ලාල්කාන්තගේ වඳුරු කුණුහරුප සහ රිලා නැටුම් ගෝලීය ජෛව-තාක්ෂණික ආක්‍රමණයකට දොරටු විවරකිරීමක්ද?
Posted on December 13th, 2024

අජිත් සී හේරත්

ලාල්කාන්තගේ පළමු රාජකාරිය: රිලවුන්ට සහ වඳුරන්ට එරෙහි යුද ප්‍රකාශ කිරීම

පසුගිය නොවැම්බරයේ පැවැති මහ මැතිවරණයෙන් පසු බලයට පත් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සිදුවූයේ නොවැම්බර් 18 වැනිදාය. එම කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේ කේ.ඩී ලාල්කාන්තය. නොවැම්බර් මස 18 වැනි දින අමාත්‍යාංශය භාරගත් කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති ලාල්කාන්ත නොවැම්බර් මස 20 වැනි දින මෙරට ආහාර බෝග වගාවන්ට විශාල අනතුරක් සිදුකරන රිලවුන්ට සහ වඳුරන්ට එරෙහිව  අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී යුද ප්‍රකාශ කළේය‍. එම සාකච්ඡාවට අදාළ අමාත්‍යාංශවල දෙපාර්තුමේන්තුවල නියෝජිතයන්ට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායද සහභාගිවීම විශේෂ සිදුවීමකි. ඇතැම් විට රාවණ රජ සමයෙන් පසුව ලංකාවේ ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වන මට්ටමට වඳුරු හමුදා තර්ජනයක්” වර්තමානයේ පවතින බැවින්” යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායද මෙම සාකච්ඡාවට සහභාගිකරවා ගැනීම මැනවැයි ඇමැතිවරයා සිතන්නට ඇත.

කේ.ඩී ලාල්කාන්ත

මෙරට ගොවි ජනතාව මුහුණ දෙන දහසක් ප්‍රශ්න අතරින් ලාල්කාන්ත ඇමැතිවරයාගේ අවධානයට යොමුව ඇති පළමු සහ වැදගත්ම ප්‍රශ්නය රිලා සහ වඳුරු ” උවදුරය. මේ සම්බන්ධයෙන් යුද ප්‍රකාශ කිරීමට ඔහු දක්වා ඇති විශ්මය ජනක උනන්දුව දෙවැනි වන්නේ මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඩොලර් බිලියන 13.5කට වැඩි බැඳුම්කර හුවමාරු ගිවිසුමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ බ්ලැක්රොක් වැනි කොල්ලකාරි බැඳුම්කර හිමියන් සමග අත්සන් තැබීමට දක්වා ඇති උනන්දුවට පමණි. මෙම ගිවිසුම් කලින් පැවැති රනිල් වික්‍රමසිංහගේ දූෂිත ආණ්ඩුව විසින් දූෂිත මහබැංකු නිලධාරින් සමග කෙටුම්පත් කර ඇති ඒවා වන අතර නව රජයේ ස්ථාවරය වන්නේ එම ගිවිසුම් දිගටම ගෙන යා යුතු බවයි.

ලාල්කාන්ත ඇමැතිවරයාගේ රිලා සහ වඳුරු විරෝධී යුද්ධයද එම රනිල් වික්‍රමසිංහ රජයේම ප්‍රතිපත්ති සහ ගිවිසුම් ඉදිරියට ගෙන යාමක් බවට කිසිදු සැකයක් නැත. මක් නිසාද යත් කලින් පැවැති රජයේ කෘෂිකර්ම ඇමැතිවරයා වූ මහින්ද අමරවීරද මේ රිලවුන් සහ වඳුරන් චීනයට” අපනයනය කිරීම සඳහා 2023  අප්‍රේල් මාසයේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ බැවිනි. එමෙන්ම මහින්ද අමරවීර ඇමැතිවරයා සිය රිලා අපනයන උත්සාහයට සමාජ අනුමැතිය ලබාගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාලා සහ රජයේ ජනමාධ්‍ය යොදාගනිමින් විශාල ප්‍රචාරයක්ද දියත් කර තිබිණි. එහෙත් මෙම රිලා වඳුරු සංහාරක යුද්ධයේ පළමු වටයේදී පරිසරවාදින් එම සංහාරය වැලැක්වීමට සමත් විය. ජනතාව අතර විරෝධයට ලක්ව තිබූ රනිල් වික්‍රමසිංහ රජයේ කැබිනට් ඇමැතිවරයෙකු ලෙස ඔහුට තවදුරටත් එම උත්සාහය ඉදිරියට ගෙන යා නොහැකි විය. දැන් ලාල්කාන්ත කෘෂිකර්ම ඇමැතිවරයා විශාල ජනවරමක් සහිත ආණ්ඩුවක ඇමැතිවරයෙකු ලෙස මහින්ද අමරවීර නවත්වන ලද තැන සිට වැඩ අරඹා තිබේ.

මහින්ද අමරවීර

කෙසේ වුවද වඳුරන් සහ රිලවුන් මෙලෙස අපනයනය කිරීමට උත්සාහ දරන ලද පළමු අවස්ථාවේදී ඔවුන් විසින් වගාවට කෙරෙන හානි වැළැක්වීම” පිණිස එම සතුන් පිට රට පැටවීමට කටයුතු කරන බවට කිසිදු සඳහනක් නොවිණි. එවකට කෘෂිකර්ම ඇමැතිවරයාව සිටි මහින්ද අමරවීර thetime.lk වෙබ් අඩවිය හා 2023 වසරේ මුලදී ප්‍රකාශ කරතිබුණේ රිලවුන් ලක්ෂයක් චීනයට යැවීම සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා කරන ලද්දේ චීනයේ වෙසෙන ශ්‍රී ලංකා මහාචාර්යවරයෙකු සහ චීන ජාතිකයෙකු බවත්, මෙම යෝජනාවට වනජීවී ඇතුළු අදාළ විෂය ක්ෂේත්‍රවල ඉහළ නිලධාරීන් සියල්ලන්ගේ එකඟතාව ලැබී ඇති බවත් ය. නමුත් ඒ අවස්ථාවේදී වගා බේරාගැනීම සඳහා රිලවුන් රට පැටවීමේ අවශ්‍යතාව ගැන සඳහන් වූයේ නැත.

රිලවුන්ගෙන් සහ වඳුරන්ගෙන් වගා ආරක්ෂා කරගැනීම” පිළිබඳ සටන් පාඨය පෙරට දමන ලද්දේ පරිසරවේදීන්ගෙන් මතුවූ දැඩි විරෝධය හේතුවෙන් රිලවුන් අපනයනය කිරීමේ තම තීරණය සාධාරණීකරණය සඳහා නිර්මාණය කරන ලද ප්‍රති-ආඛ්‍යානයක් ලෙසය. මහින්ද අමරවීර සහ වනජීවි දෙපාර්තුමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන උල්ලංඝණය කරමින් සිදු කිරීමට ගිය එම නීති විරෝධී ජාවාරම නැවැත්වීමට පරිසරවේදීන්ගේ ප්‍රබල උද්ඝෝෂණ සහ නීතිමය ක්‍රියාමාර්ග සමත් විය.

චීන රජය අමරවීරගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාවෙන් වඳුරන් ලක්ෂයක් සඳහා චීනයේ පෞද්ගලික ආයතනයකින් තමන්ට ඉල්ලීමක් ලැබුණු බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මීට පෙර ප්‍රකාශ කර ඇත. එමෙන්ම එම ඉල්ලීමේ ශක්‍යතා සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන බවද ඔහු පවසා ඇත. කෙසේ වුවද චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් මගින් කියා සිටියේ චීනයේ කිසිදු පාර්ශ්වයකින් ශ්‍රී ලංකාවෙන් වඳුරන් ගෙන්වීම සඳහා ඒ සඳහා අවසර ලබා දෙන චීන ආයතනය වන චීන ජාතික වන විද්‍යා හා තණ බිම් පරිපාලන ආයතනය වෙත ඉල්ලීමක්  ඉදිරිපත්ව නැති  බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ. එමෙන්ම වඳවීමේ තර්ජනයට මුහුණපා සිටින ටෝකි මැකාකි (toque macaque) වඳුරන් පරීක්ෂණාත්මක අරමුණක් සඳහා චීන පෞද්ගලික සමාගමක් වෙත අපනයනය කිරීමට ශ්‍රී ලංකාව සුදානම්වන බවට දේශීය සහ විදේශීය ජනමාධ්‍යවල පළවූ පුවත් සාවද්‍ය පුවත් ලෙස චීන තානාපති කාර්යාලය විසින් බැහැර කර තිබේ.  වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල (CITES) ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ ගිවිසුමේ පාර්ශ්වයක් ලෙස චීනය   වනජීවී ආරක්ෂාව සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන බවත්   වනජීවී ආරක්ෂණ නීති සම්පාදනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනය ජාත්‍යන්තර වශයෙන් සිය වගකීම ඉහළින්ම ඉටුකරන රටක් බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මහින්ද අමරවීර නැවතූ තැන සිට

දැන් ලාල්කාන්ත ඇමැතිවරයා උත්සාහ දරන්නේ මහින්ද අමරසිංහ නැවැත්වූ තැන සිට ජාවාරම යළි ඇරඹීමටය. දේශපාලන බලයෙන් සහ ජනප්‍රියත්වයෙන් පිරිහී ගිය ආණ්ඩුවක කෘෂිකර්ම ඇමැතිවරයා වූ මහින්ද අමරවීරට කළ නොහැකි වූ දෙය පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් සහිත ජනප්‍රිය රජයක කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් තමන්ට කළ හැකි යැයි ලාල්කාන්ත සීතීම අරුමයක් නොවේ. මක් නිසාද යත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, බ්ලැක්රොක්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව ආදි ගෝලීයකරණවාදි බලවේගවල සහාය ජාතික ජනබලවේග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ලැබුණේ දේශපාලන වශයෙන් පිරිහීගිය රනිල් වික්‍රමසිංහ ලවා තමන්ට ඉටුකරවාගත නොහැකි වූ න්‍යාය පත්‍රය ජාතික ජනබලවේගය වැනි ජනප්‍රිය බලවේගයක් ලවා කරවාගැනීම පහසු වූ බැවින්ය.

ලංකාවේ ආණ්ඩුවලට ගෝලීය ජෛව-තාක්ෂණික පැසිස්ට්වාදයට යටත්වීමට සිදුව ඇත්තේ ඇයි

2022 ආර්ථික අර්බුදය ගෝලීයකරණවාදි බලවේග කල් තබා සැලසුම් කළ හයිබ්‍රිඩ් යුද මෙහෙයුමක් විය. සාගරය, ගොඩබිම, තොරතුරු, මනෝ විද්‍යාත්මක, සංජානන, ආර්ථික යන සියලු අවකාශයන්හි මෙම යුද්ධය දියත් වූ අතර එමගින් ශ්‍රී ලංකා රජයත් සියලු දේශපාලනය ආයතනත් සිවිල් සමාජයත් දේශපාලන සංවිධානත් පූර්ණ ලෙස යටත් කර ගැනිණි. 2022 දී සිදු වූයේ එම ක්‍රියාදාමයේ දේශපාලන කූටප්‍රාප්තියයි.

බොහෝ බහුජාතික සමාගම් ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපෘතින් ආරම්භ කර තිබුණේ 2022ටද පෙර සිටය. උතුරුමැද, වයඹ, නැගෙනහිර පලාත්වල ඇතුළු සියළු පලාත්වල සශ්‍රීක ඉඩම්වල හිමිකාරත්වය පිළිබඳව සමීක්ෂණ පැවැත්වීම සඳහා මෙම සමාගම් විශ්ව විද්‍යාල ඇදුරන්ට කොන්ත්‍රාත් බාරදී තිබූ අතර ඔවුන් ඒවා සඳහා විශ්ව විද්‍යාල සිසුන්ට තුට්ටු දෙකක් ගෙවමින් සමීක්ෂණ කණ්ඩායම් ගොඩ නගා ගෙන තිබිණි. මේ අයුරින් අධ්‍යාපනය, සෞඛ්‍ය කෘෂිකර්මය,මූල්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍රවල රජයේ ආයතන තුළ ගෝලීයකරණවාදි න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීමට පුහුණු කරන ලද ඒජන්තයන් එම ආයතනවල බලගතු තනතුරු මත අරක් ගනිමින් සිටියහ. 2022 දී ආර්ථිකමය වශයෙන් රටේ ගෙල සිරකරමින් එක්සත් ජනපදයේ ඉන්දු-පැසිෆික් ආඥාවේ තුවක්කු ලංකාවේ හිසට එල්ලකරමින් උපායමාර්ගික වශයෙන් ස්ථානගතවෙමින් සම්පත් කොල්ලය ඇරඹුහ.

විශ්‍රාම වැටුප් අරමුදල් කොල්ලකෑම, වනාන්තර, ජල සම්පත්,වෙරල, වරායන් සහ සාගර සම්පත්, ඛණිජ සම්පත් කොල්ලකෑම සඳහා විවිධ න්‍යාය පත්‍රයන් කල්තබාම සකස් කර තිබූ අතර බංකොලොත් බව ප්‍රකාශ කරන ලද රට මත ඊනියා ණය ප්‍රතිව්‍යුහගතකරණයේ නාමයෙන් ඒවා පටවන ලදි. රනිල් වික්‍රමසිංහ බලයට පැමිණි වහාම නිල් සහ හරිත බැඳුම්කර අත්සන් තබන ලදි. මේවා මගින් සාගරය සහ ස්වභාවධර්මයේ පාලන කටයුතු බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් වෙත පැවරේ. ණය වෙනුවට ස්වභාවධර්මය හුවමාරුකරණ මූල්‍ය මෙවලම යටතේ ලංකාවේ වනාන්තර සහ වනජීවින් විවිධ පර්යේෂණ සඳහා පවරා දීමට මෙන්ම ජාන සම්පත් සඳහා පේටන්ට් අයිතිය ලබාදීමටද විවිධ එකඟතාවන් ඇති කරගෙන තිබිණි. දැන් සිදුවෙමින් පවතින්නේ මෙම පවරාදීමේ ක්‍රියාවලිය සඳහා නීතිමය පදනමක් ලබාදීමට අවශ්‍යවන ආඛ්‍යානයන් ගොඩ නගමින් ඒ හරහා මහජන අනුමැතිය ලබාගැනීමයි.

මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමැතිවරයා යටතේ අදාළ ඉලක්කය සපුරාගැනීමට ගෝලීයකරණවාදි ජෛව-තාක්ෂණික සමාගම්වලට නොහැකි වූයේ පරිසර සංවිධානවල විරෝධතා ව්‍යාපාර සහ ඔවුන් විසින් ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙනි. එහෙත් දැන් රටේ ජනතාව 2/3 බලයක් සහ ආණ්ඩුවක් පත් කර තිබේ. පරිසරවේදී සංවිධාන බියගැන්වීම සඳහා අවශ්‍ය සමාජ බලය මෙන්ම දේශපාලන බලයද හිමි ජාතික ජනබලවේගය ජෛව තාක්ෂණික සමාගම්වල න්‍යායපත්‍රය ඉටුකිරීමට භාරගෙන තිබේ.‍
ලාල්කාන්ත කෘෂිකර්ම සහ පශුසම්පත් ඇමැතිවරයා වෙත බහුජාතික ජෛව-තාක්ෂණික සමාගම් විසින් පවරා ඇති පළමු කොන්ත්‍රාත්තුව වූයේ මහින්ද අමරවීරට ඉටු කළ නොහැකි වූ කාර්ය භාරය ඉටු කිරීමයි. තමන් අමාත්‍යාංශයේ වැඩ භාරගත් දිනට දින දෙකකට පසු ආහාර බෝග වගාවන් විනාශ කරන” වල් සතුන්ට එරෙහිව ඔහු විසින් යුද්ධ ප්‍රකාශ කරන ලද්දේ එහෙයිනි.

ඇමැති ලාල්කාන්තට පක්ෂව උද්ඝොෂණ

ඔහු විසින් නැවතත් මහින්ද අමරවීරගේ ව්‍යාපෘතිය පටන්ගැනීම පිළිබඳව පරිසර සංවිධානවල විරෝධය පලවිය. මෙය ලාල්කාන්ත සහ අදාළ ජෛව තාක්ෂණික සැලසුම ක්‍රියාත්මක සිටි පිරිස අපේක්ෂා නොකළ දෙයක් නොවීය. මෙවැනි ව්‍යාපෘති සඳහා සිනාරියෝ සැලසුම්” ගොඩ නගන විශේෂඥයෝ සියලු සම්භාවිතාවන් සහ අපගමනයන් සැලකිල්ලට ගන්නා බැවිනි. ඒ අනුව යළිත් වරක් ගෝලීයකරණවාදි සමාජ මාධ්‍යජාලා ක්‍රියාකාරිකයන්ගේ කුලී  ප්‍රචාරක බලකාය සක්‍රිය කරන ලදි. මෙවර පරිසරවේදීන්ට එරෙහිවය. ඒ අතරම විවිධ ගොවි සංවිධාන පාරට කැඳවමින් ලාල්කාන්තට පක්ෂව සහ පරිසරවේදීන්ට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන ලදි. මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමැතිවරයා යටතේ සිය ජෛව-තාක්ෂණික පැසිස්ට් න්‍යාය පත්‍රය ක්‍රියාවට නංවාගැනීමට සමාගම්වලට නොහැකි වූයේ ඒ සඳහා සමාජ අනුමැතිය ලත්” මෙවැනි පාබල හමුදාවක් නොවීම හේතුවෙනි. දැන් ලාල් කාන්ත සහ ජාතික ජනබලවේගය යටතේ බිම් මට්ටමේ සේනාංකයක්” ගොඩ නගා ගැනීමට ගෝලීයකරණවාදි සමාගම් සමත්ව සිටිති. ඔවුන්ගේ බියගැන්වීම්වල පළමු ගොදුර වූයේ පරිසරවේදීන්ය.

ආඛ්‍යානය ගොඩ නැගීම

ජාතික ජනබලවේග ආණ්ඩුව සිය ආඛ්‍යානය පියවරෙන් පියවර ගොඩ නංවන ලද ආකාරය  පහත පුවත්වලින් වලින් වටහාගත හැකිය. සම්පූර්ණ පුවතට මෙම පුවත් සිරස්තලය මත ක්ලික් කිරීම මගින් හෝ ලිපිය අවසන ඇති ඇමිණුම මගින් ප්‍රවේශ විය හැකිය.

ලාල්කාන්ත රිලවුන් පසුපස පන්නමින් වැඩ අරඹයි.!
වගා වනසන සතුන්ට ඕනෑම දෙයක් කරන්න..- ලාල් කාන්ත
ඇමැති ලාල්කාන්තගේ ප්‍රකාශය ගොවීන්ව නීති විරෝධී ක්‍රියා සඳහා පෙළඹවීමකි..!-සජීව චාමිකර ලියයි
වගා හානි සිදු කරන වන සතුන් විනාශ කළ යුතුයැයි ලාල් කාන්තගේ මතයට පක්ෂව තරුණ සංවිධාන විසින් පරිසර සංවිධානවලට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වේ
ලාල්කාන්ත ඇමැති කොහොම කිව්වත් අලි මරන්න තහනම් – නීති උපදේශක රවීන්ද්‍රනාත් දාබරේ
ඇමැති ලාල්කාන්තගේ රිළා කතාවට පරිසර සංවිධාන කැළඹේ
රිලවුන් මර්දනයට ඒකකයක් හදන්නැයි කියයි..
රිළවුන් නිසා කපුටන් ඇතුළු කුරුල්ලන් බරපතළ ලෙස අඩුවෙලා..- නියෝජ්‍ය ඇමැති
රිලව් අල්ලන්න, අලි පටවන්න ආණ්ඩුවට සල්ලි නෑ.. ලාල්කාන්ත කී විදිහට කරපල්ලා.. – රාජාංගනේ හිමිගෙන් පණිවුඩයක්..
වන සතුන් පාලනයට මට වඩා හොඳ යෝජනා තිබේ නම් දෙන්න.. ඇතැයි කියා සිතන්නේ නෑ.. ලාල්කාන්ත
රිළවුන් වන්ධ්‍යාකරණය කිරීමේ පළමු නියමු ව්‍යාපෘතිය මාතලෙන්-බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති
අක්කර පනහක රිලා හිරගෙයක්.. ලංකාවෙම රිලවුන් ඒකට..

පරිසරවේදීන්ගේ විරෝධතා

සිය වගාවන් විනාශ කිරීමේ නිරත රිලවුන් වඳුරන් ඇතුළු වන සතුන් මරාදමන ලෙස ප්‍රකෝපකාරි ප්‍රකාශයක් ලාල්කාන්ත විසින් නිකුත් කරන ලදි. මෙයට පරිසර සංවිධානවලින් මෙන්ම විවිධ අංශවලින් විරෝධය පලවිය. නමුත් මෙය ආඛ්‍යානය ගොඩනැගීමේ ක්‍රියාදාමයේම  ඊළඟ පියවර ලෙස සැලසුම් සහගත ලෙසම කරන ලද ප්‍රකාශයක් මිසෙක හැඟීම්බරව වනසතුන් මරාදැමීමේ අරමුණින් කරන ලද්දක් නොවීය. සැබැවින්ම ආඛ්‍යානයේ අවසන් ඉලක්කය වූයේ ජීවි තාක්ෂණ විද්‍යාත්මක පර්යේෂණවලට ලංකාවේ රිලවුන් සහ වඳුරන් යොදාගැනීම සඳහා අවශ්‍ය පරිදි වනජීවි සංරක්ෂණ නීති සංශෝධනය කිරීමයි.

රිලවුන් මරාදැමීමේ බරපතල පාප ක්‍රියාව” කිරීමෙන් වැළැකීම සඳහා ඔවුන්ව වඳබවට පත්කිරීමේ තරමක් බරපතල කමින් අඩු” යෝජනාවට සහාය දීම සාපේක්ෂව යහපත් යැයි සිතන්නන් සිය න්‍යාය පත්‍රයට පක්ෂව  සක්‍රිය කරවීම මෙහි අරමුණ විය.

ලාල්කාන්තගේ ප්‍රකාශයට පක්ෂව රාජාංගනේ සද්ධාරත්න භික්ෂුව මෙසේ ප්‍රකාශ කරන ලදි.

රාජාංගනේ සද්ධාරතන භික්ෂුව

හේයි! පරිසරවේදීන්, පරිසර සංවිධාන කියාගත්ත පරයින්ට කියන්නේ.පර බැල්ලියන්ට කියන්නේ. මෙච්චර කාලයක් මේ රට වනසපු හොරුන්ට කියන්නේ. දැන්වත් සද්ද නැතුව රට කරන එවුන්ට කරන්න දීලා පාඩුවේ හිටපල්ලා. ”

මෙම භික්ෂුවගේ ප්‍රකෝපකාරි ප්‍රකාශයන් එල්ලවී ඇත්තේ පරිසරය සහ වනජීවින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පරිසර ක්‍රියාකාරිකයන්ට එරෙහිවය. පසුගිය ආණ්ඩුවල දේශපාලනඥයන්, හමුදා නිලධාරින්, පොලිස් නිලධාරින් මෙන්ම භික්ෂූන්ද පරිසර විනාශයන්ට දායක වී තිබේ. අනුරාධපුරයේ නාමල් උයන දේශපාලනඥයන්ගේ ආශ්ර්වාදය ලත් භික්ෂුන් විසින් විනාශ කරන ලද එවැනි ස්වාභාවික වන සංරක්ෂිතයකි.

වනාන්තර සහ ස්වාභාවික රක්ෂිතයන් විනාශ කිරීම නිසා අවතැන් වූ සතුන් ගම් වදින විට එයට හේතුව” ඔවුන්ගේ අධික බෝවීම” යැයි නිගමනය කරමින් ඔවුන්ව වන්ධ්‍යාකරණයට ලක්කිරීමට, අපනයනය කිරීමට හෝ මරාදැමීමට ආණ්ඩුවක් තීරණය කරන විට එයට එරෙහිව පරිසර සංවිධාන ක්‍රියාත්මකවීම ස්වාභාවික ප්‍රතික්‍රියාවක් වන අතර ඔවුන්ට එරෙහිව මෙවැනි ආවේගශීලි භික්ෂූන් යොදාගැනීම සිදු කර ඇත්තේ පරිසරවේදීන් බිය ගැන්වීම සඳහාය.

ආඛ්‍යානයන් දෙකක් සහ පොල් බෑ දෙකක්

පොල් ඵලදාව වනසන වඳුරන් පොල්මිල ඉහළයාමට හේතුව ලෙස දක්වමින් සමාජ මාධ්‍යජාලා ඔස්සේ ප්‍රචාරය වූ පණිවිඩයක්

වඳුරන්ගෙන් සහ රිලවුන්ගෙන් ආහාර බෝගවගාවන්ට වන හානිය පිළිබඳ ආඛ්‍යානය උපරිම ලෙසින් වර්ධනය කරමින් පවතිද්දි වර්තමාන පොල් හිඟය සහ පොල්ගෙඩියක මිලගණන් ඉහළයාම පිළිබඳ ආඛ්‍යානයද එයට සම්බන්ධ කර ප්‍රවර්ධනය කරන ලදි. රිලවුන් සහ වඳුරන් පොල් ඵලදාව විනාශකරන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විසරණය විය. මෙමගින් පරිසරවේදින්ට එරෙහිව බරපතල”ප්‍රායෝගික තර්කයක්” නිර්මාණය කර ඔවුන්ව ජනතා බලය” භාවිතා කරමින් පසුබස්සවනු ලැබිණි.
පොල්හිඟයට බලපාන ලද සැබෑ කරුණු වසන් කරනු ලැබිණි. පොල් කුරුමිණි (පොල් මයිටා) උවදුර ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය කාලයේ බහුල ලෙස පොල් වැවිලි සහිත දිස්ත්‍රික්කවල පොල් ගස් දසදහස් ගණන් කපා විනාශ කිරීම, පොල් ඉඩම් කට්ටි කර විකිණීම, පොහොර භාවිතය අඩුවීම, පොල් ඇසුරෙන් නිෂ්පාදනය කරන සකස් කරන ලද ආහාර අපනයන වැඩිවීම ආදි කරුණු සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් රිලා සංහාරය යුක්ති සහගත කිරීම සඳහා එම ප්‍රශ්නයද යොදා ගැනිණි.

පරිසරවේදීන් හමුවේ ඇති විකල්පය කුමක්ද? ආණ්ඩුවේ ආඛ්‍යාන උගුලේ සිරවීමද?

දැන් පරිසරවේදීන් හමුවේ විකල්ප දෙකක් ඇත. එක්කෝ ආණ්ඩුවේ මෙම විනාශකාරි මැදිහත්වීමට එරෙහිව සිය අරගලය දිගටම ගෙනයාමය. නැතහොත් ආණ්ඩුව සහ ජෛව-තාක්ෂණික සමාගම් විසින් ගොඩනගමින් සිටින ආඛ්‍යානය ඔස්සේ ගමන්කරමින් ආණ්ඩුවට අවශ්‍ය තැනට ගමන් කිරීමය.

රිලා සහ වඳුරු වන්ධ්‍යාකරණය සර්වරෝගනාශකය ලෙස

මේ අතර ආණ්ඩුවේ විවිධ අංශවල දේශපාලනඥයන් දැන් තවදුරටත් ආඛ්‍යානයේ ඊළඟ පියවරයන් සංවර්ධනය කිරීමට දායක වෙමින් සිටිති. ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන රිලා උවදුර හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ කුරුළු ගහණය බරපතල ලෙස අඩුවී ඇතැයි පවසා තිබේ. රිලවුන් කුරුලු කූඩූ විනාශකර බිත්තර හා පැටවුන් කා දමන බවත් මේ නිසා පරිසර පද්ධතියේ සමතුලිතතාව බරපතල අවදානමකට ලක්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. එහෙත් ඔහු මේ බව දැනගත්තේ කවර ආකාරයක පර්යේෂණයක් මගින්දැයි අනාවරණය කර නැත. ජාතික ජනබලවේගයේ බර අවි” සිතන්නේ ඔවුන් පවසන ඕනෑම බේගලයක් ජනතාව විසින් පිළිගත යුතු බවයි.

මේ අතර වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න සිය නමටම ගැලපෙන” විද්‍යාවට රත්නයක් බඳු” විසඳුමක් ඉදිරිපත් කරමින් අක්කර පනහක් පුරා පැතිරෙන රිලා සිරගෙයක් හදන ලෙස යෝජනා කර තිබේ. මෙහි අක්කර 25ක් රිලවුන් සඳහාද ඉතිරි අක්කර 25 රිලවියන් සඳහාද සාධාරණ ලෙස වෙන් කළ යුතු බව කියමින් ඔහු තම අගනා සැලසුම තවදුරටත් විස්තර කර තිබේ.

රිලවුන් සහ වඳුරන් අපනයනය කිරීමට හෝ මරාදැමීමට එරෙහිවන්නවුන්ට තුන්වැනි විකල්පයක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබේ. ඒ ඔවුන් වන්ධ්‍යාකරණයට සහ ඒ මුවාවෙන් ජෛව-තාක්ෂණික අත්හදාබැලීම්වලට ලක්කිරීමය. දැනටමත් බොහෝ පරිසරවේදීන් මේ විකල්පය තෝරාගෙන ඇත්තේ සැබැවින්ම ආණ්ඩුවට ඔවුන් යොමුකිරීමට අවශ්‍යවූයේද එතැනට බව නොදැනය.

මාතලේ වඳුරු විරෝධී වන්ධ්‍යාකරණයේ නියමු ව්‍යාපෘතියේ නියමුවා බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති

පරිසරවේදීන් පසුබසිද්දී ලාල්කාන්තගේ සහ ජෛව තාක්ෂණික මාෆියාවේ ආඛ්‍යාන ක්‍රීඩාව ජයගනී- වන සතුන් විනාශය ඇරඹේ

කෙසේ වුවද කලින් සැලසුම් කර ඇති පරිදිම දැන් මහින්ද අමරවීර විසින් ආරම්භ කරන ලද්දාවූත් දින 20ක් වැනි කෙටිකාලයක් තුළ ලාල් කාන්ත විසින් අවසන් අදියර සාර්ථකව සංවර්ධනය කර ඇත්තාවූත් ආඛ්‍යානය එහි ඉලක්කයන් සම්පූර්ණ කරගෙන තිබේ. එනම් මෙරට රිලා, වඳුරු සහ සෙසු වනසත්ව ගහණයන් වන්ධ්‍යාකරණයටත් ඒ මුවාවෙන් වෙනත් ජාන සංස්කරණ පර්යේෂණයන්ටත් ලක්කිරීමට අවශ්‍ය නීතිරීති ඉදිරියේදී, බොහෝ දෙනාගේ ආශිර්වාදය සහ අත්පොළසන් මත ක්‍රියාවට නැගෙනු ඇත.
විශ්මයකට මෙන් රිලවුන් වන්ධ්‍යාකරණ පිළිබඳ සටන්පාඨ ඉහිලින්ම ඔසවාගෙන දුවන්නේ ඒ සඳහා වගකිව යුතු ආමාත්‍යාංශවල ඇමැතිවරුන් නොවේ. එය කෘෂිකර්ම ඇමැතිවරයා වන ලාල්කාන්තට අයත් කාර්යයක්ද නොවේ. එය අයත් වනජීවි සංරක්ෂණ විෂයයටය.
බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති  ගමගෙදර දිසානායක පසුගිය දිනෙක පවසා තිබුණේ රිලවුන් බෝවීම පාලනය කිරීම සඳහා වන්ධ්‍යාකරණය කිරීමේ පළමු නියමු ව්‍යාපෘතිය මාතලෙන් අරඹන බවය. ඔහු මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වැඩිදුරටත් කියා සිටියේ මෙම නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4.5 ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙන්කර තිබෙන බවය. රිලවුන් වන්ධ්‍යාකරණය කිරීම සඳහා පශු වෛද්‍යවරුන්ගේ සහාය ගන්නා බවත්, මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය. උගුල් කූඩු යොදා අල්ලා ගනු ලබන රිලවුන් ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානට රැගෙන ගොස් වන්ධ්‍යාකරණය කර නැවත එම ප්‍රදේශයට ගෙනවිත් දැමීමට නියමිත බවත් ඇමැතිවරයා පවසා තිබේ.

ලාල්කාන්ත ඇමැතිවරයා වගා හානි කරන සතුන් සම්බන්ධව තමා කළ පාර්ලිමේන්තු කතාවට රටේ පරිසරවේදීන්, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් ඉදිරිපත් කළ යෝජනා වලට තමා ස්තුති වන්ත වන බවත් ඔවුන් සතුව ඊට විධිමත් වැඩපිළිවෙළක් ඇත්නම් එය තමා වෙත භාරදෙන ලෙසත් ඉල්ලා සිටින බවත් පැවසීය. වගා හානි කරන සතුන් සම්බන්ධයෙන් පරිසරවේදීන්ට හෝ යම් පාර්ශ්වයකට විධිමත් වැඩපිළිවෙළක් ඇත්නම් එය ලබාදෙන ලෙසත් ඒ අනුව ක‍්‍රියාකිරීමට සුදානම් බවත් පැවැසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එවැනි නිශ්චිත යෝජනාවක් ඔවුන් තුළ දැනට ඇතැයි තමා විශ්වාස නොකරන අතර තම අමාත්‍යාංශය හරහා ඊට අවශ්‍ය පුළුල් වැඩ පිළිවෙළක් මේ වන විටත් සකසමින් යන බවය.

ලාල්කාන්ත ඇමැතිවරයා පවසා ඇත්තේ තමා විසින් වැඩ පිළිවෙලක් සකස් කරමින් යන බවය. එසේ නම් බුද්ධශාසන නියෝජ්‍ය ඇමැතිවරයා පවසන නියමු ව්‍යාපෘතිය ඇරඹීමට රුපියල් මිලියන 4.5ක මුදලක් වෙන් කර ඇත්තේ තවමත් සකසා නැති වැඩපිළිවෙළක් හරහාද?

අජන්තා පෙරේරා

මේ අතර ඇතැම් පරිසරවේදිනියන්” දැනටමත් ආණ්ඩුවේ ආඛ්‍යානය වෙත ගාල් වෙමින් සිටින බව ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරිනි ආචාර්ය අජන්තා පෙරේරා 2024 දෙසැම්බර් 14 වැනි දින ප්‍රකාශ කර සිටියේ හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා චීනයට රිලවුන් යැවීම සඳහා මෙතරම් මහන්සි වෙන්නේ එක රිලවෙකුට ඩොලර් පනස් දහසක් ලබාදෙන නිසා බවය. අයවැය පියවා ගැනීමට නොහැකිව රිලවුන් මරා හෝ අයවැය පියවා ගැනීමට උත්සාහයක් දරන බවද පැවසුවාය. රිලවුන්ට අත නොතියන ලෙසද ඉල්ලා සිටි ඇය රිලවුන් වන්ධ්‍යකරණය ආරම්භ කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් එම වැඩපිළිවෙළට එකඟ බවත් සඳහන් කලාය.පසුගිය රජය විසින් රිලවුන් චීනයට යැවීමට එකග වූ ගිවිසුමේ අන්තතර්ගතයහෙලි කරන්නැයි ඉල්ලමින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇය මේ අදහස් පළ කරතිබේ

දැන් මේ සියල්ල කල් තබා සැලසුම් කරන ලද රංගනයක පියවර බව ඔබට පැහැදිලි විය යුතුය. ආණ්ඩුව පත්වී දින 2කින් එනම් 2024 නොවැම්බර් 20 වැනි දින ලාල්කාන්ත ඇමැතිවරයා රිලවුන් සහ වඳුරන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ඉන් දින 22කට පසුව බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැතිවරයා පවසන්නේ රිලවුන් වන්ධ්‍යාකරණය සඳහා රුපියල් මිලියන 4.5ක මුදලක් වෙන් කර ඇති බවය. මෙම මුදල් වෙන් කරන ලද්දේ කෙසේද? ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේද? නැතහොත් මෙම මුදල් ලබාදී ඇත්තේ රිලවුන් සහ වඳුරන්ව ජෛව විද්‍යාත්මක අත්හදා බැලීම් සඳහා යොදාගන්නා විදේශීය ජෛව තාක්ෂණික සහ ඖෂධ සමාගම් විසින් ද? රිලවුන් සහ වඳුරන් වන්ධ්‍යාකරණයට ලක් කිරීමට පෙර රිලා සහ වඳුරු ගහණයන් අධික ලෙස වර්ධනය වීමක් පිළිබඳව වාර්තා කෙරෙන සමීක්ෂණ සහ පර්යේෂණ වාර්තා තිබේද? ඒවා පවත්වා ඇත්තේ කවුරුන් විසින්ද? රිලවුන් වඳකිරීමට මුදල් වෙන්කිරීමට පෙර අදාල තොරතුරු සමාලෝචනයකට ලක්කර තිබේද?

මේ වනවිටත් මෙම රිලා වඳුරු වන්ධ්‍යාකරණය මාතලේ දිස්ත්‍රික්කය තුළ දියත් කර තිබේ. මෙම වන්ධ්‍යාකරණ සැලසුම සහ ඒ මුවාවෙන් සිදු කරන වෙනත් ජෛව විද්‍යාත්මක අත්හදා බැලීම්  දින 22 ක්  ඇතුළත ආණ්ඩුවට සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබේද? ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන සපයාගැනීම, අවශ්‍ය ඖෂධ සහ උපකරණ ඇණවුම් කිරීම මේ ආණ්ඩුව විසින් දින 22ක් ඇතුළත කරන ලද්දේ කෙසේද?  නැතහොත් මේ සියල්ල කලින් ආණ්ඩුව යටතේම  ජෛව තාක්ෂණික සමාගම් විසින්  සංවිධානය කර තිබු දේවල්ද?

මෙහිදී තාර්කිකව එළැඹිය හැකි එකම නිගමනය ශ්‍රී ලංකාවේ රිලවුන් සහ වඳුරන් යොදාගනිමින් කිසියම් රහසිගත ජෛව විද්‍යාත්මක අත්හදා බැලීමක් කිරීමට නියමිතව තිබූ බවත්  ලාල්කාන්ත කෘෂිකර්ම ඇමැතිවරයා විසින් සිදු කර ඇත්තේ ඒ සඳහා ආවරණයක් සැපයීම සඳහා ගොඩ නංවනලද ආඛ්‍යානයට දායක වීම පමණක් බවත්ය. ලාල්කාන්ත පමණක් නොවේ.  සමන්ත විද්‍යාරත්න, ගමගෙදර දිසානායක, ප්‍රසන්න ගුණසේන වැනි ඇමැතිවරුද ඉටුකලේ මේ නාටකයේ ජෝකරයන්ගේ කාර්යභාරයයි. ඒ අතර ලාල්කාන්ත කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් සිය බලය භාවිතා කොට පරිසරවේදීන්ට එරෙහිව ගොවි ජනතාව උසිගන්වන ලද්දේ සමාජ මාධ්‍යජාලා  ක්‍රියාකාරිකයන් දෙන ලද ආඛ්‍යානයට ” අනුව පසුබිම් ගායනා කිරීමේ  සුපුරුදු කටයුත්තේ නිරතව සිටින අතරතුරය.

සැබෑ අරමුණ කුමක්ද?

මෙම රිලවුන්ගෙන් වගාවලට සිදුවන හානි පිළිබඳව ගොඩ නැගෙමින් පවතින ආඛ්‍යානය පිටුපස පවත්නා සැබෑ අරමුණු මොනවාදැයි වටහා ගැනීම ඉතා වැදගත්ය.

මේ වනවිට ලෝකය පුරාම රිලවුන් වඳුරන් වැනි ප්‍රිමාටයන් යොදාගනිමින් සිදු කරන ජාන සංස්කරණ පර්යේෂණ සහ අත්හදා බැලීම් විශාල වශයෙන් සිදුවෙමින් පවතී. ඒ මෙයට කලින් සිදු වූ සාමාන්‍ය ඖෂධ අත්හදා බැලීම් සඳහා සිදුවූ පර්යේෂණයන්ට අමතරවය. පසුගිය වසර කීපය තුළදී ඊනියා කොවිඩ්-19 වසංගතය මැඩීමට යැයි කියමින් හඳුන්වා දෙන ලද එන්නත් නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලද mRNA තාක්ෂණය දැන් බොහෝ රෝග සඳහා භාවිතා කිරීමට ඖෂධ සමාගම් සැලසුම් කර ඇති බැවින්ද, ජාන ඉංජිනේරුකරණය සඳහා CRISPR -CAS9 නම් නවතම තාක්ෂණය ,(Clustered Regularly Interspaced Short Palindromic Repeats-CRISPR) හඳුන්වා දුන් පසුව එය භාවිතා කරමින් ප්‍රිමාටයන්ගේ සහ ක්ෂිරපායින්ගේ සහ වෙනත් සත්වයින්ගේ ජාන ගෙනෝමය සංස්කරණය කිරීමේ පර්යේෂණ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින්ද වඳුරන් සහ රිලවුන් වැනි මානව කල්පික ප්‍රිමාටයන් සඳහා ජෛව තාක්ෂණික සමාගම්වලින් ලැබෙන ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ඉන්ෆ්ලුවන්සා වෛරසයේ වඩාත් හානිකර විකෘති ප්‍රභේදයන් නිර්මාණය සඳහා වන පර්යේෂණවලට වඳුරන් යොදා ගැනීම

ප්‍රොජෙක්ට් වෙරිටාස්” නම් වැඩ සටහන මගින් රහසිගතව පටිගත කළ සංවාදයකදී ෆයිසර් ඖෂධ සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන උපාය මාර්ගික මෙහෙයුම් සහ තාක්ෂණය පිළිබඳ විද්‍යාත්මකසැලසුම් සකස් කිරීමේ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෝර්දාන් ට්‍රිෂ්ටන් වෝකර් හෙළි දරවු කර ඇති පරිදි වඳුරන් තුළට විවිධ වෛරස් වර්ග ඇතුළු කරමින් ඒවා විකෘතික ප්‍රභේද ඇති කිරීමට සලස්වන බවයි. නමුත් මෙම පර්යේෂණ Gain of Function” වර්ගයට අයත් ඒවා බව පිළිගැනීම ජෝර්දාන් ප්‍රතික්ෂේප කරයි. ඔහු එම පර්යේෂණ විස්තර කරන්නේ දිශානුගතකරන ලද පරිණාමය”(Directed Evolution) ලෙසයි. මක් නිසාද යත් වෛරස්වල ක්‍රියාකාරිත්වය හැසිරවීම සඳහා ඒවායේ ජාන විකෘතිකරණය හෙවත් Gain of Function” සඳහා වන පරීක්ෂණ එක්සත් ජනපදය තුළ තහනම් බැවිනි. ඔහු පවසා ඇත්තේ ෆයිසර් සමාගමේ පර්යේෂකයන් විසින් වෛරස්වල විකෘතින් තෝරාගනිමින් ඒවා වඩාත් හානිකර වන්නේ දැයි සොයා බලන බවය. මෙහි තේරුම එම වෛරස් ප්‍රභේදයන් ඖෂධ සමාගම්වල විද්‍යාගාර තුලදී වඩාත් හානිකර දිශාවන්ට පරිණාමය වීමට සලස්වන බවය. ඔහු එය සාධාරණීකරණය කරන්නේ එමගින් වසංගත ඇතිවීමට පෙර ඒවා හඳුනාගෙන ඒසඳහා එන්නත් සංවර්ධනය කිරීමට හැකි වන බවය. නමුත් පසුගිය කොවිඩ්-19 වසංගතය සඳහා එන්නත් අලෙවියෙන් ඩොලර් බිලියන 100කට වඩා උපයාගත් ඖෂධ සමාගමක් තවත් ඒ ආකාරයේම ලාභ ඉපැයීමක් සඳහා තමන් විසින් වැඩි දියුණු කරන ලද වෛරස මුදාහැරීමට ඉඩක් නැතැයි කිසිවෙකුටත් සහතික කළ නොහැකිය.

CRISPR -CAS9  ජාන සංස්කරණ තාක්ෂණය සහ ලංකාවේ ජනතාව සහ පරිසර පද්ධතිය හමුවේ මතුවන අනතුර

ඒ එක් උදාහරණයක් පමණි. CRISPR -CAS9 තාක්ෂණය යොදාගනිමින් මිනිස් මොළයට අදාළ ජාන වඳුරන්ගේ ජාන ගෙනෝමය තුළට ඇතුළත් කරමින් සිදු කරන පරීක්ෂණ ද වෙයි. මේ මගින් මිනිස් මොළයේ සංජානන ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කෙරෙන බව පර්යේෂකයෝ පවසති. මේ වනවිට නෙටෝ යුද විශේෂඥයන් තමන්ගේ යුද මෙහෙයුම් සිදු කරන නවතම අවකාශය( ගොඩබිම, සාගරය, අභ්‍යවකාශය, තොරතුරු යුද්ධය, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් ආදියට අමතරව) ලෙස සළකනු ලබන්නේ මිනිස් මොළය බවත් සංජානන යුද උපායේ අරමුණ මිනිස් මොළය අත්පත් කරගැනීම බවත් ප්‍රකාශ කර තිබේ. මිනිස් මොළය අත්පත් කරගැනීමේදී ඔවුහු නියුරෝන විද්‍යාවේ වර්තමාන සංවර්ධනයන්ද යොදාගනු ලබන බව ප්‍රකාශ කරති. එහෙයින් වඳුරන් සහ රිලවුන් වැනි ප්‍රිමාටයන්ගේ ජාන ගෙනෝමය තුළට මිනිස් මොලයේ ජාන බද්ධ කිරීමේ පර්යේෂණ සුළුවෙන් සැලකිය යුතු නොවේ.

තවද වඳුරු සහ රිලා ගහණයේ අධික වර්ධනයක් පවතින” බවත් ඔවුන්ගේ එය නැවැත්විය යුතු බවත් ප්‍රකාශ කරනු ඇසෙන්නට ලැබේ. මෙහි අරමුණ ඉහත වඳුරු සහ රිලා ගහණයන් තුළට CRISPR තාක්ෂණය මගින් නිෂ්පාදනය කරන ලද ප්‍රජනන හැකියාවන් නොමැති විකෘති වඳුරන් සහ රිලවුන් මුදාහැරීමයි. මෙවැනි ජෛව විද්‍යාත්මක අත්හදා බැලීම්වලට නීතිමය අවසරය ලැබුණහොත් එය අපායේ දොරටු විවෘත කිරීමක් ලෙස හැඳින්විය හැකිය. පසුව මේ සතුන් ගේ ජාන තමන්ට අවශ්‍ය ලෙස විකෘති කරමින් ඔවුන් බිහිසුණු රෝගවාහකයන් ලෙස නිර්මාණය කිරීමේ හැකියාවද එම පර්යේෂණවල නිරතවන ජෛව තාක්ෂණික සමාගම්වලට හැකිවන අතර මේවා බොහෝ විට බලගතු රටවල මිලිටරි නිෂ්පාදන සංකීර්ණ සමග එක්ව වැඩ කරන සමාගම් වේ. AIDS රෝගී තත්ත්වය ඇතිවීමට හේතුවන පැවැසෙන HIV වෛරසය ආසාදනයට හේතුවන මානව ජාන වඳුරන්ගේ ගෙනෝමයට බද්ධ කරමින් වඳුරන් නිර්මාණය කිරීමද සිදු කර තිබේ.

ජාන සංස්කරණ තාක්ෂණය නැතහොත් ජාන ඉංජිනේරුකරණය මගින් ජාන ගෙනෝමය වෙනස් කරමින් වෙනස්ම කායික හා චර්යාත්මක ලක්ෂණ ඇති ජීවින් පරිසරයට මුදාහැරීම මගින් පවත්නා ජෛව සමතුලිතතාවයේ බරපතල වෙනස් කම් ඇති විය හැකිය. ඒ සඳහා දේශපාලනඥයන් සහ ඔවුන්ව මෙහෙයවන කොල්ලකාරි සමාගම් විසින් පවසන දේවල් කුමක්වුවද මේ විෂයයන් පිළිබඳව විශේෂඥයන්ගේ වගකීම විය යුත්තේ පවත්නා අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමය. මෑත දශක එකහමාර තුළ ලෝකයේ ජාන ඉංජිනේරුකරණ තාක්ෂණයන් විසින් අත්පත් කරගෙන ඇති විශාල දැනුම් සම්භාරයත්, තාක්ෂණික වර්ධනයත් විසින් එම දැනුම සිය ඒකාධිකාරියක් බවට පත්කරගෙන ඇති බහුජාතික සමාගම් සහ මිලිටරි සංකීර්ණයන් ඒවා ලංකාව වැනි රටවල පරිසර පද්ධතීන් සහ ජනතා සෞඛ්‍ය විනාශ කරමින් එම රටවල් මත පූර්ණ ආධිපත්‍යය පිහිටුවීම සඳහා ජෛව විද්‍යාත්මක යුද්ධයක් දියත් කිරීමට ඇති අවදානම බැහැර කළ නොහැකිය‍.

ජාන සංස්කරණය මගින් සැලසුම් සහගතවම  විකෘති මානසික තත්ත්වයන් සහිත වඳුරන් නිර්මාණය කිරීම

2019 වර්ෂයේදී චීන විද්‍යාඥයන් පිරිසක් විසින් වඳුරන්ගේ ජාන විකෘති කරමින් ඔවුන්ගේ මානසික විකෘතිතාවන් ඇති කිරීම පිළිබඳව පර්යේෂණයක නිරතව තිබේ.  මෙම පර්යේෂණ සිදු කරනු ලබන්නේ ඒවා මගින් මානව සංහතීයේ පැවැත්ම සහ සෞඛ්‍යයට එල්ලවිය හැකි තර්ජනයන් පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වමිනි. රිකොම්බයිනෙටික්ස් ( Recombinetics ) නම් ජීවතාක්ෂණික සමාගමක විද්‍යාඥයන් විසින් ජාන ඉංජිනේරුකරණය මගින් ගවයන්ගේ අං නොවැඩීම පිණිස කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල සඳහා පේටන්ට් බලපත්‍ර ලබාගෙන තිබේ.

දැනට දශකයක කාලයක් පමණ සිට එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් ගණනාවක ජාන විද්‍යාඥයන් විසින්  CRISPR ජාන සංස්කාරක ක්‍රමය මගින් විවිධ සතුන්ගේ ජාන ගෙනෝමය තුළ ආගන්තුක ජාන එක් කරමින් විවිධ පර්යේෂණ රැසක් කර තිබේ.  පලතුරු මැස්සන්, මදුරුවන් වැනි කෙටි ජීව කාලයක් සහිත සතුන්ගේ සිට දැන් මෙම CRISPR ජාන සංස්කාරක ක්‍රමය මගින්  ගවයින්, වඳුරන් සහ ඌරන් වැනි සතුන්ගේ ජාන ගෙනෝමය විකෘති කරමින් උන්ගේ ආවේණික ලක්ෂණ විකෘති කිරීම සඳහා යොදාගැනීම දක්වා පැමිණ තිබේ.

අනපේක්ෂිත ප්‍රතිඵල

කෙසේ වුවද ජාන ගෙනෝමයේ ජාන දාමයන්ගෙන් කොටසක් ඉවත් කිරීම, වෙනස්, කිරීම හෝ එක් කිරීමේ පර්යේෂණ බොහෝ විට අපේක්ෂිත ප්‍රතිඵල වලට වඩා වෙනස් ප්‍රතිඵල ලබා දෙයි. මෙය හේතුවන්නේ සත්වයින්ගේ ජාන ගෙනෝමය  වසර මිලියන ගණනාවක් තිස්සේ  සමස්තයක් ලෙස පරිණාමය වී තිබීමත්, ඒවා අතර අන්‍යෝන්‍ය වශයෙන් බලපාන සම්බන්ධයක් පැවැතීම හේතුවෙන් එක් නිශ්චිත කායික සහ මානසික ලක්ෂණ සඳහා බලපාන ජානයක් වෙනස් කළහොත් එම වෙනස යාබද ජානවල විකෘතින් කෙරෙහි ඇතිකරන බලපෑමත් නිසාය. එහෙත්  මෙම CRISPR ජාන සංස්කාරක ක්‍රමය  භාවිතා කිරීමේ උමතු අභිලාෂයකින් පෙලෙන විද්‍යාඥයෝ මෙම අහිතකර ප්‍රතිඵල ගැන කිසිදු සැලකීමක් නොදක්වාම සිය පර්යේෂණ දිගටම සිදු කරති.

එක්සත් ජනපදයේ මෙවැනි පර්යේෂණ සඳහා ඇති බාධාවන් නිසා එක්සත් ජනපදයේ සමාගම් මෙම පර්යේෂණ සිදු කරන්නේ බාහිර රටවල් තුළය. චීනයේ ජීව තාක්ෂණික සමාගම් සමග හවුලේ ක්‍රියාත්මක වන එක්සත් ජනපද සමාගම් චීනය තුළ එවැනි විවිධ පර්යේෂණ විශාල සංඛ්‍යාවක් සිදු කරනු ලබයි.

දකුණු චීනයේ විද්‍යාඥයන් විසින් ආගන්තුක ජාන බද්ධ කරමින් මැකාකි වඳුරන් (transgenic macaque) නිර්මාණය කර තිබේ. මෙහිදී ඔවුහු නිර්මාණය කර ඇත්තේ  මිනිස් මොළයට අදාළ  ජානයන්ද ඇතුළත් කරන ලද ජාන ගෙනෝමයක් සහිත වඳුරෙකි.”මෙය මානව සංජානනයේ පරිණාමය අවබෝධ කරගනු ලැබීම සඳහා සිදු කර ඇති ප්‍රථම උත්සාහයයි” යනුවෙන් එම පර්යේෂණ මෙහෙයවන ලද කුමින් සත්ව විද්‍යාතනයේ ජාන විද්‍යාඥයෙකු වන බිංග් සු පවසයි.

මෙම පර්යේෂණයේ ප්‍රතිඵල අනුව මෙලෙස ජාන වෙනස් කරමින් නිර්මාණය කරන ලද වඳුරන්ගේ හැඩතල සහ වර්ණ හඳුනාගැනීම හැකියාව පිළිබඳ පර්යේෂණවලදී ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයේ වර්ධනයට  එම වඳුරන්ගේ මොළයේ ප්‍රමාණයට  සමාන ප්‍රමාණයක් ඇති ළමුන් ගන්නා කාලයට හා සමාන කාලයක් ගත වී තිබේ.

විද්‍යාත්මක ආචාරධර්ම උල්ලංඝණය කිරීමක්
මිනිස් මොළයේ සෛල නිර්මාණය කරන මානව ජාන දාමයේ කොටස් වඳුරු ජාන ගෙනොමයකට ඇතුළත් කර ක්ලෝනීකරණය මගින් නිර්මානය කරන ලද පළමු වඳුරන් දෙදෙනා  [Photo provided to chinadaily.com.cn]

මෙම පර්යේෂණ සම්බන්ධව කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ ප්‍රිමේටයන් පිළිබඳ පර්යේෂණ කටයුතුවල නිරතව සිටින විද්‍යාඥයෙකු වන ජේම්ස් සිකේලා පවසන්නේ එවැනි පර්යේෂණ බෙහෙවින් අවදානම් සහගත සහ විද්‍යාත්මක ආචාර ධර්ම උල්ලංඝණය කෙරෙන ඒවා බවයි. එමෙන්ම මෙවැනි පර්යේෂණ ඉතා ඉක්මණින්ම ඉතාම ආන්තික සහ අනතුරුදායක ප්‍රතිඵල ඉලක්ක කරගනිමින් සිදු කිරීමටද ඉඩ ඇති බවට ඔහු අනතුරු අඟවයි. මෙය නැවැත ගොඩ ඒමට නොහැකි ලිස්සන සුළු බෑවුමක ගමන් කිරීමකි” යි ඔහු පැවසීය.

අනපේක්ෂිත ප්‍රතිඵල: ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියාවන් ජාන විකෘතිකර නිර්මාණය කරන ලද ගවයන් සහ ඌරන් තුළ වර්ධනය වීම

එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන පාලන අධිකාරියේ( Food and Drug Administration-FDA)  විද්‍යඥයන් විසින් හෙළිදරවු කර ඇත්තේ CRISPR ජාන සංස්කාරක ක්‍රමය  විසින් ජාන ගෙනෝමයේ  අනපේක්ෂිත විකෘති වීම්” සිදු  කෙරෙන බවය. එම විකෘතිවීම්වලට වෙනස් කිරීමට ඉලක්ක කරන ලද ජානය අසල සංකීර්ණ ජානමය ප්‍රති-සැකසුම් ඇති කිරීම් ද අඩංගුය. මෙම තත්ත්වය ක්ෂිරපායින් යොදා සිදුකරන ලද  ජාන වෙනස් කිරීමේ පර්යේෂණ 34කදීම ඔවුන්ට නිරීක්ෂණය කිරීමට හැකිව තිබේ. FDA පර්යේෂකයන්ට ජාන සංස්කරණය කිරීමේ පර්යේෂණවලදී සිදු වූ බරපතල අනපේක්ෂිත ප්‍රතිඵල ලබා දෙන දෝෂ හමු වී තිබේ. ජාන සංස්කරණය කිරීම සඳහා යොදාගනු ලබන රසායනික සංයෝග නැතහොත් ජාන කතුරු” හැඳින්වෙන්නේ TALEN ලෙසින් වන අතර ඒවා ඉතා නිවැරදි ලෙස ජාන සංස්කරණය කරන බව විද්‍යාඥයන් පවසයි.

නමුත් FDA ආයතනය විසින් පවත්වන ලද පර්යේෂණවලට අනුව ජාන ගෙනෝමයේ නිශ්චිත ස්ථානයට අවශ්‍ය ආගන්තුක ජානය ඇතුළත් කිරීමට අමතරව මෙම ක්‍රියාදාමයට ආධාර කිරීම සඳහා බැක්ටීරියාවක ජානයක් ද ඇතුළත් කරන අතර ඒ මගින් ඇති  කෙරෙන අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලෙස මෙම පර්යේෂණයට ලක් කරන ලද ගවයන් සහ ඌරන්  ප්‍රතිජීවක ඖෂධවලට ඔරොත්තු දෙන බැක්ටීරියාවන් වර්ධනය වීම සිදුවී තිබේ. ඉහත රිකොම්බයිනෙටික්ස් සමාගම පවසා ඇත්තේ ඔවුන් විසින් ඌරන් වන්ධ්‍යකරණයට ලක් කිරීම සඳහා  ඉතා නිරවද්‍ය ජාන සංස්කරණ ක්‍රමයක් සංවර්ධනය කරමින් සිටින බවය.

මානව අවයව බද්ධය සඳහා සැත්කම්වලට අවශ්‍ය අවයව ලබාගැනීමට මානව වඳුරු දෙමුහුන් ජීවින් ජාන සංස්කරණය මගින් බිහිකිරීම

මිනිස්-වඳුරු දෙමුහුන් මොළයක්

චීනය තුළ සිය පර්යේෂණ සිදු කරන ජාත්‍යන්තර විශේෂඥයන් පිරිසක් විසින් මෑතකාලයේදී  ජාන සංස්කරණ තාක්ෂණය යොදාගනිමින් මානව-වඳුරු දෙමුහුන් සත්වයෙකු (human-monkey chimeras) නිර්මාණය කිරීම පිළිබඳව පර්යේෂණ සිදු කර ඇත. එල් පායිස් (El Pais) නම් ස්පාඤ්ඤ පුවත් පතට අනුව එක්සත් ජනපදයේ සල්ක් ආයතනයේ මහාචාර්ය ජුවාන් කාර්ලෝස් ඉට්ස්පිසුවා බෙල්මොන්ටේ විසින් මෙහෙයවන ලද පර්යේෂණ කණ්ඩායමක් විසින් මානව-වඳුරු දෙමුහුන් සත්වයෙකු නිර්මාණය කර ඇත. එම වාර්තාවට අනුව මෙම පර්යේෂණ සිදු කර ඇත්තේ චීනය තුළය. එයට හේතුව නීතිමය හේතුන් මත මෙවැනි පර්යේෂණ එක්සත් ජනපදය තුළ සිදු කිරීමට නොහැකි බැවිනි.

මහාචාර්ය බෙල්මොන්ටේගේ කණ්ඩායම පවසන්නේ මෙම පර්යේෂණවල අරමුණ අවයව බද්ධ කිරීම සඳහා අවශ්‍යවන අවයව පරිත්‍යාග කෙරෙන ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම, ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය විසින් බද්ධ කෙරෙන අවයව ප්‍රතික්ෂේප කිරීම ආදි ගැටළුවලට විසඳුම් සොයාගැනීම ආදිය බවයි. බෙල්මොන්ටේගේ පර්යේෂණ කණ්ඩායම විසින් සජීවි මිනිස් සෛල ඇතුලත් ඌරු සහ බැටළු කලල නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

ඔවුහු වැඩිහිටියෙකුගෙන් ගත්  මානව සෛල ඒවා  ප්‍රතිකේතනය කිරීම (reprogramme) මගින්  මූලික සෛල(stem cell)  බවට පත් කර ඇත. මෙම මූලික සෛලවලට සිරුරේ කවර හෝ පටකයක සෛල නිර්මාණය කිරීමේ හැකියාව ඇත. අනතුරුව ඒවා වඳුරන් හෝ ඌරන් වැනි වෙනත් විශේෂයක කලලයක් තුලට ඇතුළත් කර එම කලලය තුළ තමන්ට ලබා ගැනීමට අවශ්‍ය අවයවය වර්ධනය කරනු ලැබේ.

මානව-සත්ව දෙමුහුන් ජීවින් බිහිකිරීමේ ආදිනව ගැන අදහස් දක්වමින් ලන්ඩනයේ ෆ්‍රැන්සිස් ක්‍රික් ආයතනයේ ජීව විද්‍යාඥයෙකු වන මහාචාර්ය රොබින් ලොවෙල්-බැජ් මෙහිලා මතුවිය හැකි ගැටළු ගැන මෙසේ අදහස් දක්වයි.

” අවශ්‍ය කරන අවයව නිර්මාණය කිරීමේ කටයුත්ත සඳහා පමණක් මානව සෛල දායක කරගැනීම සඳහා  සීමාවන් පනවන්නේ කෙලෙසද? එසේ කිරීමට හැකි නම් එමගින් සිදුවන්නේ අග්න්‍යාශය, හදවත හෝ වකුගඩුව නිර්මාණය කිරීම පමණක් නම් එහි වරදක් නැතැයි කිව හැකිය. නමුත් ඔබ මෙම කලලය වර්ධනය වී එම සතුන්ගේ උපත සිදුවීමට ඉඩ හරින්නේ නම් කුමක් සිදුවිය හැකිද?එමෙන්ම මෙම මානව ස්නායූ පටකවල මූලික සෛලවල දායකත්වයෙන් ගොඩ නැගෙන මධ්‍යම ස්නායු පද්ධතියක් (මොළයක්) මෙම සතුන් තුළ නිර්මාණය වීමට ඉඩහරින්නේ නම් එය තුළ පැහැදිලි ගැටළුවක් මතුවේ.”

චීනයේ CRISPR ජාන සංස්කරණ පර්යේෂණ හා සම්බන්ධ අනෙකුත් මතභේදාත්මක ක්ෂේත්‍රය නම් මිනිස් මොළය නිර්මාණය කිරීමට බලපාන මයික්‍රෝසෙපලීන් ජාන (MCPH1 හෝ  microcephalin- මයික්‍රොසෙපලීන් යනු කලලයේ මොලය සංවර්ධනයේදී ප්‍රකාශනය වන ජානයකි ) වඳුරන්ගේ ජාන සමග සම්මිශ්‍රණය කිරීමය. චීනයේ ජාන සංස්කරණ පර්යේෂණවල නිරත බිංග් සු තමන් විසින් සිදුකරන ලද පර්යේෂණ කීපයක දත්ත මත පමණක් පදනම් වෙමින් ප්‍රකාශ කරන්නේ මෙම මානව මොළයේ ජාන එක් කිරීම මගින් නිර්මාණය කරන ලද වඳුරන් සෙසු වඳුරන්ට වඩා බුද්ධිමත් බවයි. එනම් මෙම වඳුරන්ගේ මොළයේ ප්‍රමාණයට සමාන විශාලත්වයක් සහිත කුඩා ලමයෙකුගේ බුද්ධි මට්ටමක් මෙම වඳුරන් සතු බවය.

චීනයේ යුනාන් කී හි ඇති ප්‍රිමාට ජීව-වෛද්‍ය පර්යේෂණ විද්‍යාගාරයේ බිංග් සු සහ පර්යේෂක කණ්ඩායම විසින්  වඳුරු කලලයක් මානව මයික්‍රෝසෙපලීන් ජානය අන්තර්ගත කරන ලද වෛරසයකට නිරාවරණය කර තිබේ. මේ ජානය අඩංගු වඳුරන් 11ක් ඔවුන් විසින් නිර්මාණය කර ඇත. ඔවුන්ගෙන් 5 දෙනෙකු නොනැසී ජීවත්වීමට සමත් වූ අතර ඔවුන්ව මොළයේ ක්‍රියාකාරිත්වයන් පිළිබඳ අධ්‍යයනයන් සඳහා යොමු කරන ලදි. මෙම සෑම වඳුරෙකුගේම ශරීරය තුළ මානව ජාන 2 සිට 9 දක්වා පිටපත් ප්‍රමාණයක් අන්තර්ගතව තිබිණි. කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ ජාන විද්‍යාඥ  ජේම්ස් සිකේලා මේ පිළිබඳව සිය දැඩි විවේචනය මෙසේ ඉදිරිපත් කළේය.” මානව ජාන අධ්‍යයනය සඳහා මොළයට සම්බන්ධ මානව ජාන බද්ධ කර නිර්මාණය කරන ලද වඳුරන් යොදාගැනීම  ඉතා අනතුරුදායක මාවතකි.”

මේ CRISPR ජාන සංස්කරණ තාක්ෂණය යොදාගනිමින් කරන ලද දැඩි අවදානම් සහගත සහ ආචාරධාර්මික ගැටළු මතු කෙරෙනපරීක්ෂණ කීපයක් පමණි. මෙහි ඇති වඩාත්ම අවදානම් සහගත තත්ත්වයනම් මෙම පර්යේෂණවල සෑබෑ අරමුණු සහ ප්‍රතිඵල මොනවාදැයි යන්න සොයා බැලීමට කිසිදු අපක්ෂපාති විමර්ශන යාන්ත්‍රණයක් නොමැතිවීමය. මක් නිසාද යත් CRISPR ජාන සංස්කරණ තාක්ෂණය සඳහා අවශ්‍යවන්නේ ඉතා සුළු ආයෝජනයක් සහ කුඩා විද්‍යාගාරයක් පමණක් වන හෙයිනි. එහෙයින් වගකීම් විරහිත ලෙස කටයුතු කරන කවර හෝ පර්යේෂකයෙකුට හෝ කණ්ඩායමකට මානව ප්‍රජාවටත් පරිසරයටත් බලපතල අනතුරක් එල්ල කළ හැකි පර්යේෂණයන් පහසුවෙන් සිදු කළ හැකිව තිබේ.

CRISPR ජාන සංස්කරණ තාක්ෂණයේ අවදානම

CRISPR ජාන සංස්කරණ තාක්ෂණය යනු RNA-මගින් මෙහෙයවනු ලබන ජාන සංස්කරණ ක්‍රමයකි. මෙහිදී සිදුවන්නේ බැක්ටීරියා සහ ප්‍රොකැටියෝටා ඒක සෛලික ජීවින්ගෙන් වෙන් කරගන්නා ලද ප්‍රෝටීන (Cas9)  සහ කෘත්‍රිම ලෙස මෙහෙයවන RNA යොදාගනිමින් සංස්කරණය කිරීමට අවශ්‍ය  ජාන ගෙනෝමයට අයත්  DNA ද්විත්ව දාමයේ  අවශ්‍ය නිශ්චිත ස්ථානයකින් බිඳ එතනට ඇතුළත් කිරීමට අවශ්‍ය ආගන්තුක ජාන කොටස එකතු කිරීමය.

CRISPR-CAs9 ජාන සංස්කරණ ක්‍රමය 2015 පමණ සිට පුළුල් වශයෙන් භාවිතා කෙරේ.මීට දශක කීපකට පෙර ජාන සංස්කරණය මගින් ජීවින්ගේ ලක්ෂණ වෙනස් කිරීම ඉතා මිල අධික ක්‍රියාදාමයක් වූ අතර පැවැති ඉහළම තාක්ෂණයකින් සමන්විත සංකීර්ණ විද්‍යාගාර තුළදී උසස් ලෙස පුහුණුවක් ලද විද්‍යාඥයන් විසින් දැඩි ලෙස නියාමනය කරන ලද  කොන්දේසි යටතේ සිදුවිය. නමුත් CRISPR තාක්ෂණය හඳුන්වා දීමත් සමගම ජාන සංස්කරණ ක්‍රියාදාමය සඳහා වැයවන මුදල අසාමාන්‍ය ලෙස පහළ වැටුණු අතර පහසුවෙන් කළ හැකි දෙයක් බවට පත් විය. මේ සම්බන්ධව එක් විවේචකයෙකු මෙසේ පැවසීය.

ඕනෑම අයෙකුට ඩොලර් සිය ගණනකට CAS9 මිලදී ගත හැකියි. සාමාන්‍ය විද්‍යාගාරයක් තුළ ඒවා භාවිතා කරමින් ඕනෑම දෙයක වෙනස් කළ හැකියි. ඒ මගින් සමස්ත සත්ව විශේෂයන්ම කෙටි කලක් තුළ විනාශ කළ හැකියි.”2017 වසරේදී චීනවිද්‍යාඥයන් පිරිසක් විසින් CRISPR-CAs9  ජාන සංස්කරණ තාක්සණය භාවිතා කරමින් සිදු කරන ලද පරීක්ෂණ වාර්තාවක සඳහන් වන්නේ එම ක්‍රමය මගින් එකම පියවරක් තුළ මීයන්ගේ සහ වඳුරන්ගේ ජාන විශාල විශාල සංඛ්‍යාවක් වෙනස් කිරීමට හැකියාව ඇති බවත් එමගින් නවතම වෙනස් වඳුරු හෝ මී සත්ව ආකෘතියක්  නිර්මාණය කළ හැකි බවත්ය.

HIV ආසාදනයට බලපාන්නේ යැයි සැක කරන මානව ජාන වඳුරන්ගේ ජාන ගෙනෝමය තුළට බද්ධ කිිිිරීම

HIV රෝගය හා සම්බන්ධ මානව ජාය (තැඹීලි පැහැයෙන් දක්වා ඇති) CRISPR-Cas9 ජාන සංස්කරණ ක්‍රමය මගින් වඳුරු කලලයක මූලික සෛලවල ජාන සමග බද්ධ කිරීම : රූප සටහන retrovirology වෙබ් අඩවියෙනි.

HIV ආසාදනය සඳහා මූලික සෛල චිකිත්සක ක්‍රම(stem cell therapies) අත්හදා බැලීම සඳහා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ජාතික ප්‍රිමාට පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් 2022 දී  CRISPR-CAs9 ජාන සංස්කරණ තාක්ෂණය යොදාගෙන මානව ජාන ඇතුළත් කරමින් මානවීය නොවන ප්‍රිමාට  (Nonhuman primates -NHPs) ආකෘතින්  නිර්මාණය කර තිබේ.

මෙම පරීක්ෂණය මගින් HIV ආසාදනයට බලපාන්නේ යැයි සැක කරන මානව ජාන වඳුරන්ගේ ජාන ගෙනෝමය තුළට බද්ධ කර ඇත. මෙහි තේරුම මෙම ජාන සංස්කරණය මගින් නිර්මාණය කරන වඳුරන්ගේ ස්වාභාවික ප්‍රතිශක්තිය හීන වන බවය. එමගින් විවිධ වෛරස්, සහ බැක්ටීරියා ආසාදන වලට මෙම වඳුරන් ගොදුරු විය හැකි වන අතර ඔවුන්ගේ සිරුරු තුළ මානව වර්ගයා ආසාදනය කළ හැකි වෛරස් සහ බැක්ටීරියා ප්‍රභේද විකාශනය විය හැකිය. මෙය ඉතා බරපතල තත්ත්වයකි. මෙමගින් සතුන්ගෙන් මිනිසුන් වෙත මාරුවන ආසාදනයන් (zoonotic infection) අවදානමක් මතුවේ.

මෙවැනි පර්යේෂණවලදී වඳුරන්ගේ ජාන වලට එක්කරනු ලබන්නේ කවර කායික ගුණාංග ප්‍රකාශනයවන ජානදැයි අපක්ෂපාතිව තහවුරු කරගැනීමේ ක්‍රමයක් හෝ නියාමනයක්  මෙවැනි පර්යේෂණ තුළ නැත.

ලාල්කාන්තලාගේ ඉලක්කය ජෛව විවිධත්වය විනාශකරමින් මහජන සෞඛ්‍ය අවදානමේ හෙළන ජාන-ඉංජිනේරුකරණ අත්හදාබැලීම්වලට විදේශීය සමාගම්වලට දොරටු විවර කිරීමද?

ඇතැම් විට මේ වනවිට ලාල්කාන්ත සහ ජාතික ජනබලවේග ආණ්ඩුව රිලා වඳුරු ආඛ්‍යානය වර්ධනය කෙරෙමින් පවතින දිශානතිය සහ වේගය අනුව අනුව පෙනී යන්නේ ඔවුන් නුදුරු දිනකීපය තුළදී ජාන සංස්කරණ ක්‍රම යොදාගනිමින් රිලා වඳුරු සහ වන සත්ව ගහණය පාලනය කිරීමේ තාක්ෂණයන් භාවිතා කිරීමට අවශ්‍ය නව අණපනත් සැකසීමට බොහෝ දුරට ඉඩ ඇති බවය. මේ සඳහා අවශ්‍ය ගිවිසුම් විවිධ ජීවතාක්ෂණික සමාගම් සමග දැනටමත් මෙම රජයේ හෝ කලින් පැවැති රජයේ ඇමැතිවරුන් හෝ නිලධාරින් සමග අත්සන් කර තිබෙනවා විය හැකිය. එහෙත් රිලා සහ වඳුරු ගහණයන්  පාලනය කිරීම සඳහා යැයි කියමින් යොදාගනු ලබන ක්‍රම තුළ ඉහත සඳහන් ආකාරයේ බරපතල ජාන විද්‍යාත්මක පර්යේෂණයන් රහසිගතව සිදු කිරීමට ඒවාට මැදිහත්වන ජෛව තාක්ෂණික සමාගම් සහ රජයේ නිලධාරින් ක්‍රියාත්මක විය හැකිය.

ජාන-ඉංජිනේරුකරණය පිළිබඳව යුරෝපා සංගමයේ නීතිවලට එරෙහිව ජීව තාක්ෂණික සමාගම්වල බලපෑම්

2018 දී යුරෝපීය  අධිකරණය නව ජීව තාක්ෂණික ක්‍රම භාවිතය (ජාන සංස්කරණය) මගින් නිර්මාණය කෙරෙන ජීවින් කෘත්‍රිම විකෘති සම්භවයක් සහිත ජීවීන් (Directed Mutagenesis) ලෙස නම් කරන ලදි.  එමෙන්ම ඒවා යුරෝපා සංගමයේ ජාන විකෘති කිරීම මගින් නිර්මාණය කරන ලද ජීවින් (Geneticaly Modifide Organisms- GMO) පිළිබඳ නිර්වචනයට අයත්වන බව පිළිගන්නා ලදි. එහෙයින් ඒවා පැරණි GMO තාක්ෂණය මගින් සිදු කරන නිෂ්පාදන සම්බන්ධව වන රෙගුලාසි සහ නියාමනයන්ට දැඩි ලෙස යටත් විය යුතු බවද  තීරණය කරන ලදි. ජනතාවගේ සෞඛ්‍ය තහවුරු කිරීමටත් මානව සංහතිය සහ ග්‍රහලෝකය ආරක්ෂා කිරීමටත් ඉවහල්වන බුද්ධිමත් සහ තාර්කික තීරණයක් ලෙස මෙම තීන්දුව ඇගයීමට ලක්ව තිබේ.

කෙසේ වුවද CRISPR-CAs9 තාක්ෂණය මගින් විශාල ප්‍රතිලාභ ලැබීමට බලා සිටින ජීව-තාක්ෂණික සමාගම් වෙනත් බලවේගවල මෙම තීන්දුවෙන් නොසතුටට පත් විය. ඔවුහු යුරෝපා අධිකරණයේ තීන්දුවට එරෙහිව වහාම සංවිධානාත්මක ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් ප්‍රහාරය ඇරඹූහ. ” විද්‍යාව මත පදනම්ව තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් යුරෝපා අධිකරණය බැහැර වී ඇතැයි ද, ප්‍රගතියට සතුරු පසුගාමී අදහස් දරන්නේ යැයි”ද  මෙම බලවේග විසින් අධිකරණයට චෝදනා කරන ලදි. නමුත් සත්‍යය එය නොවීය. මෙම තීන්දුව දීමට සහභාගි වූ විනිශ්චයකාරවරු විවිධ අපක්ෂපාති ස්වාධීන විද්‍යාඥයන්ගෙන් සහ විශේෂඥයන්ගේ රැසක අදහස් විමසමින් ඒවා ප්‍රවේසමින් සැලකිල්ලට ගනිමින් සිය තීන්දුව දී තිබිණි.

බලගතු GMO නිෂ්පාදන සමාගම්වල ලොබි කණ්ඩායම් විසින්  නව ජෛව තාක්ෂණික ක්‍රම සඳහා නව නියාමන නීති රාමුවක් නිර්මාණය කිරීමට” නව යුරෝපා කොමිසමක් පත් කිරීම සඳහා සංවිධානාත්මක උත්සාහයක් දරන ලදි. මෙහි අරමුණ වූයේ CRISPR-CAs9 තාක්ෂණය සම්බන්ධ පර්යේෂණ සහ එමගින් නිෂ්පාදනය කරනු ලබන දේ වෙළඳ පොලට නිකුත් කිරීම පිළිබඳ නීතිරිති වඩාත් ලිහිල් කර ගැනීමය.

කෙසේ වුවද  2020 වර්ෂයේ අවසානයේදී ඊනියා කොවිඩ්-19 වසංගතය මැඩ පැවැත්වීමට යැයි කියමින් mRNA තාක්ෂණය යටතේ නිෂ්පාදනය කරන ලද එන්නත් ඒවා පිළිබඳ පවත්වන ලද අත්හදා බැලීමේ සායනික පර්යේෂණවලදී ඇති කරන ලද මාරාන්තික අතුරු ආබාධ නොතකා හදිසි අවස්ථා අනුමැතිය යටතේ වෙළඳපොලට නිකුත් කිරීමට යුරෝපා ඖෂධ ඒජන්සිය විසින් ගන්නා ලද තීරණයත් සමගම ඖෂධ සමාගම් සහ ජෛව-තාක්ෂණික සමාගම්වලට මහජනයා තමන්ගේ හිතුමතයට පර්යේෂණාගාර මීයන්ගේ තත්ත්වයට පිරිහෙළිමට අවස්ථාව ලැබිණි.

එක්සත් ජනපදය තුළ මොන්සැන්ටෝ සමාගමේ අධිකාරය

එක්සත් ජනපදය තුළදී මොන්සැන්ටෝ සමාගම ඇතුළු GMO නිෂ්පාදන සමාගම් විසින්  GMO තාක්ෂණය මගින් නිෂ්පාදනය කරනු ලබන සෝයා, කපු සහ ඉරිඟු ශාක සඳහා කිසිදු නියාමන රෙගුලාසියක් පැනවීමෙන් වැළැක්වීමට සමත් විය. එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව විසින් CRISPR වැනි ජාන සංස්කරණ තාක්ෂණ ක්‍රම සියලුම නියාමන රෙගුලාසි වලින් නිදහස් කළ යුතුයැයි මෑතකදී යෝජනා කරන ලදි. මෙම යෝජනාව පදනම්ව ඇත්තේ සම්පූර්ණයෙන්ම කිසිදු නියාමනයකින් සහ රෙගුලාසිවලින් තොරව කෙරෙන නිෂ්පාදන කටයුතු මගින් අධික  ප්‍රතිලාභ ලැබීමේ  අරමුණෙන් වන අතර  එවැනි තත්ත්වයක් තුළ එමගින් මහජන සෞඛ්‍යයට සහ පරිසරයට සිදුවිය හැකි හානිය සම්පූර්ණයෙන්ම නොතකා හැර තිබේ.

කෙසේ වුවද ලාල්කාන්තලා එක් දෙයක් සිහිතබාගත යුතුය. එනම් කවර රිලා නැටුමක් නැටුවද කවර වඳුරු කුනුහරුපයක් දෙසෑ බෑවද සත්‍යය යම් දිනෙක හෙලිවන බවය. එදිනට ලාල්කාන්තලාටද ඔහු පිටුපසින් සිටින රිලා නැටුමේ අධ්‍යක්ෂවරුන්ටද වග උත්තර බැඳීමට සිදුවන බවය.

සෙනේට් සභික රෑන්ඩ් පෝල්, සෙනේට් සභාව හමුවට කැඳවන ලද  ඇන්තනී ෆවුචීව ප්‍රශ්න කරමින්

එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා  වූ ඇන්තනී ෆවුචීට එක්සත් ජනපදයේ සෙනේට් සභා හමුවේ බොහෝ වරක් වගඋත්තර බැඳීමට සිදුව ඇත්තේ ඔහු විසින් චීනයේ වුහාන් විද්‍යාගාරයේ වෛරස්වල ජාන විකෘතිකාරක (gain of fuction) පර්යේෂණයන්ට අරමුදල් සැපයීම සම්බන්ධවය.  මෙවැනි පරීක්ෂණ එක්සත් ජනපදය තුළ සිදුකිරීම නීති විරෝධී බැවින් බොහෝ එක්සත් ජනපද ජෛව තාක්ෂණික සමාගම් එවැනි පර්යේෂණ සිදු කරන්නේ ලොව පුරා වෙනත් රටවල විද්‍යාගාර තුළදීය.  වුහාන් විද්‍යාගාරයද එවැන්නකි. කොවිඩ්-19 වෛරසය නිර්මාණය කරන ලද්දේ චීනයේ මෙම විද්‍යාගාරයෙන් යැයි එක්සත් ජනපදයේ ඇතැම් කොටස්වලින් බරපතල චෝදනාවක් එල්ලවී ඇති නමුත් එම විද්‍යාගාරයේ අදාල වෛරස් වඩාත් හානිදායක වන පරිදි ජාන සංස්කරණය කිරීමේ කටයුතු වලට අරමුදල් සපයා ඇත්තේ ෆවුචීගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය විසිනි. නව ජනාධිපති ට්‍රම්ප් විසින් සිය සෞඛ්‍ය ලේකම්වරයා ලෙස පත් කිරීමට නියමිතව ඇත්තේ රොබර්ට් එෆ් කෙනෙඩිය. ඇන්තනී ෆවුචී‌ විසින් ඖෂධ සමාගම් සහ ජෛව තාක්ෂනික සමාගම් සමග සිදු කරන ලද දූෂණ සහ නීති විරෝධී ක්‍රියාවන් හෙළිදරවු කරමින් The Real Anthony Fauci” නම් කෘතිය ලියන ලද්දේ මේ  රොබර්ට් එෆ් කෙනෙඩි විසිනි. මේ වනවිට තමන්ට එරෙහිව නව ට්‍රම්ප් රජය යටතේ කෙනෙඩි විසින් නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි බිය පත්ව සිටින ෆවුචීට  සිය ක්‍රියාවන්ට එරෙහිව නඩු පැවැරිය නොහැකි වන ලෙස දණ්ඩ මුක්තිය ලබාගැනීමට ලබන ජනවාරි මාසයේදී සිය පාලන කාලය අවසන් කිරීමට නියමිත ජනාධිපති බයිඩන් වෙත ආයාචනා කිරීමට සිදුව ඇත.

එහෙයින් වඳුරු සහ රිලා නැටුම් පිටුපස පවත්නා ජෛව තාක්ෂණික කුමන්ත්‍රණය අත්හැරදැමීමට කටයුතු කිරීමෙන් සියල්ලන්ටම යහපතක් සිදුවනු ඇත.

මූලාශ්‍ර

  1. Chinese scientists have put human brain genes in monkeys and yes, they may be smarter 
  2. Are Gene Edited Cows or Humans What We Really Need?
  3. One-step generation of complete gene knockout mice and monkeys by CRISPR/Cas9-mediated gene editing with multiple sgRNAs
  4. Gene-editing – a GMO by any other name…
  5. CRISPR/Cas9 genome editing to create nonhuman primate models for studying stem cell therapies for HIV infection

සටහන්

මූලික සෛල යනු විභේදනය නොවූ තත්ත්වයක පවතින නමුත් සීමා රහිතව විභාජනය විය හැකි සෛලයන් වේ. මෙම මූලික සෛලවලට ඒවායේ විභේදනය මගින් යම් නිශ්චිත පටකයක සෛල බවට පත් විය හැකිය. නිදසුනක් ලෙස මූලික ස්නායු සෛලවලට විභේදනය වීම මගින් සමේ අපිච්ඡද සෛල නිෂ්පාදනය කළ නොහැකිය.මූලික සෛල ආකාර දෙකකි. එකක් නම් කලල මූලික සෛලය.(Embryonic Stem Cells) අනිත් මූලික සෛල වර්ගය නම් පරිනත මූලික සෛලය පරිනත් මූලික සෛල යනු අවයවවල පටක නිර්මාණය කරමින් විභේදනය වූ පසුව ඒ පටකවල ඇති මූලික සෛල වේ. කලල මූලික සෛල ඇති වන්නේ විභාජනය වෙමින් පවතින කලල වලිනි. ඒකගුණ ශුක්‍රාණුවක් ඒකගුණ ඩිම්බාණුවක් සමග සංසේචනය වීමෙන් සැදෙන යුක්තාණුවක් පැලෝපීය නාලය තුලදී ද්විගුණනය වීම මගින් සෛල ගුලියක් හෙවත්මොලියුලාවක් නැතහොත් කුහර රහිත බ්ලස්ටුලාවක් නිර්මාණය වේ. මෙම බ්ලස්ටුලාව ගර්භාෂයට පැමිණ කුහර සහිත බ්ලස්ටුලාවක් බවට පත් වේ. මෙම කුහර සහිත බ්ලස්ටුලාව බ්ලාස්ටකෝෂ්ඨය නමින් හැඳින්වේ

ලාල්කාන්ත රිලවුන් පසුපස පන්නමින් වැඩ අරඹයි.!

(ලංකා ඊ නිව්ස් -2024 නොවැම්බර් 20) පොල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝගවලට ඉතා විශාල හානියක් සිදුකරන රිලවුන් හා අනෙකුත් සත්ත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (20) විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. එහිදී, බහුවිධ ක්‍රමෝපායන් යොදාගෙන හානිකර සත්ත්ව ගහන ව්‍යාප්තිය පාලනයට හා බෝගවලට සිදුවන හානි වැළැක්වීම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා විශේෂ ඒකකයක් ද එම අමාත්‍යංශයේ පිහිටුවන ලදි. මේ සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් අනුව කටයුතු කිරීමට ද සැලැසුම් සකස් කර ඇත.මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවි කටයුතු පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ආයතන 15ක් පමණ සහභාගී විය.

වගා වනසන සතුන්ට ඕනෑම දෙයක් කරන්න..- ලාල් කාන්ත

(ලංකා සී නිව්ස් -2024 දෙසැම්බර් 05)  තම වගාබිම් තුළ වන සතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධයෙන් ගොවීන්ට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකි බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයි. ඔහු පාර්ලිමේන්තුවට පැවසුවේ වන සතුන්, විශේෂයෙන් වඳුරන් විසින් වගාවන්ට හානි කිරීම බරපතල ප්‍රශ්නයක් වී ඇති අතර වන සතුන්ගෙන් සිදුවන හානි ගොවීන්ට පමණක් නොව මහජනතාවට ද ප්‍රශ්නයක් වී ඇති බවය. තම වගාබිම් තුළ වන සතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධයෙන් ගොවීන් ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව කිසිදු නීතිමය ගැටලුවක් නොමැති බව ඔහු පැවසීය.හැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න,” ඔහු පැවසීය. ගොවීන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ වගකීම අමාත්‍යාංශය විසින් භාරගෙන ඇති බවත්, එය වැඩි කල් නොගොස් විසඳන බවත් අමාත්‍යවරයා පැවසීය.

ඇමැති ලාල්කාන්තගේ ප්‍රකාශය ගොවීන්ව නීති විරෝධී ක්‍රියා සඳහා පෙළඹවීමකි..!-සජීව චාමිකර ලියයි

(ලංකා සී නිව්ස් -2024 දෙසැම්බර් 07) වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමේ දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම නීති විරෝධී ප්‍රකාශයකි. මෙවන් ප්‍රකාශ ව්‍යවස්ථාදායකය තුළ සිට ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව ජනතාව සමඟ සම්මුති ගත වූ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ශිෂ්ඨසම්පන්න පුරවැසියෙක්, දියුණු මානව සම්පතක් මෙන් ම නීතියේ ආධිපත්‍යය සුරකින සමාජයක් ගොඩනැගීම ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් ම බිඳ දමන බවය.

වගා හානි සිදු කරන වන සතුන් විනාශ කළ යුතුයැයි ලාල් කාන්තගේ මතයට පක්ෂව තරුණ සංවිධාන විසින් පරිසර සංවිධානවලට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වේ

(ලංකා සී නිව්ස් -2024 දෙසැම්බර් 07)
වගා හානි සිදු කරන වන සතුන් විනාශ කළ යුතුයැයි කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශයට එරෙහිව විරෝධතා පැවැත්වූ පරිසර සංවිධාන වලට එරෙහි විරෝධතාවයක් කෑගල්ල නගරයේදී පැවැත්විණ. එය සංවිධානය කර තිබුණේ සියඹලාපිටිය තරුණ සංවිධානය විසිනි.විරෝධතා කරුවන් පෙන්වා දුන්නේ තම වගාවන්ට පැමිණෙන වන සතුන් සිදුකර ඇති වගා හානි දැක බලා ගන්නා ලෙස අදාළ පරිසර සංවිධාන වලට ආරාධනා කරන බවයි.ලාල් කාන්ත මහතාගේ ප්‍රකාශයට එරෙහිව කොළඹදී පරිසර සංවිධාන රැසක් විරෝධතා පැවැත්වූ අතර පරිසරවේදීන්ද සිය විරෝධය ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබිණි.

ලාල්කාන්ත ඇමැති කොහොම කිව්වත් අලි මරන්න තහනම් – නීති උපදේශක රවීන්ද්‍රනාත් දාබරේ

(සීලොන් වයර් 2024 දෙසැම්බර්  8) රජයක් ලෙස නිසි ක්‍රියාමාර්ග නොගෙන වගා හානි කරන සතුන් පාලනය සම්පූර්ණයෙන්ම ජනතාව අතට පත්කිරීම පිළිගත නොහැකි බව පරිසර යුක්ති කේන්ද්‍රයේ නීති උපදේශක රවීන්ද්‍රනාත් දාබරේ පවසයි. කෘෂිකර්ම ඇමැති කේ.ඩී.ලාල්කාන්ත පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.ඇමැතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් පරිසර සංවිධාන කිහිපයක් විරෝධතා ද පවත්වා තිබිණි.ලාල්කාන්ත ඇමැතිවරයාගේ ප්‍රකාශයේ නීතිමය දෝෂ නීති උපදේශක දාබරේ පෙන්වා දුන්නේය. වගකිවයුතු ඇමැතිවරයෙක් එවැනි ප්‍රකාශයක් කිරීම මගින් ජනතාවට තම වගාවන්ට හානි කරන ඕනෑම සතෙකු මරා දැමීමට අවසර ඇතැයි යන හැඟීම ලැබෙන්නේ” යනුවෙන් දාබරේ පවසයි .නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තිය යටතේ අලි ඇතුන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව ඔහු අවධාරණය කළේය.එම ආඥාපනතට අනුව වගා හානිවලට ප්‍රතිචාර වශයෙන් පවා අලි ඇතුන් ඝාතනය කිරීම සපුරා තහනම්ය.මොනරුන් ද එම ආඥාපනත යටතේ ආරක්ෂිත විශේෂයක් ලෙස ලැයිස්තුගත කර ඇත.එම නිසා මොනරුන් මැරීමට ද නීතියෙන් අවසර නැත. අදාළ නීති සහ ප්‍රතිපාදන පිළිබඳ අවබෝධයකින් තොරව සිදුකරන මෙවැනි ප්‍රකාශයන් නිසා තම වගාවන්ට හානි කරන ඕනෑම සතෙකු මරා දැමීමට නීත්‍යනුකූල අයිතියක් ඇතැයි ජනතාව වැරදි ලෙස විශ්වාස කිරීමට පෙළඹිය හැකියි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
තම වගා බිමට වන සතුන්ගෙන් හානි සිදුවන විට එම සතුන් සම්බන්ධයෙන් ගොවීන්ට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකි බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත පාර්ලිමේන්තුවේදී ඉකුත්දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරිසර සංවිධාන හා පරිසරවේදීහු සිය විරෝධය පළ කරති. කෘෂිකර්ම ඇමැතිවරයාගේ මේ ප්‍රකාශය තුළින් සමාජයට වැරැදි පූර්වාදර්ශයක් සපයන්නේ යැයි ඔවුහු චෝදනා කරති.

ඇමැති ලාල්කාන්තගේ රිළා කතාවට පරිසර සංවිධාන කැළඹේ

, (මවුබිම 2024 දෙසැම්බර් 9) වගාවලට වන සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් විද්‍යාත්මකව විසඳුමකට එළැඹීම පසෙකලා සිදු කරන මෙවන් ප්‍රකාශ තුළින් උන්ගේ ජීවිත අවදානමකට හෙළන බවද ඔවුහු පවසති.වන සත්ත්ව හා මිනිස් ගැටුම සම්බන්ධ නිසි පර්යේෂණ දත්ත පදනම් කරගනිමින් ඔවුන්ගෙන් වන හානි, මිනිස් මරණ හා සත්ත්ව මරණ අවම කරගැනීම වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගත යුතු යැයි සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පැවැසීය.ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු නොමැති නම් විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකර විසඳුම් ලබා ගැනීම වඩාත් සුදුසු බවද ඔහු කීය. වගාවලට හානි කරන සතුන් විද්‍යාත්මකව වන්ද්‍යකරණ ක්‍රියාවලියකට යොමු කිරීම කෙටි කාලීනව ඒ සඳහා සුදුසු විසඳුමක් බවද ඔහු යෝජනා කළේය. ප්‍රමාණාත්මක දැනුමක් ඇති පර්යේෂකයන් සහ පරිසර ක්ෂේත්‍රයේ උනන්දුවක් ඇති අය මෙන්ම ගොවි ජනතාවගේද අදහස් ලබා ගනිමින් ඒවා සැලසුම් කළ යුතු බවද ඔහු කීය.

රිලවුන් මර්දනයට ඒකකයක් හදන්නැයි කියයි..

(ලංකා සී නිව්ස් -2024 දෙසැම්බර් 09)
වගා හානි කරන සතුන් සම්බන්ධයෙන් වගා භූමියේදී ගොවියා ගත යුතු ක්‍රියාමාර්ග යන්න චක්‍රලේඛයක් මගින් කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත දැනුම් දිය යුතු බව ගොවි නායකයන් කියා සිටිති. මාධ්‍ය හමුවක් අමතමින් මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ හිටපු සභාපති රණමයුර ගොවි සංවිධානයේ සභාපති සුභසිංහ රත්නායක මහතා මෙම අදහස් පල කරන ලදී.
කෘෂිකර්ම ඇමැතිවරයා කළ මෙම ප්‍රකාශයෙන් වගාවට පැමිණෙන සතුන් මරා දැමීමට කටයුතු කරන ලෙස කියා සිටියා. නමුත් ගොවියන් විදියට බෞද්ධාගමට අනුව එම සතුන් ඝාතනය කිරීමට අපිට බැහැ. අපේ වගාව හානි කළත් එම සත්තු මරලා දාන්න තරම් අපි දුර්වල නැහැ. අපි ඇමැතිවරයාට කියා සිටින්නේ සත්තු මරන්න ගොවියන්ට පවරන්න එපා කියලයි.
ඒ වෙනුවට, කෘෂි හමුදාවක්, ගොවි හමුදාවක් නමින් ඒකකයක් ඇති කර ඔවුනට ගිනි අවි ලබා දී, ලැබෙන තොරතුරු අනුව වගාවට පැමිණෙන අලි ඇතුන්ට, රිලවුන්ට, මොනරුන්ට හා අනෙකුත් හානි කරන සතුන්ට වෙඩි තිබීමට කෘෂිකර්ම අමාත්‍යවරයා එම ගොවි හමුදාවට අණ කළ යුතුයි. එහෙම නැති වුණොත් මම ඇති කරන එළ ගවයා එහා වත්තේ කුඹුරට ගියොත් මනුස්සයාට පුළුවන් ඒකා මරාගෙන මස් කන්න.එම නිසා මෙම ප්‍රකාශය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් හා එය නීතිගත කර ගැසට් එකක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.”

රිළවුන් නිසා කපුටන් ඇතුළු කුරුල්ලන් බරපතළ ලෙස අඩුවෙලා..- නියෝජ්‍ය ඇමැති

(ලංකා සී නිව්ස් -2024 දෙසැම්බර් 09) රිළා උවදුර හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ කපුටන් ඇතුළු කුරුලු ගහනය බරපතළ ලෙස අඩු වී ඇතැයි ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. රිළවුන් කුරුලු කුඩු විනාශ කර බත්තර හා පැටවුන් කා දමහ බවත් මේ නිසා පරිසර පද්ධතියේ සමතුලිතතාව බරපතළ අවදා නමකට ලක්ව තිබෙන බවත් ඒ මහතා කීය. මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගියෝජ්‍ය ඇමැති උසන්න ගුණසේන මහතා මෙසේද කීවේය.ගොවිතැනට හානි කරන ගොළුබෙල්ලන්, පණුවන් වැනි සතුන් ආහාරයට ගනිමින් පරිසර සමතුලිතතාව ආරක්ෂා කිරීමට සිටින කුරුලු ගහනය අඩු වෙනවා”
මේ නිසා රිළවුන්ගෙන් වන හානි යට අමතරව ගොවිතැනට හානි කරන සතුන් විනාශ කරන සතුන් ද විනාශ වෙනවා. ඒ නිසා තමයි කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා යම් තීරණයක් අරගෙන තියෙන්නේ ඒ නිසයි.
පරිසර වේදින් යැයි කියාගන්නා පිරිසක් එයට එරෙහිව අද උද්ඝෝෂණ කරන්න පටන්ගෙන තියෙනවා හමුත් ඔවුන්ට මේ බහුතරයක් ජනතාව විඳින පීඩාව තේරුම් ගන්න බැහැ. සමස්ත කෘෂිකර්මාන්තයම කඩා වැටුණාම මේ රටේ වගා කළ හැකි දේවල් පවා පිට රටින් ගෙන ඒමට සිදු වෙනවා.
ප්‍රධාන අපනයන භෝගයක් වූ පොල් පලදාවට අද සිද්ධ වෙලා තියෙන විනාශය තේරුම් ගන්න පොල් ගහක් යට ගියාම දැක ගන්න පුළුවන්.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කිසි විටෙකත් ජනතාවට හෝ රථට අහිතකර තීන්දු තීරණ ගන්නේ නැහැ.”

රිලව් අල්ලන්න, අලි පටවන්න ආණ්ඩුවට සල්ලි නෑ.. ලාල්කාන්ත කී විදිහට කරපල්ලා.. – රාජාංගනේ හිමිගෙන් පණිවුඩයක්..

(ලංකා සී නිව්ස් -2024 දෙසැම්බර් 10) රටේ සිටින රිලව් වඳුරු අලි කරදර නිසා විඳින දුක දන්නේ එම ප‍්‍රදේශවල  ජීවත් වන ජනතාව බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසති.
ඇමති ලාල්කාන්ත මහතා හදවතින් කළ ප්‍රකාශයක් අල්ලා ගෙන බොරුවට කිඹුල් කඳුලු හෙළන සත්ව අවිහිංසාවාදීන් එම දුක නොදන්නා බව ද එහිමියන් වීඩියෝවක් නිකුත් කරමින් කියති. වගා බිම් වන සතුන් විනාශ කළ විට එම ගොවි දරුවන්ට කන්න දෙන්නට කඩේ ණය බේරන්නට එම පිරිස නොපැමිණෙන බව ද සද්ධාරතන හිමියෝ පෙන්වා දෙති.මේ අවස්ථාවේ අලි අල්ලා පැටවීමට, රිලව් වඳුරු රංචු ඇල්ලීමට ආණ්ඩුවට සල්ලි නොමැති බව දන්නා ඇමති ලාල්කාන්ත ජනතාවට මේ කරදරයෙන් පුළුවන් විදිහට බේරීමට උපදෙස් දී ඇතැයි ද එහිමියන් ප්‍රකාශ කරති.එම ප්‍රකාශයේ කිසිදු වරදක් නැති බවත් ජනතාව හැකි විදිහට වන සත්ව කරදරයෙන් නිදහස් විය යුතු බවත් හිමියන් තව දුරටත් කියති.

වන සතුන් පාලනයට මට වඩා හොඳ යෝජනා තිබේ නම් දෙන්න.. ඇතැයි කියා සිතන්නේ නෑ.. ලාල්කාන්ත

(ලංකා සී නිව්ස් -2024 දෙසැම්බර් 11) වගා හානි කරන සතුන් සම්බන්ධව තමා කළ පාර්ලිමේන්තු කතාවට රටේ පරිසරවේදීන්, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් ඉදිරිපත් කළ යෝජනා වලට තමා ස්තුති වන්ත වන බවත් ඔවුන් සතුව ඊට විධිමත් වැඩපිළිවෙළක් ඇත්නම් එය තමා වෙත භාරදෙන ලෙසත් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. ලාල්කාන්ත මහතා පැවැසුවේ තමා කළේ සමාජයේ ඇති ප්‍රබල ප්‍රශ්නයක් සම්බන්ධ හා එම ප්‍රශ්නයට ස්ථාවර අවසන් විසඳුමක් ඉලක්ක කර ගනිමින් බවත් ඊට අවශ්‍ය පරිසරය සහ වටපිටාව ඉන් ගොඩනැඟෙන බවත්ය ඒ අනුව පරිසරවේදීන්ටත් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහාද මත පළ කළ අයටත් ගොවීන්ටත් ඔවුන්ගේ සැබෑ ගැටලු හා යෝජනා ඉතා පැහැදිලිව පෙන්වා දුන් අතර ඔවුන්ටද තමා ස්තූතිවන්ත වන බව ලාල්කාන්ත මහතා පැවසීය.
විශේෂයෙන්ම විවිධ චෝදනා හා යෝජනා තමාගේ කතාව සම්බන්ධයෙන් මතු වූ අතර තම කතාව නැවතත් ඇහුම්කන් දෙන ලෙස ඉල්ලා සිටින බව පැවැසූ ලාල්කාන්ත මහතා පෙන්වා දුන්නේ මෙම මාතෘකාව සම්බන්ධයෙන් සමාජය දැඩි උනන්දුවක් මතු වීම ම ඉතා වැදගත් බවය. ඒ අනුව වගා හානි කරන සතුන් සම්බන්ධයෙන් පරිසරවේදීන්ට හෝ යම් පාර්ශ්වයකට විධිමත් වැඩපිළිවෙළක් ඇත්නම් එය ලබාදෙන ලෙසත් ඒ අනුව ක‍්‍රියාකිරීමට සුදානම් බවත් පැවැසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එවැනි නිශ්චිත යෝජනාවක් ඔවුන් තුළ දැනට ඇතැයි තමා විශ්වාස නොකරන අතර තම අමාත්‍යාංශය හරහා ඊට අවශ්‍ය පුළුල් වැඩ පිළිවෙළක් මේ වන විටත් සකසමින් යන බවය.එමෙන්ම මේ සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් ගෙන ඒමට තමාට හැකි වූ අතර එය පතෝල ගනයේ මාතෘකාවක් නොවීම නිසාම විවිධ යෝජනා හා චෝදනා වලට ලක්ව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
තවද මෙම මාතෘකාව මතුවීමත් සමඟ වගා හානි කරන සතුන් පලවා හැරීම වන්ධ්‍යාකරණය ඇතුළු විවිධ යෝජනා දැනටමත් ජනතාව විසින් ක්‍රියාත්මක කරමින් සිටීමද හොඳ ප්‍රගතියක් බව හෙතෙම වැඩිදුරටත් කීය.

රිළවුන් වන්ධ්‍යාකරණය කිරීමේ පළමු නියමු ව්‍යාපෘතිය මාතලෙන්-බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති

(ලංකා සී නිව්ස් -2024 දෙසැම්බර් 12)රිළවුන් බෝවීම පාලනය කිරීම සඳහා රිළවුන් වන්ධ්‍යාකරණය කිරීමේ පළමු නියමු ව්‍යාපෘතිය මාතලෙන් ආරම්භ කරන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක පැවැසීය. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඔහු මේ බව කියා සිිටියේය. මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වැඩිදුරටත් කියා සිටියේ මෙම නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4.5 ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙන්කර තිබෙන බවය. රිළවුන් වන්ධ්‍යාකරණය කිරීම සඳහා පශු වෛද්‍යවරුන්ගේ සහාය ගන්නා බවත්, මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය. උගුල් කූඩු යොදා අල්ලා ගනු ලබන රිළවුන් ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානට රැගෙන ගොස් වන්ධ්‍යාකරණය කර නැවත එම ප්‍රදේශයට ගෙනවිත් දැමීමට නියමිතය.

අක්කර පනහක රිලා හිරගෙයක්.. ලංකාවෙම රිලවුන් ඒකට..

(ලංකා සී නිව්ස් -2024 දෙසැම්බර් 12)රට පුරා වගාවන් විනාශ කරන රිලා ගැටළුවට විසඳුමක් ලෙස රිලා හිර ගෙදරක් සෑදීමට තමන්ට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි. තම අමාත්‍යංශයට පැමිණි දෙදෙනෙකු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව හෙතෙම ජන හමුවක් අමතමින් කියා සිටියේය.ළඟදි මගේ අමාත්‍යංශෙට ආව වැදගත් මහත්වරු දෙන්නෙක්. ඇවිල්ලා කීවා ඔබතුමන්ලා හොයන ප්‍රශ්නෙට අපි ගාව විසඳුම් තියෙනවා. මම කීවා බොහො සන්තෝෂයි, කියන්නකෝ විසඳුම කියලා.අක්කර පනහක විතර හොඳ කැලෑ තියෙන තැන් තෝරගන්න කීවා. තෝරගෙන හදන්න කීවා රිලා හිරගෙදරක්. ඒක හරි මැදින් බෙදන්න කීවා අක්කර විසිපහ, විසිපහ. එක කොටුවට ගෑණු සත්තු. අනිකට පිරිමි සත්තු. අවුරුද්දක් හමාරක් යද්දි බෝ වෙන එක අඩුවෙයි කිව්වා. පොඩි ගතියක් නැද්ද ඒ යෝජනාවේ.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress