අලුත් යෝජනා නිසා ආදායම රුපියල් බිලියන 3,000 ක් දක්වා පහත වැටෙනවා.. අයවැය හිගය බිලියන 2500 දක්වා වැඩිවෙනවා.. පියවන විදිහ රටට කියන්න – රනිල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
Posted on October 29th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

අලුත් යෝජනා නිසා රටේ ආදායම රුපියල් බිලියන 3,000 ක් දක්වා පහත වැටීම නිසා අය වැය හිඟය රුපියල් බිලියන 1000 සිට 2,500 ක් දක්වා වැඩිවන බවත්, මෙම පරතරය පියවන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා වහාම රටට පැවැසිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවැති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

”අන්තිම වන විට අපේ ආදායම බිලියන 3700 ක් වී තිබුණා. මේ වසරේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දහතුනක ආදායම් ලබා ලබාගන්න අප ඉලක්ක කර තිබුණා. අලුත් යෝජනා ඔක්කොම දානවානම් අපේ වියදම ඩොලර් බිලියන 5600 ක් පමණක් වෙනවා. අනෙක් අතින් අපේ ආදායම රුපියල් බිලියන 3000 දක්වා පහත බසිනවා. එවිට අයවැය පරතරය රුපියල් බිලියන 1000හේ සිට 2500 දක්වා වැඩි වෙනවා. එවිට ඒ මුදල් හොයන්නේ කොහොමද”

2024-10-29

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress