රංවලගේ සහ මගේ සරසවි
Posted on December 15th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

මම Al කරල රිසල්ට් එන්නත් කලින් job එකට ගියේ kuoni එකේ, ජොබ් එක කරන ගමන් පක්ෂෙ වැඩ කලා , වයඹ චන්දෙට වැඩකරන්න  නිමාඩුදාල පුත්තලම ගියා , පුත්තලමෙ ඒ කාලෙ ජවිපෙට නවාතැන් දෙන්නවත් මිනිස්සු හිටියෙ නෑ , තිබුන ගෙවල් දෙක තුනේ පිටින් ආපු කාන්තාවො වයසක උදවිය නවත්තල , පන්ඩුක (කැලුම් අමරසිංහ ) සහ මම බස්ටෑන්ඩ් එකේ නිදාගත්ත දවස් තිබුන , පාර ජාතික  සංචාරක සමාගමක වැඩ කරපු , තරු පන්තියෙ හෝටල් වල නැවතිලා හිටපු, මට ඒක මාර experience එකක් උනා , පස්සෙ මමයි පන්ඩුකයි, අමිලයි තොඩුවාව බීච් එකේ මාලු වාඩියක නැවතුනා ,ඒක චන්දයක් නෙමේ යුද්ධයක් , නිමාඩු ඉවර උනාට එකට ගුටිකාගෙන හිටපු උන දාල එන්න හිතුන් නෑ , වයඹ චන්දෙ ඉවර වෙලා එහෙම්ම දකුණ චන්දෙට මාතර  ගියා 

මාතරදි මට නවත්තින්න වරුණගෙ (තංගල්ල පාරෙ ගෝල්ඩ් හවුස් එක කරපු ) නිවස අදුන්වල දෙන්න යන ගමන් සරත් අයිය (ජී. කුලරත්ත) 

” මල්ලි චන්දෙ ඉවර වෙලා , මොකද කරන්නෙ ? ” ඇහුව 

” ජෙට්වින් ලයි, එයිට්කන්ස්පෙන්ස් ලයි දෙගොල්ලම කතා කරනව, ඒත් ගෙදරින් කියනව , ලෝ කරන්න කියල  , ආර්ථිකේ හදනවද , ඉගෙන ගන්නවද කියල කල්පනා කලේ ” කියල මම කිව්ව

” ඔය දෙකම අත ඇරල පක්ෂෙ හදමු ” 

එතනින් තමා මගෙ පුල්ටයිම් ජීවිතේ පටන් ගත්තෙ , ඒ කාලෙ අපිට පක්ෂෙන් ටාර්ගට් එකක් දීල තිබුන පුලුවන් තරම් පුල් ටයිමර්ස්ල හදන්න , ශිෂ්‍ය සංගමෙන් ඉන්ජිනේරුවො , දොස්තරල වෙන්න හිටපු කොල්ලො උපාධි නවත්තල  පුල්ටයිම් එවුව, අපි දිස්ත්‍රික්ක වලින් රස්සා කරපු කොල්ලො කෙල්ලො ගැලෙව්ව 

ඒකාලෙ හොදම සංවිධායකයො උනේ වැඩිම චන්ද ගන්න ආසන නෙමේ වැඩිම ෆුල්ටයිමර්ස්ල ගලවන සංවිධායකයො 

88/89න් පස්සෙ ශිෂ්‍ය සංගමෙන් මුලින්ම උපාධිය දාල පුල්ටයිම් ආවෙ රෝහිත තිලකරත්න ,  ඒ වෙලාවෙ අනුරට පුල්ටයිම් එන්න කිව්වම අනුර කියල තිබුනෙ ඩිග්‍රිය ඉවර කරල එන්නම් කියල 

දේශපාලනය වෙනුවෙන් ජීවිතේ අතඇරපු නිශ්මිල, වෙනුරල, බාලෙලට සාපේක්ෂව උපාධිය අතාරින එක මොකක්ද කියල තමා එදා පුල්ටයිම් ආපු කොල්ලො කෙල්ලො හිතුවෙ

2015 මංගල සුභාෂ් ජයවර්ධනව ITN එකේ GM කරල යවපුවම අනුර පාර්ලිමේන්තුවෙදි ඇහුව සුභාෂ්ගෙ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියල , සුභාෂ් කියන්නෙ දේශපාලන මාධ්‍යකරණයෙ  අංක එකේ වැඩ්ඩෙක් , පරණ ජේවීපිකාරයෙක්,

මංගල ඒ වෙලාවෙ අනුරට මරු උත්තරයක් දුන්න

” ඔයාල දේශපාලනය වෙනුවට උපාධිය තෝරගද්දි , අධ්‍යාපනය වෙනුවට දේශපාලනය තෝරගත්ත කෙනෙක් සුභාෂ් , ඔයාට අද එයා සුදුසු නැති උනාට මට එයා සුදුසුයි” කියල 

මංගලගෙ මේ කතාව නිව්ස් වල දකින කොට මගෙ ඇස්වලට කදුළු ආව, මංගලට ආදරේට නෙමේ , මම ෆුල් ටයින් ගත්ත කොල්ලො කෙල්ලො මතක් වෙලා , අදත් පාරෙදි උන්ව දැක්කහම හුස්ම හිරවෙනව

ගෝර්කිගෙ මගේ සරසවිය කියවපු මිනිස්සුන්ව අනුරල තමයි  හොර උපාධි සහතික හදාගන්න තැනට ගෙනාවෙ, ඒ දේශපාලනය කරන්න ආචාර්‍ය මහාචාර්ය කෑලි ඕනෙ කියල වියත් මගේ පාර්ට් ටූ එක උස්සල  , රංවල කියන්නෙ ඒකෙ ගොදුරක්

මම බස්නාහිර පලාත් සභාවෙ කණ්ඩායම් නායකය වෙලා ඉද්දි රංවල හිටිය මගෙ කන්ඩායමේ , රංවල කියන්නෙ දක්ෂයෙක් නෙමේ , ඒ කන්ඩායමේ පානදුර ජගත්,  ගම්පහ එරාජ් , කොලඹ නෆ්ලි වගේ ඊට වඩා කැපිල පේන හුගදෙනෙක් හිටිය , හැබැයි රංවල කියන්නෙ නිහතමානී , අහිංසක මනුස්සයෙක් , මම භාර දීපු වැඩ මගඇරල මගෙන් අනන්ත  බැනුම් අහල ඇති , මට වඩා බියගම සංවිධායක සුරංගගෙන් බැනුම් අහල ඇති. කිසිදවසක ඒව ගනන් ගත්තෙ නැති මනුස්සයෙක් 

අද රංවල විශාල පීඩනයකට ලක්වෙලා තියනව, රනාගෙ වයිෆ් ඒකාලෙ  ගම්පහ හොස්පිටල් එකේ වැඩකලේ , දරුවො දෙන්නම අම්මගෙ අඩිපාරෙ ගියා , අද ඒ දරුවො මොන තරම් මානසික පීඩනයකට ලක්වෙලා ඇත්ද ? 

මේ සිද්දියත් එක්ක මට රංවලගෙ නෑදෑයෙක් උන පලාත් සභාවෙ ලේඛම්වරයෙක්ව හිටපු ජයවර්ධන මහත්තය මතක් උනා 

කොලඹ නගර සභාවෙ ගිණි නිවන රථ මිලදී ගැනීමකදි උන වංචාවක් ගැන මම පලාත් සභාවෙ ප්‍රශ්න කලා , ඒකෙ පරීක්ෂණ වාර්තාව දානකන් ෆයිට් කලා, ඒ වාර්තාවෙන් කීපදෙනෙක් වැරදිකාරයො උනා , වාර්තාව එලියට එද්දි ඒ හොරකමට අදාල ප්‍රධාන වැරදිකාරයො රටෙන් ගිහිල්ල , ඉතුරු උන එකම කෙනා ජයවර්ධන මහතා, එයාට තිබුනෙ නොසැලකිලිමත්ව කටයුතු කිරීම කියන චෝදනාව පමණයි, වාර්තා එලියට ආපු දවසෙ මම පලාත්සභා ඉවර වෙලා පක්ෂෙ අධ්‍යාපන කමිටුවට සහභාගී වෙන්න පැලවත්තට ගියා , පෝන් එක ඕෆ් , මට ජයවර්ධන මහත්තල එක දිගට කෝල් අරන් 

රෑ රංවල කෝල් එකක් දීල කිව්ව , ජයවර්ධන මහත්තය ඔයාව හෙව්ව කියල , මම ඇහුව මොකටද කියල , 

” එයාට ඕනෙ උනේ , එයා හොරෙක් නෙමේ කියල ඔයාට කියන්න ” 

මම කිව්ව “හරි මම කිව්ව , මම උදේම ගන්නම්” කියල 

# උදේ මම ගන්න කොට ජයවර්ධන මහතා සියදිවි නසාගෙන

මම මලගෙදරට ගියාම, එයාගෙ දුව මගෙ ලගට ඇවිත් කිව්ව 

“අපේ තාත්තත් චන්දෙ දුන්නෙ ඔයාලට , එයා ඔයාට හරි කැමතියි, එයා හොරෙක් නෙමේ , ඇයි .. ඇයි.. ඔයා එයා මැරුවෙ”  කියල

රනා උඹ පරණ රනා නම් එහෙම කරගන්නෙ නෑ , උබට ගට තිබුන , ඒත් උබ පරණ රනා නෙමේ කියල මට හිතෙනව , මොකද පරණ රනාට කවදාවත් බොරු ආචාර්‍ය පට්ටමක් නමට ඉස්සරහින් දාගන්න හීන මානයක් තිබුනෙ නෑ 

දැන්වත් පරණ මිනිහ වෙලා ඇත්ත කියල , ඔය කටු ඔටුන්න බිමදාපන් , ඕක බිමදාල බියගමට ආවොත් උබව බදාගන්න එවුන් තාම බියගම ඉන්නව 

එහෙම බැරිනම් මට කියන්න තියෙන්නෙ, මේක අනුර හදපු මාලිමාවෙ ඉරණම , උබ ඒකෙ ගොදුරක්,

 අනුර ඔයා හැදු රට පුදුමයි , අදුර ලගයි ආලෝකෙ දුරයි

warunarajapaksha@

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress