ජනපති අනුරට හමුවෙලා තියෙන්නේ දෙකොනත් එක්ක මැදත් පත්තුවුනු විලක්කුවක්… ජනවරම නිවැරදිව කියවා නොගත්තොත් සියල්ල වෙනස් වේවි – වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
Posted on November 27th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
ප්‍රභූ දේශපාලනය අවසන් කිරීමට මෙවර මහ මැතිවරණයේ දී ජනතාව මතවාදී ලෙස පෙළගැසී ඇති බවත්, 1977 පසු බිහිවූ පාදඩ ප්‍රභූන් පිරිසක් අත රටේ පාලනය පැවතීම මත රට ඉතා විනාශකාරී තැනකට ගමන් කළ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පාදඩ ප්‍රභූන්ට ඡන්දය ලබාදුන් ජනතාවම මෙවර මැතිවරණයේ දී ඔවුන්ට ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි බවත්, එය එක්තරා විරෝධාකල්පයක් ලෙසද සැලකිය හැකි බවත් ඒ මහතා පවසයි.
රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ මැතිවරණයේ දී ප්‍රකාශිත වූ ජනවරම නිවැරදිව කියවා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ආණ්ඩුව විසින් මෙය වැරදියට කියවාගත හොත් ඊට ප්‍රතිචාර දක්වන ආකාරය ද වැරදී යා හැකි බවත් ය.
තමන්ට හමුවූයේ දෙකොන පත්තු වූ විලක්කුවක් බව එවකට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පැවසූ බවත්, අනුර දිසානායක මහතාට හමුවී ඇත්තේ දෙකොන පමණක් නොව මැදත් පත්තු වූ විලක්කුවක් බවත් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…