<ජාති වාදය> හා <ආගමික අන්තවාදය> – part -I
Posted on December 11th, 2024
C. Wijeyawickrema, LL.B., Ph.D.
< මින් ඉදිරියට ජාතිවාදයට හා ආගමික අන්තවාදයට ඉඩ දෙන්නේ නෑ> යනුවෙන් ලංකාවේ ජනාධිපති AKD විසින් කල <රාජාසන කතාව> පිළිඹඳව විමර්ශනයක් ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීන් 159 දෙනාට ඉදිරිපත් කිරීම මෙම රචනා මාලාවේ අරමුණය.
අර්ථ නිරූපණ:
ජාතිවාදය
තම ජනවර්ගය යම් මැවුම්කරුවෙකුගෙන් ආශිර්වාද ලැබුණු ලෝකයේ ශ්‍රේෂ්ඨම මිනිස් කොට්ඨාශය යයි විශ්වාස කරමින්, සෙසු ජන කොටස් පහත් යයි හෙලාදකිමින්, ඔවුන් තම වසඟයට, ආධිපත්‍යය යටතට ගෙන මර්ධනය කිරීමට උපක්‍රමශීලී ලෙස ක්‍රියාකිරීම (හිට්ලර්වාදය; චීන පිරිමින්ට ගොදුරුවන ටිබැට් ස්ත්‍රීන්).
ජාතිකවාදය
යම් නිශ්චිත භූමි ප්‍රදේශයක තමන්ටම ආවේනිකවූ ජීවනක්‍රමයක් (සභ්‍යත්වයක්, civilization) ගොඩනඟා ගත් ජන වර්ගයක් විසින්, පෙනෙන හා නොපෙනෙන හතුරු බලවේග වලින් එය රැක ගැනීමට උත්සාහකිරීම (සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය).
ආගමික අන්තවාදය
යම් සර්වබලධාරී දෙවිකෙනෙක් සිය පණිවුඩකරුගේ මාර්ගයෙන් ලබාදී පොතක (බයිබලය/කෝරාණය) කොපිකර තිබෙනවා යයි කියන ඇතැම් වචන අවස්ථානුකූලව දේශපාලනමය වශයෙන් අර්ථකථනය කරමින්, ලෝකයේ වෙනත් ලබ්ධිකයින් (මිථ්‍යාදෘෂ්ටිකයින්), දෙවියන්ගේ නාමයෙන්, සිය ආගමික ඇදහිල්ලට බලෙන් හෝ අල්ලස් මඟින් (unethical conversion) හරවා ගැනීම (ක්‍රිස්තියානි/ඉස්ලාම් දේවවාද දෙක).
නිරාගමික වාදයත් ආගමික අන්තවාදයක්ද?
ජය මංගල ගාථා ( සිංහල?) සංස්කෘතික සම්ප්‍රදායක්ද? බෞද්ධ සූත්රයක්ද?
බෙදුම්වාදය
(බෙදුම්වාදය සම්බන්ධයෙන් කෙටි නිර්වචනයක් දීමට සැදීම නිෂ්ඵල ක්‍රියාවකි. ජනාධිපති AKD ද ඒ ගැන නිහඬව සිටියේ ඒ නිසාම වියයුතුය). ජාතිවාදය හා බෙදුම්වාදය යනු එකම කාසියේ දෙපැත්තය. හරියටම කියනවා නම් ජාතිවාදය යනු බෙදුම්වාදයේ ඉණිමඟය. ක්‍රිස්තියානි සුද්දන්ගේ යටත් විජිත පාලන ක්රමයේ මූලික උපක්රමයක්වූ යටත් විජිතයේ ජනයා ආගම, භාෂාව, කුලය අනුව බෙදා පාලනය කිරීම (divide and rule) හේතුවෙන්, ඒ වනතෙක් සහජීවනයෙන් ජීවත්වූ ජනවර්ග තම තමන්ට වෙනම රටක්, ස්වයංපාලනයක් ලබාගත හැකිනම් යෙහෙකිය යන මනෝභාවයකට තල්ලුවේ. ලංකා කොලනියේ මැනිං ආණ්ඩුකාරයා (1921-24) මෙසේ උල්පන්දම් දුන් අයෙකුට ලෝකයේ හොඳම උදාහරණයකි.
https://ir.lib.pdn.ac.lk/items/fea2a1cc-ab8a-4a3e-9765-8dc1292499cd
මෙය සිදුවන්නේ එක රටක එක අගමැති කෙනෙක් වෙනුවට, වෙනම ජනවර්ගයක් වශයෙන් වෙනම රටක් කඩාගත්තොත් වෙනම අගමැති කෙනෙක් ලබාගත හැකිය යන අකාරයේ අරමුණ මත ඒ ජනවර්ගයේ (ජාතියේ ) දේශපාලකයින් සිය ජනවර්ගය (ජාතිය) උසිගැන්වීම හරහාය. නූතන ලෝකයේ රටවල් කැඩීමේ ව්‍යාපාරය සිදුවන්නේ පරණ යටත් විජිත පාලකයින් මානව හිමිකම් රැකදීම නම් කඩතුරාවට සැඟවී සිය භූදේශපාලන–ආර්ථික අරමුණු සඳහාය. තමන් විසින්ම ඇතිකල ජනවාර්ගික ගැටුම් සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කරණ විසඳුම් සූත්‍ර අතරින් අවසාන තුරුම්පුව වන්නේ රෙස්පොන්සි බිලිටි ටු ප්‍රොටෙක් යන ආයුධයය (R2P). ඇමෙරිකන් ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් වරක් පැවසූ පරිදි ලෝකයේ සෑම ජනවර්ගයකටම (ජාතියකටම) වෙනම රටක් දෙනවා නම් ලෝක සිතියමේ රටවල් 5000ක් වත් සටහන් වන්නේය. මෙය එසේ සිදුනොවන්නේ බලවත් රටවල් වෙනම රටවල් කඩාදීමට මැදිහත්වන්නේ ඉන් ඔවුන්ට ලබාගත හැකි වාසිය නිසා පමණක් වීමය.
ලෝකයේ රටවල් කැබලිකිරීමේ ව්‍යාපාරයට බලපාන සංසිද්ධි කොටස් දෙකක් පහතින් දැක්වේ.
The reasons for the frequency of attempts to secede are complex, but there are two recent developments that make the prospect of state-breaking more promising: [1] improvement in national security and [2] liberalization of trade. As the fear of forcible annexation diminishes and trade barriers fall, smaller states become feasible, and independent statehood looks more feasible for regions within states. Second, in roughly the same time period, the idea that there is a strong case for some form of self-government for groups presently contained within states has gained ground. Once one begins to take seriously the case for special group rights for minorities—especially if these include rights of self-government—it is difficult to avoid the question of whether some such groups may be entitled to full independence.
https://plato.stanford.edu/archIves/sum2020/entries/secession/
හැඳින්වීම
නවක මන්ත්‍රී දිලිත් ජයවීර හැරුණු විට අනිත් විපක්ෂ මන්ත්‍රීන් සියළු දෙනාමවාගේ අවලංගු කාසි හෙවත් චන්දදායකයින් විසින් පරදවා අළුයම් ලූ කෙළපිඬක්සේ ඉවත දැමිය යුතුව තිබුණු රොඩු ටිකක් පමණක්ම බව පසුගිය දින දෙක තුනේ ඔවුන්ගේ අන්දමන්දවූ හැසිරීමෙනුත් හොඳින්ම පැහැදිලි විය.
කෙසේ වෙතත් ඇමතිලාද ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීන් 159, කතාකල යුතු වෙනත් දැවෙන ප්‍රශ්ණ ඕනෑ තරම් තිබියදී, AKD අනුව යමින් ජාතිවාදී සින්දුව මුව හමකට තලන ගොවියා මෙන් වැමෑරුවේය. ජාතිවාදීන් කවුද, ආගමික අන්තවාදීන් කවුද යයි නම් වශයෙන්ම සඳහන් නොකරමින් ඔවුන් විසින් දැන හෝ නොදැන කරණ මේ <වනා වෙඩිතැබීමෙන්> ගම්‍ය වන්නේ ඔවුන්ගේ ඉලක්කය පොදුවේ සිංහල බෞද්ධ සමාජය යන්නය.
එසේ සිතෙන්නේ, මැතිවරණ සිතියම රතුපාටින් වැසී ගියා, ජාතික සමඟිය පැතුරුණා, උතුර–දකුණ යාවුනා, ඉල්ලුවාටත් වඩ බලයක් දුන්නා යයි කීමම පමණක් නොවේ. ගෝටාභයට දුන් චන්ද ගෙඩියපිටින්ම ඔවුන්ට ලැබුණ බව හෝ ප්රභාකරන් තමන්ගේ දෙවියා කියන මන්ත්‍රීට මතවාදී අභියෝගයක් කිරීමට හෝ ඔවුන්ට අමතක විය.
චන්ද්‍රිකා මැතිණියගේ නීලන්–ජීඑල්– ජයම්පති රට කැබලිකිරීමේ 1995-2000 පැකේජ් ඩීල් ජරමරය නැවත මිනීවලෙන් ගොඩ ගැනීමක් වැනිවූ රනිල්–සුමන්තිරන්–ජයම්පතිගේ 2018-19 ඔරුමිත්තනාඩු පාරේ යාම සිය චන්ද ප්රකාශනයේ සඳහන් කර තිබීම, හා 13-A පලාත් සභා මර උගුල දැන් දෙමල ජනයාගේ අයිතියක් වී ඇති බවත්, ලංකාව සිංහල බෞද්ධ ජනයාට ලෝකයේ ඇති එකම (කුඩා) ඉඩම් කැබැල්ල නොවේද යන ඓතිහාසික සත්‍යය අමතක කර දමමින්, එය මේ වනවිට බහු ජාතික–බහු ආගමික සමාජයක් වී ඇති බවත් යනුවෙන් AKD විසින් ඇමෙරිකාවේදී කල ප්‍රකාශද ආණ්ඩුවේ මෙම හැසිරීම පිටුපසින් හොල්මන් කරන්නේය.
යාපනේ චේ ගුවේරා හෙවත් අරුන් සිද්ධාර්ථ්
මන්ත්‍රීවරුන්ගේ මේ ජාතිවාදයට විරුද්ධ කතාවේ සැඟවුණ පණිවුඩය වනාහි සිංහල බෞද්ධයයි කියාගත් දේශපාලකයින් විසින් <බුද්ධාගමේ> නාමයෙන් යම් පන්සල් රවටා සිය පුද්ගලික වාසිය සඳහා කරණ ලද පව් (අපරාධ වලට) අසරණ සිංහල බෞද්ධ සමාජයට පොදුවේ දොස් පැවරීම ය. 1931 දී සිටම කරණ ලද මෙම අවභාවිතාවට විරුද්ධව එතෙක් අසරණව සිටි සිංහල බෞද්ධ ජනතාව ඔවුන් හැමදෙනාවම පරදවා AKD පක්ෂයට බලය ලබාදුන්නේ AKD විසින් වෛරය වෙනුවට මෛත්‍රීය තෝරාගත් නිසාය. මෙය අමතක කර එක දිස්ත්‍රික්කයක් හැර මුළු රටම රතුපාටින් වැසුණා යයි උදන් අණමින්, රටේ <ජනවාර්ගික ගැටළුව> සිංහල බෞද්ධයින් විසින් කල වරදක්සේ ඇඟවීම බෙදුම්වාදී දෙමළ කොටස්, ඇමෙරිකන් තානාපති හා මෝඩිව සතුටුකිරිමේ උත්සාහයක් විය හැකිය.
එසේ නැත්නම් ගෝල්පේස් ජරමරය කාලයේ මුස්ලිම් ස්ත්‍රියක් හාමුදුරුකෙනෙකුට කුඩයක් ඉහලාගෙන සිටීම ජාතික සමඟියට උදාහරණයක් ලෙස මාධ්‍යකාරයින් විසින්උලුප්පා දැම්මා වැනිය. ගෝල්පේස් කුමණ්ත්‍රණය රනිල්, ශානිඛ්යයන් කොළුගැටයා, දෙමළ ඊළම්කාරයින් (අලිරාජා/රංජන්), ඇමෙරිකන් තානාපති යනාදී දේශීය හා විදේශීය ඩොලර් ගනුදෙණුවක් බව ඒකාලයේ දීම මට නම් පෙනී ගියේය, එය වාර්තා කලේය. (ගෝල්පේස් අරගලය: රට කැබලි නොකර සිස්ටම් චේන්ජ් කිරීම, 2022). සිතියම රතුපාටවීම කෙසේ සිදුවීද යන්න පරිස්සමෙන් විමසා බැලිය යුතු සංසිද්ධියකි. උදාහරණයක් වශයෙන් යාපනේ චේ ගුවේරා හෙවත් අරුන් සිද්ධාර්ථ්ගේ භූමිකාව අමතක කල හැකිද? ඔහු යාපනේ කුලහීනයයි පීඩාවිඳින ජනයා අම්බෙඩ්කාර් මාවතේ ගෙනයමින් ඔවුන්ව අවදි කරමින් සිටී. මෙය උතුරේ පෙඩරල්–ඊළම් පිරිසටත්, විදේශ ඊළම් නඩවලටත්, යාපනේ ඉන්දියන් තානාපති කාර්යාලයට හා රෝ ඔත්තු සේවයටත් බලවත් අභියෝගයක් වී ඇත.
සිංහල බෞද්ධයයි කියා ගනිමින් අගමැති, ජනාධිපතිලාවූ පංචස්කන්ධ දෙමළ ජනවාර්ගික ප්‍රශ්ණය බෞද්ධ රාජ්‍යපාලන ප්‍රතිපත්තිවලට පටහැනි ලෙස හුදෙක් සිය පුද්ගලික දේශපාලන වාසිය සඳහා උපයෝගී කරගැනීම නිසා ඇතිවූ අහිතකර ආනිසංස වලට, මේ රට ගොඩනැගූ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පලිද?
දැණුම හා දැකුම
ජනාධිපතිතුමාත්, මන්ත්‍රීලා 159 ත් ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්ධය. ඔවුන් දරණ අදහස් ඔවුන්ගේ දැනුමේ හා දැකුමේ පිළිඹිබුවකි. යමෙකුගේ දැණුමට බලපාන්නේ කුඩා කාලයේ සිට ඔහුට/ඇයට ලැබෙන අත්දැකීම් හා තොරතුරුය (information). මෙම තොරතුරු දැණුම (knowledge) බවට පෙරළා ගැනීමේදී යමෙකුගේ පවුල් සමාජ පරිසරය, IQ (DNA) මඟින් යම් බලපෑමක් කරණවා නිසැකය. තවද ලැබෙන තොරතුරු ප්‍රමාණය හා ඒවායේ ගුණාත්මක භාවයද වැදගත්ය (quantity and quality).
උදාහරණයක් වශයෙන් පහතින් උපුටා දැක්වෙන කියමන් ගැන සිතා බලන්න.
1. දෙමළ ප්‍රශ්ණයට විසඳුම ඔවුන් ඉල්ලන දේ ඔවුන්ට දීමයි – නිර්මාල් රංජිත් දේවසිරි
2. ඉන්දියාවට පාලමක් දැමීමේ ඇති වරද කුමක්ද? – ශ්‍රීලාල් ලක්තිලක
3. ලංකාව ඉන්දියාවේ කොටසක් – හරීන් ප්‍රනාන්දු
4. මීතොටමුල්ලේ කුණු කන්ද ජේතවනාරාමය ලඟට ගෙනිහින් දාන්න– සමනලී ෆොන්සේකා
5. යුද්ධ කරන්නේ මොන ලබ්බෙන්ද (MR)? – තමුසෙ තියෙන ලබ්බෙන් කරනව – සෝමවංශ අමරසිංහ
6. කොළඹ සිංහල ආණ්ඩු දෙමළ ජනයා සමූල ඝාතනය කලා/කරණවා–විග්නේෂ්වරන්
7. SJVC විසින් දෙමළ රාජ්‍ය පක්ෂය ඇරඹුවේ 1949 ඉන්දියන් දෙමළ පුරවැසි පණත නිසාය – ජනාධිපති AKD
8. අපි අනුගමනය කරන්නේ මාක්වාදී ප්‍රතිපත්තියි – ඇමති ලාල් කාන්ත
9. තවත් බාර් පර්මිට් 300 ක් දෙන්නයි හිටියේ – රනිල් වික්‍රමසිංහ
10. පලාත් සභා වලට යළි ඔක්ෂිජන් නොදීම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවකි– රොහාන් සමරජීව (Daily Mirror, Dec. 9, 2024)
ඉහත සඳහන් කියමන් මෙන් නොව, <අපි ගමට අධිකරණ බලය දෙනවා, අපිට කොට්ඨාශ ශාඛා සමිති 13,000 ක් තිබෙනවා-ගම්වැසියන් මේ සමිතිවලට සහභාගීකරගෙන ගම හදනවා> යන ආණ්ඩුවේ ඇමතිලාගේ ප්‍රකාශ දෙක දේශපාලන පක්ෂයක තනි පාලනයක් සඳහා වන ප්ලෑනක් නොව, මුතු බෙල්ලාගේ ශරීරයට ඇතුළුවූ වැලි කැටයක්සේ බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති හා සම්මුතිවාදය මඟින් ආවරණය කරගතහොත් රටට ශුභදායි අනාගතයක් උදාකරගත හැකිවන්නේය
දයාන් හා මංගල
මෙහි ඉහතින් දැක්වෙන්නේ ලංකාවේ සියගණන් පංචස්කන්ධ විසින් කියන අදහස් අතරින් කීපයකි. මින් නිර්මාල් රංජිත් දේවසිරි යනු දරිත්‍රතාවය හා සමහර විට ගමේ කුලපීඩනයද නිසා කුඩා අවධියේ සිටම jvp පන්ති පහට ගිය අයෙකුගේ ප්‍රකාශයකි. සිය බ්ලොග් එක මඟින් මේ දිනවල ඔහු තටම තටමා කරන්නේ නොයෙක් පණ්ඩිත කතා ඉදිරිපත් කරමින් AKD ලාව නොමඟ යැවීමය.
සහරාන් සැමරීමට ඉඩ දෙමුද?
මෙහි සඳහන් නොවන දයාන් ජයතිලක 2009 දී ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉංගිරිස් ලණු දී ජීනීවා වලට ගොස් යුද ජයග්‍රහණය පාවාදුන් ක්‍රිස්තියානි, මාක්ස්වාදී හා 13 ප්ලස් මතයේ පප්පාය. ඔහුව තනතුරෙන් ඉවත් කරණවිට ඔහු රටට කල හානිය කර අවසානය. ඔහුට අනුව ඔහු ප්‍රොමෝට් කල උතුරේ මහඇමති අපේක්ෂක විග්නේෂ්වරන් මධ්‍යස්ථ දමිල දෙවියෙක් විය! ඔහු වර්ධරාජා පෙරුමාල්ගේ කැබිනට් එකේ සිට ප්‍රේමදාසට භයෙන් කලින්ම රටින් පැනගෙන පසුව ප්රේමදාගෙන් සමාව ගෙන ඔහුට බැලමෙහෙවර කල අයෙකි. මංගල සමරවීර යනු චන්ද්‍රිකාගේ සමයේ සුදු නෙළුම් ජාවාරමක් කල පසුව මෛත්‍රීපාල-රනිල් යහපාලන නඩය යටතේ සිංහල බෞද්ධයින්ගේ පැත්තෙන් බලනවිට රට ජාතිය පාවාදුන් ජාති භ්රෂ්ටයෙකි. ඔහු සමන්තා පවර්ගේ හා ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ සුවච කීකරු බලුපැටියෙක් විය.
ඉතිහාසය හා භූගෝල විද්‍යාව නොදැනීම
මේ සියල්ලටම වඩා දැන් වැදගත් වන්නේ ඉහත අංක 7 හා 8 යටතේ අනුර කුමාර හා ලාල් කාන්ත යන දෙන්නා ප්‍රදර්ශණය කරණ ඔවුන්ගේ දැණුම හා දැකුමේ දුබලතාවයය. දැකුමට බලපාන්නේ යමෙකුගේ දැණුමය. ඉතා කෙටියෙන් කියතොත් චෙල්වනායගම් දෙමළ පෙඩරල් පක්ෂය ආරම්භකලේ ඉන්දියන් පකිස්ථාන් පුරවැසි පණත නිසාම නොවේ. දෙමළ පක්ෂ කතාව 1921/23 කාලයේ සිට ආරම්භ වූවකි. අනික නම් 1949 පණතට පක්ෂව සමහර දෙමළ මන්ත්රීන්ද චන්දය දුන් බවය.
ලාල් කාන්තගේ අනවශ්‍ය ප්‍රකාශ අහක යන නයි අල්ලා ගැනීමකි. අද ලෝකයේ කොහේවත් මාක්ස්වාදී ආණ්ඩු නැත. ඇත්තේ ඒකාධිපති සමාජවාදය නම් ඇස්බන්ඳුමය. බුදු දහමේ මධ්‍යම ප්‍රතිපදාව අනුව රටක් පාලනය කිරීමේ අවශ්‍යතාවය දිනපතාමවාගේ ලෝක දේශපාලන අර්බුද ඉදිරියේ ඔප්පුවෙමින් පවතී. උදාහරණයක් වශයෙන් ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇතිවීමට යන සමාජ අර්බුදය 1978 සිට ලංකාවේ සිදුවු විනාශයට සමානය. වෛරය වෙනුවට මෛත්‍රීය යනු හැමෝම ඉල්ලන ප්රජාතන්ත්රවාදය හෙවත් සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත්වේවා යන බෞද්ධ සංකල්පය නොවේද? සේපාල් අමරසිංහ, සන්නස්ගල වැන්නන් විසින් අගය කරණ ඕමාර් කයියම් දිවි පැවැත්ම රටකට සන්තුෂ්ටිය ගේනවාද? ක්ලබ් වසන්ත, ගම්පහ මහානාම ගැන හිතන්න.
Part II
ලංකාව දකුණු ආසියාවේ පලස්තීනයක් නොකර, සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාට අනාගතයේ තෘප්තිමත් ජීවිතයක් ලඟාකර දිය හැකි මාර්ගයක් තිබේ. එය කුමක්ද?