ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති දෝෂ/ අතපසුවීම් නිවැරදි කිරීමටමාළිමා 159 ආණ්ඩුවට සහ අනුර දිසානායක ජනාධිපතිවරයාට හැකි වෙයිද?
Posted on November 19th, 2024

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ. සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

83වන ව්‍යවස්ථාවේ දෝෂ / අතපසුවීම් නිවැරදි කිරීමට ගැසට් කළ 22, ජනාධිපතිවරයාගේ සමාව ගැනීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඇසුරෙන් 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති දෝෂ/ අතපසුවීම් නිවැරදි කිරීමට
මාළිමා 159 ආණ්ඩුවට සහ අනුර දිසානායක ජනාධිපතිවරයාට හැකි වෙයිද?

1. 2002 දී සහ 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

2. 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපේක්ෂා කළ අතර එය නීතියක් කිරීමට ජනමතවිචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7ක් විසින් SC/SD11/2002 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී තීරණය කර ඇත.

3.2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සහ තවත් ව්‍යවස්ථා කිහිපයක් සංශෝධනය කිරීමට අපේක්ෂා කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 3කගේ SC/SD/04/2015 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී තීරණය අනුව ජනමතවිචාරණයක් නොමැතිව එය නීතියක් කරගෙන ඇත.

4.2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු 2018 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවනු ලැබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7ක් විසින් SC/FR/351/2018 නඩුවේදී 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති හෙයින් පාර්ලිමේන්තුව විසුරුවීම වැරදි බවට තීන්දු කර ඇත.

5. 2024 ජූලි 19 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවේදී 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී ප්‍රකට ජනාධිපති නීතීඥවරයෙකුගේ අතින් අතපසුවීමක් සිදුවී ඇතැයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා, නීතිපති පාරින්ද රණසිංහ මහතා ඇතුළු විනිසුරුවරුන් සහ ජනතාව ඉදිරියේ ප්‍රකාශ කර එයට ජනතාවගෙන් සමාව ගත්තේය.

6. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින දෝෂයක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2022 ජූලි 18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ නීතිපතිවරයාගේ අනුමැතිය මත පළ වී ඇත.

7. දූෂණ අක්‍රමිකතා වැ‍ළැක්වීම ප්‍රධාන අරමුණ බවට ඡන්ද පොරොන්දු ලබා දුන් අනුර දිසානායක මහතා ජනාධිපති ලෙසත් ඔහුගේ දේශපාලන පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 159ක් ද ලබා ගෙන ඇත.

8. ඉහත කාරණා අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  83වන ව්‍යවස්ථාවේ දෝෂ / අතපසුවීම් නිවැරදි කිරීමට ගැසට් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, ජනාධිපතිවරයාගේ සමාව ගැනීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඇසුරෙන් 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති දෝෂ/ අතපසුවීම් නිවැරදි කිරීම දූෂණ අක්‍රමිකතා වැ‍ළැක්වීම ප්‍රධාන අරමුණ බවට ඡන්ද පොරොන්දු ලබා දුන් අනුර දිසානායක මහතාගේත්
මාළිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159ගේත් වගකීමක් වෙයි.
http://neethiyalk.blogspot.com/2024/11/83-22-2015-19-159.html?m=1


අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ. සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394. (2024.11

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress