19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති වැරදි ගැන නීතීඥ සංගමය නිහඬද?
Posted on December 3rd, 2024
අරුණ ලක්සිරි උණවටුන
1. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 සැප්තැම්බර් 19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ කළ අතර, එයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7ක් විසින් SC/SD/11/2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දී එම සංශෝධනය ජනමතවිචාරණයක් මගින් නීතියක් විය යුතු බවට තීරණය වීමෙන් එකී සංශෝධනය 2002 දී ක්‍රියාත්මක නොවීය.
2. නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් 2015 මාර්තු 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුලු තවත් ව්‍යවස්ථා කිහිපයක් සංශෝධනය කිරීමට එමගින් අපේක්ෂා කළ අතර, එයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 3ක් විසින් SC/SD/04/2015 ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව එකී සංශෝධනය ජනමතවිචාරණයක් නොපවත්වා නීතියක් විය.
3. 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුවී ඇති වැරදි නිවැරදි කර ගැනීමට පුද්ගලයන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී SC/FR/177/2024 සහ SC/FR/191/2024 නඩු මගින් කරුණු ඉදිරිපත් කළ අතර එම නඩු රු. ලක්ෂයකට සහ රු. ලක්ෂ 5ක නඩු ගස්තුවලට යටත් කර නිශ්ප්‍රභා කර ඇත.
4. එවන් තත්ත්වයකදී සහ පසුබිමකදී 2024.07.19 වන දින ගාල්ල අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් එක් නීති විශාරදයෙකුගේ අතපසුවීමක් හේතුවෙන් 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී වරදක් වී ඇති බවත් ඒ ගැන ජනතාවගෙන් සමාව ගන්නා බවත් ප්‍රකාශ කළේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා, නීතිපති පාරින්ද රණසිංහ මහතා සහ තවත් විනිසුරුවරුන්ද, රාජ්‍ය නිලධාරීන්ද, ජනතාවද ඉදිරියේ දීය.
5. 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී සිදුවී ඇති වරදක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එනම් ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූරකාලය නිවැරදි කිරීම සම්බන්ධයෙන් සංශෝධනය කිරීමට නීතිපතිවරයාගේද අනුමැතිය අනුව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව අනුව 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ
පළ කර ඇත.
6. 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී සිදුවී ඇති වැරදි නිවැරදි කිරීමට පුදගලයන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබීමත් ඒ සම්බන්ධයෙන් තීරණ ලැබීමෙන් පසු
2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී වැරදි සිදුවී ඇති බව ජනාධිපතිවරයාද පිළිගෙන එම වැරදි එක් නීති විශාරදයෙකුගේ අතපසුවීමක් බවට ප්‍රකාශ කිරීමත්, එම වැරදි සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ගැනීමත්, එම වැරදි නිවැරදි කිරීමට නීතිපතිවරයාගේද අනුමැතිය අනුව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමත් නීතීඥ සංගමයේ අවධානයට ලක්විය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ නීතිය මත රටේ පාලනයට අදාල කාරණා වෙයි.
7. 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති වැරදි සම්බන්ධයෙන් සොයා බැලීමටත්, එම වැරදි නිවැරදි කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 83වන ව්‍යවස්ථාවේ පවතින දෝෂ නිවැරදි කිරීමටත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවල අනුගම්‍ය පුර්වාදර්ශය ආරක්ෂා කිරීමටත්, නීතියේ සර්වසාධාරණත්වයේ අයිතිවාසිකම ආරක්ෂා කිරීමටත්, නීතිය මත පාලනය තහවුරු කිරීමටත් නීතීඥ සංගමයට වගකීම සහ යුතුකම පවතින අතර ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීම ජනතාවගේ නිදහස, යුක්තිය සහ සාධාරණත්වය අහිමි කිරීමකි.
http://neethiyalk.blogspot.com/2024/12/19.html?m=1
අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ. සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394. (2024.12.03)