අනුර කුමාර දිසානායක (2024) හා ඒබ්‍රහම් ලින්කන් (1861-65) – part 1
Posted on October 26th, 2024
C. Wijeyawickrema, LL.B., Ph.D.
හැඳින්වීම
1971 දෙසැම්බර් මාසයේදී JVP කැරළි කරුවන්ගේ ශාක්ෂි (confessions?) සටහන් කරගැනීම සඳහා එවකට පැවති රජයෙන් පත්කල සිවිල් නිලධාරීන් 200 දෙනාගෙන් තවමත් ජීවත්ව සිටිනා අයෙක් වශයෙන්, අනුර කුමාර ජනාධිපති වශයෙන් තේරීපත්වීම මා සළකන්නේ ඓතිහාසික සිදුවීමක් ලෙසය. මීට සමාන කලහැකි සිදුවීමක් වූයේ 1978 දී JRJ විසින් R. ප්‍රේමදාසව අගමැති ලෙස පත්කිරීමය. ඒ ඔහුගේ කුල පසුබිම නිසාය. එහෙත්, 1956, 1970 හෝ 1978 දී වත් 1931 දී සිට මතුවෙමින් තිබී 1948 දි බලයට ආ බමුණු කුලය නොහොත්, කළු සුද්දන්ගේ පාලන ක්‍රමයට, R. ප්‍රේමදාස විසින් කලේ, සිය අධික හීනමානය හරහා තල්ලුවක් දීම පමණය.
හෘදය ශාක්ෂිය – හීනමානය
RP ට තිබුණාට වෙනස් හීන මානයක සංඥා (signal) දැන් විජිත හේරත්ගේ හැසිරීමෙන් එලිවේ. මෙය පෝප් ඉදිරියේ ඉංගිරිස් කතාවක් දුන් සිරිසේන ජනාධිපතිට තිබූ හීනමානයමය. පෝප්ටත්, කටුනායකදී ඔහුගේ අණ්ඩරදෙමළය ඇසු බොහෝ සිංහල කතෝලික ජනයාටත්, ඉංගිරිස් නොතේරෙන බව ඔහුට කියා දෙන්නට කෙනෙක් සිටියේද නැත. ඉංගිරිසියෙන් කතා දීමට යෑම හා ත්‍රීපීස් සූට් එකක් හා ටයි එකකින් බෙල්ල හිරකරගෙන පෙනී සිටීම අන්තිමේදී බලන විට යමෙකුගේ හෘදය ශාක්ෂිය පිළිඹද අර්බුදයකි.
නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරියට ගෙනා මෙම හෘදය ශාක්ෂි කතාව අනුව යමින් අනුර කුමාරට හා පොදුවේ JVP ට මා විසින් සද්භාවයෙන් දුන් පෙන්වා දුන් වැදගත් කරුණු රැසක්, ‘කළු සුද්දන්ගේ පාලන සමය (දෙවන භාගය), 1948-1924’ යන පොතේ අවසාන ලිපි දෙකේ සඳහන් කර ඇතිවා පමණක් නොව එම ලිපි හා එම පොතේ pdf කොපියක් ජනාධිපති චන්දයට කාලයකට පෙර ඔවුන්ට ඊමේල් කර යවන ලදී (ජවිපෙට යාහැකි මඟ, 11/20/23; ජා වි පෙ හා සිංහල බුද්ධාගම (JVP & Buddhism) 12/2/23). [chap 26 pp. 311-320; chap 27 pp. 321-328].
මෙම ලිපි මාලාවේ අරමුණ වන්නේ ජනාධිපති වශයෙන් අනුර කුමාර අනුගමණය කරන ක්‍රියාමාර්ගය ඔහුගේ හෘදයශාක්ෂියට අනුවම පිළිපදින්නේනම් (walk the talk) ලංකාව බේරාගත් දෙවන පංචස්කන්ධය වශයෙන් ඔහු දිවයිනේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය නමැති වංශකතාවට එක්වන බව පෙන්වා දීමය (කුමණ දුර්වලකම් තිබුණත් මහින්ද රාජපක්ෂ (හා ගෝටාභය) යන පංචස්කන්ධ දෙක රටේ සිංහල ජාතිය බේරා ගත්තාය යන්න අප විසින් පිලිගත යුතුව ඇත). යම් පංචස්කන්ධයක් සිවුරු පොරවාගත් පමණින් සිල්වත් භික්ෂුවක් නොවනවා මෙන්ම, යමෙකු පිරිත් නූල් බන්ඳවා ගෙන බිම ඉඳගෙන පිරිත් ඇසූ පමණින් හිතට එකඟවම බොරු නොකියන බෞද්ධයෙක් වන්නේද නැත. අපේ හාමුදුරුවනේ, අපේ හාමුදුරුවනේ, කියමින් ජනයා රැවටූ, රවටන, ගිහි දේශපාලකයින් මේ වනවිට අවලංගු කාසි බවට පත්වී අවසානය. 1931 දී ගැමියාට සර්ව ජන චන්ද බලය ලැබුණුදා සිට ඔවුන් රෑවටීමට ආගම මාරුකල මෙම සිංහල කළු සුද්දන් ඒ කාලයේදී අවඥාවෙන් හැඳින්වූයේ ඩොනමෝර් බෞද්ධයින් කියාය.
අනුර කුමාර හා සුද්දන් තුන් දෙනෙක්!
අනුර කුමාර ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය (හෘදයශාක්ෂිය) පිළිඹඳව සිතන විට ලෝකයේ ප්‍රසිද්ධ සුද්දන් තුන් දෙනෙකුගේ නම් මගේ මතකයට ආවේය. ජනාධිපති තරඟයට සිය ප්‍රතිවාදියා සමඟ එලිමහන් වේදිකාවල වාද විවාද කරද්දී ඒබ්‍රහම් ලින්කන් සිටියේ වහල් ක්‍රමයට පක්ෂවය. ඔහු සිය රක්ෂාව වශයෙන් දර පලමින්, මිසිසිපි ගඟේ පාරු අදිමින්, දුකසේ ජීවිතය ගැට ගසාගෙන ස්වෝත්සාහයෙන් නීති වෘත්තියද ඉගෙනගත්තේය. එසේ වුවත් ජනාධිපතිවූ පසු ඔහු වහල් සිස්ටම් එක අහෝසිකරන්නට තීරණය කර රටේ සිවිල් යුද්ධයකට මුහුණදී එය අමාරුවෙන් ජයගත්තේය. ධූරයේ 4 වන වසරේදී ඔහුව ඝාතනයට ලක්විය. ඇමෙරිකාවේ 16 වන ජනාධිපතිවූ ඔහුගේ මෘත දේහය පවා අවස්ථා කීපයකදීම හොරකම් කරගෙන ගියේය. ඔහුගේ කැබිනට් එකට ඔහු තම ප්රතිවාදීන්වද හවුල් කරගත් අතර ඔහු මියයන විට ඔවුන් ඔහුගේ මිතුරන්ව සිටියේය!
ලෝකයේ මාක්ස්වාදයේ ඉතිහාසය හා 1935 සිට ලන්ඩන් සිට ආ තරුණ මාක්ස්වාදීන් ලංකාවට කල විනාශය ගැන සිතන විට අනුර කුමාර විසින් ආරම්භකල වෛරය වෙනුවට මෛත්‍රීය වැපිරවීම හෙවත් බෞද්ධ දර්ශනයට අනුකූලවන ජීවන ක්‍රමයක් JVP මනස් තුලට රිංගවීමේ අදහස ලින්කන් විසින් කල විප්ලවයට සමානවන පුණ්‍ය කර්මයකි. යුද්ධය දිණුවාට මෙවැන්නක් කිරීමට මහින්ද රාජපක්ෂ අසමත් විය. මෙවැනි පින්වත් ක්‍රියාවක පදනම වන්නේ ලෝභ-ද්වේෂ-මෝහ යන සනාතන මිනිස් දුර්වලතාව යනුත්, මෙත්තා-කරුණා-මුදිතා-උපේක්ෂා යනු කුමක්දැයි යනුත්, යම් පංචස්කන්ධයක් විසින් වටහා ගැනීමට උත්සාහ කිරීමය. මිනිහාව හදන්නේ නැතිව රට හදන්න බෑ යයි මඩිහේ නායක හිමියන් කිව්වා යයි උවිඳු විජේවීර පෙන්වා දීමත්, වමේ පන්සිල් පද යනුවෙන් වරුණ රාජපක්ෂ සන්නස්ගලට කල ප්‍රකාශයත් (9/8/2024) මෙහිදී වැදගත්ය.
කර්නල් ඕල්කොට් හා අනුර කුමාර
ලින්කන්ගේ යුදහමුදා සැපයුම් අංශය භාරව සිටි නිලධාරියාවූ හා පසුව ලින්කන් ඝාතන විමර්ශන කොමිසමේ සාමාජිකයෙකුද වූ කර්නල් ඕල්කොට් 1880 දී ගාලුවරායෙන් ලංකාවට ගොඩබැසීමට, 1873 පානදුරා මහාවාදයද බලපෑවේය. වහල් ක්‍රමයට පක්ෂ දකුණේ ජනපදවල හා ඊට විරුද්ධ උතුරේ ජනපදවල යුද භටයින් දස දහස් ගණනින් අකාලයේ මියයෑම රටතුල බලවත් කම්පනයක්, අධ්‍යාත්මක ආතතියක්, ජනිත කලේය (දෙවියන්ගේ සාපය). ලංකාවේ 1971, 1983, 1988/89, භීෂණ කාල, තිස් අවුරුදු යුද්ධය හා 2022 දී අරගලකාරයින් ගෙවල් හා දේපල ගිනිතැබීම් මිනිසුන් තුල මෙවැනි මානසික ව්‍යාධි ඇති කලේය. මෙවන් පසුබිමක් යටතේ (පුනරුප්පත්තිය) ඇමෙරිකන් ගොවිපලක තරුණියකට ඇගේ ඥාතියෙක් වැහීම පිළිඹඳ පුවතක් රට පුරාම පැතිරී ගියේය. මෙය ගවේෂණය කිරීමට ඕල්කොට් මෙන්ම රුසියාවේ සිට හෙලේනා බ්ලැවස්කි මැතිණියද මෙම ගොවිපලට ගියේය. මේ කාලයේදී ලංකාවේ පානදුරා වාදයෙන් ක්‍රිස්තියානි ලබ්ධිය පරාජයට පත්වූවා යන මතයක්ද ලන්ඩන්, නිව්යෝක් නගරවල පත්තරවල පලවිය.
පන්සිල් පද පහ
ඕල්කොට් විසින් බෞද්ධ සිරිතට අනුව පන්සිල් සමාදන්වී සිංහල බෞද්ධ සමාජය තුල බෞද්ධයෙක් බවට පත්විය. ඔහු සිංහල බෞද්ධයින්ට කල සේවය නිසා ඔහුව බෝධිසත්වයෙකු සේ හැඳින්වුනේය. සුදු ජාතිකයෙක් බෞද්ධයෙකුවීම සුදු ක්‍රිස්තියානි පාලකයින්ට විරුද්ධව බෞද්ධයින්ට ලැබුණු භාග්යයක්විය. පසු කලෙක එක් ඇමෙරිකන් මහාචාර්යවරයෙක් ඔහු ඇමෙරිකාවේ ප්‍රථම සුදු බෞද්ධයා යනුවෙන් ඔහු ගැන පර්යේෂණ නිබන්ධයක්ද ලියුවේය (The White Buddhist: The Asian Odyssey of Henry Steel Olcott (Religion in North America), Stephen R Prothero, 1996). ඕල්කොට් පමණක් නොව ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ, ලක්ෂ්මන් කදිරගමාර්ද මෙසේ බෞද්ධයින්වූ අයය. පිරිත් නූල් විරෝධී, නිරාගමික පුද්ගලයෙකු වශයෙන් අනුර කුමාර ගැන තිබූ මතිමතාන්තර, කටකතා, දළදා මාළිගාවට යෑම, මහානායක හිමිවරුන්ගෙන් පිරිත් අසා පිරිත් නූල් බැඳ ගැනීම, අටමස්ථානයට යෑම, ශ්‍රී මහා බෝධිය වැඳීම යන සම්ප්‍රදායික සංස්කෘතික වත්පිලිවෙත් නිසා වාෂ්පවී ගියේය. නායාචාරී ලාල් කාන්ත පවා බිම ඉඳගෙන පිරිත් ඇසුවේය. ජනාධිපති වූවිට ගෝඨාභයවත් මෙසේ හැසිරුණේ නැත. රටේ එක්තරා භික්ෂූන් පිරිසක් එකතුව අනුර කුමාර වෙනුවෙන් ආශිර්වාද කිරීමද කලින් පොහොට්ටුවට ලැබුණු චන්ද JVP ට ලැබීමට බලපෑවේය.
