හරීන්ගේ පියාට තොරතුරු දී ඇත්තේ ඊබ්‍රහිම්ලු – දෙවන ප්‍රහාරය වැළකූ ලොරි රථයේ රියැදුරා කියන කතාව (වීඩියෝ)
Posted on October 29th, 2024
උපුටා ගැන්ම හිරු පුවත්
පාස්කු ප්‍රහාරය ගැන හරීන්ගේ පියාට තොරතුරු දී ඇත්තේ ඊබ්‍රහිම් බව දෙවැනි ප්‍රහාරය වැලැක්වූ ලොරි රථයේ රියැදුරු වූ ශාන්තලාල් පවසනවා.
ඔහු මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ හිරු රතු මිනිත්තුව වැඩසටහන සමඟ එක්වෙමින්.
එහිදී අදහස්දක්වමින් ඔහු සඳහන් කළේ මෙවැණි අදහසක්.
”මම ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි දෙන්න ගියානි. 2020 ජනවාරි 20,21 23,29 මම ප්‍රකාශ ලබා දුන්නා. ඒ ප්‍රකාශ ලබා දෙද්දි මගෙන් ප්‍රකාශ ගත්ත පොලිස් පරික්ෂක මහත්තයා තමයි මට කිව්වේ ශාන්තලාල්, මේක කාටවත් කියන්න එපා කියලා – හරීන් ප්‍රනාන්දු එවකට ඩිජිටල් යටතල පහසුකම් ඇමතිතුමා. ඒකේ තඹ, අබලි ද්‍රව්‍ය තියෙනවනි, ඒවා අළෙවි කිරීම සඳහා හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ තාත්තට තමයි භාරදීලා තියෙන්නේ. හරීන් ප්‍රන්නන්දුගේ තාත්තා, වැල්ලම්පිටියේ තඹ කම්හල බෝම්බ ප්‍රහාරයෙන් මැරිච්ච ඊබ්‍රහිම්ගෙනි. ඒ තඹ කම්හලට තමයි භාර දීලා තියෙන්නේ. අන්න එතනදි තමයි ඊබ්‍රහිම් එක්ක හරීන් ප්‍රනාන්දුගේ තාත්තා මිත්‍ර වෙලා තියෙන්නේ. ඒ මිත්‍රත්වය මත තමයි කියලා තියෙන්නේ හෙට පල්ලිවලට බෝම්බ ගහනවා. පල්ලි යන්න එපා කියලා. ඇත්ත නැත්ත මම දන්නෑ. මට කියපු දේ.
“හරීන්ගේ පියාට තොරතුරු දී ඇත්තේ ඊබ්‍රහිම් – දෙවන ප්‍රහාරය වැළකූ ලොරි රථයේ රියැදුරා කරන නවතම අනාවරණය