විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කටයුතු ආරම්භ කෙරේ
Posted on December 2nd, 2024

ආචාර්‍ය සුදත් ගුණසේකර. අගමැති සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සන්ගමයේ හිටපු සභාපති (1991-94)

 විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කටයුතු ආරම්භ කෙරේ (2024. නොවැ. 24 ඉරිදා සිලෝන් ටුඩේ පුවත්පත)

                  The National People’s Power (NPP) has called on the highest echelons of the Government to abolish the placed Party sources revealed. Executive   Presidency as promised and the discussions in this regard have already been initiated, highly- The NPP has always criticized the current Executive Presidency, introduced by the 1978 Constitution, which consolidates significant power in the hands of the President, often bypassing legislative checks and undermining democratic governance.

Under this system, the President holds control over critical areas, including Executive decisions, Military Commands, and sometimes Judicial and Parliamentary functions.

Critics argue that the overconcentration of power has led to political instability, corruption, and weak institutional oversight.

The NPP, therefore, views the abolition of the Executive Presidency as part of a broader effort to decentralize power, foster democratic reforms, and restore parliamentary sovereignty, Government sources said.

However, they said the implementation of this change will require significant constitutional amendments, as the Executive Presidency is entrenched in the current Constitution.

The NPP policy statement, under 4.1 ‘A new Constitution – A united Sri Lankan nation’ also mentioned these points: ‘Introducing a new parliamentary electoral system, limiting official presidential residences to one and abolishing the pensions and special privileges given to retired presidents and their families’.

(2024. නොවැ. 24 ඉරිදා සිලෝන් ටුඩේ පුවත්පතේ පලවූ ඉහත සඳහන් ප්‍රවෘතිය හා බැඳේ).

ආචාර්‍ය සුදත් ගුණසේකර. අගමැති සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සන්ගමයේ හිටපු සභාපති (1991-94)

2024. 12.2.

ශ්‍රී ලන්කා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජන රජයේ ජනාධිපති තුමා

ජනාධිපති කාර්‍යාලය,

කොළඹ.

ගරු ජනාධිපති තුමනි,

මේ රටට හූනියමක් වූ ඉහත සඳහන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ තදානුබද්ධ  මේ රටට ගැලපෙන නව ව්‍යවස්ථාවකවක් සම්මත කොට ගැනීම,මැතිවරණ ආසන ක්‍රමය මත  පදනම්වූ නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම, ජනාධිපති මන්දිර  එකකට පමණක් සීමාකොට කොළඹින් පිට ඇති සියල්ල රටට ප්‍රයෝජවත් වෙනත් කටයුත්තකට යොදාගැනීම සහ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසිකිරීම යනාදිය වෙනුවෙන් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදුන් 1987 සිටම සටන්කළ කෙනෙකු වශයෙන්, ඉහත සඳහන් එඩිතර හා කාලීන තීරණයට ප්‍රථමයෙන්ම මාගේ පෞද්ගලික ප්‍රසන්ශාව මෙන්ම ජාතියේ ඉමහත් ප්‍රශාධය මින් පළකරමි.

1994 සිට වසර 30 ක් පුරා ජනාධිපතිවරුන් 5 දෙනෙකුම පොරුන්දු වුවද ඒ එක් අයෙකුට හෝ ඉටුකිරීමට නොහැකිවූ, ඊටත් වඩා බලය ලබාගැනීමෙන් පසු එහි රස දැනුනුවිට උවමනාවෙන්ම ඔවුන් ඉටු නොකළ, විධායක ජනාධිපති තනතුර අහෝසිකිරීමට ඔබතුමා කටයුතු ආරම්භ කොට ඇතිබව දැකීමෙන් මම මහත් අමන්දානන්දයට පැමිනියෙමි. එසේම එම ප්‍රවුර්තියෙහි සඳහන් සෙසු තීරණ සියල්ල ගැනද මගේ ප්‍රශන්සාව මින් පලකරණු කැමැත්තෙමි. තවද මෙයවූ කළී වසර 30 ක් පුරාම හුදු ආත්මාර්ථය නිසා ඇද ඇද සිටි, කිසිදු ජනාධිපති වරයෙකු ඉටුනොකළ ජාතික වගකීමකි.

කෙසේඋවද රට බෙදීමේ සහ මේ රටේ ඊළම පිහිටුවීමේ පදනම වෂයෙන් ඉන්දීයාව විසින් බලහත්කාරයෙන් අප හිස මත පැටවූ 1987 රජිව්/ ජේ. ආර් ගිවිසුම සහ ඉන් උපන් අවජාතික දරුවා වූ 13 ව්‍යවස්ථා සන්ශෝධනය අහෝසි නොකොට විධායක ජනාධිපති කම අහෝසි කිරිම ඉතාමත් භයානකය. එමනිසා පළමුවෙන්ම දැනටන්මත් ඒකපාක්ෂිකව ඉන්දියාව විසින්1987 ගිවිසුම උල්ලන්ගණයකොට ඇති බැවින් පළමුව 1987 රජිව්.ජේ .ආර්. ගිවිසුම අහෝසිකළ යුතුය. මන්ද රට බෙදීමේ සහ මේ රටේ ඊළම පිහිටුවීමේ පදනම වෂයෙන් ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප හිසමත පැටවූ 1987 රජිව්/ ජේ. ආර් ගිවිසුමෙන් ශ්‍රී ලන්කා රජය පිළිගත් උතුරු නැගෙන හිර ඓතිහාසික දෙමල නිජබිම බව පිළිගැනීම ඇතුළු පහත සඳහන් සියළු පාවාදීම්ද අහෝසිවණු ඇත.  එනම් 13 වන ව්‍යවස්ථා සන්ශෝධනය ලන්කාවේ සිටින සියළුම ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයාට ලන්කා පුරවැසිපනතේ සියළුම කොන්දේසි උල්ලන්ඝනයකොට රුපියලේ මුද්දරයක් මත සමාදාන විනිස්චයකාරයෙකූ ඉදිරියේ අත්සන්කල ලිපියක් මත පමණක් ලන්කා පුර වැසිබව දීම,  දෙමල භෂාවද මේ රටේ රාජ්‍ය භාෂාවක් වශයෙන් පිලිගැනීම, උතුරු නැගෙනහිර ඒකාභද්ධ කිරීම ,පලාත් දෙකක් හෝ වැඩිගානක් ඒකාබද්ධ කිරීම, ඉඩම් අධිකරණ සහ පොලිස් බලතල පලාත්වලට දීම සමඟම පලාත් පරිපාලනය ස්වාධීන කීරීමෙන් රට කැබෙලි 9 කට කැඩී යාමේ තර්ජනය ආදි පාවදීඉම් සියල්ල අහෝසිවිම.

එසේම එම ගිවිසුමෙන් උපන් අවජාතික දරුවා වූ 13 ව්‍යවස්ථා සන්ශෝධනය අහෝසි නොකොට විධායක ජනාධිපතිකම අහෝසි කළහොත් මේ රට සින්හල දෙමළ වශයෙන් බෙදීමේ 1799 සිට සුද්දන් දුටු සිහිනය ඉතා කඩිනමින්ම සැබෑවී මේ සින්හල බෞද්ධ රාජ්‍ය අවසන්වන බැවිනි. 

