අවුරුදු 77ක් මොකද කළේ?.. නිදහසින් පසු රටේ කිසිවක්ම සිදුවී නැද්ද? – අජිත් නිවාඩ් කබ්රාල් ඉතිහාසයේ සිට කියාදෙයි (වීඩියෝ)
Posted on February 4th, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

මුලින්ම රටක් ලෙස 1505 දී පෘතුගීසීන්ට යටත් වූ පසුව ලංදේසීන් සහ ඉංග්‍රීසීන්ට ද යටත් වී වසර 443ක් වැනි දීර්ඝ කාලයක් යටත්වී සිටි ජාතියක් ලෙස 1948 නිදහස ලැබීමෙන් පසු අදටත් නොයෙක් පුද්ගලයන් ඉංග්‍රීසීන්ට තවදුරටත් යටත්වී සිටියා නම් හොඳයැයි පවසන බවත්, එහෙත් වසර 443කට පසුව රට නිදහස් වීමේ දී මෙරට ජනයාගෙන් විදුලිය තිබුනේ සියයට එකක පිරිසකට පමණක් බවත්, නල ජලය තිබුනේ එම  සියයට එකක පිරිසගෙනුත් බාගයකට පමණක් බවත්, පාසල් 2000ක් සහ විශ්ව විද්‍යාල තිබුනේ එකක් බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

එකල පාරවල් වලින් සියයට 99ක් තිබුනේ බොරළු පාරවල් බවත් පවසන ඒ මහතා එකල තිබුනු තනතුරු පවා සියල්ල තිබුනේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට බවත් සඳහන් කරයි. 

එකල ලාංකිකයකුට එබඳු තනතුරක් හිමිවුව හොත් එය විශාල ආන්දෝලනයකට ලක්වූ බවත් සඳහන් කරන ඒ මහතා වසර 77කට පසුව අද රට දෙස බැලීමේ දී කිසිවක්ම සිදුවී නැති බවට තර්ක කළ හැකිදැයි ප්‍රශ්න කරයි.

අද රටේ සියයට 99කට විදුලිය ඇති බවත්, සියයට 60කට පමණ නල ජලය ඇති බවත්, අධිවේගී මාර්ගම කිලෝමීටර් 200ක් පමණ ඇති බවත් කබ්රාල් මහතා පවසයි.

පාසල්ම 10,000ක් පමණ ඇති බවත් රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල ප්‍රමාණයක් රට තුළ පවතින බවත් සඳහන් කරන ඒ මහතා, වසර 77 ක් තුළ ආඩම්බර විය හැකි කිසිවක් මෙරට  තුළ සිදුවී නැත්දැයි  වැඩිදුරටත් ප්‍රශ්න කරයි.

77 වසරක් තුළ කිසිවක් සිදුනොවූ බවට   ප්‍රශ්න නගන මිනිසුන් මුලින්ම තමන්ගේ මනස නිවැරදිව සකස් කරගත යුතු බවත්, රට ගැන අභිමානයක් දැනෙන ලෙස තම මනස වෙනස් කරගත යුතු බවත් ඔහු සඳහන් කරයි.

සවිස්තර වීඩියෝව පහළින්… 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress