අලුත් ක්‍රමයක් අත්හදා බලන්න
Posted on October 27th, 2024
චන්ද්‍රසේන පණ්ඩිතගේ
විශ්වාෂා පරමා ඥාතී යන සංකල්පය පෙරදැරිකරගෙන ඩෙංගු මර්ධනයට අතගසමු.
මේ රජය පත්ව ගතව ඇත්තේ මාසයකි.රජය කරගෙන යන්න ඇති තරම් මුදල් භාණ්ඩාගාරය තුල නැත. එවන් තත්වයක් තුල රට තුල ඩෙංගු වසංගතය පැතිරෙමින් පවතී. ඩෙංගු මර්ධන කටයුත්තද අධික මුදල් සම්භාරයක් වැයවෙන කටයුතකි. රජයට මුදල් හිඟ වුවද මේ කටයුත්ත සිදුකරගෙන යා යුතුය. එය මර්ධනය කල යුතුය.එය මර්ධනය කල හැකිය.
මෙය නව රජයකි.ඔවුන් කියන ආකාරයට මෙය පරම පවිත්‍ර ජනතා හිතකාමී රජයකි. මෙය විශ්වාස කරන ජනපදනම ලක්ෂ 55කට අධිකය. ලක්ෂ 55ක් වූ ජනතාවගේ විශ්වාසය යනු මහා ධන නිධානයකි. මේ මහා ධනස්කන්ධයට ඩෙංගු මර්ධනයට ගත වන්නේ මාසයක කාලයකි. ඒ සඳහා රජයට සතයකුදූ වය නොවේ.. විශ්වාෂා පරමා ඥාතී.
සෞඛ්‍ය ඇමති තුමිය මේ කියන කතාන්දරයේ සත්‍යතාවය පළමුව වටහා ගත යුතුය.
මදුරුවාගේ ජීවන චක්‍රයේ අවස්ථා තුනක් අපිට පහසුවෙන් අපේ ග්‍රහණයට ගත හැක. ඒ බිත්තර අවස්තාව, කීට අවස්තාව, අවස්තාව හා පුපා අවස්ථාවයි. අපි ගෙවත්තේ හෙවන ඇති තැනක,වතුර භාජනයක් තබා සතියක් තුලදී අනිවාරයෙන්ම ඒ තුල මදුරු බිත්තර තිබේ. නමුත් අපි ඒවා නොදකිමු. මේ ආකාරයට වතුර භාජනයක් හෝ දෙකක් ගෙවත්තේ තබා සතියකට වරක් එය ඉවත ලාමෙන් අපි සිදුකරන්නේ මදුරු බිත්තර දහස් ගණනක් එකවර විනාශ කිරීමයි. එසේ නැතිව අපි සති දෙකකට වරක් ඉවත් කිරීමට තීරණය කළහොත් අප විනාශ කරන්නේ දහස් ගණනක් මදුරු බිත්තර හා කීටයින් හා පුපාවන්ය. ඒවා අපිට දෑසින්ම දැක ගත හැකිය. මේ ක්‍රමයට ජනතාව හැඩගැන්වීමට මේ රජයට හා සඛ්‍ය ඇමැතිවරියට හැකියාවක් තිබේ. ඒ සඳහා එතුමිය සිදුකල යුත්තේ,
1.ඩෙංගු මර්ධන මාසයක් ප්‍රකාශ කිරීම. ආරම්භක දිනය නම් කිරීම.
2. විශේෂයෙන් තමන්ට චන්දය දුන් 55න ලක්ෂයක් මිනිසුන් අමතා මේ ක්‍රමය කරන මෙන් ඉල්ලා සිටීමයි.
එවිට රජයට සතයකුදු වැය නොකර සාර්ථක ඩෙංගු මර්ධන මාසයක් නිර්මාණය කලහැක. පසුව මේ ක්‍රමය ජනතාව තුල කිදාබස මුළු රටම මදුරු උවදුරින් බේරාගත හැක. මේ ක්‍රමය තුලින් අමතර වාසි කන්දරාවක්ද උදාවේ. ඒ
මදුරු මර්ධනය සඳහා විදේශයන්ගෙන් ගෙන්වන සියලුම රසායන ද්‍රව්‍ය සඳහා වැයවන විදේශ විනිමය කන්දරාව ඉතිරිවීම හා ඒ රසායන ද්‍රව්‍ය නිසා මිනිසාට ඇතිවන සියලුම රෝගද නිවාරණය වීමයි. මේ ක්‍රමය ආරම්භ කරන්න අත්හදා බලන්න.
නමුත් මෙය ආරම්භ කිරීමට කිසිවෙක් ඉඩදෙන බවක් මේ සමාජය තුල සිදුවිය හැකිද? යන ප්රශ්නය තිබේ. එබැවින් හැකිනම් ජනතාව තම තමන්ම මේ කටයුත්ත ආරම්භ කරන්න.