ඇමති වසන්තට රත්න සහල් අධිපති දුන් සැර පිළිතුර
Posted on December 7th, 2024
උපුටා ගැන්ම හිරු පුවත්
පවතින සහල් හිඟයට අදාළව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් තමාට එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව රත්න සහල් හිමිකරු, මිත්‍රපාල ලංකේෂ්වර පවසනවා.
අමාත්‍ය වසන්ත සමරසිංහගේ චෝදනාව වූයේ රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන ගණනින් ණය ලබාගත්තත් රත්න සහල් හිමිකරු වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන බවටයි.
ඇතැම් මහා පරිමාණ සහල් මෝල් හිමියන් රාජ්‍ය බැංකුවලින් බිලියන ගණනින් ණය ලබාගෙන තිබුණද වෙළෙඳපොළට අවශ්‍ය පරිදි සහල් නිකුත් කර නොමැති බවට වෙළෙඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ චෝදනාවක් කළා.
කෙසේ වෙතත්, එම චෝදනාට ප්‍රතිචාර දක්වමින් සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වර සඳහන් කළේ, එම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අමාත්‍යවරයා විසින් සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර රට තුළ පවතින සහල් හිඟය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී වෙළෙඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ ඊයේ දිනයේදී පමණක් සතොස අලෙවිසැල් සඳහා සහල් කිලෝ 150,000කට ආසන්න ප්‍රමාණයක් මුදා හැරීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සතොස අලෙවිසැල් සඳහා සහල් සහ පොල් තොග නිසි පරිදි තවමත් ලැබී නොමැති බවට ජනතාව චෝදනා කරනවා.
මේ අතර, රට තුළ පවතින සහල් හිඟය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී වෙළෙඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ ඊයේ දිනයේදී පමණක් සතොස අලෙවිසැල් සඳහා සහල් කිලෝ 150,000කට ආසන්න ප්‍රමාණයක් මුදා හැරීමට කටයුතු කරන බවයි.