අගමැති චර්චිල් හා අනුර කුමාර
තුන්වන සුද්දා නම් හිට්ලර්ගෙන් ලෝකය බේරාගත් වින්ස්ටන් චර්චිල්ය. එම කාර්යය ඔහුට පැවරුණේ ඔහු මහළු වයසට (66) ගිය පසුවය (1940-45). ඔහු විසින් කල අනතුරු ඇඟවීම් අනිකුත් දේශපාලකයින්ට අවභෝධවූයේ ප්‍රමාදවී අවසාන මොහොතේය. යුද්ධය දිනාදුන්නත් ඉන් පසු තිබූ මැතිවරණයෙන් ඔහු පරාජයට පත්විය. පසුව ඔහු ලේබර් පක්ෂයේ ක්ලෙමන්ට් ඇට්ලිව පරදා නැවත අගමැති විය (1951-55).
ලන්ඩන් සිට ලංකාවට ආ තරුණ සිංහල මාක්ස්වාදීන් 1935 සිට කල ජරමරය සුදු ඉංග්‍රීසි පාලකයින්ට විරුද්ධව කල සටනකට වඩා සිංහල ජාතියේ මුරදේවතා සංකල්පයවූ ගමේ පන්සල සමඟ කල ආරවුලක් විය. ඉංගිරිස් කතාකල විස්කි බොන මාක්ස්වාදී කොළඹ කළු සුද්දන්ගෙන් කැඩී ගොස් 1971 සිට JVP කල ජවනිකාද කළු සුද්දන්ගේ පාලන ක්‍රමයට (කොළඹට කිරි- අපිට කැකිරි සිස්ටම් එකට) වඩා රටේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට එරෙහිව ඇතිකරගත් නෝක්කඩුවක් විය. ක්‍රිස්තියානි පල්ලියද (කතෝලික සභාව) අඩු වැඩි වශයෙන් JVP ව්‍යාපාරය සිංහල බෞද්ධ පසුබිමෙන් ඈත් කිරීමට දායකවූ බව චිත්‍රා මුදලිගේ (හා රට කැඩීමට තාමත් උඩගෙඩි දෙන ලයනල් බෝපගේ) පිළිඹඳ වාර්තා චිත්‍රපටියේ අධ්‍යක්ෂකගේ ප්රකාශණයකින් හා මේ දිනවල මැල්කම් රංජිත් කාදිනල්තුමා පැටලී සිටින පාස්කු පඹගාලෙන්ද පැහැදිලිවේ. රට කැඩීමට කැසකවන රනිල් විසින් ඊටම සම්භන්ධ කාදිනල්ට උදය ගම්මන්පිලගේ පාස්කු බෝම්බයට අදාලව දුන් අවවාදය කදිමය!
කළු සුද්දන්ගේ පාලන ක්‍රමය (කොළඹට කිරි අපිට කැකිරි සිස්ටම් එක) වෙනස් කිරීම සඳහා කල 1971 කැරැල්ලට පෙර සිටම LSSP-CP මාක්ස්වාදය හා JVP මාක්ස්වාදය අතර වෙනසක් නොවීය. 1964 දී දළදා මාලිගාවට නෙළුම් මල් වට්ටි රැගෙන ගිය අවස්ථාව JVP නායකයින්ගේ ආකල්ප වලට බලපෑවේ නැත. 2014 දී සෝමවංශ අමරසිංහ වෙනුවට ඔහු JVP නායකයා වීමට පෙර අනුර කුමාර මාක්ස්වාදය හා සිංහල බෞද්ධ සංස්කෘතික සාරධර්ම අතර අතරමංවී සිටියාසේය. 2008 අප්‍රේල් මාසයේ විමල් වීරවංශ මල්වතු විහාරයට ගියේය. මා දන්නා මිත්‍රයෙකු සමඟ කල දීර්ග සාකච්චාවකට පසුව විජේවීර ජර්මනියේ බර්ලින් බෞද්ධ විහාරයට ගියේය. සෝමවංශ අමරසිංහ ඇල්ලේ ගුණවංශ හිමිඳුන් සමඟ සිය මරණයේදී මතක වස්ත්‍ර දීම ගැන කතාකලේය. කෙසේ වෙතත් 2004 වනවිට 1964, 1970 කාලයේ පරණ මාක්ස්වාදීන් ගත් නම්‍යශීලී පිලිවෙත අනුව යෑමේ ප්රතිලාභ තම පක්ෂයට ලැබුණු අයුරු අනුර කුමාර දුටුවේය. වයස අවුරුදු 56 දී ජනාධිපතිධූරය අල්ලාගැනීමට මාලිමාව නමින් සළුවක් පොරවා ගන්නට ඔහු සමත්විය. මෙසේ පොදුවේ ගත්විට චර්චිල් මෙන් දුෂ්කර ගමනක් අනුර කුමාරද ගොස් ඇත.
ගඩොල් මෝඩයා
ජනාධිපති ලින්කන් ඇමෙරිකාවේ එවකට පැවති කළු මිනිසුන් වහළුන් ලෙස සැළකූ සිස්ටම් එකට විරුද්ධව සිය මනස (හෘදය ශාක්ෂිය) තුල යුද්ධයක් කර පසුව එය රට දෙකට කැඩීයාමේ යුද්ධයක් දක්වා ඉදිරියට ගෙන ගොස් ජය ගත්තේය. 2024 දී ජනාධිපති අනුර, 1935 දී ලංකා සමසමාජ පක්ෂය සිය මාක්ස්වාදී න්‍යාය අනුව යමින්, සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට ද්‍රෝහී වෙමින් දුටුගැමුණු මහරජතුමා ගඩොල් මෝඩයෙක් (රුවන්වැලි මහසෑය සැදූ නිසා) යනුවෙන් පැවති මාක්ස්වාදී බරව කකුල කපා දැමුවේය. මාක්ස්වාදීන් හා සිංහල බෞද්ධ ගම අතර පැවතියේ තෙල් හා වතුර මෙන් කිසිසේත් මිශ්‍ර නොවන අසම්මිතියකි. ගමේ සිටි මාක්ස්වාදියා යනු ඉරිදා දහම් පාසැලකට දරුවන් නොයවන, පන්සලකට අඩියක් නොතබන ගමේ ඉන්නා නරුමයෙකි. ඔවුන් හා ගව මුත්‍රා බොමින්, සොහොන් පිටිවල භාවනාකල පැල්මඩුල්ලෙන් ආරම්භවුන විනය වර්ධන ව්‍යාපාරයේ ගමේ සිටි අය අතර වෙනසක් ගම්වැසි බෞද්ධයාට නොපෙණින.
බඩගින්න හා සටන
කොළඹ නගරයේ කම්කරුවන් හා වතුකරයේ ඉන්දියන් කම්කරුවන් අල්ලාගෙන ලන්ඩන් වලදී පොත් කියවා ලංකාවට ආ තරුණ මාක්ස්වාදීන්ට කුඩාකාලයේ පන්සල සමඟ හැදුන වැඩුන ඩී. බී. ජයතිලක යනු නිකම්ම් ඇබිත්තයෙක් විය. සාදුකින් පෙලෙනවුන් සමඟ අන්තිම සටනක් කරන්නට සුදානම් කරමින් සිටි මොවුන්ට බෞද්ධ ජීවන දර්ශණය පෙන්වා දීමට උඩකැන්දවෙල සිරි සරණංකර, හේනපිටගෙදර ඥානසීහ වැනි භික්ෂූන් උත්සාහ කලේය. කොළඹ මැයිදින පෙලපාලි හෝ ස්ට්‍රයික් වලදී දක්නට ලැබුණේ මෛත්‍රිය නොව වෛරය වැපිර විමකි. සුද්දන්ගේ පොපිමල් වෙනුවට සූරියමල් තරඟය හා මැලේරියා ගම්වලට ලොරි වලින් බඩු ගෙනගියා මිස 1940 දශකය වනවිට කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර හිමියන් විසින් දියත්කල අපරාද මර්දන හා ග්‍රාම ප්‍රතිසංස්කරණ දීපව්‍යාප්ත වැඩසටහනට ඔවුන් උපකාර කලේ නැත.
කාල් මාක්ස් හා දලදා මාළිගාව (1964)
අන්තිමේදී අවුරුදු 30 ක ප්‍රමාදයකින් පසුව හෝ 1964 දී NM-Colvin-Lesly ලා දලදා මාලිගාවට නෙළුම් මල් වට්ටි ගෙන ගියේය. එය සිය හෘදය ශාක්ෂියට එකඟව කලාද යන්න සැකසහිත වන්නේ බෞද්ධ දර්ශණය හා මාක්ස්වාදය අතර ඇති සමානකම් හා අසමානකම් ගැන කාල්මාක්ස් (1867) නොදැන සිටි නිසාය. අනිකුත් ජර්මානුවන් වන මැක්ස් මියුලර් (1823-1900) හෝ මැක්ස් වෙබර් (1864-1920) බුදු දහමේ ඇති චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය හෝ මධ්‍ය ප්‍රතිපදාව ගැන නිසි අවභෝධයක් තිබුණාද යන්න පැහැදිලි නැත. අයින්ස්ටයින්ගේ (1879-1955) කාලය වනවිට සියල්ල වෙනස්විය.
1956 චන්දයේදී MEP සමඟ නිතරඟ ගිවිසුමක් ඇතිකර ගැනීමෙන් NM (LSSP) ලාට වාසියක් සිදුවුවත් ඉන් පසුව ඔවුන් කලේ සිය සැමියාව නොමරා මැරීමක් යයි 1960 චන්දයේදී සිරිමාවෝ කියා සිටියාය. 1964 දී ඇය (SLFP) සමඟ ආණ්ඩුවට එකතු වීම හා, 1970 දී පොදු පෙරමුණක් (SLFP-LSSP-CP) වශයෙන් එකතුව මැතිවරණයට ඉදිරිපත්වීම ඔවුන් විසින් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය වැලඳ ගැනීමක් නොව ඔවුන්ට එය අරහං නොවීමක් පමණය. 1971 JVP කැරල්ලට පසුව බුද්ධාගමට තැන දෙන්නට යයි ගෙනා ව්‍යවස්ථාවේ 9 වගන්තිය සිංහල බෞද්ධයා රැවටීමක් බව එහි උපවගන්තියෙන් සිදුකර තිබෙනවා නොවේද යන්න SLFP පිරිසට තේරුණේ නැත. එය මාක්වාදී කොල්වින්ගේ හා ඇන්ග්ලිකන් ෆීලික්ස් ඩයස්ගේ ඇස්බැන්ඳුමක් විය.
හිත හොඳ ගෑණී
සිංහල බෞද්ධයින්ට ලංකාවේ සිංහල දේශපාලකයින් විසින් සළකා ඇත්තේ, සළකන්නේ, සමහර පිරිමි හිත හොඳ ගෑණුන්ට සළකන ආකාරයටය යන කරුණ පෙන්වා දුන්නේ බොදු බල සේනාව විසින් 2012 මැයි සිටය. මේ නිසා බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ගේ මස් රාත්තලම ඉල්ලීමේ ව්‍යාපාරයක් රටපුරා ප්‍රචලිත කිරීමට ක්‍රියා නොකල දේශපාලකයෙක් රටේ නැතිතරම්ය. මේ නිසා රෑ වැටුන වලේ දවල් නොවැටීම, ගිනිපෙල්ලෙන් බැටකෑ මිනිහා කණාමැදිරි එලියටත් බයය යන ආප්තෝපදේශ සිංහල බෞද්ධ ජනයාට සිහිපත්වේ. ඇතැම් ජJVP නායකයින්ගේ කතා, ක්‍රියා කලාප ඉදිරියේ ජනාධිපති අනුර කුමාරට ඇති බලවත් අභියෝගයක් වන්නේ ඔවුන් දමණයකර නිසි මඟට ගැනීමය. වෛරය වෙනුවට මෛත්‍රීය මොවුන්ට පෙන්වාදීමය. සමහර JVP නීතිඥයින් පවා කතාකරන්නේ බෝන් අගේන්, පෙන්තකොස්ත කාරයින් මෙන් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට එරෙහිවය. ලෝකයේ අද තිබෙන අර්බුදවලට විසදුම් බෞද්ධ දර්ශණය තුලින් ලබාගත හැකි බව නූතන විද්‍යාව අනුසාරයෙන්ද එලිදරව් වෙමින් පවතී.
හරිනි අමරසූරිය හා අනුරාධා යහම්පත්
The world revolution of westernization: The twentieth century in global perspective (1989) යන පොතේ Theodore H. von Laue විසින් පෙන්වා දෙන්නේ නේරු, මාවෝ සේතුන්, නිකෲමා, ස්ටාලින්, සුකර්ණෝ, නසාර් යනාදී අය පවා බටහිරීකරණය විසින් ගිලගත් අන්දමය. ලංකාවේදී මෙය හඳුන්වන්නේ කළු සුද්දන්ගේ බෝවීම වශයෙනි. ලංකාවේ මාක්ස්වාදීන් 1935 සිට අද දක්වාම මෙසේ අක්මුල් සිඳගත් නරුම කළු සුද්දන් කල්ලිම විය. සිංහල වෙදමහත්වරු, දඹදිව වන්දනාවේ යාම හෝ අනිත්‍යය ඔවුන්ට සිහිවන්නේ වන්නේ මහළු වයසට පත්වූ විටය. මීට වෙනස් පාරක් අනුර කුමාර විසින් සිය හෘදය ශාක්ෂියට එකඟවම තෝරාගෙන තිබේ නම් ඔහුට ලෝකයට බෞද්ධ මාක්ස්වාදයක ඇති වටිනාකම පෙන්වා දිය ගෙනයා හැකි වන්නේය. ලාල් කාන්තව බෞද්ධ උපාසකයෙක් කරගත හැකිය. හරිනි අමරසූරියව, නටාෂා එදිරිසිංහව, අභිෂේකා කෙල්ලව බෞද්ධ උපසිකාවන් කරලිය හැකිය. නැතහොත් අනුරාධා යහම්පත්ලා කල හැකිය.
අනුරාධා යහම්පත් ලන්ඩන්වල ඉගෙන ගන්නා කාලයේදී ලංකාවට ආවේ 1987 JR-Rajiv Gandhi ජරමරයට විරුද්ධව පෙලපාලි යාමටය. ඇයව සටන් බිමට ගෙනත් බැස්සුවේ ඇගේ මවගේ කාර් එකෙන්ය. JR ගේ වෙඩිල්ලකින් ඈ ලඟ සිටි භටයෙක් මිය ගියේය. ඉන් පසුව සිංහල උරුමය පක්ෂයෙන් ඇය චන්දය ඉල්ලන විට ඇගේ කුළුදුල් පුතා ඉපදී සති දෙකක් පමණය! සිංහල බෞද්ධ ජාතිය රැකගැනීම ඇගේ අභිප්‍රාය විය.
2019 දී ගෝටාභය විසින් ඇයට නැඟෙනහිර පලාතේ ආණ්ඩුකාරධූරය පැවරුවේය. ඒ ගැන පලාතේ සුළු ජනවර්ග විරෝධය පලකලේය. අන්තිමේදී ඇය කෙතරම් සාධාරණ ලෙස සිය පාලනය ගෙනගියාද යත් ඇයට විරුද්ධව පෙත්සම් ගැසුවේ පලාතේ සිංහලයින්ය. දෙමළ හා මුස්ලිම් පිරිස් ඇයගේ ක්‍රියා පිලිවෙල අගය කලේය. එම පලාතේ සිංහල-දෙමළ-මුස්ලිම් ජනයාට සමාදානයෙන් ජීවත් වීමට, වර්ගවාදී දේශපාලකයින්ගේ අතකොළු නොවීමට අවස්ථාවන් ඇය ලබා දුන්නේය. ඇය ජාතික වාදියෙක් මිස ජාති වාදියෙක් නොවීය.
අනුරාධා විශාකා විද්‍යාලයට යද්දි හරිනි ගියේ බිෂොප් කොලේජ් එකටය. ඇයද පිටරටවල ඉගෙන ගත්තේය. ඇය ගියේ පාර කළු සුද්දන්ගේ පාරේය. මේ නිසා ඔරුමිත්තනාඩු රනිල්-සුමන්තිරන්-ජයම්පති යහපාලන ජරමරයේදී ලාල් විජේනායක නම් අරටු මාක්ස්වාදියාගේ අනු කොමිටියේදී ජාතික කොඩිය වෙනස් කිරීම, රාජ්‍යය නිරාගමික කිරීම යනාදී අදහස් ඇය අනුමත කලේය. මදර්ස් දිනයේදී යශෝධරා හා සිද්ධාර්ථ යන දෙදෙනාගෙන් ඇය ගන්නේ යශෝධරාගේ පැත්ත යයි ඇය කියා සිටියාය. සිද්ධාර්ථ යුතුකම් පැහැරහැරි පියෙක් හා හස්බන්ඩ් කෙනෙකි!
හරිනිට පෙනෙන්නේ එය කසාද ගිවිසුමක් කඩකල අවස්ථාවක් ලෙසය. සිංහල බෞද්ධ හදවත් තුල එය රැඳී ඇත්තේ පෙරුම්පුරාගෙන ආ බැඳීමක් ලෙසටය. මෙවැනි අදහසක් හරිනිට එන්නේ ඇය සිංහල බෞද්ධ අක්මුල් සිඳගත්තියක් වීම නිසාය. මෙය සමානකල හැක්කේ පොසොන් කියන්නේ ලංකාවට සිදුවු ප්‍රථම් ආක්‍රමණය යයි වරක් රනිල් විසින් සන්නස්ගලට කියා සිටීමටය. එසේ නැත්නම් නටාෂාගේ සුද්දෝදනගේ පැටියා ගැන හෝ බෝන් අගේන් ජෙරෝම් විසින් බුදුහාමුදුරුවන්ට ජේසුස් ලඟට යන්නට කල යෝජනාවටය. රංජන් රාමනායකගේ යශෝධරාගේ හා දේවදත්තගේ ජාන (DNA) ගැන කල කතාවටය. විජය කුමාරතුංග ගේ හා ඔහුගේ පුතාගේ ජාන හුටපට කතාවටය.
Power corrupts, absolute power corrupts absolutely!
උදය ගම්මන්පිල විසින් පත්තු කල රවි සෙනෙවිරත්න-ශානි අබේසේකර බෝම්බය ගැන සේපාල් අමරසිංහ විසින් පෙන්වා දුන් කාරණය මෙහිදී ඉතාමත් වදගත්ය. විජිත හේරත් විසින් ඊට දැක්වූ ප්‍රතිචාරය අසාධාරණ බව සේපාල් පෙන්වා දෙයි. ඇත්තවශයෙන් බලන විට එය පැස්බරා වැල්ලේ හිස සඟවා ගැනීමක් වැනිය. මෙවැනි පාරක් අනුර කුමාර හෝ JVP නීතිඥයින් හෝ අනිකුත් වාචාල කටවල් විසින් දිගටම ගන්නේ නම් මට කියන්නට වන්නේ JVP/NPP දෙකටම අබ සරණයි කියාය. ඒ වෙනුවට JVP ට ගතහැකි හා ගතයුතු බෞද්ධ රාජ්‍යපාලන මාවත මීලඟ කොටසින් පෙන්වා දෙන්නේ සද්භාවයෙන් සැම දෙනාගේම යහපත උදෙසාය.
ඒබ්‍රහම් ලින්කන් කලා මෙන් විශාල අධ්‍යාත්මික විප්ලවයක් ක්රමාණුකූලව සිය පාක්ෂියින්ගේ හදවත්තුලත් ඒ මඟින් රටේ ජනයා තුලත් ඇති කිරිමට අනුර කුමාරට හැකියාවක් තිබේ. ඔහු උවිඳු විජේවීර පුතාගේ ඉල්ලීමට ඇහුම්කන් දීම හොරු අල්ලන කතාවලට වඩා වැදගත්ය.