ලන්කා ඉතිහාශයේ මීට වසර 484 කටපෙර අවසානවරට කෝට්ටේ V1 වන පරාක්‍රමබාහු රජු 1540 දී යාපාපටුන ජයගෙන ලක එක්සේසත් කිරීමෙන් පසු යලිත්  (මා නොපිලිගන්නා) 1948 ඊනියා නිදහස ලැබීමෙන් වසර  76 කට පසු 2024 දී යාපනයද ඇතුළු මුලු රටම ජයගෙන ලක් රජය  එක්සේසත් කිරීමෙන්ද, උඩරට කඳුකරයේ, ඉන්දීය ව්‍යාප්තිවාදයේ දිගුවක් වූ තොණ්ඩමන්ලාගේ වැඩවසම් වහල් රාජ්‍ය බිඳ දමා මේ රටේ භූමිපුත්‍රයින් වන සින්හලයින් සමඟ සහජීවනයෙන් එකාබද්ධව කටයුතු කිරීමට හැකි අම්බිකා නමැති නව කාන්තා නායකත්වයක් ද වතුකරයෙන්ද බිහිකොට මෙතෙක් උඩරට රාජධානිය පුරා  ව්‍යාප්ත වෙමින් පැවති ඉන්දීය ව්‍යාප්ත වාදයේ කොඳු නාරටියද බිඳදමා මේ රටේ අභ්‍යන්තර කටයුතුවලට සිදුවූ  කුමන්ත්‍රණකාරී  බලපෑමද අහෝසි කිරීමට පදනම දැමු ඔබතුමාට, 1940 ගණන්වල සිටම මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් වියයුතුයයි තමන්විසින් කරණලද යෝජනාව අනුව  යථාකාලයේදී මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමේ ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී අරමුනින් ඇමෙරිකානු හා ප්‍රන්ස  දෙබිඩි රාජ්‍යපාලන ක්‍රමය මේ රටට හඳුන්වා දෙමින්1987 ජූලි 29 රජිව් ගාන්ධි/ජේ.ආර් ගිවිසුමෙන් හා ඒ තුලින් උපන් 13 වන ව්‍යවස්ථා සන්ශෝධනයෙන් ඊනියා පලාත් සභා නමැති හූනියමක්ද රටපුරා පැලකොට කොට  ජේ.ආර්. මේ රටේ රාජ්‍යපාලනය අවුලෙන් අවුලට පත්කරණලද විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම කිසිසේත්ම අපහසු දෙයක් මෙන්ම තවත් අතපසුකළයුතු දෙයක් නොවන බව මම තරයේ ප්‍රකාශ කරමි.මන්ද 46 වසරක් පුරා  1987 ව්‍යවස්ථාවෙන් සහ විධායක ජනාධිපති ක්‍රමයෙන් මේ රටට, ජාතියට,  රාෂ්ට්‍රපාලන යාන්ත්‍රණයට හා ජාතික ආර්ථිකයට සිදුකොට ඇති විනාශය වහාම නතර නොකළහොත් වැඩිකලක් යාමට පෙර  වසර 2566 ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති මේ සින්හල බෞද්ධ රාජ්‍ය මේ මිහි පිටින් මැකීයාම  නියත බැවිනි. 

එබැවින් මෙම සමස්ථ ක්‍රමයටම ආරම්භයේ සිටම දැඩිසේ විරුද්ධවු කෙනෙකු වශයෙන් සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකළයුතු බවට උග්‍ර සටනක යෙදුනු අයෙකු වශයෙන් ද ඔබතුමාගේ එම ඓතිහාසික කටයුත්තට උපකාර වීම සඳහා අවසන් වරට මවිසින් ලියා ප්‍රසිද්ධ කරනලද ලිපියේ පිටපතක් මේ සමඟ එවමි.

වර්තමානයේ මේ රට මුහුණපා ඇති දේශපාලන ආර්ථික හා සමාජ අර්බුධවලින් නිදහස් වීමට තිබෙන හොඳම උපාය මාර්ගය වෂයෙන් මවිසින් කර ඇති මෙම යෝජනාව අනුව ක්‍රියා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/ 3න් සම්මත කරගැනීම සඳහා අවශ්‍ය බලයද දැන් පාලිමේන්තුව තුල ඔබ සතුව ඇත. එසේම අනතුරුව ජනමත විචාරනයකදී රටෙන්ලබාගත යුතු බලයද පැහැදිළිවම ලබාගත හැක.දේශපාලන කබල රත්වී ඇති මෙම අවස්ථාවෙදීම කඩිනමින් කළහොත් ඒ සඳහා ජනතා සහාය ලැබෙන බවට කිසිදු සැකයක් නැත

However, they said the implementation of this change will require significant constitutional amendments, as the Executive Presidency is entrenched in the current Constitution”

               මවිසින් පහතින් දක්වා ඇත්තේ ඉහත දැක්වෙන ඡේදයේ සඳහන්වන මෙම ගැටළු සියල්ල මඟහැර ඉතා කෙටි කාලයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමේ යොජනාවක් සහ ප්‍රායෝගික ක්‍රියා මාර්ගයකි. එම යෝජනාව අනුව ක්‍රියාකිරීමෙන් පසු 1972 ව්‍යවස්ථාව යටතේ රට පාලනය කළහැක. ඒ අතර ජාතියේ අපේක්ෂාව වන මේ රටට ගැලපෙන ව්‍යවස්ථාවද සකස්කොට පාර්ලිමේන්තුවෙන් සම්මත කට ගත හැක.

මේ වූකලී කණකැස්බෑවා වියසිදුරෙන් අහස දැකීම වැනි අතිශයින්ම අදුර්ලභ අවස්ථාවකි. එමනිසා හැකිපමණ කඩිනමින් ඔබ තුමාගේ බලාපොරුත්තුව ඉටුකර ගැනීම සඳහා මෙම පියවර ගැනීම උපකාර වනු ඇතැයි මම විශ්වාස කරමි.

ඉහත සඳහන්කරණලද මගේ ලිපිය

ආචාර්‍ය සුදත් ගුණසේකර. අගමැති සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සන්ගමයේ හිටපු සභාපති (1991-94)

2023. 11.24.

1 කොටස

අද මේ රටේ පවතින තත්වය යටතේ ඔබගේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන්වන නව ව්‍යවස්ථාව සම්මත කරගන්නා තුරු රට ජාතිය ආරක්ෂාකරගැනීම, රාෂ්ඨ්‍රපාලනය කිරීම, ජනතා සේවය සහ ශුභසෙත සැළසිම යන ත්‍රිවිධ කාර්‍යයන් සඳහා තිබෙන කෙටිම, වියදම් අඩුම එසේම හොඳම දේශපාලන උපක්‍රමය හා විසඳුම 1978 ව්‍යවස්ථාව වහාම අහෝසිකොට 1972 ජනරජ ව්‍යවස්ථාව යළි බලගන්වා, මේ රටේ ශිස්ඨාචාරය මත පදනම්වූ නව ව්‍යවස්ථාවක් සකස්කොට සම්මත කරගන්නාතුරු, 1972 ඒ යටතේ ළකිසුරු වරයෙකු පත්කරගෙන රටේ පාලනය කරගෙන යාමය.

1978 සිට 46 වසරක් පුරා මේ රට පෙළු, මේ රට ජාතිය  විනාශකළ, රටට හා ජාතියට ඉමහත් ශාපයක් වූ, එසේම මේ රටේ දේශපාලනය, පරිපාලනය මෙන්ම ආර්ථිකයද  ඉන්දියන් සාගරයේ පතුලටම බස්වා, 1948  වන විට ආසියාවේම පොහොසත්ම රට, එසේම 1977 වනවිට පිට රටකට ශතයක් හෝ ණය නොතිබුණු මේ රට අද ආසියාවේම හිඟන රට බවට පත් කළ, විධායක ජනාධිපති ක්‍රමය මේ රට හඳුන්වාදුන්  ජේ.ආර්ගේ,  ගෙදරදී ලිවූ කිසිම ජනවරමක් නැති, පාර්ලිමේන්තුව මත බලයෙන් පැටවූ, 1978  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති හූනියමෙන් රට, ජාතිය බේරාගැනීමට ඇති හොඳම ක්‍රමය 78 ව්‍යවථාව දැන්වත් අහෝසිකොට,   රටේ පූර්ණ ජනවරමක් ඇතිව සකස්කොට ජාතික රාජ්‍ය සභාවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සම්මත වූ, එසේම  මේ රට 1815 න් පසු පළමු වරට, ව්‍යවස්ථාදායක,විධායක සහ අධිකරණ  බලතල සහ  ජනතා පරමාධි පත්‍ය සහිත  පූර්ණ නිදහස්, ස්වඉරී ජනරජයක් බවට මේ රට පත්කළ, 1972 ජනරජ ව්‍යවස්ථාව අප්‍රමාධව යළි බල ගැන්වීම යයි මම යෝජනා කරමි.

1978 ව්‍යවස්ථාව දැන් හිස,  හදවත, බඩ සහ දෙකකුල් නැති කවන්දක් වැනිය.එබැවින්46 වසරක් වැනි කෙටි කාලයක් තුල 21 වතාවක් සන්ශෝධනය කොට, රාජ්‍ය භාෂාව, පාර්ලිමෙන්තුවේ සන්යුතිය, රටේ භෞමික අඛණ්ඩතාව,රාජ්‍යයේ ඒකීය භාවය,විධායකය, රාජ්‍ය පරිපාලන රටාව වැනි සියළුම අන්ග විනාශකළ හූනියමෙන් රට, ජාතිය බේරාගැනීමට ඇති හොඳම ක්‍රමය 1978 ව්‍යවථාව දැන්වත් අහෝසිකොට,   රටේ පූර්ණ ජනවරමක් ඇතිව සකස්කොට ජාතික රාජ්‍ය සභාවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සම්මත වූ, එසේම 1815 න් පසු පළමු වරට, මේ රටේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ  බලතල සහ ශ්‍රී ලන්කා රාජ්‍යයේ ස්වාධිනාහ්වය, නිදහස, ස්වයිරී භාවය සහ බෞමික අඛණ්ඩතාව ස්ථාපිත කළ 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් 1978 සියළු දෝෂ භන්ග වේ. 

1972 බලගැන්විමෙන් 1978 ව්‍යවස්ථාවේ සියළුම අඩු පාඩු ඉවත්වන නිසාද , සිංහල බෞද්ධයින්ගේ අපේක්ෂාවන් ඉටුවන නිසාද,  දැනට සිටින පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන් 57 දෙනෙකු අඩුවනනිසාද, 13 වන සන්ශෝධනයද ඉවත් වන නිසාද, ඒ සමඟම පලාත් සභා ක්‍රමයද අහෝසිවන නිසාද, පවතින විච්චූරණ මැතිවරණ ක්‍රමමෙන්ම පක්ෂ නායකයින්ට පමණක් වගකියන දිසා මන්ත්‍රීන් වෙනුවට නැවතත් ආශනයේ චන්ද දායකයින්ට වග කියන මන්ත්‍රීන්  පත්වනවන නිසාද, 1972 සෑම අතින්ම 1978 ට වඩා මේ සිංහල බෞද්ධ රටට සාකල්‍යෙන්ම ගැලපෙන නිසාද, රට දේශපාලන වශයෙන් ස්ථාවර වන නිසාද, රජයේ වියදම බිලියන ගනනින් අඩු අන නිසාද 78 පරිච්චින්නකොට 1972  බලගැන්වීම ගැන කිසිවෙකුට එරෙහි වීමටද කිසිදු හේතුවක් නැත

1978 ජනරජ ව්‍යවස්ථාව අහෝසි කිරීමෙන් රටට ලැබෙණ ප්‍රතිලාභ පහතින් දැක්වේ.

1978 ජනරජ ව්‍යවස්ථාව අහෝසි කිරීමත් සමඟම, එම ව්‍යවස්ථාව යටතේ මේ රට හා ජාතිය විනාශකළ පහත සඳහන් සියලුම ආයතන අහෝසි වනු ඇත.

1.මේ රටට හූනියමක් වී ඇති 1994 සිට ජනාධිපති වරුන් 6 දෙනෙක් මැතිවරණවලදි අහෝසි කරණ බවට පොරොන්දුවී අහෝසි නොකළ එසේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශකළ විධායක ජනාධිපති තනතුර අහෝසිවීම රටේ බෞමික අඛණ්ඩතාව නැති කළ, සුලුජන කොටස්වල බලය අසීමිතව වැඩිකළ, බෙදුම්වාදයට උත්තේජනකක් වූ, සිංහල බෞද්ධයින්ගේ බලය විනාශකළ, නියෝජිත ප්‍රජාතන්ත්‍ර වාදය විනාශකොට එය විහිලුවක් බවට පත්කළ ඒකාධිපති විධායක ජනාධිපති තනතුර අහෝසිවීම

2. මේ රටේ ඉතාමත් කාර්‍යක්ෂම පරිපාලන ක්‍රමයක්වූ දිස්ත්‍රික් පරිපාලන ක්‍රමය විනාශ කළ එසේම  රටට සෑම අතින්ම අහිතකරවූ අනවස්‍ය දෙවැනි පෙලේ විධායක, දේශපාලන.පරපුරක් සහ පලාත් සභ වැනි අනවශ්‍ය රාජ්‍ය ආයතන් රැසක් ඇතිකොටක්‍රි.පූ (394-307) පණ්ඩුකාභය රජු විසින් මේ රටේ ග්‍රාම සීමා ලකුණුකොට පිහිටවූ  සියවස් 25ක් පැරැණි පෙරදිග ලෝකයේ විශිෂ්ඨතම පාලන ක්‍රමයක් වූ  ගම්සභා ක්‍රමයද විනාශකොට, විමධ්‍යගතව තිබුණු ගමමට්ටමේ පාලනය  මධ්‍යගතකරමින් ඇතිකළ ප්‍රාදේශීය සභා නම්වූ මධ්‍යම රජයට ලැබෙන රාජ්‍ය ආදායමද කෝටි ප්‍රකෝටි ගණනින් අහිමිකළ අනෙක් අතින් රාජ්‍ය වියදම අහස උසට වැඩිකොට රට බන්ක්ලොත්  කළ දේශපාලන වසන්ගතයක් වූ පලාත් සභාද අහෝසිවීම.

3. මේ රටේ අභ්‍යන්තර පරිපාලනය විනාශ කොට ලන්කා රාජ්‍ය කොටස් 9 කට කඩා  බෙදුම්වාදයට ඉණිමන් බැඳ රට අස්ථාවර කිරීමට ඉන්දියාව විසින් අප හිස මත පැටවූ හිසරදය, 13 වන ව්‍යවස්ථා සන්ශෝධනය ඇතුළු සියළුම සන්ශෝධනද සහිතව 78 ව්‍යවස්ථාව අහෝසි වීම

4.ඒ යටතේ ස්ථාපිත, රටේ සමස්ථ දේශපාලන, පරිපාලන ක්‍රියාවළිය එකම අවුල් ජාලයක් කළ පලාත් සභා හූනියම සහ ඊට සම්භන්ධ කැබිනට් අමාත්‍ය වැටුප් සහ වරප්‍රසාධ ලබන ජනතාව විසින් ප්‍රතික්ෂේප කරණලද දේශපාලන පරාජිතයින් හා අනාතයින්  වූ ආණ්ඩුකාරවරු සහ මහ ඇමැතිවරු ඇතුළු 700ක් පමණ වන මැති ඇමතිවරුn, කියන පින්පඩි කාරයින් සහිත ජාතියේ හිස මත වසර 37ක් තිස්සේ පටවා තිබුණු මහා බරක් අහෝසි වීම 5 පලාත් සභා යටතේ ඇති සියළුම ආයතන සහ   නිලධාරින් සහ සේවකයින් අහෝසි වීම.

6. සම්ප්‍රදායික දිසා පාලනය යළි ප්‍රකෘතිමත්වී ජනතාවට දේශපාලන ඇඟිලිගැසීම් වලින් තොර සාධාරන හා කාර්‍යක්ෂම  සේවයක් ලැබී වඩා හොඳ සේවයක් ලැබීම.

රජයට ඇතිවන ප්‍රතිලාභ

6 මෙතෙක් මෙම ආයතන විසින් ලබාගත් කෝටි සිය දහස් ගානක බදු මධ්‍යම රජයට ලැබීම නිසා රාජ්‍ය භාණ්ඩාගාරය තර විම.

7. එසේම ජනාධිපති වරණයකට වැය වන රු. බිලියන15 ක් පමණ සහ විධායක ජනාධිපති වරයකු නඩත්තු කිර්‍රීමට වසරකට වැයවන කෝටි 107.7 කට (2021) ආසන්න විශාල මුදලක්ද මීට අමතරව රට පුරා ඇති හැමදාම මෙන් වසා තිබෙණ, මේ කුඩා රට පුරා පිහිටුවා ඇති අධිරාජ්‍ය වාදි නෂ්ඨාවශේෂ වන සුඛෝපභෝගී ජනාධිපති මන්දිර නඩත්තුවටද වැය වන අති විසාල මුදලත් රටට ඉතිරි කොටගෙන එම මන්දිර රටට ප්‍රයෝජනවත් වෙනත් කටයුත්තකට යොදා ගත හැකිවීම.

එසේම ජනාධිපති වරණය පැවැත්වෙන කාලය තුල නිෂ්ක්‍රීය වන රටේ ජනජීවිතය, දෙශපාලන කලකෝහාල මෙන්ම   මැතිවරණයය නිසා රටට අහිමිවන මිනිස් දින ගණන සහ ඉන් අහිමිවන ආර්ථික පාඩුවද සිදු නොවණු ඇත.

8 අනෙක් අතින් විධායක ජනාධිපතිකම අහෝසිකොට ජාතික රාජ්‍ය සභාවෙන්” පත්කෙරෙණ, රාජ්‍ය සභාවට වගකියන ලකිසුරු වරයෙන් පත්කර ගැනීමෙන් විධායක ජනාධිපතිවරයෙකු නඩත්තු කිරීමට වැය වන ඉහත වියදම් සියල්ල ඉතිරිවීම.

9 මීට අමතරව  ජනාධිපති කාර්‍යාල කාර්‍යමණඩල, උපදේශක, 6000 ක් පමණවන ප්‍රභූ ආරක්ෂක බලකාය, විදේශ ගමන්, සිය ගණනක් යාන වාහන ආදිය, විශ්‍රාම ගියවිට පවා නිළ නිවාශ,ආරක්ෂක නිලධාරීන් ඒ සඳහා නාස්තිකෙරෙන ධනස්ඛන්ධය  ඉතිරිවීම.

10 උතුරු නැගෙනහිරට පොලීස් හා ඉඩම් බලත ආදිය ඉල්ලිම සහ එසේ කරනමෙන් ඉන්දියාවේ බලපෑම නැතිවීම

11 බෙදුම්වාදි ඉල්ලීම් දුර්වල වීම

12 වර්තමාන ජනාධිපතිවරයා වැනි රටක ජන ප්‍රසාධය 0 ඇති කෙනෙකුට වුවත් 1978 ව්‍යවස්ථාවේ අන්ක 40 යටතේ මෙන් හොල්මන් ජනාධිපති වරයකු පත්විය නොහැකි වීම.

13. 1978 ව්‍යවස්ථාවේ 62 යටතේ පාර්ලිමේන්තු මත්‍රී සන්ඛ්‍යාව වූයේ 196 කි. ඒත් 1977 සීටි 168 ට වඩා 28 වැඩි කිරීමකි. 1972 බලගැන්වූවිට ජාතික ලැයිස්තුවේ 29 මෙන්ම මේ 28 දෙනාද ඉවත් වේ.ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුවෙන් අඩුවන මුලු මන්ත්‍රීන් ගණන 57 කි.

14චන්දයකින් මැති සභයට ඒමට නොහැකි එසේම චන්දයකින් පත් වෙන ජනතා නියෝජිතයෙකු නොකරණ දේවල් කරවාගත හැකි තමන්ට ඕනෑ ගජමිතුරන් ඇතුලට ගැනීම සඳහා ජේ.ආර්. ඇතිකළ   ඊනියා ජාතික ලැයිස්තුවද අහෝසි වේ.

15 රටක මුළුමහත් ජනතාවම ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකුට වුවද 1978 ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය යටතේ රටේ ජනාධිපති වි ඔහුගේ පුද්ගලික න්‍යාය පත්‍රය අනුව පිස්සු කෙලීමට වුවද අවස්ථාවක් ලැබීම නතර වීම.

(මීට හොඳම උදාහාරණය රනිල් වැනි. 2005 සිට 2020 දක්වාම මුළු රටම ප්‍රතික්ෂේක්ප කළ දේශපාලන අනාතයෙක් 2022 දී 40 වගන්තිය අනුවමේ රටේ ජනාධිපති විමය)

(1978 සිට අද දක්වා රට ජාතිය විනාශකළ, කෝටි ප්‍රකෝටි ගණනින් ජාතික ධනය රටට අහිමිකළ ගෙළලාගත් වන්ගෙඩියක් වැනි උරචක්‍රමාළයක් වෙණුවෙන් මෙතරම් අති විශාල ධනයක් වාර්ෂිකව වැය කරන්නේ කුමක් නිසාදැයි මම අසමි)

16.1972 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පත් කරණු ලබන්නේ අගමැති. එම ජනාධිපතිට, විධායක ජනාදිපතිට තරම් පරිවාර සේනා ,ආරක්ෂකයින්,කාර්‍ය මන්ඩල, යාන වාහන වැනි අධික වියදම්ද නැත.

17 ජනාධිපති වීමට 1978 ව්‍යවස්ථාවෙන් මෙන් සුළු ජනකො ටස්වල චන්දය කෙරෙහි යැපිමක්ද නැති වීම.

18. මේ සියල්ලටම වඩා අවුරුදු 34ක් වැනි කෙටි කාලයක් තුල 21 ක් වතාවක් සන්සෝධනය කළ රටේ සහ ජනතාවගේ පොදු යහපතට  වඩා දේශපාලකයින්ගේ හුදු පැවැත්ම සඳහා සම්මත කරණලද එක් ආත්මාර්ථකාමි පුද්ගලයෙකුගේ අවෂ්‍යතාවන් පිරිමසා ගැනීමට 7,1.14 සහ 16 වැනි සන්ශෝධන සහ  මේ රටේ භෞතික අඛණඩතාව,ස්වයිරී භාවය ස්වාධිපත්‍ය, ආර්ථිකය සහ රාෂ්ට්‍රපාලන යාන්ත්‍රණය මුලුමනින්ම අක්‍රීයකොට මේ රටේ භූමිපුත්‍රයිනිගේ අභිලාෂයන්ට වඩා ඉන්දියාවේ අභිලාෂයන් ඉටුකරගැනීම සඳහා සකස්කළ 13 වන සන්ශෝධනය ඇතුළු සන්ශෝධන 21ක් නිසා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථාවකට වඩා සතිපතා පුවත්පතක් බවට පත්කොට ඇති ව්‍යවස්ථාව නැමැති මේ රට විනාශකළ දේශපාලන හුනියම අහෝසිවීම.

මේ අණුව වසර 37 ක අවිචාරවත් හා විනාශකාරී දේශපාලන සහ පරිපාලන ශාපයක් අවසන්වණු ඇත

මින්පසු උදාවන නවයුගය

1978 ව්‍යවස්ථාව පරිඡ්චින්න කිරීමත් සමඟම විධායක ජනාධිපතිකමද අහෝසිවනවා.ඒ සමඟම නව ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා තුරු 1972 ජනරජ විවස්ථාව පැනවෙනවා.

අගමැති වරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය ඊලඟට නව ජනාධිපති වරයෙක් පත්කර ගන්නවා. ඒ සමඟම මෙ රටේ නව සිංහල බෞද්ධ නායකත්වයක් යටතේ සුභ අනාගතයක්ද උදාවෙනවා.

 ඉහත සඳහන් හේතු නිසා වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින්ගෙන් මේ රටට හා ජනතාවට ආදරයක් තිබේනම් 1978 ව්‍යවස්ථාව -මේ රට විනාශකළ ජේ. ආ.ර් ගේ   දේශපාලන උගුල” වහාම අහෝසිකොට කුණුකූඩයට දමා, , ජාතික රාජ්‍යසභාව වඳ ගැහැනියකු” බවට පත්නොකර, 1972 ව්‍යවස්ථාව ප්‍රකාර ලකිසුරු (ජනාධිපති) වරයෙකු යටතේ පූර්ණ බලතල සහිත ජාතික රාජ්‍ය සභාවක්” පත්කරගෙන අපගේ මාතෲභූමියට නව යුගයක් උදාකරගන්නා මෙන්, රට, ජාතිය සහ බුදු සසුනේ චිරස්තිථිය සඳහා, මේ උතුම් වසර 2566 ක අභිමානවත් ඉතිහාශයක් ඇති සිංහල බෞද්ධ ජාතිය වෙනුවෙන් දේශප්‍රේමී,ජාති හිතෛෂී ජනාධිපති වරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රී වරුන්ගෙන් දේශ්ප්‍රේමයෙන් සහ ජාත්‍යාලයෙන් මම ඉල්ලා සිටිමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress