විජිත හේරත් ඇමතිතුමා ගොන්ඩ්වානාලන්තය ගැන අහල තියෙනවාද?
Posted on December 23rd, 2024
C. Wijeyawickrema
December 18, 2024 at 10:02 pm | lanka C news
ඉන්දියාව සමඟ රට පාවා දෙන කිසිදු ගිවිසුමක් අත්සන් නොකළ බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
සමහර ආගමික විශ්වාස (ලබ්ධීන්) වලින් කියන අන්දමට ලෝකය මැව්වේ දෙවියන් වහන්සේ නම්, උන්වහන්සේ ඉන්දියාව ලංකාවට අතේ දුරෙන් තබන්නට තීරණයක් ගෙන ඇති බව ගොන්ඩ්වානාලන්ත නම් අතීත පෘතුවි ගෝල සිතියමෙන් පෙනේ. මේ නිසා ඉන්දියාවෙන් එන යම් හොඳ දෙයක් භාර ගැනීමටත්, ආක්‍රමණ වලින් ගැලවීමට හැකිවීමටත් ලංකා දිවයිනට හැකිවිය. මෙම ගනුදෙණුවේදී සිදුවූ මහින්දාගමණය පවා රනිල් වික්‍රමසිංහට අනුව ලංකාවට සිදුවූ ප්‍රථම ආක්‍රමණයය. හොඳ වෙලාවට ඔහු එය කිව්වේ සන්නස්ගලට පමණය.
මෑත අතීතයේදී ඉන්දියාව හා ලංකා දූපත අතර ගොඩ්බිම් පාලමක් තිබී ඇති බව රාමායනයේ එන හනුමාන් පාලම් කතාවේ සඳහන්වේ. මෙම පාලම් අයිස් යුගයකදී තිබී පසුව මුහුදු ජලයෙන් යටවී ගිය බව ඇමෙරිකාවේ NASA ආයතනයේ චායාරූප වලින් තහවුරු විය. අහසින් කොළඹ සිට යනවිට ටැමිල්නාඩ දේශය කෙතරම් කර්කෂ පොලොවක්දැයි පෙනේ.
ගොන්ඩ්වානාලන්තය
දෙවියන් විසින් ඉන්දියාවෙන් වෙන්කල ලංකා දූපත?
දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි-පහන ලඟයි ආලෝකෙ දුරයි
මොහිදීන් බෙග්
මෙයට හේතුව ටැමිල්නාඩ් ප්‍රදේශයට බටහිර වෙරළේ දිගටම දිවයන ගාට්ස් කඳු වැටිය මඟින් එයට මෝසම් සුළං වර්ෂාව අහිමිකිරීමය.
දෙවියන් විසින් ඉන්දියා භූමිස්කන්ධය උතුරට තල්ලු කිරීමේදී ඇතිවු ඝට්ටනය නිසා මිරිකී, හිමාලය කඳුවැටි උඩට ඒම නිසා ශීත ඝෘතුවේදී සයිබීරියාවේ සිට පහලට එන අධික ශීතල සුළඟෙන් ඉන්දියාව බේරා දීමට දෙවියන් ක්‍රියාකලේය. මෙහි වටිනාකම පෙනෙන්නේ ඇමෙරිකාවේ රොකී කඳුවැටිය, හිමාලය මෙන් බටහිර-නැඟෙනහිර දිසාවට නොව, උතුරු-දකුණු දිශාවට විහිදෙන නිසා කැනඩාවේ සිට අධික ශීතල ආක්ටික් සුළඟ ඇමෙරිකාවේ දකුණු වෙරළබඩ දක්වාම කඩාවදී.
