දෙමළ ඩයස්පෝරාව, භික්ෂුන් හත් නමක් යොදාගෙන සිදුකිරීමට නියමිත බෙදුම්වාදී උගුලට හසුවන්න එපා – ජාතික සංවිධාන ජනපති අනුරට අනතුරු අඟවයි (වීඩියෝ)
Posted on December 13th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
දෙසැම්බර් මාසයේ 19 සහ 20 වැනිදා පැවැත්වෙන වැඩමුළුවක් මගින් දෙමළ ඩයස්පොරාව විසින් සකස්කළ හිමාලයා ප්රකාශනය නැතහොත් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ප්‍රමාණයක් රැගත් ලියැවිල්ල භික්ෂූන් වහන්සේලා හත් නමක් යොදා ගනිමින් ජනාධිපතිවරයාට භාරදීමේ සූදානමක් ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පවසන්නේ මෙවර ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී මෙන්ම ඊට පෙර පැවති මැතිවරණ වලදී උතුරේ දිස්ත්‍රික්ක 5ක සහ නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික්කවල ඡන්ද බෙදී යාම පිළිබඳව සැලකීමේ දී පරස්පර විරෝධී තත්වයක් පවතින බව ය.
ජනාධිපතිවරණයේ දී ඩයස්පෝරාවේත්, ඉන්දියාවේත් තේරීම වූයේ සජිත් ප්‍රේමදාස බවත්, එහෙත් මෙරට බහුතර ජනතාව තෝරාගනු ලැබුවේ අනුර දිසානායක මහතා බලයට ගෙන ඒම බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
සජිත් ප්‍රේමදාස ඔවුන් බලයට ගෙන ඒමට තීන්දු කරන්නේ ඔහු ලවා බන්දේසියක තබා මෙම බෙදුම්වාදී ඉල්ලීම් ප්‍රමාණය ඉටුකර ගැනීමට බවද ඒ මහතා සදහන් කරයි.
එහෙත් මේ රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාව සහ මෙරට සභ්‍යත්ව උරුමය වෙනුවෙන් පෙනී සිටි ජනතාව තෝරාගනු ලැබුවේ අනුර දිසානායක මහතා බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
එහෙත් ජනාධිපති ධුරයට පත්වූ අනුර දිසානායක මහතා ලවා දෙමළ ඩයස්පෝරාවේ අරමුණ වන බෙදුම්වාදී මාර්ග සිතියමේ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට ඔවුන් අද උත්සාහයක නිරත වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ පිළිබඳව තොරතුරු ඇතුළත් සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…