මාලිමා මන්ත්‍රීලා වැටුප් ගන්නෑ.. පක්ෂ අරමුදලටයි..
Posted on October 14th, 2024
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තේරී පත් වන ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වැටුප පක්ෂ අරමුදලට පරිත්‍යාග කරන බව එම පක්ෂය ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
තම පක්ෂය වරදාන වරප්‍රසාද වලට දේශපාලනය කරන ව්‍යාපාරයක් නොවන බවද හෙතෙම කියා සිටි.
එම ප්‍රතිපත්තිය ආණ්ඩු පක්ෂයේ සිටියත් විපක්ෂයේ සිටියත් වෙනස් නොකරන බවද හෙතෙම තවදුරටත් පැවසුවේය.
කොළඹදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු සපයමින් ඔහු මෙම අදහස් පළ කළේය