මාලිමාවේ ප්‍රචාරණ වැඩවලට සහාය දුන්න ශානිට අධ්‍යක්ෂ ධුරයක් ලබාදී පැරණි දේශපාලන සංස්කෘතියම මාලිමා රජය යළිත් පණගන්වලා – නුවන් බෝපගේ ගෙන් චෝදනා (වීඩියෝ)
Posted on October 14th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
තමුන්ගේ හිතවතුන්ට තනතුරු, තාන්නමාන්න දීම වැළැක්වීම පසුගිය කාලයේ ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලන සංස්කෘතිය බවත්, වර්තමාන ජාතික ජන බලවේගයේ රජය විසින් තමන්ගේ දේශපාලන ප්‍රචාරන වැඩකටයුතු වෙනුවෙන් දායක කරගත් ශානි අබේසේකර මහතා බුද්ධි විශ්ලේෂන සහ නිවාරණ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙස තම හිතවත්කම මත පත්කර ඇති බවත් ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ මහතා පවසයි.
ශානි අබේසේකර පසුගිය කාලයේ ජාතික ජනබලවේගයේ පොලිස් සහ හමුදා බලමුළුවල සිටි පුද්ගලයකු බවද, ජාතික ජන බලවේගය පැරණි දේශපාලන සංස්කෘතියම දැන් නැවත පණගන්වා ඇති බවද ඒ මහතා චෝදනා නගයි.