ණය ගන්නකොට විජිතටත්, ටිල්වින්ටත් කියන්න… නැති නම් ඔවුන් අමාරුවේ..
Posted on November 6th, 2024
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොලකරු සොයා ගැනීමට ඇති හොඳම ක්‍රමවේදය හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ආණ්ඩුව විසින් ආරක්ෂා කිරීම නොව ඔහුට එරෙහිව නඩු පැවරීම බව පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් පිළිබඳ ඉතාම පැහැදිලි හා නිරවද්‍ය තොරතුරු කලින් ලැබී තිබියදීත් එම තොරතුරු නොසලකා දින දොළහක කාලයක් රවී සෙනෙවිරත්න මහතා කටයුතු කළ බවත් ඔහු එසේ කළේ කාගේ වුවමනාවට දැයි විමර්ශනය කිරීමෙන් මෙම ප්‍රහාරය පිටුපස මහ මොලකරුවෙකු සිටී නම් ඔහු හඳුනාගත හැකි බවත් පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ දෙරණ 360 වැඩසටහන හා එක් වෙමිනි.
එමෙන්ම ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ණය ලබා ගැනීම හෙළි කල ගම්මන්පිල මහතා මින් ඉදිරියට ආණ්ඩුව ණය ලබා ගැනීමේ දී ටිල්වින් සිල්වා සහ විජිත හේරත් මහත්වරුන්ව ද දැනුවත් කර එම ණය ලබාගන්නා ලෙසත් එසේ නොමැති නම් මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී ඔවුන් බලවත් අසීරුතාවයට පත්වන බවත් ප්‍රකාශ කර සිටියේය.