මඩකලපුවේ සිංහල මහා විද්‍යාලය විවෘත කර අහිංසක දරුවන්ට තමන්ගේ මව් භාෂාවෙන් ඉගෙන ගන්න පුලුවන් අවකාශයක් අපි නැගෙනහිර ඇති කළා – නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්
Posted on October 30th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
සෑම දිස්ත්‍රික්කයකටම දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට පාසලක් තිබුන ද, නැගෙනහිර පළාතේ අහිංසක දුප්පත් සිංහල ජනයාගේ දරුවන්ට සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට පාසලක් නොතිබූ බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.
මඩකලපුව නගරයේ සිංහල මහා විද්‍යාලය යනුවෙන් විද්‍යාලයක් තිබු බවත්, ඒ වන විට එහි රැඳී සිටි හමුදාවෙන් එම පාසල ලබාගෙන එම සිංහල මහා විද්‍යාලය ආරම්භ කිරීමට ක්‍රියාකළ බවත් ඇය පවසයි.