සිංහල බෞද්ධ විරෝධී කළු සුද්දන් විසින් ඉතිහාසය හා භූගෝල විද්‍යාව පාසැල් විෂයධාරාවෙන් 1960/70 කාලයේදී කුමණ්ත්රනකාරී ලෙස ඉවත් කිරීම නිසා විජිත හේරත් පරම්පාරවේ සිට මෙම දැණුම නැතිවී ගියේය. දැන් කාලයේ සමනල කන්ඳේ සිට ගලා බසින ගංඟා හතරේ නම්වත් කියන්නට දන්නේ කී දෙනාද? මහාද්වීප පාවෙන්නේ පෘතුවිය අභ්‍යයන්තරයේ ඇති ද්‍රව ස්වභාවය නිසා යයි මුලින් කියා සිටියේ ඇල්ෆ්‍රඩ් වැගනර් විසින් 1912 ජනවාරි 6 දාය (theory of continental drift).
ලංකාව ඉන්දියාවේ කොටසක්! හරීන් ප්‍රනාන්දු
පැන්ජියා නම් එක භූමියකින් මහාද්වීප කැඩී පාවී ගිය බව ඔහු පවසා සිටියේය. බ්‍රැසීලය හා අප්‍රිකාවේ බටහිර කොටස එකිනෙකට ගැලපිය (පූට්ටුකල) හැකි බවත්, මේ දෙපැත්තේම දැන් එකම වර්ගයේ මිරිදිය ජීවීන් ඉන්නේ ඒ නිසා බවත් ඔහු අනුමාන කලේය. පසු කලෙක පෘතුවි අභ්‍යන්තරය ගැන විද්‍යාත්මක තොරතුරු ලැබෙන තෙක් භූවිද්‍යාඥයින් ඔහුගේ මතය දිගටම සැක කලේය.
AKD ආණ්ඩුව ලංකාව ඉන්දියාවට පාලම්, නල යනාදියෙන් පූට්ටු නොකල යුතු මන්ද යන්න ගැන ඒ කාලයේ රෝහණ විජේවීරත්, මේ කාලයේ ඔහුගේ පුත් උවිඳු මෙන්ම, AKD තරුණයා මෙන් නොව, ව්‍යාපාරය වෙනුවෙන් සිය අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන, ජීවිත පරිත්‍යාගයෙන් දරදිය ඇද්ද විමල් වීරවංශද, ඊට අමතරව උදය ගම්මන්පිල හා වෙනත් බොහෝ අයද කරුණු ඉදිරිපත් කර ඇත. මේ නිසා මේ ගැන ලියන්නට මට කම්මැලිය. ඊට හේතුව කළු සුද්දන්ගේ පාලන සමය 1948-2024 යන පොතේ එක කොටසක්ම මෙම දේශ ද්‍රෝහී ක්‍රියාව විග්රහකර ඇති නිසාය.
2 කොටස: [නො]වරදින [ඉන්දියන්] කුරුමාණම?
*කුවේණිගේ ශාපයද? ඉන්දියාවේ බලහත්කාරයද? 96-104
*පාලම හා පාලම් පාරුව 105-111
මෙහි තිබෙන්නේ එම පොතේ පිටකවරයය. ඉන්දියන් උඟුල ඉතාමත් සරලව ඉන් පෙන්වා දී ඇත එම පොතේ pdf කොපියක් ඉල්ලන ඕනෑම කෙනෙකුට ඊමේල්කර එවන්නට පුළුවන.
රනිල් වික්‍රමසිංහ ඉන්දියන් පාලම්පාරු උමතුවකින් පෙලෙන්නෙකි. සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට මාක්ස්වාදීන් නිලවශයෙන් 1935 සිට, අනුර කුමාර 2024 දී වෙනස්වීම දක්වාම හතුරන් විය. විජිත හේරත් දැන් කියන කතා අසා රනිල් ප්‍රිතියෙන් පිනායනවා නිසැකය! මෝඩ කපටි දේශපාලකයින් විසින් රටට කල විනාශ එමටය. උදාහරණ වශයෙන්:
- DSS ගේ ජනපද ව්‍යාපාරය කිසිම විද්‍යාත්මක පදනමකින් හා සිංහල බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව අනුව කල දෙයක් නොවීය. අඩුතරමින් ඔහු කොපිකල අමෙරිකාවේ TVA ව්‍යාපාරයේ ආකෘතියවත් ඔහු අනුගමනය කලේ නැත. සිදුවූයේ එහි තිබු යෝධ යන්ත්‍ර සුත්‍ර ලංකාවට ගෙන ඒම හා විදේශ විනිමය කබාසීනියා කිරීමය.ඇමෙරිකාවේ විශාල ඉඩම්වලට අවශ්‍ය මෙම ට්‍රැක්ටර් ලංකාව වැනි කුඩා රටකට ගැලපෙන්නේ නැත. මෑතක් වනතුරුම මලකඩ කමින් දිරා යන මේවා දකින්නට තිබුණි. S. A වික්‍රමසිංහ වැන්නන් විසින් සද්භාවයෙන් දුන් උපදෙස් උද්දච්ච මනසකින් ප්‍රතික්ෂේප කලේය. ලංකාව පිළිඹද විශේෂඥයෙකුවූ B. H. ෆාමර් නම් බ්‍රිතාන්‍ය භූගෝල විද්‍යාඥයා මෙම නාස්තිකාරී ක්‍රියාව පෙන්නා පොතක්ද ලියා ඇත Pioneer Peasant Colonization in Ceylon: A Study in Asian Agrarian Problems by B. H. Farmer (1957).
- ලෝක වාර්තාවක් වන හැතැම්ම 10-15 ක් ඈතින් පාර්ලිමේන්තුව මඩවගුරකට ගෙනයාම (ජයවර්ධනපුර ජරමරය). දැන් සුළු වර්ෂාවකින් පවා කොළඹ 7 ත් වතුරෙන් යටවේ!
- කඩිමුඩියට කල මහවැලි ව්‍යාපාරය. යෝධ වික්ටෝරියා බැම්ම කැඩුනොත් රට ත්රිකුණාමළය දක්වාම මුහුදට සේදී යන්නේය. මෙම වේල්ල සඳහා යොදාගත් බ්‍රිතාන්‍ය අළුත් කොන්ක්‍රීට් මිශ්‍රණයේ ආයුකාලය හා අවදානම ගැන අළුතින් සොයාගත් කරුණු අනුව දැන් ඒ රටේ ගොඩනැඟිලි අළුතෙන් සදන බවට ආරංචි ලැබේ. මේ ගැන අපේ ඉංජිනේරුවන් නිහඬ ඇයි? මෙය බොරු බියක්ද? කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ ඇති හුනුගල් ස්ථර නිසා ඇති අවදානම භූවිද්‍යාඥ මහාචාර්ය P. G. විතානගේ පෙන්නා දුන්නත්, JR ලා ගාමිණී දිසානායකලා ඒවා ගනන් ගත්තේ නැත. අඩු තරමින් මහවැලි සෑයවත් බේරේවිද?
- ක්‍රමයෙන් පියවරෙන් පියවරට ගොඩ නැඟිය යුතුව තිබූ ජාතික සම්පතක්වන හම්බන්තොට වරාය අන්තිමේදී සුදු අලියෙක්ව චීනයට අවුරුදු 200 කට විකිණීම.
අධිවේදී මාර්ග ජරමරයද මීටම සම්බන්ධය. මුළු රටේම ජලවහන රටාව මේ මඟින් බකල් කර ඇත.
චම්පික රණවකලාගේ සිහිනයක් වන ජපන් අහස් රේල් පාරද දැන් දැන් නැවතත් එලියට එන බවක් පෙනේ. කොළඹට ජනයා ඇදී ඒම වැලැක්විය හැක්කේ කොළඹ කාර්යාල කොළඹින් ඈතට ගෙනයාමය. රටේ අගනුවර රජ රටට ගෙනයාමය. එය අවුරුදු 10-15 ක සැලැස්මක් වශයෙන් ක්‍රමයෙන් දියත් කල යුතුය.