ජනපති අනුරට ජනතාව බලය දී ඇත්තේ හිටපු ජනාධිපතිවරු 8 දෙනෙක් නොකළ දේ කිරීමට නොවෙයි – වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
Posted on December 17th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජූලි 21 ඉන්දියාව සමග එකඟවූ එකඟතාවයේ දී එට්කා ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර අවසන් කරන බව ප්‍රකාශකර තිබූ බවත්, මෙවර එකඟතා ප්‍රකාශයේ ද ඒ පිළිබඳව සඳහන්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
එහෙත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඔහුගේ කතාවේ දී ඒ පිළිබඳව සඳහන් නොකළ බවද, 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන ලෙස ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මොදි ප්‍රකාශ කර තිබුනත් අනුර කුමාර දිසානායක මහතාගේ කතාවේ දී ඒ සඳහා එකඟතාව පළවී නැති බවත් ඒ මහතා සඳහන් කරයි.
මේ බලපෑම්වලට යටත් නොවී අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරනු ඇතැයි බලාාපාරොත්තු වන බවත් සඳහන් කරන වසන්ත බණ්ඩාර මහතා, ජනතා විරෝධය හමුවේ හිටපු ජනාධිපතිවරු 8 දෙනෙකුටම 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට නොහැකි වූ බවත්, ජනතාව අනුර දිසානායක ජනාධිපතිවරයාට බලය ලබා දී ඇත්තේ හිටපු ජනපතිවරු 8 දෙනෙකු නොකළ දේ කිරීමට නොවන බවත් සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…