ජාතික විමුක්ති පෙරමුණ හා <සිංහල බුද්ධාගම- (JVP & Buddhism)-part A
Posted on November 14th, 2024

C. Wijeyawickrema, LL.B., Ph.D.

God, grant me the serenity to accept the things I cannot change,
Courage to change the things I can, And wisdom to know the difference.”
         Serenity Prayer – Reinhold Niebuhr (1892–1971).

[දෙවියනි, වෙනස් (චේන්ජ්) කල නොහැකි දේවල් එලෙස භාර ගැනීමට අවශ්‍ය උපශාන්ත භාවයත්, වෙනස්කල හැකිදේ වෙනස් කිරීමට අවශ්‍ය ධෛර්යයත්, ඒ දෙක අතර වෙනස (ඩිෆරන්ස්) දැනගැනීමට අවශ්‍ය ප්‍රඥාවත් මට ලබාදෙනු මැනව]

හැඳින්වීම

ලංකාව: කළුසුද්දන්ගේපාලනසමය, 1948-2024 (නොහොත්මන්ත්රීප්රජාතන්ත් [නාස්ලණු] වාදය– part 2, (රුසියාව ප්‍රකාශකයෝ, 2024) යන කෘතියේ රචනා අංක 26 හා 27 වල ඇතුලත්වූයේ JVP-NPP මාලිමාව පක්ෂයට මා විසින් සද්භාවයෙන් ඉදිරිපත් කරණ ලද වැදගත් අදහස් ස්වල්පයකි. පවතින සිස්ටම් එක වෙනස් කිරීමට අනගි අවස්ථාවක් ඔවුන්ට ලැබී ඇති බව පෙන්වා දුන් එම රචනා දෙක ප්‍රථමයෙන් පලවූයේ, 2023 නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී ලංකාවෙබ් වෙබ් අඩවියේය.

1971 දෙසැම්බර් මාසයේදී අල්ලාගත් හා භාරවූ (captured & surrendered) JVP කැරළිකරුවන්ගේ ශාක්ෂි (පාපෝච්චාරණ?) සටහන් කර ගැනීමට රජයෙන් පත්කල නිලධාරීන් 200 දෙනාගෙන් අයෙක් වශයෙන් එම කැරැල්ලේ යහපත් අරමුණ සම්භන්ධයෙන් මධ්‍යස්ථ මතයක් මට තිබේ. ගැටළුව වූයේ එය ක්‍රියාවට නැංවූ අන්දමය. මේ නිසා 2024 දී අනුර කුමාර රටේ ජනාධිපතිවීම ඓතිහාසික සිද්ධියක් ලෙස මම සළකමි.  1971 දී මෙන් දැන් 2024 දීත් රටවැසියා ලබාදුන් ජයග්‍රහණය ක්‍රියාවට නැඟීම වෛරය නොව මෛත්‍රීය පෙරදැරි කරගෙන සිදුවිය යුතුමය. උදාහරණයක් වශයෙන්, හිරි-ඔත්තප්ප (ලැජ්ජා-භය) යන රීති දෙක යම් බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක පදනම වන්නේය. ලැජ්ජාව යනු පුද්ගලයාගේ හැදීමය. භය යනු රාජ්‍යයට ඒ සඳහා කිරීමට සිදුවන මැදිහත් වීමය. මීට හොඳම නිදසුන වන්නේ පිලිවෙලින්, යමෙකු පන්සිල් පද පහ පිලිපැදීම හා යම් අපරාධමය වරදක් කල විට ඔහුට/ඇයට දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති යටතේ ලැබෙන දඩුවම්ය.

ලංකාවේ හිත හොඳ ගෑණු

සුද්දා විසින් 1931 වර්ෂයේදී සර්ව ජන චන්ද බලය දීමත් සමඟ ලංකාවේ දේශපාලකයින් විසින් සිංහල බෞද්ධයින්ට සැලකුවේ හරියට සමහර පිරිමි හිත හොඳ ගෑණුන්ට සලකන ආකාරයටයටම නොවේද යනුවෙන් විචිකිච්චාවක් මට ඇතිවූයේ 2012 මැයි මාසයේ සිට බොදු බල සේනාවේ ඥානසාර හිමියන් කල යම් යම් ප්රකාශ අනුවය. අනිත් හැමෝටම නායකයෙක් සිටින නමුත් සිංහල බෞද්ධයින්ට හරිහමන් නායකයෙක් නැතැයි උන්වහන්සේ විසින් කල ප්රකාශය නිසා ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, මිසිස් චන්ද්රිකා, රෝසි සේනානායක, රනිල් වික්රමසිංහගේ නෝනා, බාර් ඇසෝසියේෂන් කොටස් වැන්නන්ගේ සිට හැම සිංහල කළු සුද්දන් පුළුටක්ම වෙඩිකෑ ඌරන් මෙන්හාමුදුරුවන් <විනාශකිරීමට> හඹා ආවේය.

ආණ්ඩුව සරණං ගච්චාමි

පක්ෂ දේශපාලක කපටීන් විසින් රටේ හාමුදුරුවරුන් රැවටීමේ ව්යාපාරයේ (project), සමහරවිට මුල්ම අවස්ථාව වූයේ D.S. සේනානායක චන්ද අපේක්ෂකයා විසින් භික්ෂූ අභ්යාශ විද්යාලයක් සඳහා උදව් කරණවා යයි හේනපිටගෙදර ඥානසීහ හිමියන්ට චන්දයට පෙර පොරොන්දුවී, අගමැතිවු පසුඅපේ හාමුදුරුවනේ, ආණ්ඩුව සරණං ගච්චාමි කියා ශික්ෂාපදයක් නෑ නොවැයිඅයිවර් ජෙනින්ස්ගේ උපදෙස් මත පැවසීමය. එතැන් සිට දිගින් දිගටම, නැවත නැවතත්, රටේ හාමුදුරුවරුන්ට කරන්නට සිදුවූයේ (කලේ) පක්ෂ දේශපාලකයින්ට කොඩි ඔසවාගෙන යාමත් (කඩේ යාමත්) ඉන් පසුව තමන්ට ඉතිරිවුනේ කොඩිවල පොලු පමණක් නොවේද කියා ලතවීමත් යන ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් පෙන්වාදුන් ක්රියාදාමයය (සංසිද්ධිය). අන්තිමේදී ගම්වල පන්සල්, UNP පන්සල් ශ්රි ලංකා පන්සල්, කොමියුනිස්ට් පන්සල් යනාදි වශයෙන් බෙදී යන අන්දමේ ප්රවාහයකට රටේ හාමුදුරුවරු ගොදුරුවිය.

මයි ගෝඩ් බෞද්ධයින්

මෙම තෙම්පරාදුවූ කපටි සිංහල (නමට බෞද්ධ) දේශපාලකයින්ට ඩොනමෝර් බෞද්ධයින්, ඕල්කොට් බෞද්ධයින් යනුවෙන් අන්වර්ථනාමද  පටබැඳුණේය. මරණ බියක් ඇතිවූ විට අවංක බෞද්ධයෙකුගේ කටින් ඉබේටම බුදු අම්මෝ යයි පිටවෙන බවත්, කපටි බෞද්ධයාගෙන් පිටවන්නේ ඕ මයි ගෝඩ් කියා බවත් ඇල්ලේ ගුණවංශ හිමියන් විග්‍රහ කලේය. සෝම හාමුදුරුවන්ගේ අවාසනාවන්ත වියෝවෙන් පසු කඹ වැනි පිරිත්නූල් අතේ බැඳගත් පිරිත් නූල් බෞද්ධයින් රට පුරා විසිරී පැතිරී, බෝවී ගියේ, අපේ හාමුදුරුවනේ, අපේ හාමුදුරුවනේ යන ආමන්ත්‍රණයට සමගාමීවය. එහෙත් යථාර්ථය නම් කාදිනල්තුමා සමඟ සසඳන විට මේ අය මහානායක හිමිවරුන් දෙන උපදෙස් නොසලකා හරින ආකාරයය.

ආගම අබිං

බෞද්ධ යයි කියාගත් සිංහල දේශපාලකයින් ගම්වල චන්දවලට ඇති පෙරේත කම නිසාම පන්සල් රවටද්දී, 1935 දී පිහිටුවන ලද මාක්ස්වාදී සමසමාජ පාක්ෂිකයින්ට, බුදු දහම, බෞද්ධ දර්ශණය හෝ සිංහල බෞද්ධ සංස්කෘතිය අරහංවිය. ට්‍රොට්ස්කි වන්දනාවේ ගිය ඔවුන්ට අනුව පන්සල් ආශ්‍රයෙන් හැදුන D. B. ජයතිලක ඇබිත්තයෙකි. රුවන් වැලි මහසෑය සැදූ දුටුගැමුණු රජතුමා ගඩොල් මෝඩයෙකි. සුද්දන්ගේ හා ක්‍රිස්තියානි කළු සුද්දන්ගේ යටි අදහසවූ බුද්ධාගම කියන්නේ බොරුවක් යන මතය මාක්ස්වාදීන්ගේ මතයද විය. උඩකැන්දවෙල සිරි සරණංකර, හේන්පිටගෙදර ඥානසීහ වැනි හාමුදුරුවරු මෙම මාක්ස්වාදී කූඩැල්ලන් මෙට්ටය උඩ තැබීමට ගත් උත්සාහ අසාර්ථක විය. අන්තිමේදී 1964 දී NM-Colvin-Leslie නෙළුම් මල් වට්ටි රැගෙන දළදා මාලිඟාවට ගියේය. කොල්වින් ක්‍රිස්තියානි ෆිලික්ස් ඩයස් සමඟ එකතුව 9 වගන්තිය නමැති බොරුවක් 1972 ව්‍යවස්ථාවට දැම්මේය. මීට කලින් 1966 දී ඩඩ්ලි විසින් පෝය නිවාඩු දින ක්‍රමයක් හඳුන්වා දීමද පන්සල්වලට දුන් අල්ලසක් බඳු විය. එය ඉක්මණින්ම අසාර්ථක විය.

බෞද්ධ ආභාෂය

සමහර පරණ jvp අය එම පක්ෂය ආරම්භවුනේ 1965 මැයි14 වෙසක් දිනයේදී බව අවධාරණය කරණු මා අසා ඇත. හමුදාවෙන් අල්ලාගත් අවස්ථාවේදී සිය දරුවන් බෞතීස්ම නොකරණ ලෙස විජේවීර සිය බිරිඳගෙන් ඉල්ලා සිටි බව වාර්තාවිය. උවිඳු විජේවීරගේ වර්තමාන දේශපාලන ආකල්ප වලට හේතුව මෙය බව නිසැකය. ලයනල් බෝපගේ වැන්නන්ගෙන්, විජේවීර වෙනස්වූයේ ඔහුගේ තිබු ජාතිකවාදී නැඹුරුව නිසා විය යුතුය. සෝමවංශ අමරසිංහද මියගියවිට මතක වස්ත්‍ර දීම ගැන ඇල්ලේ ගුණවංශ හිමියන් සමඟ සාකච්චා කලේය. අනුර කුමාර විද්‍යාලංකාර බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සභාපතිව සිටියේය. 2008 අප්‍රේල් මාසයේදී විමල් වීරවංශ මල්වතු විහාරයට යාම සිදුවූයේ පක්ෂයෙන් අස්කරන්නට පෙරද පසුවද යයි මම නොදනිමි. 

ඒබ්‍රහම් ලින්කන්

චන්දයට පෙර වහල් ක්‍රමයට පක්ෂව සිටි ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවූ පසු වහල් ක්‍රමයට විරුද්ධව යුද්ධයක් කර ජයගත්තා මෙන්, 2014 දී පක්ෂයේ නායකයාවූ අනුර කුමාර සියේට තුනට සීමාවු පක්ෂයක් 2024 දී සියේට හතලිස් හයක පක්ෂයක් බවට වර්ධනය කරගන්නට සමත්වූයේය. 2016 මැයි 14 දා විජේවීරගේ හෘදය ශාක්ෂිය යන උදේනි සමන් කුමාරගේ පොත එලි දක්වන අවස්ථාවේදීත් අනුර කුමාර අවධාරණය කලේ පන්ති සටනකට ඇති අයිතියය. මාක්ස්වාදීන් දිගටම කරගෙන ගියේ වෛරය පැතිරවීමය. එවන් පසුබිමක් යටතේ, ජනාධිපති අනුර කුමාර දළදා මාළිගාවට යෑම, මහානායක හිමිවරුන් ඉදිරියේ බිම ඉඳගෙන පිරිත් ඇසීම, ශ්‍රී මහා බෝධිය වැඳීම, අටමස්ථානාධිපති හිමිවරුන්ගෙන් පිරිත් අසා පිරිත් නූලක් අතේ බැඳගෙන සිටීම, අනිකුත් දේශපාලකයින් කරනවා මෙන් සිංහල බෞද්ධ ජනයාගේ ආකර්ශනය ගැනීමට කලදේ නොව සිය හෘදය ශාක්ෂියට එකඟව ගත් පරිවර්තන ගමණක් යයි සිතේ.

ලංකාවේ පමණක් නොව ලෝකයේ අනිත් රටවල් මුහුණපානා නොයෙක් සංකීර්ණ ප්‍රශ්න හා අභියෝගවලට බුදු දහම අනුසාරයෙන් විසඳුම් සොයාගත හැකි වන්නේ, ඒ සඳහා ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි මිනිසා නමැති පංචකන්ධ විසින් ස්වෝත්සාහයෙන්ම කරගත යුතු චිත්ත දමණයකින් පමණමය. නාරද මාහිමියන් රට හදන්නට නම් ප්‍රථමයෙන් හිත හැදිය යුතුයයි පැවසුවේ ඒ නිසාය. JRJ ගේ 1977 <ධර්මිෂ්ට සමාජයක්> කතාව වෙනුවෙන් චන්ද වේදිකාවල <රටේ සමාජයේ <බාහිර මෙන්ම සන්තානගත විප්ලවයක්> සිදුවිය යුතුයයි බෞද්ධ දර්ශනය පිළිඹඳ මහාචාර්ය කරුණාරත්න මහතා පුනපුනා කියා සිටියේය. මෙම ධර්මතාවය ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ටත්, රුසියාවේ පූටින්ටත්, ඊශ්‍රායෙල්, ඉන්දියන් හා චීන-ජපන් නායකයින්ටත් එකසේ අදාල වන්නේ ඔවුන් අදහන <ආගම්> එය පැහැදිලි ලෙස නිර්වචනය නොකරණ පසුබිමක් යටතේය.

දැන් ලංකාවේදී ජනාධිපති අනුරට මුහුණ පෑමට සිදුවන ප්‍රශ්ණයක් වන්නේ ලාල් විජේනායක, විජිත හේරත්, හරිනි අමරසූරිය, සමන් විද්‍යාරත්න, නලින් හේවගේ යන අයගේ ප්‍රකාශ මඟින් හෙලිවන ඔවුන්ගේ යටිහිතේ කිමිදී ඇති, ඔවුන් නොදැනම එලියට පණින, බෞද්ධ විරෝධී ආකල්පය, සර්පයාය. ඉතාමත් අවාසනාවන්ත හා එක්තරා අන්දමකින් ඉතාමත් භයානක වන්නේ වටගලගේ පහතින් දැක්වෙන ප්‍රකාශයය. එය සමාන වන්නේ පාස්ටර් ජෙරෝම්ගේ, නටාෂා එදිරිසූරියගේ කතාවලටය. එය අනවශ්‍ය ඉල්ලන් කෑමක් නොවේද?

තථාගතයන් වහන්සේ වදාළ විදිහටම මාලිමාවට කතිරේ ගහපු ගමන් දිව්‍යලෝකෙ යනවා..- වටගල (November 6, 2024 at 10:22 pm | lanka C news)

වටගල ගේ මෙම ප්‍රකාශය ඔහු විසින් කොතලාවල ආරක්ෂක සරසවිය දමනවාට විරුද්ධව පෙලපාලි ගොස් පසුව ඔහුගේ පුතාව ඊට දමාගැනීමට වඩා බරපතලය. සමහරවිට ඔහු මේ අනුසාසනාව කලේ අතේ පිරිත් නූලකුත් බැඳගෙනද විය හැකිය! මෙය රටේ අහිංසක සිංහල බෞද්ධයින්ට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට කල අඥාන සරදම් කිරීමක් වැනිය.

බුදුහාමුදුරුවන්ට සම්මා සම්බුද්ධ නොව තථාගත යනුවෙන් ආමන්ත්‍රණය කිරීම මුලින්ම විග්‍රහ කලේ 1915 සිංහල මුස්ලිම් කෝලාහල කාලයේ ලංකා කොලනියේ ආණ්ඩුකාරයාව  සිටි පාලි සංස්කෘත විද්වතෙක්වූ රීස් ඩේවිඩ්ස්ගේ ගෝලයෙක්වූ රොබට් චාර්මස් විසින් 1897 පැරිස් ආගමික සමුළුවේදීය. හාමුදුරුවරු හැර ගිහියන් මෙම තථාගතයින් වහන්සේ යන ආමන්ත්‍රණය භාවිතා කරන්නේ ඉතාමත් කලාතුරකිනි. මේ නිසා  වටගල මාක්ස්වාදය වැළඳ ගැනීමට කලින් හාමුදුරු කෙනෙක්ව සිටියාද  කියා මට සිතේ.

=========

-26-

ජනතා විමුක්ති පෙරමුණට (JVP) යාහැකි මඟ – part 1
November 20th, 2023

හෘද ශාක්ෂිය හා අධ්‍යාත්මය අතර වෙනසක් තිබේද?

අනුර කුමාර මහතා විසින් නොබෝදා කල <JVP එක විසින් ජාතික ජන බලවේගයට (NPP) <අධ්‍යාත්මය>  සපයනවා [පිඹිනවා],> යන  ගාම්භීර ප්‍රකාශය නිසා මෙම කෙටි සටහනට මා විසින් කලින් යොදාගන්නට සිතූ, <JVP නායකයින්ගේ හෘදය ශක්ෂිය > යන මාතෘකාව ඉවත් කිරීමට තීරණය කළෙමි. මෙම හෘද ශාක්ෂි කතාව රට තුල පුන පුනා කියන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහතාය. මුන් 225 ම එපා, අවුරුදු 75 ක්ම මුන් රට කෑවා, යන පද වෙනුවට, <අනුර කුමාරලා, සජිත් ප්‍රේමදාසලා හෘදය ශාක්ෂියක් නැති මිනිසුන්> යයි කීමෙන්, ශ්‍රී සද්ධර්මය ආශ්‍රිත සංකල්පයක් හරහා ඔහු පොදුවේ මේ රටේ දේශපාලන පංචස්කන්ධවලට අභියෝගයක් එල්ල කරයි.  අනුර කුමාරගේ  අධ්‍යාත්ම කතාව මෙම අභියෝගයට දෙන්නට හැදූ පිළිතුරක් වැනිය. මෙම පිළිතුර කෙතරම් දුරට පිලිගත හැකිද?

ගමේ ගොඩේ භාෂාවෙන් හෘදය ශාක්ෂියක් නැති මිනිසුන් යයි කියන්නේ ඩබල් ගේම් කාරයින්ටය. රට ජාතියේ අභිවෘධිය වෙනුවට පුද්ගලික වාසිය සඳහා ක්‍රියාකරණ දේශපාලක පංචස්කන්ධ ඩබල්ගේම් කාරයින්ය. මේ අනුව සිතන විට D.S. සේනානායකගේ සිට රටේ අගමැති-ජනාධිපතිවූ හැමදෙනාම මෙවැනි ඩබල්-ට්‍රෙබල් ගේම් මාස්ටර්ලා බව පෙන්වන්නට ශාක්ෂි බුසල් ගණනින් තිබේ. එසේ නොවු කෙනෙක් වශයෙන් මේ මොහොතේ මට මතක් වෙන්නේ  CWW කන්නන්ගර අධ්‍යාපන  ඇමති පමණය. තමන්ගේ මිනිබිරිය විශාඛා විද්‍යාලයට දාගන්නට පාරේ පෝලිමේ සිටීමට සිදුවූ ඔහු, අවසාන කාලයේදී තමන්ට බෙහෙත් ගන්නට ආධාර මුදලක් ඉල්ලා කතානායකට ලියුමක් ලිව්වේය.

හිතක්-පපුවක්, තෙතමනයක් (හෘදයශාක්ෂියක්) නැති මිනිහෙක් යයි කියනවාට වඩා දාර්ශණික අර්ථයක් අධ්‍යාත්මය යන වචනයෙන් ද්වනිතවේ. මෙය සජිත් විසින් වරක් සිය < ශ්‍රී මුඛය> ගැන කිව් කතාවට සමාන නැත. මේ නිසා මෙම සටහනේ අරමුණ මේ සම්බන්ධයෙන් JVP නායකයින්ට කාරණා පහදා දීමය. ඊට හේතුව ඔවුන් කියන දෙය හා කරණ දෙය අතර තිබෙන ඔවුන්ට නොපෙනෙන පරස්පරය (walk the talk) අවංකවම විසඳාගත්තොත්  ජනාධිපති තරඟය කෙසේ වෙතත් පාර්ලිමේන්තු ආසන 50 ක් වත් ලේසියෙන්ම දිනාගන්නට ඔවුන්ට මෙවර ඉඩක් පෑදී ඇති නිසාය.

සාදුකින් පෙලෙනවුන්

යම් රටක, සමාජයක නිතැතින් පවතින එහි කොටසකගේ දුගීකම ලෝකයේ මාක්ස්වාදීන්ගේ පැවැත්ම සඳහා ලැබී ඇති ආර්ථික-දේශපාලන අල්ලසය. එය ශ්‍රමය සූරාකෑමේ හා පන්ති සටන ලෙස හැඳින්වේ. මෙම න්‍යායධර්මය ජේසුතුමා විසින් සිය අවසාන භෝජන අවස්ථාවේදීත්, බුදු දහමේදී <බඩගින්න>  වශයෙනුත් පෙන්වාදී ඇත. සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැඟිටියව් යනුවෙන් 1930 ගණන්වල සිට ප්‍රචලිතවූ පාඨයෙන් උපරිම ලෙස ප්‍රයෝජන ගන්නට, ලංකාවේ දැන් ඇති දුෂ්ට, විෂම පාලනක්‍රමය මඟින් JVP ට අවස්ථාවක් ලබාදී ඇත. 2024 අයවැය යෝජනා මේ සඳහා පාරක්ද කපාදී තිබේ. මේ නිසා මාක්ස්වාදයෙන් නොව, බෞද්ධ සමාජ ආර්ථික විද්‍යාවෙන් (Buddhist Economics) ක්‍රියාකලොත් 1930 ගණන්වල සිටම අසාර්ථකවු වාමාංශික දේශපාලනයට පාලන බලය ලබා ගැනීමට ඉඩක් පෑදී ඇත. ඒ සඳහා අවශ්‍යවන්නේ ඩබල්ගේම් නොගැසීමය. බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව අමතක කර ලබාගත හැකි <අධ්‍යාත්මයක්> නැත.

මට හිතෙන හැටියට, කිසිවෙක් ඉදිරි ජනාධිපති තරඟයෙන් සියේට 30 කට වඩා ගන්නේ නැත. ඔමල්පේ සෝභිත හිමියන් කුමන්ත්‍රණ අරගලයේ පින්ඩපාතේ යමින්, <මින් පසු රටේ සිංහල බෞද්ධ බලවේගය  විනාශයි> කියා  කිව්වත්, සිංහල බෞද්ධ චන්ද නැතිව සියේට 51 ක් ගන්නට නොහැකිය. මෑත ලෝක ඉතිහාසය අනුව කල්පනාකරණ විට ලංකාවේ කලබගෑනියක් ඇතිකර UNO සාම හමුදා (ඉන්දියන්/ඇමෙරිකන්) ගොඩබස්සවා  ගැනීම  රනිල් මහතාගේ/ජූලි චං මැතිණියගේ උපාය වීමටද ඉඩක් ඇත. අනුර කුමාරව ඇමෙරිකාවට යැවීම, ගෝඨාභය ඉදිරියේ දෙවියන්ට යාඥා කිරීම වැනි දිරච්ච ලණුවක් විය නොහැකිද?

මීට පෙර කාලයක රංජන් රාමනායක හාමුදුරුවරුන්ට අපහාසකලේ ඇමෙරිකන් තානාපති කාර්යාලයේ නිලධාරියෙකුගේ බිස්නස්කාඩ් එකක් තම පර්ස් එකෙන් ගෙන පෙන්වමින්ය. පානදුරේ ලාල් විසින් අනුර කුමාරලාට ජූලි චං කල ආරාධනය වාර්තාකලේ JVP එකට ලැබුණ ගෞරවයක්, පිළිගැනීමක් ලෙසය. වෙන අයට එසේ ආරාධනා කරනවාද කියා ඔහු ඔච්චම් කරයි! මෙවැනි ලණු ගැන ඔහුට දැනුමක් නැත. අනුර ජනාධිපති වුනත් ඇමෙරිකාව ඔහුව පාලනය කරණ බව, පකිස්ථානයේ හමුදාව තුල ඇති ඩොලර් අල්ලස් බලය ගැන නොදන්නා ලාල්ට වැටහීමක් නැත.

චේතනාව හා අධ්‍යාත්මය

දේශපාලකයින් විසින් බුද්ධාගමේ වචන  හා සූත්‍ර ගැන  දැන් දැන් වැඩි වැඩියෙන් දියවන්නා හෝටලයේදී මෙන්ම ඉන් පිටත්  කතා කිරීම තරඟයක් වැනිය. 2024 අයවැය කතාව පවා ආරම්භවන්නේ ත්‍රිපිටකයේ සූත්‍රයකිනි. චේතනාව හා අධ්‍යාත්මය යනු එකම කාසියේ දෙපැත්ත වැනිය. මාක්ස්වාදය අත් නොහළ පිරිසක් වශයෙන් JVP විසින් තමන් සිංහල බෞද්ධයයි කීම (NM පෙරේරලා, කොල්වින්ලා, ඩියු ගුණසේකරලා නම් කවදාවත් එසේ කිව්වේ නැත) බැරෑරුම් වගකීමකි. හඳුන්නෙත්ති විසින් බෞද්ධ රාජ්‍ය පාලන ක්‍රමයක් ගැන කතා කලේය.  විජිත හේරත් ගමේ විහාරයක කොත් පැළඳවීමේ උත්සවයකට ගොස් එය කඩා වැටී අනූනමයෙන් බේරුණේය. මේ අස්සේ JVP ට නිලනොලත් ලෙස කඩේ යන සේපාල් අමරසිංහ නිරාගමික ආගම අබිං මතයක් ඉස්සරහට දමමින් සිටී. 20,000 ක් පමණ නිරා බලකායක් JVP වෙනුවෙන් ෆේස්බුක්, යු ටියුබ් අල්ලාගෙන පිනුම් ගසමින් (යකා නටමින්) සිටිනවා යයි අසන්නට ලැබේ. සේපාල් සමඟ බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ගේ පිරිත් නූල ගැනත්, ඩලස් අලහප්පෙරුමලා සමඟ පැවති සාකච්චාව ගැනත් ලාල්කාන්ත කල ප්‍රකාශ බලය ලබා ගැනීම සඳහා ඕනෑම කෙනෙක් භාවිතා කරණවා යන හිට්ලර්ගේ ගිවිසුම් ක්‍රමයට සමානය. මෙවැනි ක්‍රියා බුදු දහමේ අධ්‍යාත්මයට පටහැණිය.

නිරාගමික සේපාල් JVP පක්ෂයට කරණ හානිය

උමංදාවේ හාමුදුරුවන් හා අම්පිටියේ සුමනරතන හිමියන් රටට කරණ සේවය අනුව සිතන විට සේපාල් නිකම්ම් පඹයෙක් පමණය (සේපාල් විසින් යම් සුළු සේවයක්වත් නොකරණවා යයි මම නොකියමි). එහෙත් ඔහුගේ දාර්ශනික තර්ක ඔස්සේ ඔහුද ඩබල්ගේම්කාරයෙක් හෙවත් තමන් තමන්වම රවටා ගන්නා අවලංගු පංචස්කන්ධයක් නොවේද කියා ඔහුට නොපෙනේ. වාරණ ආනන්ද ජයකොඩි නම් මහතා සමඟ ඔහු කරණ කතා අනුව  1971/88-89 JVP යනු ශාන්ත දාන්ත තීන්ත කූඩුය. පන්ති සටන යනු මැයි දින පෙලපාලි වලදී යූනියන් ප්ලේස් සාප්පුවල වීදුරුවලට ගල් ගසනවාට වඩා වැඩි දෙයකි. වාරණ-සේපාල් සංවාද අනුව JVP ඝාතන, සතුරා විසින් කල ඝාතනවලට දැක්වූ ප්‍රතිචාරය. JR මරමු යයි තාප්පවල ලිව්වේ JVP අය නොව රාජිත සේනාරත්න වැනි JVP එකේ සතුරන් විසින්ය! මෙය ගැලපෙන්නේ කොණ්ඩේ වවාගෙන පෙලපාලි යන අන්තරේ  කහසිවුරු පොරවාගත් තරුණයින්ටය. ගමේ පන්සලක හාමුදුරුවරු JR පන්නමු, එලවා දමමු, යන්නට වැඩි දෙයක් එදත් අදත් කියන්නේ නැත.

1969-70 කාලයේදී පානදුරේ තරුණයින්, රෑට රෑට හරියට දොර අඟුල්වත් නැති දුගී ගෙවල්වල කුස්සිවලට රිංගා බත් මුට්ටි හොරකම් කලේ සටන් පුහුණුවේ කොටසක් වශයෙනි (මීට සම්බන්ධව සිටි JVP තරුණයින්ගේ නම් දෙකක් මා විසින් සේපාල්ට ඊමේල් කර යවන ලදී). මේ නිසා අධ්‍යාත්ම කතාවක් කීමට පන්ති සටනක් දියත් කරණ අයට නොහැකිය.  JVP නායකයින් දැන් 2023 නොවැම්බර් මාසේ මැදදීත් කියන්නේ පාරේ අරගලයකින් බලය අල්ලා ගන්නා බවය. ඉදිරි එවැනි උත්සාහයකදී හමුදාවට හා පොලීසියට ඔවුන්ගේ පැත්තට එන ලෙස ඔවුන් දන්වා සිටී. විශ්‍රාම ගිය හමුදාකාරයින් විශාල වශයෙන් NPP සමඟ බද්ධවී ඇති බවද අනුර කුමාරලා මහත් උජාරුවෙන් කියාපායි.

අවි ගත්තෝ අවියෙන්ම නසී යනු බෞද්ධ කියමනක් නොවේ. නමුත් 1930 ස් ගණන් වලදී මාක්ස්වාදීන් ධර්මපාලතුමාගේ අදහස් සළකා බැලුවා නම්, සමහර හාමුදුරුවරු ඔවුන්ට පෙන්වා දීමට සැදූ බෞද්ධ මාර්ගය අනුගමනය කලා නම් දැන් 2023 දී හඳුන්නෙත්තිට අළුතෙන් බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන කතාකරන්නට අවශ්‍යවන්නේ නැත. මැලේරියා ගම්වලට ලොරිවලින් බඩු ගෙනගිය සූරියමල් මාක්ස්වාදීන් 1940 දශකයේදී කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් විසින් දියත්කල අපරාධ මර්දන හා ග්‍රාම ප්‍රතිසංස්කරණ දීපව්‍යාප්ත ව්‍යාපාරයට හවුල්වුනා නම් ඔවුන් ලංකාවේ හෝචිමිංලා වෙන්නේය (එයට D.B ජයතිලක, D.S සේනානායක හා SWRD බණ්ඩාරනායක යන ඩොනමෝර් ඇමතිවරු සහාය නොදීම තේරුම් ගත හැකිය. ඔවුන්ට ධර්මපාලතුමාගේ ආර්ථික දර්ශණයද අරහං විය). පුදුමයට කරුණ නම් හඳුන්නෙත්තිලා, අනුර කුමාරලා මෙසේ නිකමටවත් <බෞද්ධ කතා> කරද්දී, JVP ට බලෙන්ම කඩේ යන සේපාල් බෞද්ධයින්ට කරණ පහරදීමය. නිදසුණක් වශයෙන් ගුණදාස අමරසේකර උපන්දින සැමරුවේදි නලින් ද සිල්වා විසින් ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් වියයුතු කුමක් නිසාදැයි පෙන්වා දුන්නත්, සේපාල් විසින් එය බඩගෝස්තරයින්ගේ සමුළුවක් ලෙස ඔහුගේ යූටියුබ් සහචරයින්ට වාර්තා කලේය.

1994 දී චන්ද්‍රිකාව ලන්ඩන් වලින් කොළඹට උස්සාගෙන ඒමට ක්‍රියාකලේ වික්ටර් අයිවන්, රාජිත සේනාරත්න, පානදුරේ රෙජිනෝල්ඩ් කුරේ යනාදි පිරිසක් බවත්, ඇගේ 1995 රටකඩන පැකේජ්ඩීල් එක ඔවුන්ගේ අරමුණවූ බවත් නලින් පෙන්වා දුන්නේය. මීට විරුද්ධව බෙංගමුවේ නාලක හා ඔමාරේ කස්සප යන හාමුදුරුවරු කළුතර බෝධිය ලඟ සිට කතරගම දක්වා පා ගමනක් ගියේය. 2000 දී මේ පැකේජ්ඩීල් එක පැරදුනේ අනූනමයෙනි. සේපාල් වැනි සිංහල බෞද්ධ විරෝධීන්ට මේවා වැදගත් නැත. නලින්ට අනුව මුනිදාස කුමාරණතුංග රට ජාතියේ ඓතිහාසික වීරයෙකි. සේපාල්ට අනුව සීයා අනුව යන ඔහුගේ මුණුපුරා බඩජහරියෙකි (සේපාල් ගෙවිඳුගේ කෑම පිඟානද ඔහුගේ වීඩියෝවේ පෙන්වයි).

LankaWeb – සජිත්-රනිල්-චන්ද්‍රිකාගේ රට කැබලිකිරීමේ ප්ලෑන  ((2019/11/05)

හෘදය ශාක්ෂිය

(784) නීතීඥ වටගල හා ලාල්කාන්තගේ පුතාලා ගැන සමන් කියූ කතාව-සෞඛ්‍ය\ගුරු ප්‍රශ්න දකින විදිහ – YouTube

(A). පුද්ගලික වාසිය සඳහා සමාජයට හානියක් නොවන ආකාරයේ ඩබල්ගේම් ගැසීමට උදාහරණයක් වශයෙන් ඉහතින් ඇති වීඩියෝව බලන්න. ඒ අනුව වටගල කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පිහිටුවනවාට විරුද්ධව පෙලපාලි සංවිධානය කල JVP කාරයෙකි. නමුත් ඔහුගේ පුතා පසුව ඒ ආයතනයෙන් උපාධියක් ලබාගත්තේය. JVP නායාචාරියෙක් වන ලාල් කාන්තගේ පුතා පුද්ගලික ආයතනයකින් උපාධියක් ලබාගත්තේය. මෙය ප්‍රභාකරන් තම දරුවන් පිටරට ඉගෙනගන්නට යවා යාපනේ වෙල්ලාල නොවන දුගී දරුවන් යුද්ධයට හොරකම් කරගත්තාට වඩා වෙනස්ද? මෙවැනි නිදසුන් තවත් බොහෝ ඇතිබව නිසැකය. ලුමුම්බා සරසවියට විජේවීර ශිෂ්‍යා ගියේද කොමියුනිස්ට් පක්ෂයේ නම් ලැයිස්තුව  (ඔහුගේ පියා) නිසාය!

(B). දේශපාලන වාසිය තකා වංක ලෙස ක්‍රියාකරණවා යයි JVP ට (අනුර කුමාරට) නාගානන්ද කොඩිතුවක්කු විසින් කරණ චෝදනා, දේශපාලන පක්ෂයක් වශයෙන් ඔවුන් රටේ දේශපාලන ක්‍රමයට කල ද්‍රෝහී ක්‍රියා ලෙස හුවා දැක්වේ.

(C). අනුර කුමාර විසින් ඇමෙරිකාවේ සංචාරය කරමින් කල ප්‍රකාශණ දෙකකින් මතුවූයේ ඔවුන්ගේ සිංහල බෞද්ධකම පිළිඹද අර්බුදයකි. අධ්‍යත්මික ප්‍රශ්ණයකි. මේ ප්‍රකාශණ දෙක රටේ සිංහල බෞද්ධ ජනයාගේ චන්ද ඔහුට නොලැබීමට හේතුවනවා නිසැකය. තම මත සාධාරණ කිරීමට ඔහු ගේනා තර්ක පදනම් රහිතය. රෝහණ විජේවීරගේ මෙන්ම ඔහුගේ පුත් උවිඳුගේ අදහස් වලටද පටහැනිය. මෙය සුළු ජන වර්ගවල චන්ද ලබාගැනීමට සෙසු දේශපාලකයින් කරණ මගඩියට  සමානය. විමල් වීරවංශ මෙන්ම සෝමවංශ අමරසිංහද පක්ෂය හැරදා ගියේ මේ නිසාය.

*1. ඇමෙරිකාවේ සුදු ජනයාගේ අයිතිය පිළිගනිමින් ලංකාවේ හා අනිකුත් රටවල ජනවර්ග සිය නිදහස භුක්තිවිඳිමින් සිටියත්, ලංකාවේදී සිංහල මහජාතියට උතුරු නැඟෙනහිර ජීවත්වන්නට ඉඩක් නැත්තේ ඇයිදැයි ඇසු ප්‍රශ්ණයකට අනුර කුමාර දුන්නේ වික්ෂිප්ත පිළිතුරකි. <…මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනයත් සමඟ ඇතිවූ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අතීතයේ සිට ලංකාව ගොඩනැඟුවේය. ඒ වුනත් මේ වනවිට රටේ ඇත්තේ බහු ජාතික සමාජයක් නිසා ලංකාව සිංහල බෞද්ධ රටක් යයි හැඳින්විය නොහැකියයි අනුර කියා සිටියේය.> මෙය මංගල සමරවීර-විජේදාස රාජපක්ෂ-ඩලස්-ඩිලාන්- SB දිසානායක-GL පීරිස්-රනිල් වික්‍රමසිංහ-සජිත් ප්‍රේමදාස වැන්නන්ගේ හා මාක්ස්වාදීන්ගේ අරටු බැසගත් පොදු මතයය.

සිංහල බෞද්ධ රාජ්‍යයක් තුල දෙමළ හා මුස්ලිම් ජනයා සහජීවනයෙන් ජීවත්වු අතර එය කඩා බිඳ දැම්මේ සුද්දා විසින්ය. බෞද්ධයින් ආගමික යුද්ධ කර නැත. අද වනවිට ගැටුම් ඇතිවී තිබෙන්නේ සිංහලයින් විසින් ඔවුන්ට අහිමිකල අයිතීන් ආපසු ලබා දෙන ලෙස කල ඉල්ලීම නිසා පමණක් නොවේ. (1). 1917 දී මැඩ්‍රාස් ප්‍රාන්තයේ බිහිවූ ද්‍රවිඩස්ථාන් ව්‍යාපාරයේ අභාෂයෙන්, 1923 සිට අරුණාචලම් ආරම්භකල දමිළ ජාතිවාදය හා 1949 සිට චෙල්වනායගම් ගෙනා කොසොවෝ ඊළම්වාදය, (2) ආසියාව ක්‍රිස්තියානි කිරීමේ වතිකානුවේ හා ක්‍රිස්තියානි මූලධර්මවාදී අයථා අන්‍යාගමීකරණ ඩොලර් ව්‍යාපාරය (3) ශාරියා-වහාබි මුස්ලිම් ව්‍යාප්තවාදය හා (4) රට තුලින්ම සේපාල්ලා, රංජන් රාමනායකලා වැන්නන් විසින් උල්පන්දම් දෙන බුද්ධාගමට පහරදීමේ NGO ශූක්ෂම ඩොලර් කුමන්ත්‍රණ යන දේශීය හා විදේශීය බලවේග අනුර කුමාර විසින් අමතක කර ඇත.

මේ සම්බන්ධයෙන් නොයෙක් ශාස්ත්‍රීය ලිපි ලංකා වෙබ් වෙබ් අඩවියේ එමටය. 1551 න් පසු 2018 (?) දී මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් ප්‍රථම වරට මෙම කාරණය පැහැදිලි කර දෙනලදී. ලංකාවේ සෙසු ජාතීන් හා ලබ්ධීන් සිංහල බෞද්ධ වෘක්ෂයෙ සෙවනැල්ල යටතේ පෝෂණය වූ බව එතුමා පැවසුවේය. යුද හමුදාපතිව සිටියදී සරත් ෆොන්සේකා කියා සිටියේද <සෙසු ජනවර්ග වලට සමාන අයිතිවාසිකම් සහිතව සිංහල මහසමාජය තුල සාමයෙන්, සතුටින් ජීවත් විය හැකි බවත්, එහෙත් ඔවුන් විසින් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් නොකල යුතු බවත්ය>.

ලංකාවේ සිංහල බෞද්ධ පදනම බිඳ දැමිය යුතුයයි මිසිස් චන්ද්‍රිකා හා රෝසි සේනානායක යුවල කරණ ප්‍රකාශය අනුර කුමාරගේ ප්‍රකාශයේ අක්කාය. ලංකාව සිංහල බෞද්ධයින්ගේ රට යයි කියන්නට දැනුමක්, අවභෝධයක් නැති, ඒ සඳහා ලැජ්ජාවෙන හෝ ආත්ම ශක්තියක් නැති අයෙකුට ලංකාවේ ජනාධිපතිවීමට අයිතියක් නැත.

*2. මේ හා බැඳුණ ඊලඟ ප්‍රකාශය වන්නේ 13-A සම්බන්ධයෙන් ඔහු දුන්  වහෙන් ඔරෝ උත්තරයය. බිම්මට්ටමේ යථාර්ථයට පටහැනි, හැමෝටම සක්සුදක්සේ පැහැදිලි වන සංසිද්ධියක් ඔහුට නොවැටෙන්නේ කෙසේද? <..පලාත් සභා දැන් දෙමළ ජනයාගේ අයිතීන් බවට පත්වී ඇති නිසා ඒවා අහෝසිකල නොහැකියයි ඔහු කියා සිටියේය.> මෙහිදී ඔහු දෙන්නේ ඔහු රනිල්ගේ මල්ලී යයි සිතා දෙන පිලිතුරකි. මෝඩි, රාසමානික්කම්, සුමන්තිරන්, විග්නේශ්වරන් හා පොන්නම්බලම් හැරෙන විට යාපනේ දෙමළ ජනයාට පලාත් සභා අමතකය. මේ දෙමළ කොටින්ගේ යාපනේ චන්ද පදනම සෝදා පාලුවකට අසුවී ඇති බව අනුර කුමාර නොදනීද? මෙය සෙසු දකුණේ දේශපාලකයින් මෙන් දෙමළ චන්ද පෙරේතකමට කරණ ආත්ම වංචාවක් නොවේද? යාපනේ චේ ගුවේරා වන අරුන් සිද්ධාර්ථ් ගැන  අනුර අසා නැද්ද?

ලෝකයේ කිසිම රටක යම් ජන කොටසකට වෙන අයෙක් විසින් බලෙන් පැටවූ <අයිතීන්> තිබිය නොහැක. පලාත් සභා යනු ප්‍රභාකරන්ගේ සිට ලංකාවේ හැම දෙනාම ප්‍රතික්ෂේප කල ඉන්දියන් මගඩියකි. යාපනේ වසන 60% ක් වන වෙල්ලාල නොවන ජනයාට අනුව පලාත් සභාව යනු වෙල්ලාල කොටින් විසින් ඔවුන්ව තවදුරටත් අර්ධ වහල් භාවයේ තබා ගැනීමේ උප්පරවැට්ටියකි. කුරුන්දි විහාර සිද්ධියේදී හා අම්පිටියේ සුමනරතන හිමියන් විසින් අවුරුදු 30 ක් පුරා රටට පෙන්වා දුන් යථාර්ථය නම් නැඟනහිර පලාත් සභාව, එහි නිලධාරීන් හා උසාවි ක්‍රමය එහි සිටින සිංහල ජනයා එලවා දැමීමේ කුමණ්ත්‍රනයක් කරගෙන යන බවය. යාපනේ තිස්ස රජමහා විහාරය, මුලතිව් විහාරයට විරුද්ධව පෙලපාලි මෙහෙයවන්නේ ක්‍රිස්තියානි පාස්ටර්ලා මිස හින්දු ජනයා නොවේ. හින්දු-බෞද්ධ මිත්‍රත්වය හා යුද හමුදා-දමිළ ජන මිත්‍රත්වය ඉහළ තලයකින් පවතී.

එක රටක්-එක නීතියක් වාර්තාව (2022)

යාපනේ ඇති ඉන්දියන් තානාපති (ඉන්දියන් රෝ ඔත්තු සේවය?) කාර්යාලයෙන් අරුන් ඉල්ලා සිටින්නේ යාපනේ ජනයාට හින්දි භාෂාව උගන්වන  පන්ති වෙනුවට, ඔවුන්ට (හා යුද හමුදාවට හා පොලිසියට) සිංහල හා දෙමළ උගන්වන්නට උදව් කරණ ලෙසය. එපමණක් නොව යාපනේ වෙල්ලාලයින්ගේ තේසවලම් නීතියෙන් පීඩා විඳින කුලහීන යයි සැළකෙන දෙමළ ජනතාව  බොදු බල සේනාවේ ඥානසාර හිමියන් මූලිකවූ  එක රටක්-එක නීතියක් වාර්තාව (One country-One law report) ක්‍රියාත්මක කරණු ඇතැයි  බලාගෙන සිටී. 1956 චන්දයෙන් පසු බණ්ඩාරනායක ආණ්ඩුව විසින් පැනවූ උතුරේ දෙමළ ජනයාට සිදුවන සමාජ අසාධරණකම් වැලැක්වීමේ නීතිය (Prevention of Social Disabilities ActNo. 21 of 1957) අකර්මණ්‍යවූ නීතියක් බවද මෙහිදී සඳහන් කල යුතුය. JVP විසින් උතුරේ කුලහීන යයි සළකණ ජනයාගේ ප්‍රශ්ණ අමතක කරන්නේ කුමක් නිසාදැයි සැකයක් මතුවන්නේ එහි නැඟී එන නායකයා වන අරුණ් බෞද්ධයෙක් නිසාද?

ජන සභා සංකල්පය: ලංකාවේ/ලෝකයේ අර්බුදවලට මුහුණදීම

දූෂණයෙන්, වංචාවෙන්, හොරකමින් මුළු රටම පීඩා විඳිමින් සිටින බව මුව හමට තලනවා මෙන් නැවත නැවත රැස්වීම් වලට එන ජනයා කුල්මත් කිරීමට අමතරව රට වලෙන් ගොඩ ගැනීමේලා පැහැදිලි සැලැස්මක් JVP-NPP මඟින් ඉදිරිපතකර තිබේද? සමස්ත සිස්ටම් සියල්ලම උඩු යටිකුරු කර ගම්මට්ටමින් ජනයාතුල විනයනුකූල හැසිරීමක් හා අයිතීන් හා වගකීම් (rights and duties) යන දෙකම ඔවුන්ට උගන්වා මිස ලංකා සමාජය ගොඩ ගැනීමට නොහැකිය. මේ සඳහා නිවැරදිම විසඳුම පක්ෂ දේශපාලනයෙන් තොර ජන සභා ක්‍රමයක් ක්‍රියත්මක කිරීමය.

එවැනි ක්‍රමයක් මිස JVP-NPP ක්‍රියාකාරීන්ට ගම් භාරදුන්නොත් සිදුවිය හැකිදේ පිළිඹඳව මහජනයාට අත්දැකීම් එමටය. දෑකැත්ත හා මිටිය සහිත බස් හොල්ට් එක මෙන් JVP බල ඇණි තරඟයට මෙන් ගම්වල යකා නටන්නට ඉඩ තිබේ. 1971 දී හා 1988/89 කාලවලදී නායකයින්ට පාලනය කරගත නොහැකිවූ වියවුල් තත්වයක් රටපුරා බිහිවුනේ නැද්ද? මහජන චන්දයෙන් ගම්වල ජන සභා පිහිටුවිය යුත්තේ ඒ නිසාය. මෙම විසඳුම මෙම සටහනේ දෙවන කොටසින් ඉදිරිපත් කරමි. මෙම සටහන අනුර කුමාර  මහතාට හා JVP පක්ෂ කාර්යාලයට ඊමේල් කර යවමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress