කොස්ගම ඇලට නිකරුනේ බිලි වුණු ලන්ඩන් මහ කළු සිංහලයා
Posted on November 25th, 2024
බ්‍රිතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව් සිරි පී. හේවාවිදාන ලන්ඩන් සිට ලියයි. Devsiri@hotmail.com
අවිස්සාවේල්ල කොස්ගම තුන් මෝදර ඇල හරහා ධාවනය කළ ඩබල් කැප් රථයක් සැඩ පහරට අසුවී එහි සිටි ව්යා පා රිකවරයකු හා රියැදුරු අවා සනා වන්ත ලෙස මියගිය පුවත පසුගිය බදා දා ලංකා වේ පුවත්පත්වලින් මා දුටුවෙමි. නිකරුණේ වැ ස්සේ ඇලවල් තරණය කරන්නට ගො ස් අපරා දේ නා ස්ති වුන ජීවිත දෙකක් කියා මම ලිපිය කියවමින් දුක් වුනෙමි. නමුත් මගේ ශෝ කය දහගුණයකින් වැඩි වූයේ ලිපියේ අන්තිමට සඳහන් වූ ව්‍යාපාරික මහතාගේ නම දුටු විටය. චන්න කබ් රල් ලොකු ලියන මා සමග කො ළඹ ආනන්දයේ එකට ඉගෙන ගත් අති ජා ත මිත්‍රයකු විය ඔහු පා සලේ කැ ඩෙට්, හො කී හා පාපන්දු කණ්ඩා යම් වලට සෙල්ලම් කළ විශිෂ්ට ක්‍රීඩකයෙකුද වීය.ළමා ලේඛකයකු ඔහු ආනන්දය නමින් පළ කෙරුණු පා සැ ල් සඟරා වේ ප්‍රධා න කතෘ ද විය. එපමණක් නොව 1972 මා ආනන්ද විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාව සිටියදී චන්න මගේ සමීපතම ශිෂ්‍ය නායකයෙකුද වීය. ඉහළ පන්තිවල ළමයින්ගේ හැසිරීම හා විනය හැඩ ගැස්වීම ඔහුට මා භාර දුන් කාර්යවීය . චන්න එය හිතුවාටත් වඩා ඉහළින් ඉටු කළේය. චන්න හා මගේ මිතු දම වැඩිවූයේ අපි දෙදෙනාම එකම අවදියේ එංගලන්තයට පැමිණි පසුවය ලන්ඩන් නුවර බ්‍රෙන්ට් නගර සභාවේ සේවය ට බැ ඳුණු චන්න ඉතා සුළු කලක් තුළ එහි සිටි කාරයක්ෂ තම නිලධා රියාවීය බොහෝ ලාංකිකයන් පිටරට ගිය පසු රැකියා හෝ පවුලේ වැඩ කටයුතු නිසාදෝ ආගමික කටයුතු අතපසු කරති. ඔවුන්ට මා ස තුනකට සැරයක්වත් පන්සල් යාමට වෙලාවක් නැත. නමුත් චන්න ලොකු ලියන එවැන්නකු නොවීය. ලන්ඩන් බෞ ද්ධ මධ්‍යස්ථානය තේම්ස් විහාරය හා එඩ්මන්ටන් විහරය යන පන්සල් තුනේම ප්‍රධා න දා යකයකු වූ චන්න තමන්ට හැකි පමණින් ඒවාට උදව් උපකාළේය. බිරිඳ නිලන්ති හා පුතුන් දේවින්ද හා සුමිදු සමග මේ පන්සල්වල සෑ ම ආගමික උත්සවයකටම සහභාගි වූ එතුමා තම ධනයෙන් සැලකිය යුතු කොටසක් මෙම පන්සල්වල අභිවෘ ද්ධිය සඳහා නොමසුරුව පූජා කළේය. සුප්‍රසිද්ධ ලේඛක දයා රණසිංහ විසින් දශක තුනක් තිස්සේ ලන්ඩන් වල පළ කරන ලද ජනප්‍රිය ලංකා විත්ති පුවත් පතේ graphic designer ග්‍රැපික්ස් ඩිසයිනර් වශයෙන් ලොකු වැඩ කොටසක් ඉටු ඉටුකළේ චන්නය.
එංගලන්තයේ පන්සල් කිහිපයක ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයන්ට මුදල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලා කරුවන් හා නාට්‍ය ශිල්පීන් තම මුදලින් එංගලන්තයට ගෙන්වා සංස්කෘතික සංදර්ශන සංවිධානය කළේද මේ වටිනා බෞ ද්ධ දායකතුමාය.
. ලන්ඩන් නුවර ඇල්ෆර්ටන් නගරයේ ජීවත් වූ චන්න ලොකු ලියනගේ නිවස නිතරම ලාංකික හිතමිතුරන්ගෙන් පිරී ගිය හෝ ටලයක් වැ නි තැ නක් වීය. ලන්ඩන් වල සංගීත සන්දර්ශන, අවුරුදු උත්සව හෝ පින්කම් වලට සහභාගි වීමට ඈත පළා ත් වලින් පැ මිණෙන යහළුවන් බලෙන් හෝ තම නිවසට කැ ඳවා සංග්‍රහ කිරීම ඔහුගේ හා නිලන්තිගේ සිරිත විය. සංගීතයට බෙහෙවින් ඇල්ම කළ චන්න ලන්ඩන්වල පැ වැ ති බො හෝ අවුරුදු උත්සවවලදී අලංකාර ලෙස ගිටා රය වා දනය කරමින් ඩහස් ගණන් නරඹන්නන් මුසපත් කළේය. ලන්ඩන් නුවර ලාංකිකයකු හදිසියේ අභාවයට පත්වුවහොත් වහාම එම නිවසට ගො ස් පවුලේ උදවියට අවශ්‍ය නම් මුදලින් උදව් උපකාර කිරීමටත් අවමංගල කටයුතු සංවිධානය කිරීමේ මූලිකත්වය ගැනීමටත් චන්න කිසිවිටක පසුබට වූයේ නැත. නමුත් මගේ මේ සුන්දර පාසැල් මිත්‍රයා ලන්ඩන් වල කළ උත්තම කා ර්යය වූයේ LTTE කොටි සංවිධානයට විරුද්ධව නොබියව පා රට බැසීමයි. 80 හා 90 දශක තුළ කොටි ත්‍රස්ත අනුගාමිකයෝ ශ්‍රී ලංකා වට එරෙහිව බරපතල බොරු ප්‍රචාර ගෙනියමින් සිංහල අපි දෙමළ ජනතාව ඝා තනය කරන ම්ලේච්චියන් පිරිසක් යයි ලොව පුරා ප්‍රචාරය කළෝය. ඔවුන්ගේ අසත්‍ය ප්‍රචාරවලට භය වී ලන්ඩන් මහ කො මසා රිස් කා ර්යා ලයේ නිලධාරිනුත් බො හෝ ලාංකිකයනුත් ඔලු හංගා ගෙන සිටිද්දී චන්න ලො කු ලියන ලංකා ත්‍රස්තවා දයට එරෙහි බ්‍රිතා න්යවැසියෝ නැමැති සංවිධානය පිහිටුවා ගත්තේය.ඩග්ලස් වික්‍රමරත්න හා ගා මි ණී කීර්ති චන්ද්‍ර වැ නි අනිකුත් සිංහල සංගම් නා යකයින් සමග එක්වී චන්න 1998 දී ලන්ඩන් නුවර පැවැත්වූ කොටි විරෝ ධී පෙළපා ලිය හා රැලියට ශ්‍රී ලාංකිකයන් හතළිස් දා හකට අධික පිරිසක් එක් වූහ. ලංකා වට විරුද්ධව කොටි ඩයස්පෝ රා ව ලොව පුරා ගෙනයන ප්‍රචාර සම්පූර්ණ අසත්‍ය බව කා රණා සමග බ්‍රිතාන්‍ය පා ර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් රජයටත් පහදා දීම සඳහා චන්න ලොකුලියන විශාල වෙහෙසක් දැ රුවේය
ඔහුගේ උත්සාහය මල්ඵල ගැනුනේ කොටි සංවිධානය ත්‍රස්තවා දී සංවිධානයක් බව බ්‍රිතාන්‍ය රජය විසින් නිල වශයෙන් හංවඩු ගැ සූ දිනයේදීය. චන්න විසින් කරගෙන යන ලද අභීත කො ටි විරෝ ධී ජා ති හිතෛෂී සේවය නිසා ම මෙහි සිටින ලාංකික අපි ඔහු හැ ඳින්වූයේ මහ කළුසිංහලයා වශයෙනි. ලන්ඩන් වල පන්සල් වලට පවුම් දහස් ගණනින් උදව් කළ චන්න ලොකු ලියන මෙයට වසර කිහිපයකට පෙර ලංකාවේ පදිංචියට ගියේය. අවුරුදු හතළිහක් පමණ එංගලන්තේ ජීවත්වී ආපහු ලංකාවට යන්නේ ඇයිදැ යි මා විමසූ විට චන්න මට කිවේ “මිත්‍රයා අපි කො හේ ජීවත් වුණත් අන්තිම හුස්ම ලංකා වේ හෙලන්න ඕන නිසා මම ආපහු යනවා” කියාය
ශ්‍රී ලංකා වට ගියත් ඔහු තම බෞද්ධ සේවය නතර කළේ නැත. හඳපාං ගො ඩ තිබුන තමන්ගේ රු කෝ ටි ගණනක් වටිනා ඉඩමක් සසුනට පූජා කළ එතුමා එහි දර්ශනීය
තා පා සා රා මයක්ගො ඩනැ ගීය.අද එහි භික්ෂූන් 150ක් වැඩ වා සය කරමින් භා වනා හා ධර්මදූත මෙහෙවරේ යෙදෙති. බෞ ද්ධ යන්ට අති විශා ල සේවයක් කරති.
ත්‍රස්තවා ද ය පැ වති සමයේ ශ්‍රී ලංකා වේ උන්නතිය සඳහා ලන්ඩන් වල සිට අභීත හා ඉතා වැ දගත් සේවයක් ඉටුකළ මේ මහා කළු සිංහලයා හා මගේ සුන්දර පා සැ ල් මිතුරා නො හිතු අවස්ථා වක අප හැ ර දමා යා ම මට ඉවසිය නො හැ කි දුකකි. එය සිදුවූයේ රියදුරුගේ නො සැ ලකිල්ල නිසා යයි හිතෙන විට මගේ වේදනා ව තව තවත්වැ ඩි වෙයි.
මා සදා දරණීය මිත්‍රයා ණෙනි යළි හමුවනතුරු අපි සමු ගනිමු.
බ්‍රිතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව් සිරි පී. හේවා විදාන ලන්ඩන් සිට ලියයි. Devsiri@hotmail.com