අග විනිසුරුවරියගේ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නම් ඇය ලබා දුන් නඩු තීන්දුත් ප්‍රතික්ෂේප කරනවාද? අගරදගුරු තුමා තමන්ට අවශ්‍ය අයගේ නම් කියවෙන පාස්කු කොමිසම් වාර්තාවක් බලාපොරොත්තු වෙනවාදැයි සැකයි!-ගමන්පිල අසයි.
Posted on October 23rd, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

පිවිතුරු හෙළ උරුමය අද කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල  මහතා පරශන කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කමිටුවේ වාර්තාව තමන් පිළි නොගන්නා බවට ඇමති විජිත හේරත් මහතා පවසන්නේ එහි සභාපති විනිසුරු වරියට විශමාචාර චෝදනා එල්ල වූ බව පවසමින් නම් ඇය විනිසුරුවරියක ලෙස ලබාදුන් නඩු තීන්දු ප්‍රතික්ෂේප කරන්නේදැයි කියායි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක් වූ ඒ මහතා තමනට පක්ෂපාති පුද්ගලයන්ට චෝදනා එල්ල වලට එවන් වාර්තා ප්‍රතික්ෂේප කරන බව නොකියා එහි වරදක් ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට හැකි බව නීතිමය ක්‍රමවේදය බවත් පෙන්වා දුන්නේය. 

අගරදගුරුතුමන්ද මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන බව පැවසු ගම්මන්පිල මහතා එසේ ක්‍රන්නේ ඔවුන් බලාපොරොත්තු වන පුද්ගලයන් ගැන සඳහන් නොවන නිසාදැයි සැකයක් මතුවන බවද අවධාරණය කළේය.

විජිත හේරත් ඇමැතිතුමා මේ වාර්තාව ව්‍යාජ වාර්තාවක් කිව්වේ නෑ. ඒ වගේම අල්විස් වාර්තාවේ අඩංගු කරුණු ප්‍රතික්ෂේප කළෙත් නෑ. එතුමා මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ කමිටුවේ ප්‍රධානත්වය දැරූ විනිසුරුවරිය 2004 දී විෂමාචාර චෝදනාවක් මත රැකියාවෙන් ඉවත් වෙලා 2006 සිට නැවත සේවයට පැමිණියා කියන කාරණය මත.

වසර දෙකක් සේවයේ නොසිටීම පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා නම් 2006 සිට 2023 දක්වා වසර 17ක් එතුමිය විනිසුරුවරියක් ලෙස ලබා දුන් සියලු නඩු තීන්දුත් ප්‍රතික්ෂේප කරනවාද? එතුමිය සිර දඬුවම් ලබා දුන් සිරකරුවන් නිදහස් කරනවාද? අය කළ දඩ නැවත ඒ පුද්ගලයන්ට ගෙවනවාද? දික්කසාද කළ අය නැවත කසාද බන්දනවාද කියන කාරණයත් විජිත හේරත් මැතිතුමා රටට පැහැදිලි කළ යුතුයි.

කමිටුව ගැන විවිධ චෝදනා නගන ඇමැතිතුමා කමිටුවේ හරය ගැන වචනයක් කතා කරන්නේ නෑ. පාස්කු ප්‍රහාරය පිළිබඳ ලැබුණු ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා දවස් 12ක් සිටීමෙන් පාස්කු ප්‍රහාරය නොසැලකිල්ලෙන් සිදුවීමට ඉඩහැරීමේ වරදට රවී සෙනෙවිරත්න මහතා වැරදිකරු ද නිවැරදිකරුද? මට හෝ විනිසුරුතුමියන්ට පහර දීමෙන් රවී සෙනෙවිරත්නගේ නොසැලකිල්ල නිසා මේ මහා අපරාධය වුණා කියන චෝදනාව වෙනස් වෙන්නේ නෑ.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress