සරණාගතයින් ලෙසින් පැමිණෙන සංක්‍රමණිකයන් මෙරට පදිංචි කළ යුතු බව පවසන විපක්ෂනායකට විරෝධය
Posted on January 18th, 2025
උපුටා ගැන්ම ලංකා ලීඩර්
සරණාගතයන් ලෙසින් රටට ඇතුළුවන අනවසර සංක්‍රමණිකයන්ට විරෝධය පළකිරීම සහ ඒ පිටුපස ඇති මිනිස් ජාවාරම හෙළාදැකීම සඳහා විරෝධය පළකරමින් ස්වදේශික ව්‍යාපාරය අද විපක්ෂනායක කාර්යාලය අසලදී විරෝධතාවයක් පැවැත්විය.
සරණාගතයින් ලෙසින් මෙරටට පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් මෙරට ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් ඇති බව එහි සභාපතිවරයා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ මෙම සරණාගතයින් මෙරට පදිංචි කරවිය යුතු බව පැවසීම සම්බන්ධයෙන් බලවත් විරෝධය පළකරන බවයි.