ආදායම් බදු, වැට් බදු අඩු කලොත් වෙන ක‍්‍රමයකට ඒ ආදායම උපයන්න වෙනවා..- ජනපති
Posted on November 7th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව සිටින තත්ත්වය මත ඉදිරියට යාමට පරාමිතීන් දෙකක් ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යාම හෝ ඉන් ඉවත්ව වෙනම ක්‍රමවේදයකට රාජ්‍ය පාලනය කිරීම එම පරාමිතින් දෙක බවද ඔහු පැවසීය.

නමුත් දැන් පවතින තත්ත්වය යටතේ ඉන් ඉවත්ව ඉදිරියට යාමට හැකියාවක් නැතැයිද එවන් කස්පනයක් මේ මොහොතේ මෙරට ආර්ථිකයට ඔරොත්තු නොදෙන බවත් හෙතෙම කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එක්වෙමිනි.

එම මාවතේ ඉදිරියට යාමේදී 2025 වසරට අදාළ අයවැය ලේඛනය සකස් කිරීමේදී අභියෝගයකට මුහුණ දිය යුතුව ඇති බවද හෙතෙම පැවසීය.

අයවැය යෝජනාවලිය හරහා ආදායම් උපයන විට ගෙවීම බදු සංශෝධනය අඩු කළහොත් එම අහිමිවන ආදායම වෙනත් ක්‍රමයක් හරහා උපයා ගත යුතුව ඇතැයි ද ජනතාවට පොරොන්දු වී ඇති පරිදි සමහර භාණ්ඩ වර්ග කිහිපයක භාණ්ඩ හා සේවා බද්ධ ඉවත් කළහොත් එයින් අහිමිවන ආදායමද උපයාගත යුතුව ඇතැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් ආර්ථික ඉලක්ක සම්පූර්ණ කරගැනීම කල යුත්තේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියද උරුම කරමින් බවද ඔහු පැවසුවේය.

2025 මාර්තු මාසයට පෙර ඉදිරිපත් කරන ඉදිරි අයවැය යෝජනාවලිය හරහා අනිවාර්යෙන්ම උපයන විට ගෙවීමේ බද්ධට සංශෝධනයක් සහ භාණ්ඩ හා සේවා බද්ධ යම් භාණ්ඩ කීපයකින් ඉවත් කිරීම අනිවාර්යෙන්ම සිදු කරන බවත් හෙතෙම එහිදී තවදුරටත් කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress