ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නගාසිටුවීමට රුසියාවේ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති පොරොන්දු වෙයි
Posted on October 30th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධානය කරන ලද Gem Sri Lanka 2025 ප්‍රදර්ශනය” හඳුන්වාදීමේ වැඩසටහනට ඊයේ(29) දින රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මහතා සහභාගී විය.
මැණික් කර්මාන්තයේ ශ්‍රී ලංකාවට ඇති හැකියාව සහ දේශීය ස්වර්ණාභරණවල රුසියානු සංචාරකයින් අතර ඇති ඉහළ ඉල්ලුම සම්බන්ධයෙන් සිය දේශනයේදී තානාපතිවරයා කරුණු දැක්වීමක් ද සිදුකළේය.
රුසියාවේ විවිධ නගරවලින් මත්තල ගුවන් තොටුපළ වෙත “රෙඩ්වින්ග්ස්” ගුවන් ගමන් දියත් කරන බව ද ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.