ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත නොකළොත් අණතුරේ වැටෙනවා- ලෝක බැංකුව වාර්තාවකින් පවසයි
Posted on October 14th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ආර්ථිකයේ කරණු ලබන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව රඳාපවතින බව ලෝක බැංකුව අවධාරණය කරයි.

ලෝක බැංකුව නිකුත් කළ ‘ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම’ නම් නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ ආර්ථිකය අවදානමට ලක්විය හැකි සීමාවක ස්ථායිව පවතී.

වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මධ්‍යකාලීන ආර්ථික වර්ධනය වැඩිකිරීම සහ දුප්පත්කම අඩුකිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව රඳාපවතින බවයි.

ආර්ථිකයේ ප්‍රධාන අභියෝගවලට විසඳුම් සෙවීම ඉලක්ක කරගත් ප්‍රධාන ප්‍රතිසංස්කරණ වඩා පැතිරුණු සහ තිරසාර වර්ධනයක් සඳහා වැදගත් වන බවද එම වාර්තාව අවධාරණය කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress