රුපියල් 10 කින් පාලන මිල ඉහළ දැමීම නිසා මෝල් හිමියන් ලැබූ ලාභය අමරවීර කියයි
Posted on January 26th, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් වන අතර මෙට‍්‍රික් ටොන් ලක්ෂ 30ක් පමණ නිෂ්පාදනය කළ බව සියලු වාර්තාවල ඇතැයි ද ආණ්ඩුවේ නොහැකියාව නිසා එය කළමනාකරණය කරගත නොහැකි වී ඇති බව ද  හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ  රුපියල් 10කින් සහල් පාලන මිල ඉහළ දැමීම නිසා පමණක් එක් හාල් මෝල් හිමියෙකු අවම වශයෙන් කෝටි 50ක පමණ ලාභයක් ලැබූ බවයි. 

ඇතැම් මෝල් හිමියන් මෙම රුපියල් 10 මිල ඉහළ නැංවීම නිසා රුපියල් බිලියනයක පමණ ලාභයක් උපයා ඇති බවත් ඒ මහතා කියයි.

එම ව්‍යාපාරිකයන් කෝටි පනහ, සියය දක්වා පක්ෂවලට වියදම් කර ඇති නිසා මෙලෙස මිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ද හිටපු ඇමැතිවරයා සඳහන් කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress