ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා- මෝඩි ඉන්දීය ශ්‍රී ලංකා ඒකාබද්ධ හමුවේදී කියයි
Posted on December 17th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීමටත් ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව විදුලි සම්ප්‍රේෂණ ජාලයන් මගින් සම්බන්ධ කිරීමටත්, දෙරට අතර වන එක්ටා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමන්ග සාකච්ඡා කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළගේ හමුවීමෙන් පසුව නවදිල්ලියේ ‘හයිද්‍රාබාද් හවුස්’හි පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ඉන්දීය අගමැතිවරයා මෙසේ පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

‘අපිට සතුටුයි ඔබා ජනාධිපති වූ පසුව ඔබගේ පළමු විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම සම්බන්ධයෙන්. ඔබගේ මෙම සංචාරය අපගේ සබඳතාවලට නව ජවයක් ඇති කරනවා. භෞතික ඩිජිටල් සහ බලශක්ති සම්බන්ධතාවය අපගේ හවුල්කාරීත්වයේ වැදගත් කුළුණු වනු ඇති. දෙරට අතර විදුලි බල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන පෙට්‍රෝලියම් නල මාර්ග ස්ථාපනය කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ වේවි. සම්පූර්ණ සූර්ය බල ශක්ති ව්‍යාපෘතියට ජවයක් ලබාදෙනු ඇහ්ටි.ඒ වගේම ලංකාවේ බලාගාර වලට අප එල්.එන්.ජී. සපයනවා.

ද්විපාර්ශවික වෙළඳාම නංවාලීම සඳහා දෙපාර්ශ්වයම ’එක්ටා’ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කරනවා.අපේ දෙපාර්ශවයේම ආරක්ෂක අවශ්‍යතා එකිනෙකට සම්බන්ධ බවට අපි දෙදෙනාම සම්පූර්ණයෙන්ම එකඟයි.දෙරටේ අරක්ෂික සහයෝගිතා ගිවිසුම කඩනමින් අවසන් කිරීමට අපි තීරණය කර තිබෙන්නේ ඒ නිසයි. ධීවරයන්ගේ ගැටලු ගැනත් අපි සාකච්ඡා කළා. මේ කාරණය සම්බන්ධයෙන් මානුෂ්‍යයේ ප්‍රවේශයකින් ඉදිරියට යයුතු බවට අපි එකඟයි.ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණය සහ සංහිඳියාව සම්බන්ධයෙන් අපි කතා කළා. දිසානායක ජනාධිපතිතුමා එතුමාගේ මතය ඒ සම්බන්ධයෙන් මට පැවසූවා.ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා වන කැපවීම ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා වන ඔහුගේ ප්‍රයත්නයන්හිදී ඉන්දියාව විශ්වාසදායක හවුල්කරුවකු ලෙස පවතින බවට මම සහතික වෙනවා.’ලෙස  ඉන්දීය අගමැතිවරයා පැවසූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress