බිත්තර මිල අඩුවෙන්න හොද නෑ..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්
Posted on October 6th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

බිත්තරයක් රුපියල් 36ත් 37ත් අතර මිලක පවත්වා නොගතහොත් කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් එම්.පී. නිශාන්ත වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට කර්මාන්තයට අවශ්‍ය කුකුල් කෑම සඳහා යන වියදම අඩුකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි.

එම වියදම අඩු කරගත් පසු බිත්තරයක් රුපියල් 29ත් 30ත් දක්වා මිලකට වෙළෙඳපොළට නිකුත් කළ හැකි බවත් ඔහු පැවසීය.

බිත්තරයක් නිෂ්පාදනයට රුපියල් 32-33 වියදමක් යන බවත් ඉන් වැඩි කොටසක් වැයවන්නේ කුකුල් කෑම සඳහා බවත් පවසන ලේකම්නරයා එම කෑම මිල 80%ක් පමණ රඳා පවතින්නේ බඩ ඉරිගු මිල මත නිසා යම් ගැටලුකාරි තත්ත්වයක් ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress