ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්ධ හෙවත් මාලිමා පක්ෂය අල්ලාගත් කොටි වලිගයක්!
Posted on December 18th, 2024
C. Wijeyawikcrema, B.A. (Hons.), LL.B., M.A., Ph.D.
වෙස්වලාගත් භාග්‍යයක් (crisis & opportunity)
කතානායකතුමාට (ව) ඇන්දවීම
Posted on November 25th, 2024
ඉහතින් සඳහන් කෙටි ලිපිය ලියා සති තුනක් යාමටත් පෙර මෙවැනි අළුත් මාතෘකාවකින් කථානායක රන්වලගේ ජවනිකාව ගැන ලියන්නට සිදුවේ යයි මා හීනෙන්වත් සිතුවේ නැත. ඔහු වංචාවක් කලාද නැද්දට වඩා වැදගත් වන කරුණු රාශියක් ඒ මඟින් මතුවිය. මෙහිදී මට මතක් වන්නේ චන්ද්‍රිකා තම උපාධි සහතිකය නිවසට ආ හිතවතාට පෙන්වන්නට එය ගේන්නට උඩ තට්ටුවට ගොස් ප්‍රමාදවන විට පහල සිටි ඇගේ සැමියා, නැති සහතික හොයන්නේ නැතිව පහලට එන්නැයි කිව්වා යයි යාළුවෙක් මට කී කතාවය. එහෙත් රන්වල හරහා එලිවන වෙනත් කාරණා කොසොල් රජතුමා දුටු හීන දාසැය සිහිපත් කරවන්නේය. අනුර කුමාර ආණ්ඩුව විසින් මෙම උපාධි අර්බුදය කොටි වලිගයක් කරගන්නවා වෙනුවට එය තම පක්ෂ සාමාජිකයින්ගේ දුර්වලකම් (ලෝභ-ද්වේෂ-මෝහ) අඩුකර ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස සළකා ක්‍රියා කල යුතුය. යම් දේශපාලකයෙක් ඓතිහාසික රාජ්‍ය නායකයෙක් වන්නේ එසේය (from politician to a statesman).
අධ්‍යාත්මය (හෘදශාක්ෂිය)–à JVP–à npp
අනුර කුමාරලාගේ (jvp) හෘදය ශාක්ෂිය ගැන යලි යලිත් ප්‍රශ්ණ කලේ නාගානන්ද කොඩිතුවක්කුය. ජනතා විමුක්ති පෙරමුණට (jvp) යාහැකි මඟ-part 1 (20/11/2023), ජාතික විමුක්ති පෙරමුණ හා සිංහල බුද්ධාගම (jvp &Buddhism) – part 2 (2/12/2023) යනුවෙන් ලිපි දෙකක් මා අනුර කුමාරට හා පක්ෂයට යැවූවේ jvp විසින් මාලිමාවට අධ්‍යාත්මය සපයනවා යයි අනුර කුමාර කල ප්‍රකාශ හා එක්තරා භික්ෂු සංවිධානයක් ඔවුන්ට සෙත් පිරිත් කියමින් රටවටේ යාමද නිසාය. 1935 සිටම අඩුවැඩි වශයෙන් රටපුරා වෛරය වැපුරූ මාක්ස්වාදී කළු සුද්දන් වෙනුවට 2024 වනවිට මෛත්‍රීයෙන් පිරිණු හෘදය ශාක්ෂියක් පිළිඹද විශ්වාසයක් අනුර කුමාර චන්දදායකයින් තුල ගොඩනගා ගත්තේය. මෙම හෘදය ශාක්ෂිය පළුදු කර ගැනීම ඔහු කර නොගත යුතුය,
වික්ටර් අයිවන්, ලයනල් බෝපගේ, නන්දන වීරරත්න, සුනන්ද දේශප්‍රිය යනාදීන් විසින් දැන් වයස ගියවිට කරණ පාපෝච්චාරණ අනුව බලනවිට, 1971 අප්‍රේල් jvp කැරැල්ල ගැන 1971 දෙසැම්බර් මාසයේදී මගේ වයස 25 දී මා දැරු අදහස් කෙතරම් යථාර්ථවාදීද කියා මට සිතේ. 1971 හා 1987-90 කාලයේ JVP ට උපකාර කල ප්‍රින්ස් ගුණසේකර මහතා දරා තිබෙන්නේ ද මෙවැනිම අදහසක් (ආයුධ අතට නොගන්නා ලෙස) බව මා දැනගත්තේ අදය (RNK ලංඩන් TALKS). දිලිත් ජයවීර හැරෙනවිට අනිත් විරුද්ධ පක්ෂ මන්ත්‍රීන් අවලංගු කාසිය. එහෙත් ආණ්ඩුවේ මන්ත්‍රීන් 159 දෙනා ඉගෙන ගත යුතු පාඩම් බොහෝය. (NPP JVP අධිමානය- ලයනල් බෝපගේ, සාලිය ගලප්පත්ති සමඟ කල සාකච්චාව, විශ්ව වාහිනී TV 20/3/2024; දේශප්‍රිය, සන්නස්ගල සමඟ කල සාකච්චාව).
ඩෝබිලා හා දායක සභා
රසික ජයකොඩි දේශපාලකයින්ගේ විනාශයට හේතුවන කරුණු දෙකක් සඳහන් කලේය. එකක් නම් බලය ලැබුණු විට ඇතිවන උද්දච්ච කමය. අනික නම් ඔවුන් වටකරගෙන ඉන්නා මැටි මොල් රැලය. මොවුන් ඩෝබිලා හෝ දායක සභා හෝ විය හැකිය. ඩෝබිලා කරන්නේ උදාහරණයක් වශයෙන්, ආරම්භයේදී රන්වලට කඩේ ගොස්, රෙදි සෝදා ඉන් පසු ඔහු අමාරුවේ වැටුණ විට ඔහුට අවාසිවන ලෙස රෙද්දේ අනිත් පැත්ත සේදීමය. මොවුන් AKD ආණ්ඩුවට කරන්නේ බලවත් හානියකි (ලියනගේ අමරකීර්ති, නිර්මාල් රංජිත් දේවසිරි- ජානක අධිකාරි යන ඔරිජිනල් jvpකාරයින් තුන් දෙනාගේ සමාජ ජාලා සංවාදය බලන්න, 13/12/24).
පන්සිල් පද පහ හා රංවලලාගේ ටයිටල්
රන්වල නොබෙල් තෑග්ගක් දිණු අයෙක් වුනත් කථානායක <හවරිය> දාගන්නා හැටි අසා දැන නොගත් එක උද්දච්ච්කම හෝ නූගත්කම අතර අර්බුදයක් බව මීට කලින් ලියූ කෙටි ලිපියේ සටහන් කලෙමි. ඔහු විසින් කල යුතුව තිබුනේ සිස්ටම් චේන්ජ් යටතේ එම ලෝගුවට විශ්‍රාම දීම නොවේද? හිසට දාඩිය දමද්දීත් නඩුකාරයින් නම් එය දමාගෙන ඉන්නේ සමහරවිට තට්ට හිසකට යම් ගාම්භීරකමක් ලබා දීමටය.
සමහර ඇමතිවරු ත්‍රීපීස් සූට් ඇඳගෙන යනවිට එය ඔවුන්ට පුරුදු නැති නාඩගමක් බව වීඩියෝ වලින් පෙනේ. අනිත් කාරණය නම් ඔවුන්ටත් සජිත් ප්‍රේමදාස ගාය (පොල් පරාල ඉන්ගිරිස් වලින් කතා කිරීම) වැළදී තිබීමය. රජා මරන්නේ නැතිව සිංහලෙන් කතා කර භාෂා පරිවර්තකයෙක් යොදා ගැනීම ලැජ්ජාවට කරුණක්ද? සිරිසේන ජනාධිපති පෝප් ඉදිරියේ කටුනායක ගුවන් තොටුපල අසලදී කරගත්තා මෙන් විහිළු සැපයීම සඳහා ඇමති ධූර පාවාදිය යුතු නැත. මෙය එක්තරා අන්දමක හීනමානයක් නොවේද? දැන් බලාගෙන යනවිට ආණ්ඩුවේ ඉන්නා අවංකම පංචස්කන්ධය ලාල් කාන්ත පමණක්ද කියා මට සිතේ. ඩයානා, කුමාරීයක් වූ පසු ඇයට ඉංග්‍රීසි කතාකරන්න ඉගැන්වූයේය. ඒත් ඇය රැජිනට කිව්වේ ටොප් ලේඩි කියාය. ඇමෙරිකන් ජනාධිපති දෙවෙනි බුෂ් යේල් යුනිවර්සිටි එකට ගියත් හරි හැටි ඉංගිරිස් දැන සිටියේ නැත.
කොසොල් රජතුමා- හොබ්/ලොක්/රූසෝ/ කාල් මාක්ස්
කොසොල් රජතුමා දුටු හීන දාසැය පිළිඹඳව මහා සුපින ජාතකයේ දැක්වෙන විවරණය ලෝකයේ ප්‍රථම දේශපාලන විද්‍යා සූත්‍රයක් වැනිය. රන්වල නිසා රටේ මතුවූ උපාධි අර්බුදය ලංකාවේ සිංහල බෞද්ධයයි කියාගන්නා පක්ෂ දේශපාලක කළු සුද්දන් විසින් රටට කල විනාශයේ තවත් සිස්ටම් හුටපටයකි. ලංකාවේ තිබෙන ලොකු කුඩා දුෂ්ඨ ත්‍රිකෝණ වල නිලධාරියා යන අංශයට අයත්වන අනු සිස්ටම් තුනක් වන, ප්‍රොපෙසර්, දොස්තර හා ලෝයර් මාෆියා ගැන ක්‍රියාකිරීමට AKD ආණ්ඩුවට අනගි අවස්ථාවක් දැන් ලැබී තිබේ. ඔහුගේ ආණ්ඩුවට මුක්කුගසන මේ කොටස් තුන ශුද්ධ කිරීමට ඉඩක් ලැබේවිද යන සැකය ඇතිවන්නේ රන්වල සිද්ධියේදී ආණ්ඩුවේ මැති ඇමතිලා හැසිරෙන ආකාරය නිසාය.
දණ හිස්සෙන් පහල
නලින්ද ජයතිස්සට අනුව රන්වල සිද්ධිය දණ හිසෙන් පහල කතාවකි. මෙය මිනී දණ හිස්සෙන් ඉහලට ඔසවා ගෙන යාම තහනම් කල jvp යුගය සිහිකරවයි. මෙය රසික ජයකොඩි කියන උද්දච්චකම නිසා පාලකයින් විනාශවී යෑම නමැති මිනිස් දුර්වලතාවයට උදාහරණයකි. රන්වල ගැන අසත්‍ය කරුණු සැපයූ අයට විරුද්ධ ක්රියාකරණවා යයි නලින්ද දුන් උත්තරය ගහේ අත්තේ අග ඉඳගෙන ගහමුලින් අත්ත කපා දැමීමක් වැනි යයි ජනප්‍රිය කාරිගේ චැනල් 1 න් දුටු දේ අනුව මට සිතේ. මෙවැනි ආකල්ප දැරීමේ භායනක කම නම් තමන්ගේ ශාඛා සමිති 13,000 මඟින් ගම්වල ජනතාව එක් රැස් කර ගම පාලනය කරනවා යන කතාවට වෙන්නේ කුමක්ද යන්නය. පක්ෂ දේශපාලනයෙන් තොර ස්වාභාවික මායිම් සහිත ජන සභා ක්‍රමයක් මඟින් රටේ ප්‍රශ්ණ සියේට හැට හැත්තාවක් පමණම විසඳාගත හැකිව තිබෙද්දී නලින්දලාගේ ආකල්පය ගම්වල jvp/npp නායකයින්ද අනුගමණය කලොත්, 1972 කාලයේ ආරම්භකල ජනතා කොමිටි සංකල්පය, ජනතා කොටි වශයෙන් අභාවයට ගිය අන්දම සිහිපත් කරලන්නේය.
සුගන්ධිකා ප්‍රනාන්දු විසින් දර්ශන හඳුන්ගේ සමඟ කල සාකච්චාවේදී පෙන්වා දුන් අන්දමට මුළු යුක්තිය පසිඳලීමේ සිස්ටම් එකම (උසාවි, නඩුකාරයින්, ලෝයර්ලා. පොලිසිය, හිරගෙවල් යනාදී) අතිශයින් දූෂිත මහජනයා පීඩාවට පත්කරන්නකි. සෞඛ්‍ය සේවය වගේම විශ්ව විද්‍යාල ගුරුවරුන්ද කරගෙන යන මාෆියාව දැන ගැනීමට ඒවායේ සිසුන්ට පුද්ගලිකව කතා කලයුතුය. මොවුන් නෝට්ස් කියවනවා මිස රටට වැඩක් ඇති පර්යේෂණ කරනවාද? වාරවසානයෙදී මොවුන්ගේ සේවය තක්සේරු කිරීමට සිසුන්ට අවස්ථාවක් ලබාදිය යුතුය.
චතුරංග අබේසිංහ වැනි jvp තරුණ මන්ත්‍රීලා රන්වල සිද්ධිය ගැන කියන කතා ඩෝබි කතාය. කෙසේ හෝ පක්ෂයට සිදුවූ හානිය අවමකර ගත හැකියයි සිතා ඔවුන් කරණ කතා වැල්ලේ කඩදාසි ගෙවල් හදනවා වැනි බව ඔවුන්ට නොතේරේ. හර්ෂණ නානායක්කාරට ඔහුගේ නමට ආචාරිය කියා දැමීම ප්‍රශ්ණයක්වී CID ගියේ ඒ ගැන කතාවක් මතුවුනාට පසුවය!
රොනී ද මැල් සින්ඩ්‍රෝම්
නිලධාරියාගෙන් දේශපාලකයාට බලය මාරුවීමේ උපනතිය කල්තියාම දැක, ඒජන්ත රක්ෂාවේ ඇති රස දැනසිටි සිය බිරිඳගේ දිගුකාලීන විරෝධය ජයගත් වහාම විශ්‍රාම වැටුපත් එපා කියා සිවිල් සේවය අතහැර දේශපාලනයට බැස පක්ෂ මාරුකිරීමේලා වාර්තා තැබූ රොනී ද මැල්, මෙම උපාධි කලබගෑනියේ එක් පැත්තක ආරම්භය සනිටුහන් කරයි. සිංහල මාධ්‍යයෙන් OL, AL හා විශ්ව විද්‍යාවලට ගිය ගම්බද දුගී පිරිස් තමන්ට රාජ්‍ය සේවයට, විශ්ව විද්‍යාල ගුරුකම් වලට ඉඩකඩ ලැබුණත් ඉංගිරිස් නැතිකමේ හීනමානයෙන් පීඩා වින්ඳේය. රොනී දුටු උපනතියට ඔවුන් මුහුණ දුන්නේ දේශපාලකයා ගොනාට අන්දවමින් තමන්ගේ බඩගෝස්තරය රැකගැනීම හරහාය. දේශපාලකයා හත පාස් නැති, කසිප්පු මුදලාලි යනාදී වශයෙන් ඒම JR/RP ගේ චන්ද ක්‍රමය අනුව 1978 න් පසු ප්‍රචලිත විය.
ගංගොඩවිල සෝම හිමිඳුන්
තමන්ගේ අණසක යටතේ ඉන්නේ උපාධිකාරයින් යන කාරණය නූගත් මන්ත්රීලාට මෝඩ අභිමානයක් ගෙනාවේය. මාකටින් දෙපාර්තමේන්තුවේ කඩයක බඩු විකුණමින් සිට ඇමතිකෙනෙක්වූ මර්වින් සිල්වා මෙම හීනමානය වසාගත්තේ සල්ලිදී ආචාර්ය සහතිකයක් ලබාගෙනය. ඔහු කියා සිටියේ ඔහුටත් G. L පීරිස්ටත් ආචාර්ය උපාධි තිබෙන බවය! මෙවැනි කාරණා නිසා හොර උපාධිකඩ හතු පිපෙනවා මෙන් මතුවිය. එක්තරා උපකුලපති කෙනෙකුගේ ඥාති සහෝදරයෙක් ලක්ෂ දෙකකට ආචාර්ය සහතික විකුණුවේය. දකුණු පලාතේ ආණ්ඩුකාරයෙක්වූ විලී ගමගේ නමත් මීට අයත්ද යන සැකය දුරු කල හැක්කේ ඔහුටම පමණය. පාසැලට දමා ගැනීම සඳහා කුඩා ළමයාට පදිංචි ලිපිනය ගැන බොරුවක් කියන්නට සලස්වන දෙමාපියන් සිටින සමාජයක වෙනත් නොයෙක් දූෂණ අක්‍රමිකතා අතර හොර අධ්‍යාපන සුදුසුකම් පෙන්වීමට හිරි-ඔත්තප්ප භාධාවක් වන්නේ කෙසේද? වෙනකක් තබා ලංකාවේ ජනාධිපති වීමට තරම් ජනප්‍රියවූ සෝම හාමුදුරුවෝ රුසියාවේ අපවත්වූයේ උපාධියකට තිබූ ගිජුකම නිසා උගුලකට අසුවිමෙන්ය.
කොටි වලිගය
අනුර කුමාරට අතිමහත් රාජ්‍ය පාලන බලයක් ලැබීමට මූලිකම හේතුව වූයේ පක්ෂ දේශපාලක හොරුන් විසින් ඇතිකල දූෂිත, අශීලාචාර, ආත්මාර්ථකාමී, සමාජයක් වෙනුවට විනය ගරුක රටක් බිහිකිරීමට ඔහුට හැකිය යන විශ්වාසය නිසාය. රටේ තිබෙන අනිත් හැම අර්බුදයක්ම මෙම සදාචාරය, අවංකභාවය හා විනය ගරුක සමාජයක් පිලිඹද රටවැසියාට ඇති ආශාවට යටය. උදාහරණයක් වශයෙන් ගම් නගරවල ඇති සෑම වගා නොකල, පහසුවෙන් වගා කල හැකි හිස් බිම්වල වගාකිරීමට නීතියක් පනවා එය රජයේ ප්‍රාදේශීය ලේකම්ලා යටතේ නිලධාරීන් මඟින් ක්‍රියාත්මක කර (සෑම GSN කොට්ථාශයකම නිලධාරීන් 6 සිටී), එම ක්‍රියාවලිය මොනිටර් කිරීම සඳහා දැනටමත් සංවිධානය කර තිබෙන JVP ශාඛා සමිති 13,000 උපයෝගී කරගත හැකිය. මෙම ශාඛා සමිති විනය ගරුක, සාධාරණ පුදගලයින්ගෙන් සමන්විත විය යුතුය.
AKD ආණ්ඩුවේ සෑම මන්ත්‍රී කෙනෙක්ම පත්වූයේ පක්ෂය මඟින් ක්‍රියාත්මක කල සංවිධානාත්මක සැලැස්මක් හා දැඩි විනයක් යටතේය. මේ නිසා යම් පංචස්කන්ධයක් බොරු තොරතුරු චන්ද දායකයින්ට පැවසුවා නම් ඔවුන් දුසිමක් දෙකක් වුවත් මන්ත්රීකමින් ඉවත් කර ලිස්ට් එකේ ඊලඟ මනාපකරුව/කාරියව පත් කල යුතුය. මීට හේතුව ඔවුන් වංචාකර ඇත්තේ පක්ෂයට හා මහජනයාට යන දෙකොටසටම වීමය. මෙවැනි එඩිතර දැඩි තීරණයකින් මිස AKD ආණ්ඩුවට මෙම අර්බුදයෙන් ගැලවීමට නොහැකිය. මෙසේ කලොත් 1958 දී SWRD බණ්ඩාරනායක අගමැති ගෙන් පසුව මෙවැනි පියවරක් ගත් රාජ්‍ය නායකයා වන්නේ 2024 දී AKD ය. වෙඩිකෑ ඌරන්සේ හැසිරෙන පරාජිත දේශපාලක රොඩු මෙය අත අරින්නේ නැත. මැති ඇමතිලා හා පක්ෂයට කඩේ යන අය කියන නොයෙක් නිදහසට කරුණු පැස්බරා වැල්ලේ හිස ගසා ගන්නවා වැනිය.