ප්‍රති-දිශාගත කිරීම විසින් තාක්ෂණ හුවමාරුවට මෙන්ම නව වෙළඳපොළවල් දිනාගැනීම සඳහා ද අවස්ථා විවරකර දෙනු ඇත.

වසර 2කකට පෙර 2022 දී ශ්‍රී ලංකාව  සිය ණය ගෙවාගත නොහැකි බංකොළොත් රටක් යැයි මවා පෙන්වීම සඳහා හුවා දක්වන ලද දූෂිත ණය කන්දරාවක් ගොඩගැසීමට බලපෑ මූලික හේතුව මහ බැංකු ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර මගඩිය බව දැන් ඉතා පැහැදිලි සාක්ෂි සහිතව සනාථ වී තිබේ. එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව සිර වූ මෙම ණය උගුල පිළිබඳව චීනයට චෝදනා නගමින්
ගෝලීය සහ දේශිය කෝපරේට් ජනමාධ්‍ය විසින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන ලදි. එය චීනයේ වෙළඳ පථ සහ මාර්ග සමාරම්භක ව්‍යාපෘතියට ( Belt and Road Initiative-BRI) එරෙහිව ඇමෙරිකාව විසින් ගෙන යනු ලබන වක්‍ර යුද්ධය උත්සන්න කිරීමේ පියවරක් ලෙසද සැළකිය හැකිය.

හරිත බැඳුම්කර මගඩි මිනිස් ක්‍රියාකාරිත්වයන් හේතුවෙන් සිදුවන දේශගුණ විපර්යාසයක් පිළිබඳ ප්‍රෝඩාව

ප්‍රත්‍යාවලෝකනය විසින් ලබා දෙනු ලබන ප්‍රඥාව තුළ 2028 වනවිට ජාත්‍යන්තර කොල්ලකාරි ණය හිමියන්ගේ ණය ගෙවීම පිණිස ඔවුන්ගෙන්ම ණය ලබාගැනීමට උපදෙස් දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විසඳුම” පිළිබඳව ශ්‍රී ලංකාව නැවතත් විමසා බැලිය යුතුව තිබේ. මෙම නිවර්තන පාරාදීසයේ අනවරත වංචාවන්ට ගොදුරුව පරාජිකා වූ ස්වදේශිකයන්ට බැඳුම්කර සහ වංචාවන් වඩාත්
ප්‍රියමනාප සහ ලෙසින් රස සහ වර්ණකාරක යොදා ඉදිරිපත් කරනු ඇත්තේ මේ මොහොතේදී පමණි.

දූෂිත දේශීය දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ව්‍යාපාරික සගයන් සමග හවුල් වෙමින් බ්ලැක්රොක් වැනි ලෝකයේ විශාලතම
ජාත්‍යන්තර මූල්‍ය සමාගම් ඇතුළු කොල්ලකාරි ජාත්‍යන්තර බැඳුම්කර ජාවාරම්කරුවන් සහ ණය මෝරුන්ට කප්පම් ගෙවීම පිණිස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර උපදේශකයන්ගේ භාරකාරිත්වය යටතේ වැනිලා බැඳුම්කර (vanilla bonds) නිකුත් කර ඇත.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) සම්බන්ධ දූෂණ හෝ බැඳුම්කර හිමියන්ගේ නම් රහසිගතව පවත්වාගෙන යන කරුණ සම්පූර්ණයෙන්ම නොසළකා හැර ඒ පිළිබඳව කිසිදු සඳහනක් හෝ නොකර දේශීය දූෂණ නිරීක්ෂණය කිරීම සඳහා වෙරිටේ රිසර්ච්” (Verite Research) සමඟ සාර්ව සම්බන්ධිත පාලන බැඳුම්කර ( Macro-Linked Governance Bonds- MLB) සැලසුම් කෙරෙමින් පවතී. මේ අතර මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන පාරිසරික සහ දේශගුණික විපර්යාස වැළැක්වීමේ ප්‍රෝඩාකාරි සටන්පාඨය යටතේ නිල් සහ හරිත ණය බැඳුම්කර (නැතහොත් ණය සඳහා ස්වභාව ධර්මය හුවමාරුකරණය) සැලසුම් කෙරෙමින් පවතින්නේ ණය යුක්තිය පිළිබඳව පමණක් නොව දේශගුණික යුක්තිය පිළිබඳවද මූල ධර්මයන් උල්ලංඝණය කරමිනි.

ජනාධිපතිවරණයේ දුමාරය මැද පසුගිය සතියේ පළමුවතාවට DFCCබැංකුව විසින් ශ්‍රි ලංකා හරිත බැඳුම්කර නිකුත් කරන ලදි. කෙටියෙන් පවසතොත් නිල් සහ හරිත බැඳුම්කර සැලසුම් කෙරී ඇත්තේ නිවර්තන වනාන්තර, සාගර කලාපයන්, සාගර සම්පත්, සහ අප හුස්ම ගනු ලබන වායුගෝලය ඇතුළු සොබාදම් මාතාව මූල්‍යකරණයට, ඩොලර්කරණයට සහ පුද්ගලීකරණයට ලක් කිරීමේ අරමුණ ඉටුකර ගැනීම සඳහාය. මේ සඳහා කාබන් ක්‍රෙඩිට් ගණනය කිරීම්, මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රොඩාකාරි ආඛ්‍යානය ඇතුළු කෘත්‍රිම බුද්ධිය විසින් ජනනය කරනු ලබන විද්‍යා ප්‍රබන්ධ යොදාගනු ලබයි. මේ අතර එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් ප්‍රෝඩාකාරි නිල් සහ හරිත බැඳුම්කර මගඩි ප්‍රවර්ධනය කරනු පිණිස දේශගුණය උණු වී දියවී වැගිරීමක්” පිළිබඳ වාචාළ දොඩමින් භීතියක් පැතිරවීමට උත්සාහ දරමින් සිටියි.

මානව ක්‍රියාකාරම් හේතුවෙන් සිදුවන පාරිසරික දූෂණයන් ලෙස ප්‍රධාන වශයෙන්ම බලපාන සාධකය ලෙස සැලකිය හැක්කේ එක්සත් ජනපදය ඇතුළු නෙටෝ යුද යන්ත්‍රය විසින් නියාමක බලශක්ති අවි සහ HAARP ව්‍යාපෘතිය (දේශගුණය ආයුධයක් ලෙස භාවිතා කිරීමේ ව්‍යාපෘතිය) ඇතුළු විනාශකාරි අවි භාවිතා කරමින් භාවිතා කරමින් අනවරත යුද්ධ නමුත් ඒවා වැලැක්වීම පිණිස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් කිසිදු සම්මේලනයක් කැඳවීමට කටයුතු කර නැත.

ශ්‍රී ලංකාව සිය ණය උගුලට හසු කරගෙන ඇති කොල්ලකාරි ජාත්‍යන්තර ස්වෛරී ණය හිමියන්ට ආපසු ගෙවනු පිණිස ඔවුන්ගෙන්ම නැවතත් හරිත හෝ විවිධ වෛවර්ණ නම්වලින් හැඳින්වෙන බැඳුම්කර හරහා දිගින් දිගටම ණය ලබාගැනීමත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙහෙයවන සමාජ සුබසාධන වියදම් ඇතුළු රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ ක්‍රියාමාර්ග සහ ජාතික සම්පත් පුද්ගලීකරණයත් හේතුවෙන් ආර්ථිකය තවදුරටත් හැකිළී යාම සිදුවනු ඇත. කෙසේ වුවද මේ සියල්ල නුදුරු අනාගතයේදීම තවත් බංකොළොත් වීමක් ප්‍රකාශයට පත්කිරීම සඳහා හේතුසාධක වනු ඇත.

ණය පිළිබඳ ඉලක්කම් ක්‍රීඩාව

2022 දී ශ්‍රී ලංකාව පළමු වරට සිය ස්වෛරී ණය ගෙවාගත නොහැකිව බංකොළොත් බවට පත්වීමේ නාටකය වේදිකා ගත කරන ලද්දේ අසාධාරණ ලෙස වරප්‍රසාදිත එක්සත් ජනපද ඩොලර් හිඟවීමක් හේතුවෙන් බව ප්‍රකාශයට පත් කරමිනි. එතැන් සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ශිඝ්‍රයෙන් ඉහළ ගියේ එය තවතවත් ණය උගුලේ සිරකරමිනි.

එක්සත් ජනපදයේ ආධාරයෙන් අරගලය” නමින් දියත් කරන ලද ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදි විරෝධතා හරහා බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ දේශිය සහ විදේශිය උපදේශකයන්ද, බැඳුම්කර වංචා මගඩි සම්බන්ධ කුප්‍රකට ශ්‍රී ලංකා මහ බැංකුවද සමග අනලස්ව කටයුතු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විස්තීර්ණ අරමුදල් පහසුකාරකම (Extended Fund Facility – EFF) යටතේ ලංකාවේ ණය අර්බුදය තවදුරටත් ගැඹුරුකරනු සඳහා කටයුතු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වොෂින්ටන් පාලනයේ සහාය ලබන රනිල් වික්‍රමසිංහ සහ ණය තිරසාරකරණ ගිවිසුම” ( DSA) අතර ඇති දීගය විසින් ශ්‍රි ලංකාව තුළ ගොඩනගා ඇත්තේ අපායක්ද, නැතහොත් සුරපුරයක්ද?

ශ්‍රී ලංකාව වසර දෙකකට පෙර තමන්ට සිය ණය ගෙවාගත නොහැකි බවට ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ එය විසින් ගෙවිය යුතුව තිබූ සමස්ත විදේශ ණය ලෙස මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තුමේන්තුව විසින් ලැයිස්තු ගත කර තිබුණු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 26ක් පමණක් විය. ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීර සිංහ විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයකට අනුව දැන් මෙම ණය ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය යටතේ ඩොලර් බිලියන 100ක් දක්වා ඉහළ ගොස් ඇත.[i]

ශ්‍රී ලංකාවේ ණය උගුල තවතවත් තද කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් මත පදනම් විදේශ ණය දැවැන්ත ලෙස ඉහළ දැමීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඇපදීමේ ගනුදෙනුවලට අදාළ අරමුණු සාක්ෂාත් කරගෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ශ්‍රී ලංකාවේ දේශිය රුපියල් ණය ප්‍රතිව්‍යුහගතකරණය ((DDR) කරාද රිංගවීම හරහාය. මෙමගින් අභ්‍යන්තර හා බාහිර ණය පටලවමින් ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමටත් ණය සංඛ්‍යා අසාමාන්‍ය සහ අසාධාරණ ලෙස පුම්බා පෙන්වීමටත් හැකියාව ලැබී ඇත.මීට අමතරව, විනිමය අනුපාත වෙනස් කිරීම සහ ණය පිළිබඳ දත්ත විකෘති කිරීමේ සෙල්ලම ද මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රමාණය දැවැන්ත ලෙස ඉහළ යාමට දායක වී ඇත.

ශ්‍රී ලංකා රජයේ දත්ත ගබඩා පද්ධතීන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ පවතින දුර්වලතා හේතුවෙන් සිදුව ඇති ණය පිළිබඳ දත්ත විකෘති කිරීම පවත්නා ප්‍රධාන ගැටළුවක් ලෙස සැළකිය හැකිය. මෙයට පෙර ඊනියා කොවිඩ්-19 සමයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ අනුමත කිරීම්වලට අදාළ දත්ත ගබඩාවට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් ඒවායේ දත්ත සහමුලින්ම මකා දැමීමක් සිදුව තිබිණි. එය සිදු වූයේ ෆයිසර් එන්නතේ කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ අත්හදා බැලීමේ සායනික පරීක්ෂණවල දත්ත නිසිපරිදි නොමැතිව ෆයිසර් එන්නතට ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබාදීමෙන් අනතුරුවය. ඉන් අනතුරුව අති විශාල වියදමක් දරමින් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන ගණනක් මිලදී ගත් අතර අත්‍යාවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙනත් සෞඛ්‍ය අවශ්‍යතා සඳහා නොමැතිවීම හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් මුළුමණින්ම බිඳ වැටීමට ලක්විය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ණය උගුල තවත් ගැඹුරු කරනු වස් DFCC වැනි ශ්‍රී ලංකාවේ දේශිය පුද්ගලික බැංකු හරහා ස්වභාවධර්මය සඳහා ණය හුවමාරුකරණය හෙවත් නිල් සහ හරිත බැඳුම්කර පටවා තිබේ. ජනාධිපතිවරණයේ දුමාරය මැද අනාගත ‌ බැඳුම්කර මගඩි සඳහා වේදිකාව සකසා තිබේ. ඒ අතර දූෂිත ණය අවලංගු කරන ලෙස පැන නැගුණු ඉල්ලීම නොතකා හැර තිබේ. ශ්‍රී ලංකාවේ බංකොළොත් බවට හේතූ වූ මූලික සාධකය බැඳුම්කර වංචාවන් සහ ගොඩ ගැසුණු ණය කන්දරාව වන අතර අනුප්‍රාප්තික රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ව්‍යාපාරික සගයන් ආදී අයවළුන් මේ බැඳුම්කර වංචාවන් සඳහා ක්‍රප්‍රකටව සිටිති.

ණය පිළිබඳ ඉලක්කම් සෙල්ලම යනු ශ්‍රී ලංකාවේ ජනතාව රැවටීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද , එය විසින් ප්‍රතිසංස්කරණය සහ ස්වාධීන” කරනු ලැබ එහි දාසයෙකු බවට පත්කරගෙන ඇති ශ්‍රී ලංකා මහබැංකුවද විසින් ජන වරමක් නැති ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාර්යාලය තුළ සිය මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවාගෙන සිටින බිල් ගේට්ස් ගේ අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වන කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මිත ව්‍යාජ යථාර්ථයක්ද?

මෑතකාලීනව විලාසිතාවක් බවට පත්ව ඇති ” බහුවිධ අර්බුද” පිළිබඳ සංකල්පය තුළින් ප්‍රකාශයට පත්වන්නේ පූර්වාපර සහ හේතුඵල සම්බන්ධය බොඳව ඇත්තාවූත් සංයුක්ත වෙමින් සහ ඒකාබද්ධ වෙමින්, ශීඝ්‍රයෙන් සහ පාලනය කළ නොහැකි ලෙස වර්ධනය වන්නාවූත් කාලය සහ අවකාශය තුළ සර්පිලාකාර ලෙස වටයෙන් වටය සංකීර්ණ සහ උත්සන්න වෙමින් පවත්නා සිදුවීම් සමූහයකි.

සිදුවීම් පිටුපස පවත්නා සැබෑ සාධක හඹායෑමටටත් ඒවා සමස්තයක් ලෙස හේතුඵලවාදි ලෙස විග්‍රහකිරීමටත් අපට නොහැකි වන ලෙස බාහිර බලවේග සහ ජාලයන් විසින් සර්ව අවකාශ අධිපත්‍යය” (Full Spectrum Dominance-FSD) සඳහා දියත් කෙරෙන ක්ෂිතිජයෙන් එපිට මෙහෙයුම්” (Over the Horizon Operation) හරහා විකෘති සහ සංකීර්ණ පද්ධතියක් තුළ අපව මංමුලා සහගත තත්ත්වයක සිරගත කොට තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ග්‍රහණය වෙත යටත් කරවීම සඳහා එක්සත් ජනපදය විසින් දියත් කරන ලද ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ මැද, මනා ලෙස සම්බන්ධීකරණ කරන ලද්දාවූ සැපයුම් මාර්ග බිඳ දැමීම හරහා නිර්මාණය කරන ලද ආහාර සහ ඉන්ධන හිඟයත් දිග්ගැස්සුණු පෝලීම් සහ උත්සන්න කරන ලද සැබෑ දුක්ගැනවිලි උපයෝගී කර ගනිමින් 2022 දී දියත් කරන ලද ප්‍රෝඩාකාරි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගල” ව්‍යාපාරය තුළ සිදු වූයේ මෙයයි.

දේශිය වශයෙන් හෝ ගෝලීය වශයෙන් හෝ වේවා ” බහුවිධ අර්බුද” පිළිබඳ සංකල්පය වූකලී රැවටීමේ සහ වංචනිකත්වයේම කොටසකි. එය විසින් මැතිවරණ සමයේ හෝ ව්‍යාජ දේශපාලන අරගල” තුළදී හෝ අධිපතිවාදි ආඛ්‍යානයට එරෙහි සැබෑ විකල්පයන් ඉදිරිපත් කිරීමෙන් දැනුවත්ව වැළකෙමින් අනන්‍යතාවාදි දේශපාලනය පෙරට දමමින් නැටවෙන රූකඩ සංදර්ශනය පිටුපස ඇති දුරස්ථ දත්ත ගබඩා සංකීර්ණවල හරහා දියත්ව ඇති සයිබර් සහ සාවද්‍ය තොරතුරු මෙහෙයුම්වල නූල් හසුරුවන අත් සඟවනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකුව දූෂිත දේශපාලනඥයන්ගේ බලපෑමෙන් ස්වාධීන” කර ඇතැයි කියනු ලැබේ. එමෙන්ම එය ශ්‍රී ලංකා ජනතාව විසින් සිය නියෝජිතයන් පත්කරනු ලැබ ඇති පාර්ලිමේන්තුවට හෝ මහජනතාවටද වගකියනු නොලැබේ. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දියත් කර ඇති යහපාලන ප්‍රතිසංස්කරණ” නම් තේමා පාඨය යටතේ සිදු කෙරෙන ” ආණ්ඩුකරණ ඇගයීමේ” නිර්දේශවලට අනුව පසුගිය වසරේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් පනතක් අනුව ශ්‍රී ලංකා මහබැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සුවච කීකරු දාසයෙකු බවට පත් කර තිබේ. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය දැවැන්ත ලෙස ඉහළ යාමය. එනම් ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර ස්වෛරී ණය ගෙවාගත නොහැකි බවට ප්‍රකාශ කරමින් බංකළොත් බව ප්‍රකාශ කරන අවස්ථාවේ තිබූ ණය ප්‍රමාණය වූ ඇමෙරිකන් ඩොලර් බිලියන 26 ක සිට මේ වනවිට ඩොලර් බිලියන 100ක් දක්වා ප්‍රසාරණය වී ඇත.

ජනාධිපති වික්‍රමසිංහට උපදෙස් සපයන බිල් ගේට්ස් පදනමේ උපදේශකයන් සහ එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහනේ හිටපු ප්‍රධානී එරික් සොල්හයිම් විසින් ප්‍රවර්ධනය කරන ලද නිල් සහ හරිත බැඳුම්කර විසින් ශ්‍රී ලංකාවේ අර්බුදය වඩාත් උත්සන්න කිරීම සඳහා සැලසුම් කෙරී ඇත.

දැන් සුරුවමක් ලෙස අදහමින් පවතින කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කර ඇති අවිද්‍යාත්මක සහ මුග්ධ කාබන්-ක්‍රෙඩිට් ගණනය කිරීම් හරහා ස්වභාවධර්මය මූල්‍යකරණයට පුද්ගලීකරණයට සහ ඩොලර්කරණයට ගොදුරු කරවීමේ ක්‍රියාදාමයට හුරේ දැමීම සඳහා ඉතා හොඳින් අරමුදල් සැපයෙන දේශීය පාරිසරික රාජ්‍ය නොවන සංංවිධාන සහ මධ්‍යම නිලධාරින් බලමුළුගන්වා ඇත. එමෙන්ම ගෝලීය දකුණ වෙත දේශගුණික යුක්තිය පිළිබඳවත් ණය යුක්තිය පිළිබඳවත් වන ප්‍රධාන මූලධර්ම උල්ලංඝණය කරන දූෂිත ණය බැඳුම්කර අලෙවිය සඳහා එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩ සටහන තුළ ශ්‍රී ලංකා ඩයස්පෝරාවේ සාමාජිකයෙකු වන කන්නි විග්නරාජා බඳවාගෙන තිබේ.

වනාන්තර, වගාබිම්, සාගර කලාප, සාගර පත්ලේ ඇති සම්පත් අවහිර කිරීමකින් තොරව භාවිතා කිරීමේ අයිතිය ඇති සම්ප්‍රදායික ගොවින්ට සහ ධීවරයන්ට එම සම්පත් කලාපයන් වෙත ඇතුළු වීම වළක්වමින් ඔවුහු සම්ප්‍රදායික ජීවිකා වෘත්තීන්ගේ නිරතවීම තහනම් කරනු ඇත. මෙය සිදුවන්නේ ලෝකයේ විශාලතම මූල්‍ය සමාගමක් වන බ්ලැක්රොක් සමාගමේ අවශ්‍යතාව පරිදිය. බිලැක් රොක් සමාගම යනු ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික ණය හිමියාද වෙයි. ඊනියා කොවිඩ්-19 සමයේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල බලහත්කාරය තුළ දියත්කරන ලද ලොක් ඩවුන් වැනි ආර්ථිකමය වශයෙන් විනාශකාරි පිළිවෙත් හේතුවෙන් සිය ආර්ථිකයන් විනාශයට පත්කරගැනීමට සිදු වූ ගොලීය දකුණේ රටවල වත්කම් කුණු කොල්ලයට මිලදී ගැනීම සඳහා එක්සත් ජනපද රජය විසින් බ්ලැක්රොක් සමාගම වෙත CARES පනතට අනුව කොවිඩ්-ප්‍රතිචාර අරමුදල් යටතේ විශාල මුදලක් ලබා දී තිබේ. බ්ලැක් රොක් සමාගමේ දකුණු ආසියාතික හවුල්කරුවා වන අදානි සමාගම් සමූහය ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාර පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ හරිත ශෝධන” මෙහෙයුම් දියත් කර ඇත.

යථාර්ථය පිළිබඳ ආනුභවික පරීක්‍ෂණයක්: දකුණු ආසියාවේ ධනවත්ම රට බංකොලොත් වී ඇත්තේ කුමන මිනුම් දඬු අනුවද ?

මාල දිවයින හැරුණු විට දකුණු ආසියාවේ හොඳම මානව සංවර්ධනයක්ද හෞතික ජීවන තත්ත්ව දර්ශකයක්ද ඉහළ දළ ජාතික නිෂ්පාදිතයක්ද සහිත ධනවත්ම රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකිණි. 2019 දී එය ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව විසින් ලැයිස්තු ගත කරන ලදි. එමෙන්ම එය සතුව කෘෂිකාර්මික, සාගර සහ ඛනිජ සම්පත් බහුලව පවතී. අඩු තරමින් යල සහ මහ නමින් කන්න දෙකක් වගා කිරීම සඳහාද හරිත ජල විදුලි බලශක්තිය නිෂ්පාදනය සඳහාද ප්‍රමාණවත් මෝසම් වැසි වර්ග දෙකක් මගින් මනා වාර්ෂික වර්ෂාපතනයක් එයට ලැබේ. භූ උපායික වශයෙන් ඉතා වැදගත් ලක්ෂ්‍යයක පිහිටි මෙම නිවර්තන කලාපීය දිවයින හරහා ලෝකයේ ඉතාම වැදගත් බලශක්ති, වෙළඳ නාවික මාර්ගයන්ගේද මුහුදු යට සන්නිවේදන කේබල් මාර්ගයන්ගේද සන්ධිස්ථානයක පිහිටා ඇත. එහෙයින් ලෝක පුරා කලක් තිස්සේ මෙම දිවයින වටිනා ” බිම් කැබැල්ලක්” ලෙස සැලකිණි.

ආපසු හැරී බලන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාව බංකොළොත්” බවට පත්ව ඇතැයිද එයට සිය විදේශීය ණය ගෙවා ගැනීමට නොහැකිව ඇතැයි ද ප්‍රකාශ කිරීමට ඉක්මන් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික පණ්ඩිතයන් ද්‍රවශීලිතාව අහිමිවීමේ ප්‍රශ්නය ” සහ ” බංකොළොත්බව” අතර වෙනස දැකීමට අසමත්ව ඇති බවක් පෙනී යයි. පළමු වැන්න කෙටිකාලීන ප්‍රශ්නයක්වන අතර දෙවැන්න ව්‍යුහාත්මක ගැටළුවකි. සමහර විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණයට (Domestic Debt Restructuring -DDR) කඩිමුඩියේ මැදිහත්වීමට කටයුතු කළේ ශ්‍රී ලංකාව බංකොළොත් බව ප්‍රකාශ කිරීම සාධාරණ යැයි තහවුරු කිරීමට අවශ්‍ය තරම් ඉහළ අගයකට ණය පිළිබඳ සංඛ්‍යාවන් මවා පෙන්වීමට විය හැකිය.

අනෙකුත් දකුණු ආසියාතික රටවල සංචාරය කර ඇති කවර අයෙකු වුවද සන්සන්දනාත්මක කලාපීය සන්දර්භයක් තුලදී තේරුම් ගනු ඇත්තේ ශ්‍රී ලංකාවේ වාස්තවික යථාර්ථය සහ මවා පෙන්වන ලද බංකොළොත් වීම” අතර නොගැලපීමක් පවතින බවය. නමුත් භූ දේශපාලනික වශයෙන් වැදගත් තැනක පිහිටා තිබීම, ස්වාභාවික සහ මානව සම්පත් බහුල රටක් වීම යන වාස්තවික යථාර්ථයන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර හිමියන් විසින් ශ්‍රී ලංකාවේ ණය අර්බුදයක්” පිළිබඳව ඉදිරිපත් කර ඇති ආඛ්‍යානය ප්‍රතික්ෂේප කරයි.

මෙම තත්ත්වය විසින් ඇසීමට බලකරනු ලබන ප්‍රශ්නය මෙයයි. වොෂින්ටන්හි කොල්ලකාරි මූල්‍ය ආයතනවලට රටට මැදිහත්වීමට අවස්ථාව සැලසෙන පරිදි රට බංකොළොත් යැයි ප්‍රකාශ කරන ලද්දේ කුමන මිනුම් දඬුවලට අනුවද යන්නයි ඒ. ආර්ථික වංචාවන් සහ නීතිමය යුද්ධ උපයෝගි කරගනිමින් ද්‍රවශීලිතාව අහිමිවීමේ ප්‍රශ්නය” ශ්‍රී ලංකාව බංකොළොත්වීමක්” ලෙසට හුවා දක්වා තිබේද?

කෙසේ වුවද අපගේ අවධානයට යොමුවිය යුතු වැදගත්ම කරුණ වන්නේ 2022දී වරප්‍රසාදිත එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය තත්ත්වය ශීඝ්‍රයෙන් පිරිහීම ඇරඹෙන්නේ සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් ( St. Kitts in Nevis)නම් දූපතක පිහිටා ඇති හැමිල්ටන් රිසර්ව් (Hamilton Reserve Bank ) නම් අතිශය ගුප්ත බැංකුවක් විසින් ශ්‍රී ලංකාව තමන්ට ගෙවීමට නියමිතව ඇති ණය පොලී සහ වාරික පැහැර හැර ඇතැයි නිව්යොර්ක් හි අධිකරණයක් හමුවේ නඩුවක් පැවැරීමත් සමග වීමය. කෙසේ වුවද මෙම නඩුව පැවැරීමට හේතුවූ ණය සහ වාරික මුදල ප්‍රමාණාත්මකව ඉතා සුළු එකකි. මෙය විවිධ විනිමය අනුපාතික ආයතන සමග හවුලේ දියත් කරන ලද කුමන්ත්‍රණයක් විය. මෙය සිදුවන අතර ජනතාවගේ අවධානය මෙම කුමන්ත්‍රණය වෙතට යොමුවීම වැළැක්වීමටත් ඔවුන්ගේ අවධානය වෙනතක යොමුකර තබාගැනීමටත් රටේ සැපයුම් මාර්ග අවහිර කරමින් ඉන්ධන සහ ආහාර හිඟයක් මවා ඇතිකර ජනතාව මහපාරට ඇද දමා අරගලය” නමින් අද හැඳින්වෙන ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදි උද්ඝෝෂණය දියත් කරවන ලදි. උපාය මාර්ගික වශයෙන් වැදගත් තැනක පිහිටි මෙම දිවයින පළමුවරට ” බංකොළොත්” කිරීමේ නාටකය වේදිකාගතවූයේ එලෙසය. මෙම සිදුවීම්වලට පෙර සිටම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ්-19 ලොක් ඩවුන්, සැපයුම් මාර්ග අවහිරතා ආදි විවිධ බාහිර ආර්ථික කම්පන ප්‍රහාර ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කර තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මැදිහත්වී ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වාධීපත්‍යය සහ ප්‍රතිපත්ති සම්පාදනයේ නිදහස උදුරාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම පිණිසය.

මේ වනවිට වඩාත් පැහැදිලිව දැකගත හැක්කේ අරමුණු සහගතවම මවාපාන ලද ඩොලර් හිඟය හුවා දක්වමින් වේදිකා ගත කරන ලද බංකොළොත්වීමේ නාටකය” යොදාගනිමින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ආර්ථික ස්වෛරීත්වය සහ ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා නිදහස අහිමි කරන ලද බවත් අවසානයේ එකම විසඳුම ලෙස මවාපාමින් දූෂිත දේශපාලනඥයන් සහ ලෝකයේ 1 %ක් වන ඉහළම ප්‍රභූ පැලැන්තියේ අවශ්‍යතා නියෝජනය කරන ජාත්‍යන්තර මූල්‍ය ජාලය සමග හවුලේ කටයුතු කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අලෙවිකරුවන්ගෙන් ණය ලබාගැනීම වෙත තල්ලු කරන ලදි. ඒ ආකාරයෙන් මෙම භූ දේශපාලනික වශයෙන් වැදගත් දිවයින එක්සත් ජනපද ඩොලර් ණය උගුලට හසුකර ගනු ලැබූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයවීම යටතේ පසුගිය දෙවසර තුළ එහි ණය ගැති බව විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.
.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අලෙවිකරුවන්ගේ පැත්තෙන් සිදු කරන ලද දූෂණ ඔවුන් සමග හවුලේ කටයුතු කරන දේශිය දූෂිත දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ දූෂණ සමග සම්පාත වී තිබේ.

මක්නිසාද යත්, 2022 දී ණය ගෙවීම නවත්වා බංකොළොත්බව ප්‍රකාශ කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 26 ක ණයවලින් ඉතිරි භාගය සමන්විත වූ ද්වි-පාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය, වැඩි වශයෙන් විශේෂිත සංවර්ධන ව්‍යාපෘති මූල්‍යකරණය සඳහා වෙන් කළ ඒවා වූ අතර එබැවින් වඩාත් පහසුවෙන් විගණනය සහ අධීක්ෂණය කිරීමට හැකියාව තිබිණි. කෙසේ වුවද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් ලබාගන්නා ලද ණය වියදම්වන ආකාරය එලෙස පහසුවෙන් විගණනයකට ලක් කළ නොහැකි වන අතර ඒවා භාණ්ඩාගාරය තුළටද දූෂිත දේශපාලනඥයන්ගේ සාක්කු සහ මැතිවරණ අරමුදල් තුළටද අතුරුදහන් විය.

මෙහිදී මතුවන ප්‍රශ්නය මෙයයි. ද්‍රවශීලිතාව හොඳින් පැවැති රටක් බංකොළොත් රටක් ලෙස නම් කිරීම සඳහා, සැලසුම් සහගතව නිර්මාණය කරන ලද එක්සත් ජනපද ඩොලර් හිඟය පමණක් ප්‍රමාණවත් මිනුම් දණ්ඩක් වූයේ කෙලෙසද යන්නයි. එපමණක් නොව
විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 35ක් ඉක්මවා යමින් තිබෙන තත්ත්වයකදී රටවල ධනවත්කම හෙවත් ආර්ථික හැකියාවන් මැනීම සඳහා එම රටවල් සතු එක්සත් ජනපද ඩොලර් සංචිත ප්‍රමාණය කොතෙක් දුරට සුදුසු සහ ප්‍රමාණවත් මිණුම් දණ්ඩක් වන්නේද යනුවෙන්ද තවත් වැදගත් ප්‍රශ්නයක් පැන නගී.

ජාතික ජන බලවේගය නව ආරම්භයක්ද? BRICS ආර්ථික හවුල සහ නව ආසියානු 21 වැනි සියවස ප්‍රතික්ෂේප කිරීම

බහුවිධ අර්බුදයේ භූදේශපාලනික මානයන් ඇමතීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල- ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ලසාර්ඩ් ඇන්ඩ් ක්ලිෆර්ඩ් චාන්ස් වැනි මූල්‍ය උපදේශකයන් ආදිය සමග පවත්වන කෙළවරක් නොමැති සාකච්ඡා වෙනුවට විකල්පයක් ඉදිරිපත් කිරීමටත් සියලු ප්‍රධාන විරුද්ධ දේශපාලන පක්ෂ විසින් ප්‍රදර්ශනය කරනු ලබමින් පවත්නා අසමත් බව විසින් එම පක්ෂවල ප්‍රතිපත්තිමය න්‍යාය පත්‍ර සහ ඔවුන්ට සහාය දක්වන බාහිර බලවේගවල අරමුණු පිළිබඳවත් බරපතල ප්‍රශ්න මතු කරයි. ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක සංවිධානය වන ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවූ අවස්ථාව.

විදේශගත ප්‍රජාව විසින් සැපයුන අරමුදල් යොදාගනිමින් රෝස පැහැයෙන් යුත් දීප්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් ගෙනගිය පශ්චාත් නක්සල්වාදි විපක්ෂය වන ජාතික ජන බලවේගය තමන්වම නව ආරම්භයක්” ලෙස හඳුන්වාගත් නමුත් බටහිර සහ ණය නවයටත්විජිතවාදි බලපෑමෙන් මිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය BRICS ආර්ථික හවුල වෙත ප්‍රති දිශාගත කිරීමේ අවශ්‍යතාව නොසළකා හැර තිබේ.

කොවිඩ්-19 ලොක්ඩවුන් මෙහෙයුම් හේතුවෙන් යුරෝ-බොන්ඩ් ණය උගුලේ සිරවුණ ගෝලීය දකුණේ රටවලට බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල නායකත්වයෙන් ගොඩ නැගුණ BRICS ආර්ථික හවුල විසින් නව ආරම්භයක්, අපේක්ෂාවක් සහ විකල්ප සංවර්ධන මාවතක් ඉදිරිපත් කර තිබේ. BRICS ආර්ථික හවුල බහුපාර්ශ්විය ලෝකයක් සඳහා ආර්ථික පදනම බවට පත්ව ඇති අතර සිය ආර්ථිකය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව BRICS රටවල ආධාරය ලබාගතයුතුව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් සහ යුරෝ බොන්ඩ් ණය නවයටත්විජිතවාදයෙන් මිදීම සඳහා දිගුකාලීන ස්ථිරසාර පැහැදිලි උපාය මාර්ගයක් අනුගමනය කළ යුතුව තිබේ.

කෙසේ වුවද ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශය තුළ යම්තමින් මතුපිටින් අතගාමින් වචන හරඹයක නිරතව ඇතිවා මිසෙක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකාරකම පිළිබඳ ගිවිසුමට (Extended Fund Facility -EFF))  එරෙහි  විකල්පයක් සඳහන් කර නැත.

එමෙන්ම ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය තුළ BRICS ආර්ථික හවුලට එක්වීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කරන බවක්ද සදහන් නොවේ. ගෝලීය දකුණේ රටවල් දරිද්‍රතාවයට පත්කිරීමට හේතු වී ඇති නව යටත්විජිතවාදි පැරිස් කණ්ඩායමටත් (Paris Club)ඔවුන්ගේ සංවර්ධන මොඩලයටත් එරෙහිව නැගී සිටීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර ණයවල ගොදුරක් බවට පත්ව ඇති ගෝලීය දකුණේ සෙසු රටවල් 56ක් ඇති බැවින් ඔවුන් සමග හවුල්කාරීත්වයක් ගොඩ නැගීමට කටයුතු කිරීම හදිසි අවශ්‍යතාවයක්ව පවතී.

ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල-ස්වෛරී බැඳුම්කර ණය උගුලෙන් මිදීම සඳහා රටේ පවත්නා වටිනා ඛනිජ සම්පත් සහ සාගර සම්පත් මත උපයෝගී කොටගත් අපනයන ආර්ථික වර්ධනයක් අත්පත් කරගත යුතු අතර ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හුවමාරුව සහ නව වෙළඳ පොළවල් සොයාගැනීම අතුළු අවශ්‍යතාවන් සම්පූර්ණ කරගැනීම සඳහා BRICS ආර්ථික හවුලේ රටවල් සමග හවුල්කාරිත්වයක් ගොඩ නගා ගනිමින් තිරසාර දිගුකාලීන ආර්ථික විසඳුම් සොයාගතයුතුය.

බහුවිධ අර්බුදයේ භූදේශපාලනික මානයන් ඇමතීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල- ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ලසාර්ඩ් ඇන්ඩ් ක්ලිෆර්ඩ් චාන්ස් වැනි මූල්‍ය උපදේශකයන් ආදිය සමග පවත්වන කෙළවරක් නොමැති සාකච්ඡා වෙනුවට විකල්පයක් ඉදිරිපත් කිරීමටත් සියලු ප්‍රධාන විරුද්ධ දේශපාලන පක්ෂ විසින් ප්‍රදර්ශනය කරනු ලබමින් පවත්නා අසමත් බව විසින් එම පක්ෂවල ප්‍රතිපත්තිමය න්‍යාය පත්‍ර සහ ඔවුන්ට සහාය දක්වන බාහිර බලවේගවල අරමුණු පිළිබඳවත් බරපතල ප්‍රශ්න මතු කරයි.

මෑතකාලීනව විලාසිතාවක් බවට පත්ව ඇති ” බහුවිධ අර්බුද” පිළිබඳ සංකල්පය තුළින් ප්‍රකාශයට පත්වන්නේ පූර්වාපර සහ හේතුඵල සම්බන්ධය බොඳව ඇත්තාවූත් සංයුක්ත වෙමින් සහ ඒකාබද්ධ වෙමින්, ශීඝ්‍රයෙන් සහ පාලනය කළ නොහැකි ලෙස වර්ධනය වන්නාවූත් කාලය සහ අවකාශය තුළ සර්පිලාකාර ලෙස වටයෙන් වටය සංකීර්ණ සහ උත්සන්න වෙමින් පවත්නා සිදුවීම් සමූහයකි.

සිදුවීම් පිටුපස පවත්නා සැබෑ සාධක හඹායෑමටටත් ඒවා සමස්තයක් ලෙස හේතුඵලවාදි ලෙස විග්‍රහකිරීමටත් අපට නොහැකි වන ලෙස බාහිර බලවේග සහ ජාලයන් විසින් සර්ව අවකාශ අධිපත්‍යය” (Full Spectrum Dominance-FSD) සඳහා දියත් කෙරෙන ක්ෂිතිජයෙන් එපිට මෙහෙයුම්” (Over the Horizon Operation) හරහා විකෘති සහ සංකීර්ණ පද්ධතියක් තුළ අපව මංමුලා සහගත තත්ත්වයක සිරගත කොට තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ග්‍රහණය වෙත යටත් කරවීම සඳහා එක්සත් ජනපදය විසින් දියත් කරන ලද ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ මැද, මනා ලෙස සම්බන්ධීකරණ කරන ලද්දාවූ සැපයුම් මාර්ග බිඳ දැමීම හරහා නිර්මාණය කරන ලද ආහාර සහ ඉන්ධන හිඟයත් දිග්ගැස්සුණු පෝලීම් සහ උත්සන්න කරන ලද සැබෑ දුක්ගැනවිලි උපයෝගී කර ගනිමින් 2022 දී දියත් කරන ලද ප්‍රෝඩාකාරි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගල” ව්‍යාපාරය තුළ සිදු වූයේ මෙයයි.

දේශිය වශයෙන් හෝ ගෝලීය වශයෙන් හෝ වේවා ” බහුවිධ අර්බුද” පිළිබඳ සංකල්පය වූකලී රැවටීමේ සහ වංචනිකත්වයේම කොටසකි. එය විසින් මැතිවරණ සමයේ හෝ ව්‍යාජ දේශපාලන අරගල” තුළදී හෝ අධිපතිවාදි ආඛ්‍යානයට එරෙහි සැබෑ විකල්පයන් ඉදිරිපත් කිරීමෙන් දැනුවත්ව වැළකෙමින් අනන්‍යතාවාදි දේශපාලනය පෙරට දමමින් නැටවෙන රූකඩ සංදර්ශනය පිටුපස ඇති දුරස්ථ දත්ත ගබඩා සංකීර්ණවල හරහා දියත්ව ඇති සයිබර් සහ සාවද්‍ය තොරතුරු මෙහෙයුම්වල නූල් හසුරුවන අත් සඟවනු ලබයි. බාහිර බලවේග විසින් ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය චිරස්ථායි කරනු පිණිස මැතිවරණ හැක් කිරීමේ” ඉඩකඩක්ද පවතින අතර එය වර්තමානයේ පවත්නා තවත් අවදානමකි.

මතු සම්බන්ධයි.

පරිවර්තනය- අජිත් සී හේරත්

ආචාර්ය ධරණී රාජසිංහම් සේනානායක ජාත්‍යන්තර සංවර්ධනය සහ දේශපාලනික ආර්ථික විශ්ලේෂණයන් සම්බන්ධ ප්‍රවීණත්වයක් සහිත සංස්කෘතික මානව විද්‍යාඥවරියකි.ඇය විසින් ඉතා මෑතකදී පළ කරන ලද කෘතිය වන්නේ Multi-religiosity in Contemporary Sri Lanka: Innovation, Shared Spaces, Contestation’ යන කෘතියයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress