ජනාධිපති අනුර කුමාර (2024) හා සිංහල- මුස්ලිම් කෝලාහලය (1915) – part 2
Posted on November 4th, 2024
C. Wijeyawickrema, LL.B., Ph.D.
බුද්ධාගම කියන්නේ බොරුවක්!
1505 දී පෘතුගීසීන් කොලොම් තොටට ගසාගෙන ආවේ එක අතකින් කඩුව හා අනිත් අතින් බයිබලයද රැගෙන යයි කියැවේ. 1096/1204 කාලයේ පෝප් මූලිකව මෙහෙයවු කුරුස යුද්ධ වලින් මුස්ලිම්වරු දිගටම පැරදවිය නොහැකිවිය. මේ නිසා යුරෝපයේ පොහොසත් පන්තියට ඉන්දියාවෙන් (චීනයෙන්?) ගොඩමින් ගෙනා කුළුබඩු යනාදිය ලබාගැනීම සඳහා වෙනත් මුහුදු මඟක් සොයා ගැනීමට අවශ්‍යය විය. මෙම දුෂ්කර ගමනට නාවික කම්කරුවන් සොයාගත්තේ එය යුරෝපයෙන් පිට වසන වනචාරී මිථ්‍යාදෘෂ්ටිකයින් ගලවා ගැනීම සඳහා කරණ දේවකාරියක් යයි යයි කියමින් රවටාදය.
පෘතුගීසින්ට පසුව ආ ලන්දේසීන් කතෝලිකයින් මරද්දී උඩරට බෞද්ධ රජු ඔවුන්ට රැකවරණය දුන්නේය (ඊට පෙර පෘතුගීසීන් මුස්ලිම්වරු මරද්දීද සිදුවූයේද මෙයය). මේවා ලෝකයේ ප්‍රථම සනාගත කඳවුරුවිය. සිය යටත් විජිතවල වැසියා සමඟ ලන්දේසීන් අනුගමනය කලේ ඉංග්‍රීසි හෝ ප්‍රංශ ක්‍රමයට වෙනස් ක්‍රියා පිලිවෙලකි. උදාහරණයක් වශයෙන් ලන්දේසීන් උඩරට රජුට සියමෙන්/බුරුමයෙන් උපසම්පදා භික්ෂුන් ලබා ගැනීමේ කාර්යයේදී උදව් කලේය.
1798/1802 සිට නෝත් ආණ්ඩුකාරයාගෙන් ආරම්භවුණු ඉංග්‍රීසි පාලන සමයේදී ගමේ සිංහල පන්සල ඔවුන්ට බලවත් අභියෝගයක් විය. මේ නිසා (සිංහල?) ක්‍රිස්තියානි පාදිලිවරුන් විසින් ගෙනගිය බුද්ධාගම කියන්නේ බොරුවක් යන කතාවට සුදු පාලකයින් විසින් තිරයෙන් පිටුපසින් සිට සිය අනුබලදීම දිගටම කරගෙන ගියේය. මෙය කෙතරම් බලවත් වූවාදයත් 1848 කැරැල්ලට පසුව වනවිට පලවු කළු සුදු ක්‍රිස්තියානි මතය වූයේ තව දශක දෙක තුනකින් බුද්ධාගම රටෙන් අතුරුදහන් වනවා යන්නය (ඔබේසේකර-බණ්ඩාරනායක පවුල්වලට අයත් ජේම්ස් ද අල්විස්ගේ ප්‍රකාශය).
1842 දී පමණ සිට පානදුරේ වලානේ සිරි සිද්ධාර්ථාරාමයේ සිට රත්මලානට වැඩමකර රත්මලානේ පරම ධම්ම් චේතිය පිරිවෙන ආරම්භකර, විද්‍යෝදය හා විද්‍යාලංකාර මහපිරිවෙන් දෙකක් සඳහා මඟ පාදාදුන් වලානේ සිරි සිද්ධාර්ථ හිමිපාණන් ප්රමුඛව ඇතිවූ බෞද්ධ පුනර්ජීවනය හරහා බෞද්ධ-ක්‍රිස්තියානි වාද හතරකින් පසු පස්වන වාදයවූ 1873 පානදුරා මහා වාදයෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඳුන් පාදිලිවරුන්ව පරාජය කලත් ක්‍රිස්තියානි බලවේගය තාවකාලිකව වැලලීගියා මිස මැරුණේ නැත. මීට හේතුව වූයේ ක්‍රිස්තියානි සුදු පාලකයින් හා සිංහල ක්‍රිස්තියානි කළුසුද්දන්ගේ බෞද්ධ විරෝධී යටිකූට්ටු වැඩ පිලිවෙලය. උදාහරණයක් වශයෙන් 1883 කොටහේනේ බෞද්ධ-ක්‍රිස්තියානි කෝලාහලයේදී සුද්දා ගත්තේ ක්‍රිස්තියානි පැත්තය.
මීට සමානම දෙයක් 1915 සිංහල මුස්ලිම් කෝලාහලයේදීද සිදුවිය. එහෙත් කිසිවෙක් මෙතෙක් එය සිංහල බෞද්ධ විරෝධී ඉතිහාස කතාවේ කොටසක් වශයෙන් විමසා බලා නැත. එය 1971 JVP කැරැල්ල, 1988/89 JVP-UNP භීෂණ සමය, 2019 ජූලි 13 දා සමූහ කාණ්ඩ 21 ක් සමඟින් JVP මූලිකව ගොඩනැඟූ මාලිමා පක්ෂය (NPP), 2024 සැප්තැම්බර් 21 අනුර කුමාර ජනාධිපති ලෙස චන්දය දිනීම හා, 2024 නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු චන්දය දක්වා ඈඳෙන කතාවකි.
සිංහල බෞද්ධ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (2019-22) හා සුදු (බෞද්ධ?) ආණ්ඩුකාර රොබට් චර්මර්ස් (1913-16)
2022 දී ගෝඨාභය ජනාධිපති ගොඳුරුවුණ කුමන්ත්රනය වැන්නකට 1915 දී චාර්මර්ස් ආණ්ඩුකාරයාද ගොඳුරුවුනා යයි මට සිතේ. පාදිලි පවුල් සම්භවයක් තිබු ඔහු, 1881 දී පාලි පොත් සංගමය ඇරඹූ රීස් ඩේවිඩ්ස් ගේ ගෝලයෙකු විය (Pali Text Society – T. W. Rhys Davids). 1894 දී මජ්ජිම නිකායේ මධුර සූත්‍රය (කුල භේදය) පිළිඹඳව රචනාවක් ලියූ ඔහු, රීස් ඩේවිඩ්ස් ආරම්භකල ජාතක කතා ඉංග්‍රීසියට පෙරලීමේ සෑහෙන කොටසක් 1895 වනවිට නිම කලේය. 1897 දී පැරිස් (ආගමික) සමුළුවට සහභාගිවූ ඔහු තථාගත- සම්මා සම්බුද්ධ යන සංකල්ප පිළිඹඳව රචනාවක් 1898 දී පලකලේය. ආණඩුකාරයා වශයෙන් ඔහු කල එක් ප්‍රථම නිල රාජකාරියක් වූයේ විද්‍යෝදය පිරිවෙනේ උපාධි-තෑගි ප්‍රධාන උත්සවයට එක්වීමය.
රීස් ඩේවිඩ්ස්ද පාදිලි පවුලකින් ආ බුද්ධාගම බොරුවක්ද යන්න ගැන සැකකරමින් සිටි, 1864 දී සිවිල් සේවකයෙකු වශයෙන් ලංකාවට පැමිණි පංචස්කන්ධයකි. 1864-72 කාලයේදී ඔහු යත්තරමුල්ලේ ශ්‍රී ධර්මාරාම, හික්කඩුවේ ශ්‍රී සුමංගල, වස්කඩුවේ ශ්‍රී සුභූති යන හිමිවරුන්ගේ ඇසුරෙන් බුදුදහම අවභෝධ කරගත්තේය. ඔහුගේ <බෞද්ධ-පාක්ෂික හැසිරීම> නොරිස්සූ යටත් විජිත පාලකයින් යම් හේතුවක් අල්ලාගෙන ඔහුව සේවයෙන් පහකරණ ලදී. ආපසු ලන්ඩන් බලා ගිය ඔහු පාලි සංස්කෘත අධ්‍යයන කටයුතුවල නියැලී (ලන්ඩන් හා මැංචැස්ටර් සරසවි වල, 1882-1905) ලෝකය පුරා ථේරවාද බුදුදහම පැතිරවීමේලා (පසුව ඔහුගේ බිරිඳද) මහඟු සේවයක් ඉටු කලේය.
ධර්ගා ටවුන්, අළුත්ගම (2014)- මහනුවර කාසල් වීදිය (1915)
මහනුවර කාසල් වීදියේ මුස්ලිම් පල්ලිය ඉදිරියෙන් නීත්‍යානුකූල ලෙස වෙසක් දා (මැයි 29 දා) අළුයම 1 ට ගිය පෙරහැරකට නීති විරෝධී ලෙස ගල් ගැසීම නිසා 1915 දී මධ්‍යම හා බස්නාහිර පලාත් දෙකේ ඇතිවු සිංහල-මුස්ලිම් ගැටුමේදී ජර්මන් ආක්‍රමණයකට බියෙන් ලංකාවේ නතරකර සිටි බ්‍රිතාන්‍ය පන්ජාබි-මුස්ලිම් රෙජිමේන්තුව යෙදවීමෙන් සිදුවූ සිංහල සංහාරය සමාන කල හැක්කේ 2014 ජූනි මාසයේදී අළුත්ගම ආසන්නයේ ධර්ගාටවුන් මුස්ලිම් පල්ලියෙන් ගම්බලා යන සිංහල බෞද්ධ ජනයාට එල්ලවූ ගල් ප්‍රහාරයටය. තමන්ට මොහමඩ් රාජිත යයි කියනවාට කැමතියයි බොස්ටන් TV එකට ප්රකාශකල රාජිත සේනාරත්නගේ හයිය 2014 දී මුස්ලිම් තරුණයින්ට තිබුණි. චාර්මර්ස් ආණ්ඩුකාරයා වැරදි උපදෙස් මත නොමඟ ගොස් ජූනි 2 දා කෲර ලෙස යුද නීතිය (මාෂල් ලෝ) ක්‍රියාත්මක කිරීමට ඉඩ දුන්නේය. මෙය සමානකල හැක්කේ 2018-22 කාලයේ ගෝඨාභයට සිදුවූ අකරතැබ්බටය. චාර්මර්ස්ව අමාරුවේ දැමීමේදී ඒ කාලයේ ශීඝ්‍රයෙන් ලංකාවේ බෝවෙමින් සිටි සිංහල ක්‍රිස්තියානි කළු සුද්දන් මෙන්ම 1880 න් පසු කාලයේ <ඕල්කොට් බෞද්ධයින්> යයි හැඳින්වූ කළු සුද්දන්ද අඩුවැඩි වශයෙන් දායක විය. මේ කළු සුද්දන් දෙවර්ගයම 1931 දී සුද්දන් විසින් සර්ව ජන චන්ද බලය දීමත් සමඟ <ඩොනමෝර් බෞද්ධයින්> වශයෙන් වෙස් මුහුණු දා ගත්තේ පන්සල් හරහා ගමේ චන්ද ලබා ගැනීමටය. ගෝටාව කොට උඩ යැවීමේදී නම් වශයෙන් හඳුනා ගත හැකි පංචස්කන්ධ වන්නේ, පී. බී. ජයසුන්දර, ජුලී චුං, ඥානක්කා, ලලිත් වීරතුංග, ජයනාත් කොළඹගේ, මිලින්ද මොරගොඩ යනාදී තිරයේ ඉදිරියෙන් හා පිටුපසින් සිටියවුන්ය.
ගෝටා ගෝ හෝම් කුමණ්ත්‍රනය
2019 දී ගෝඨාභය බලයට ආ අවස්ථාවේදී මෙන් 1913 දී ආණ්ඩුකාරයා වශයෙන් චාර්මර්ස් ආ විටද දිවයිනේ පන්සල් හා අවංක සිංහල බෞද්ධ නායකයින් බලවත්සේ අමන්දානන්දයට පත්විය. මෙය ලෝක යටත් විජිත ඉතිහාසයේ සිදුවූ පුදුමාකාරයේ පත්වීමක් විය. ක්‍රිස්තියානි සුදු පාලකයින් විසින් සුදු බෞද්ධයෙකු සිය යටත් විජිතයට යැවුවේ බෞද්ධ ප්‍රභෝධයක් රටේ මතුවී තිබූ අවධියකය. අනාගාරික ධර්මපාලතුමා සිංහල බෞද්ධයින් තුල දේශාණුරාගය නැංවීමට කල උත්සාහය සුද්දන්ට හා කළු සුද්දන්ට විරුද්ධව කල විප්ලවකාරී සටනක් විය. සුද්දන්ට දරදිය ඇද, ඔත්තු සපයා, ආගම වෙනස්කරගෙන, ධනවත්වූ, වලව්කාරයින්ට ධර්මපාලතුමා තර්ජනයක් විය. ලන්ඩන් ගොස් අධ්‍යාපනය ලබා ආ ඔවුන්ගේ දරුවන් තමන්ටද රජයේ රක්ෂා අවස්ථා ඉල්ලා සිටියේය. සුද්දන් විසින් ජාතිය, භාෂාව, ආගම, කුලය නම් කරණවා වෙනුවට ප්‍රදේශ අනුව චන්දයෙන් ව්‍යවස්ථාදායක සභාවට ඒමේ ඉඩප්රස්ථා ලබා දෙන ලෙස මොවුන් තර්ක කලේය, උද්ඝෝෂණ කලේය.
මුඩු බිම් පණත් යටතේ සුද්දාගෙන් කුණුකොල්ලයට ඉඩම් ලබාගත් වලව්කාරයින් බවට පත්වූ කළු සුද්දන් හා අළුතින් කරලියට ඒමට හදන කළු සුද්දන් අතර ඇතිවු ගැටුම, සිය සුදු මව සමඟ ලන්ඩනයේ හැඳී ලංකාවට ආ විශාඛා කුමාරි සොයිසා මෙනෙවිය (පසුව ජයවර්ධන මැතිණිය) සිය මාක්ස්වාදී හා බෞද්ධ විරෝධී කණ්නාඩියෙන් බලා විස්තර කලේ සුද්දන්ගෙන් යැපුණ ක්‍රිස්තියානි කළු සුද්දන්ගේ වචන උපුටා දක්වමින්, නෝ බොඩීස්, සම්බොඩීස් වෙන්නට හදනවා යනුවෙනි (තැනක් නැති පිරිසක් තැනක් හදා ගන්නට හදනවා).
මෙම අළුත් පිරිසට කරාවේ, දුරාවේ හා සලාගම කුලවල අයත් ඩී. එස්. සේනානායක, ඩි. බී. ජයතිලක, ආටිගල යන අයත් ඇතුලත් විය. විශාකාටත් වඩ හොඳින් දැනට ඕස්ට්‍රේලියාවේ වාසය කරණ ගාල්ලේ උපන් මයිකල් රොබට්ස් මේ කාරණා විස්තර කර තිබේ. මෙහිදී අපගේ මාතෘකාවට වැදගත් වන්නේ මේ හැම කොටසක්ම ධර්මපාලතුමා රටින් එලවා ගන්නට ක්‍රියාකල බවය. මේ කරුණේදී තෙම්පරාදු ඕල්කොට් බෞද්ධයින් හා ක්‍රිස්තියානි සිංහලයින් අතර වෙනසක් නොවීය. ඕල්කොට් ආගමණයෙන් පසුව එතෙක් ඉදිරියෙන් සිටි පන්සල් පිළිකන්නට තල්ලුවී ගියේය. ඒ වෙනුවට සිදුවූයේ අමද්‍යප ව්‍යාපාරය හරහා සුද්දාව කොනිත්තීම පමණය. මෙම ඕල්කොට් බෞද්ධ කළු සුද්දන්ට 1915 චාර්මර්ස්ගේ මාෂල් ලෝ නිසා හිරේට ගොස් කෙසේ හෝ වෙඩි කෑමෙන් බේරී ජාතික වීරයින් ලෙස සිංහල බෞද්ධ ජනයා අතරට ඒමට හැකිවිය.
මෙම ව්‍යාකූල පසුබිම අස්සේ චාර්මර්ස් ආණ්ඩුකාරයා සුද්දන්ගේ හා කළු සුද්දන්ගේ කුමණ්ත්‍රනයක් යයි සිතෙන වැරදි උපදෙස් අනුව ක්‍රියාකර, සේවයෙන් පහකිරීමකට ලක්විය. අමාරුවේ වැටුන ඔහුට විරුද්ධව උද්ඝෝෂණ කිරීමට පොන්නම්බලම් රාමනාදන්, සර් ජේම්ස් පීරිස් යන කළු සුද්දන් මූලිකවූ අතර, E. W. පෙරේරා හා D. B. ජයතිලක යන දෙන්නා ලන්ඩන් ගොස් විනය පරීක්ෂණයක් ඉල්ලා සිටියේය (ජයතිලක හා සේනානායක යන දෙන්නා උග්‍ර ධර්මපාල විරෝධීන් වූ බව බොහෝ ඉතිහාසකාරයින් විසින් සඟවා ඇත).
LankaWeb – Governor Robert Chalmers was a Pali-Buddhist scholar
මැනිං මැනිං ආණ්ඩුකාරයාගේ බෙදා පාලනය කිරීමේ සෙල්ලම අසාර්ථක වීම 1921-1931
හොරස් පෙරේරාගේ ලංකාව: බටහිර ජාතීන්ගේ පාලන සමය (1961) යන පොතේ 229-234 යන පිටුවල දැක්වෙන පරිදි මෙම කාලයේදී තමන්ට ව්‍යවථාදායක සභාවේ බලය ඉල්ලා සිටීමට චාර්මර්ස් ආණ්ඩුකාරයාගේ මාෂල් ලෝ ක්‍රියාව හොඳ උදාහරණයක් විය. මෙහිදී මැනිං ආණ්ඩුකාරයා සිංහල-දෙමළ ජාතීන් බෙදීමට හා සිංහල මහජාතියට බලයක් නොලැබෙන ආකාරයේ නියෝජන සූත්‍රයක් සැදීමට කූට ලෙස උත්සාහ කලේය. අන්තිමේදී මෙම ප්ලෑන් ආපසු කැරකී ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් මන්ත්‍රීන්ට බලය හිමිවීමේ අවදානමක් ඇතිවිය. සර් හියු ක්ලිෆර්ඩ් ආණ්ඩුකාරයා මෙය ලන්ඩන්වලට වාර්තා කිරීමේ ප්‍රතිපලය වූයේ 1927 දී ඩොනමෝර් කොමිෂම ලංකාවට පැමිණ 1931 සිට සර්ව ජන චන්ද බලය ලබාදීමත්, 1832 සිට පැවත ආ ජාතිවාදී නියෝජන ක්‍රමය වෙනුවට ප්‍රදේශ අනුව මන්ත්‍රීන් තේරීමත්ය.
වඳුරන්ට දැලි පිහි දීම
දේපල හෝ අධ්‍යාපන සුදුසු කමකින් තොරව සැම දෙනාටම චන්ද බලය දිම එංගලන්තයේ හා ඇමෙරිකාවේ සිදුවුයේ විශාල කාන්තා අරගලයකට පසුව 1931 ට දශකයකට පමණ පෙරය. 1832 සිට ජාතීන් අනුව නියෝජන ක්‍රමයකින් කළු සුද්දන්ව බෙදා පාලනය කල සුද්දා ලංකා කොලනියට මෙසේ මන්ත්‍රී ආසන ක්‍රමයක් ඇති කිරිම විෂ්මය දනවයි. එහෙත් 1931-1948 කාලය ලංකාවේ ජාතිවාදය උත්සන්නවූ අන්දම ජේන් රසල් ඇගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ පෙන්වා දී ඇත.
ලංකාවේ සිංහල හා දෙමළ කළු සුද්දන් ජාතිවාදය උඩ ගැටුණු අතර සර්ව ජන චන්ද බලය දීමට යාම ගැන ඔවුන් සිය විරෝධය පලකලේ එය වඳුරන්ට දැලි පිහි දීමක් යයි පවසමින්ය. ඊට පක්ෂව කතා කල එකම පුද්ගලයාවූයේ කම්කරු පක්ෂයේ නායක A. E. ගුණසිංහ මහතා පමණය. ඔහු මාක්ස්වාදියෙක් නොවීය. දැන් 2024 වන විට මුන් 225 ම එපා කියන තත්වයකට රට වැටී ඇති අන්දම ගැන සිතන විට වඳුරන් වූයේ මෙම පක්ෂ දේශපාලක කළු සුද්දන් පරම්පරා මිස අසරණවූ චන්ද දායකයින් නොවන බව අවුරුදු 76 ක් පුරාම සනාථවී ඇත.
මෙතෙක් මෙම දීර්ග විස්තරය ලිවීමේ අරමුණ වූයේ 1861-65 කාලයේ ඒබ්‍රහම් ලින්කන් මුහුණ දී ජයගත් අන්දමටම සමානවන මානසික හා භෞතික අභියෝගයක් 2024 දී සිට අනුර කුමාර ජනාධිපති ඉදිරියේ ඇති පැහැදිලිකර දීමය. 1948 න් පසුව නොව, ලංකා ඉතිහාසය පුරාම, දුප්පත් ගොවි පවුලකින් පැමිණ දශක කීපයක්ම එක් මතවාදයක් වෙනුවෙන් ජීවිතය කැපකර මහජන චන්ද බලයෙන් රටේ රාජ්‍ය නායකයා වුන එකම පංචස්කන්ධය ඔහුය.
මාක්ස්වාදයද සමඟින්ම ඔහු විද්‍යාලංකාර බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස ක්‍රියාකලා නම් සියේට 3 ක් වූ JVP මාක්ස්වාදීන් හා NPP මාලිමා නිරාගමිකයින් කොටස්, සිංහල බෞද්ධ සංස්කෘතිය කෙරෙහි දක්වන විරෝධය මතවාදයෙන්ම නිෂ්ප්රභාකර දැමීමේ හැකියාවක් ඔහුට තිබෙනවා නිසැකය.
ලංකා කම්කරු පක්ෂයේ නායක A. E. ගුණසිංහව කොළඹ නගරසභා චන්දයෙන් පැරදවූයේ මහමුදලි සර් සොලමන්ගේ පුත් SWRD ය. මෙම කම්කරු නායකයා රටේ බෝරා, සින්ධි වෙළඳ ආධිපත්‍යයට විරුද්ධව කතා කිරීම මාක්ස්වාදී විශාඛා කුමාරි විසින් විග්රහකලේ සිංහල කුහක කමක් ලෙසය (Sinahala Buddhsit chauvinist). ලංකාවට පැමිණි අවස්ථාවේ ගාන්ධි පවා මෙම ඉන්දියන් වෙළඳුන්ට අවවාද කලේය. මෙම පදය සිංහල බෞද්ධ සභ්‍යත්වයට විරුද්ධව මුල්වරට එල්ල කලේ ඇයය. ජාතිවාදය හා ජාතික වාදය යන අදහස් දෙකේ වෙනස නොදැන අදටත් ගිරවුන් මෙන් සිංහල බෞද්ධ ජාතිවාදයක්, අන්තවාදයක් (Buddhist extremists!) ගැන කතා කරන්නේ බටහිරට ගැති කළු සුද්දන් රංචුය.
1964 සිට මාක්ස්වාදීන් සිය පන්ති සටනෙන් අඩියක් පස්සට ගත්තේය. රුවන් වැලි මහාසෑය සැදූ නිසාවෙන් දුටුගැමුණු රජතුමාව ගඩොල් මෝඩයෙක් ලෙස හැඳින්වීම නතර කලේය. එහෙත් සමහර JVP අරටු සැප්තැම්බර් 21 චන්දයට පෙර සිය මෝඩකම නිසාම බුදුහාමුදුරුවන් ගොස් ගසක්, දෙල්ගසක් වෙනුවට බෝගස තෝරා ගැනීම ගැන වේදිකාවල විකාරකතා කියමින් සිටියේය. බුද්ධාගම කන්නද කියා අසණ බුද්ධාගම කන්නද කියා අසණ JVP/NPP අයද සිටී.
1964 සිට 2019 NPP පිහිටුවීම හා 2024 සැප්තැම්බර් ජයග්‍රහණය දක්වා අනුර කුමාර පරිණාමයවූ අන්දම මෙම ලිපියේ මීලඟ කොටසින් සලකා බැලේ. එහිදී මෙහි පහතින් දැක්වෙන නන්දන වීරරත්න නම් මාක්ස්වාදියාගේ අදහස්ද විග්රහ කෙරේ.
Sexual Crisis in Radical Movements in Sri Lanka – Nandana Weerarathna reveals
================