ලක්ෂ 50 කට ආසන්න පිරිසකට රැඳවුම් බදු බර පැටවීම සහාසික ක්‍රියාවක්- මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න
Posted on December 19th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
මැතිවරණ සමයේ දී රට රවටමින් උපයන විට ගෙවීමේ බදු සීමාව රු. ලක්ෂ දෙකක් කරන බව පැවසූ අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ(18) එය රු. 150,000 ක් කරන බව නිවේදනය කළ බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි. එලෙසම අදාළ බද්ද ගෙවන පුද්ගලයින් 121,000 කට එමගින් වාසියක් සැලසෙන බව ඇය අවධාරණය කරන්නීය. මාසිකව හෝ අර්ධ වාර්ෂිකව තැම්පත් පොලිය ආහාර, බෙහෙත් ඇතුළු දෛනික අවශ්‍යතාවයන් සඳහා ලබා ගන්නා ලක්ෂ 50 කට ආසන්න පිරිසකට රැඳවුම් බදු බර පැටවීම සහාසික ක්‍රියාවක් බව ඇය අවධාරණය කරන්නීය. ඇය එලෙස පවසන්නේ පුවත් පත් නිවේදනයක් නිකුත් කරමිනි.
ඇය නිකුත් කළ පුවත්පත් නිවේදනය පහතින්…
බදු සංශෝධනය – අටුව කඩලා පුටුව හැදීම
ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බදු සංශෝධන මගින් උපයන විට ගෙවීමේ බද්ද (PAYE TAx) ගෙවූ 121,000 කට සහන ලබා දී, ස්ථීර සහ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 කට බලපාන පරිදි රැදවුම් බද්ද 5% කින් ඉහත දමා ඇස්බැන්දුමකින් රටම රවටා තිබේ.
මැතිවරණ සමයේ දී රට රවටමින් උපයන විට ගෙවීමේ බදු සීමාව රු. ලක්ෂ දෙකක් කරන බව පැවසූ අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ එය රු. 150,000 ක් කරන බව නිවේදනය කළේය. අදාළ බද්ද ගෙවන පුද්ගලයින් 121,000 කට එමගින් වාසියක් සැලසේ.
ඒ සමඟම රජය දැනට 5% ක් වන රැදවුම් බද්ද 10% දක්වා වැඩි කර ඇත. ලංකාවේ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 ක් පවතින අතර එයින් ගිණුම් ලක්ෂ 50 ක් මාසික ක්‍රියාකාරී මට්ටමේ පවතී. මේ සියළුම ගිණුම් සඳහා ලැබෙන පොලිය 5% ක බදු වැඩිවීමට යටත් කොට ඇත.
වත්මන් අර්බුදය හමුවේ මෙරට ආර්ථිකය දිගින් දිගටම හැකිලෙමින් තිබේ. සමාජයේ පහළ මැද පන්තිය සිය දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිව ලත වෙමින් ඇත. එසේ තිබිය දී, රටේ පහළම ආදායම ලබන පිරිසක් ද ඇතුළත් වන ලක්ෂ 161 ක් වන සියළුම ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට අතිරේක බදු බරක් පැණවීම කිසි ලෙසකින් හෝ අනුමත කළ නොහැකිය.
මාසිකව හෝ අර්ධ වාර්ෂිකව තැම්පත් පොලිය ආහාර, බෙහෙත් ඇතුළු දෛනික අවශ්‍යතාවයන් සඳහා ලබා ගන්නා ලක්ෂ 50 කට ආසන්න පිරිසකට රැඳවුම් බදු බර පැටවීම සහාසික ක්‍රියාවකි.
රෝහිණී කවිරත්න මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී