පක්ෂයෙන් සත පහක වැඩක් නෑ.. පාර්ලිමේන්තුව පක්ෂයේ බූදලයක් නොවේ..- නිර්මාල්ගෙන් ජවිපෙට දරුණු ප‍්‍රහාරයක්
Posted on December 16th, 2024
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
ඉල්ලා අස්වූ කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීම මත ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රබලයන් අතර යම් මතගැටුම්කාරී ස්වභාවයක් ඇති වී තිබේ.
ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේව සිරි මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයකු වන ජානක අධිකාරිය මහතා අතර සමාජ ජාලයන්හි මෙවන් එක් සංවාදය ඇති වී තිබේ.
ජානක අධිකාරි මහතා තම සමාජ ජාලයේ අශෝක රන්වල මහතාට පක්ෂපාතිව පළ කළ සටහනකට නිර්මාල් දේවසිරි මහතා සඳහන් කරන්නේ ජනතාවට පක්ෂයෙන් සත පහක වැඩක් නැති බවත් පාර්ලිමේන්තුව පක්ෂයේ බූදලයක් නොවන බවත්ය.