ඉන්දියාවෙන් සහල් ආනයනයෙන් ලැබෙන කොමිස් කුට්ටිය කෝටි හයසිය හැත්තෑවක්!- ආනන්ද පාලිත කියයි
Posted on December 9th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ  ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සඳහා කටයුතු කිරීමෙන් අයුතු ලාභයක් උපයා ගැනීමට කටයුතු කර තිබෙන බවයි.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මහතා මෙලෙස පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් කරුනු දක්වමින්  ආනන්ද පාලිත මහතා අවධාරණය කරන්නේ ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත ස්වර්ණ නාඩු කිලෝවක් කොළඹ වරායට ගොඩ බාන්නේ කිලෝවක් රුපියල් 110 ට බවත් එම මිලට කොළඹ වරායෙන් ගොඩ බාන සහල් කිලෝවක් රුපියල් 220ක මිලට සිල්ලර වෙළෙඳ පොළේ විකිනීමට හේතුව  රජය ජනතාවට පැහැදිලි කළ යුතු බවයි.

මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් මෙරට ගෙන ආවොත් ඒ හරහා කොමිස් කුට්ටිය කෝටි හත්සිය හැත්තෑවක් බවද ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress