බස්නාහිර නව ආණ්ඩුකාරයා පසුගිය කාලයේ ඩොලර් බිලියන 56ක් නීති විරෝධී ලෙස රටින් පිටට ගෙන ගොස් ඇති බව පුබුදු ජයගොඩ හෙළිකරයි… ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමටත් පොලු තියලලු
Posted on October 4th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

පසුගිය කාලේ ජනතාවගේ විරෝධයට ලක්වෙලා හිටපු නිලධාරීන් සහ ව්‍යාපාරික පැළැන්තිය නැවත වේගයෙන් බලය තහවුරු කරගනිමින් යනවා. පසුගිය කාලේ දූෂිත චෝදනා ලබපු සමහර අමාත්‍යාංශ ලේකම්වරු ඒ විදිහටම තියාගෙන යන්න දැන් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න එක මේ තත්ත්වයට උදහරණයක්.” යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජන අරගල සන්ධානය නුගේගොඩදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ පත්වීම සමාජයේ දැඩි අප්‍රසාදයට පත්ව ඇති බවද හෙතෙම කිවේය.

දැන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර විදිහට පත්කරල තියනවා අනීෆ් යූසූෆ්. මොහු තමයි එක්ස් ෆෝ ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විදිහට හිටියේ. පහුගිය කාලේ සාවද්‍ය ඉන්වොයිසකරණය හරහා ඩොලර් බිලියන 56ක පමණ ප්‍රමාණයක් නීති විරෝධී විදිහට පිටරටවලට ගෙනිහින් තියනවා. ඒ ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ මේ එක්ස් ෆෝ ලංකා සමාගම. 2018 – 19 මූල්‍ය වර්ශයේ මේ සමාගමේ ශුද්ධ ලාභය තිබුණෙ රුපියල් මිලියන 1909ක් විදිහට. හැබැයි 2021 – 22 මූල්‍ය වර්ෂය වෙද්දි මේ මුදල රුපියල් මිලියන 72792ක් දක්වා වේගයෙන් ඉහළ ගිහිල්ලා. එතකොට මේක 36% ගුණයක ලාභය ඉහළ යාමක්. පහුගිය කොවිඩ් අර්බුදය කාලේ මේ සමාගම කොහොමද මෙච්චර තමන්ගේ ලාභ රේට්ටුව වැඩි කරගත්තෙ? එතකොට ඒ සමාගමේ විධායක ප්‍රධානියා එකතු කරගෙන මේ ආණ්ඩුව යන්න සූදානම් වෙන ගමන මොකක් ද? එතකොට මේ සමාගම් මෙච්චර ලාභයක් හෙව්වෙ කොහොමද කියන කාරනය ගැන විමර්ශනයක් වෙලා තියනවද?”

මේ අතර, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇති අනීෆ් යූසූෆ්.  ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට මිලියන ගණනක් ගෙවීමට ඇති බවද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම ඔහු විසින් FitsAir නමින් ගුවන් සමාගමක් ද නඩත්තු කරන බවත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම භූමියේ දී ගුවන් ගමන්වලට සපයන සේවා මෙම සමාගම විසින් අත්පත් කරගෙන ඇති බවත්, ඒ අනුව රජයට අයවිය යුතු විශාල මුදලක් අනියම් ආකාරයෙන් ඔවුන් විසින් ලබාගෙන ඇති බවත් පැවසේ. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress