ආණ්ඩුව ‘කියුබන් ක්‍රමයට’ රාජ්‍ය සේවක පඩි වැඩි කරලා-ආණ්ඩුවට රාජ්‍යය පවත්වාගෙන යාමට ඇති නොහැකියාව පෙන්වන අය වැයක්
Posted on February 18th, 2025
රජිත් කීර්ති තෙන්නකෝන් හිටපු ආණ්ඩුකාරවර
‘අයි.එම්.එෆ්. මාර්ගෝපදේශ යටතේ ඉදිරිපත් කළ අනුර කුමාර දිසානායක ගේ අය වැය ව්‍යූහාත්මක, සංකල්පීය හා මෙහෙයුම් ක්‍රියාවලිය අනුව රොනී ද මෙල්, මංගල සමරවීර, රනිල් වික්‍රමසිංහ ගේ අච්චුවේ කැටයම් කැපීමක් බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. අද නාරාහේන්පිට දී පැවති ‘ආර්ථික යුක්තිය’ සංවිධානයේ පුවත්පත් සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
මැතිවරණ පොරොන්දු නැවති සුරංගනා ලෝකයෙන් මිදිලා මහපොළෙවට පැමිණීමට ‘කොමන් සෙන්ස්’ පාවිච්චි කිරීම වත්මන් ආණ්ඩුක පියවර ගැනීම ඉතා යහපත් ප්‍රවණතාවයක්. තමන්ගේ ජනප්‍රියවාදී වාමාංශික හණ මිටිය බිම තියලා, නියෝ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය පිළිගැනීම ආර්ථික ස්ථාවරත්වයට වැදගත්වේවි.
අනෙක් අතට, මේ අය වැය අරගලයට පෙර බැසිල් රාජපක්ෂ මහතාගේ අවසන් අය වැය වගේමයි. මුදල් වියදම් කරන හැටි තියෙනවා. මුදල් හම්බකරන ක්‍රමයක් නෑ.
ඡන්දය ඉලක්ක කරගෙන දිළිඳු ජනතාවට ජයප්‍රිය අල්ලස් කිහිපයක් ලබාදී තෙයනවා. සමාජ ආරක්ෂණයට මුදල් වැය කිරීම හොඳයි.
අය වැයේ සමහර ගණන් හදලා තියෙන හැටි දැක්කාම පුදුම හිතෙනවා. තඹුත්තේගම දුම්රියපොළේ සක්‍යතා අධ්‍යායනයට රු. මි. 100 යි. සමස්ත කැලණිවැලි දුම්රිය මාර්ගයටම රු. මිලියන 250 යි. ගමට සලකන එක හොඳයි. ප්‍රමුඛත්වය තෝරා ගෙන කටයුතු කරනවා නම් ඊටත් වැඩ හොඳයි.
ජනාධිපති වැය ශිර්ෂය කපලා කියලා කියනවා. ජනාධිපති මන්දිර නඩත්තු නොකිරීම, විදේශ සංචාර විදයම් අඩු කරලා තියෙන බව ඇත්ත. නමුත් මුලිකවම වෙලා තියෙන්නේ ජනාාධිපතිවරයා ලඟ තිබුණ ව්‍යාපෘති අමාත්‍යාංශවලට බෙදා දීම.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපනවා කියලා කිව්වා. එක් කරන්න බැරිවුණා. විතරක් නෙවෙයි, මේ අය වැයෙන් රු. මිලියන 131 ක් හිටපු ජනාධිපතිවරුන්ට වෙන් කරලා තියෙනවා.
ජනාධිපති කාර්යාලයේ තිබුණු වෙනත් රාජ්‍ය ආයතන ටික වහලා දාලා, නැත්තම් පැවරීම් කරලා තියෙනවා. ඒ නිසා එතන වියදම අඩු වෙලා තියෙනවා.
ලෝක ආහාර වැඩසටහන 2024 විදයම, ‘0’ කරලා තියෙනවා හැබැයි ඒක වෙන අමාත්‍යාංශයකින් විදයම් කරනවා.
විමධ්‍යගත අයවැය මි. 13250 අයින් කරලා මේ අවුරුද්දේ එම ව්‍යාපෘතිය මුදල් අමාත්‍යාංශය හරහා වැය කරනවා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැම්පතු සඳහා 3% ක අතිරේක පොලියක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මේ සඳහා වසරකට රු. බිලියන 15 ක් වැය වෙතැයි අපේක්ෂා කරනවා. අමතක කරන්න එපා, මේ මුදල වැට් බද්ද 1% කින් වැඩි කිරීම මගින් උපයා ගන්නා ආදායම හා සමානයි. මේ වන විටත් රජය වානිජ්‍ය බැංකුවෙත රු. බිලියන 85 කට වැඩි මුදලක් පසුගිය වසරවල ලබාදූන් මේ 3% පොලිය වෙනුවෙන් ගෙවිය යුතුව තිබෙනවා. නව වැඩසටහන ආරම්භ කරන්නට පෙර එම මුදල් ගෙවීමට නම් අය වැය මගින් මුදල් වෙන් කරලා නෑ.
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම
‘මිනිසුන් රැවටිය හැක්කේ ගණිතයෙන් නොව, සංඛ්‍යානයෙනි’ න්‍යාය අනුව තමයි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවෙලා තියෙන්නේ. සිසංඛානය කියන්නේ, ගණිතයෙන් පටන් අරගෙන අතරමැදදී, වංගුවක් ගහලා, අවසන් ප්‍රතිඑලය වෙනස් කරන විද්‍යාවක්. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරලා තියෙන්නේ, ගණිතයෙන් නොව සංඛ්‍යානයෙනි.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරලා තියෙන්නේ ‘කියුබන් ක්‍රමයට’. ඉහළ සහ පහළ රැකියාවල වැටුප් පරතරය අඩු කරලා තියෙනවා.
ලඟම සතුරාට රෙදවීම තුලින් තෘප්තියක් ලබාදීමට තමයි මෙවර අය වැය මගින් කටයුතු සලසා තිබෙනවා.
උදාරහණයක් ලෙස මාණ්ඩලික නිලධාරීන්ට සතිඅන්ත හා නිවාඩු දිනවල සේවය වෙනුවෙන් දැන් ලබාදෙන මුලික වැටුපෙන් 1/20 ක දීමනාව, 1/30 ක් බවට පත් කර තිබෙනවා. මාණ්ඩලික නොවන සේවා සඳහා දැනට ගෙවන්නේ 1/30 ක් පමණයි. ලොක්කොන්ගේ දීමනාව පොඩ්ඩන්ගේ ගානට ගෙනල්ලා ආතල් එකක් දීලා තියෙනවා.
සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන්ට, හෙදියන්ට ගෙවන ඇතිකාල පැයකට ගෙවන දීමනාව පවා මෙයට සාපේක්ෂව අඩු වෙනවා. එය සෞඛ්‍ය කේෂ්ත්‍රයේ පහල සේවකයින්ට ආතල් එකක් දෙනු ඇති.
වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දිමනාව 1/80 සිට 1/120 ක් දක්වා අඩු වෙලා.
මාණ්ඩලික නිලධාරීන්ට ලබා දෙන වාහන බලපත්‍රය නැති කිරීමත් එවැනිම වැඩක්. අපිටත් නෑ, ලොක්කන්ටත් නෑ. සංකල්පය තමයි මෙතැන තියෙන්නේ.
ගුරු වැටුප – සුබෝධිනී අතුරුදහන් කිරීම
2023 අය වැයට පස්සේ මහින්ද ජයසිංහ බත්තරමුල්ලේ ලොකු උද්ඝෝෂනයක් තියලා රු. 20,000 ක් ඉල්ලුවා. ගුරු විදුහල්පති 2/3 ඉල්ලුවා. දැන් සුබෝධිනී වාර්තාව අතුරුදහන්. 20,000 වෙනුවට රු. 1,500 ක් ලැබිලා තියෙනවා. ඒ ලැබුණු ගාන නිල නිවාස, වැන්දඹු අනත්දරු වගේ දේවල් වලට කැපුනාම ආපහු රජයටම ලැබෙනවා.
විශ්වවිද්‍යා කථිකාචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව කපලා තියෙනවා.
ප්‍රධාන ව්‍යාපෘති මුදල් වෙන් කිරීම
අය වැය මගින් ප්‍රධාන ව්‍යාපෘති 37 කට මුදල් වෙන් කර තිබේ. මෙයින්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හා වඩ්ඩුවකල් පාලම (මුලතීව්) හැර අනෙකුත් ව්‍යාපෘති 35 ම පසුගිය රජය විසින් ආරම්භකර තිබූ ව්‍යාපෘතිව වේ. වඩ්ඩුවකාල් පාලම කියන්නේ ප්‍රභාකරන්ගේ මෘත ශරීරය අරගෙන ආපු පාලම වීම හැර නව ඉදිකිරීමට වෙනත් කිසිදු හේතුවක් නෑ. වැසි කාලයේ දී යම් ගමනාගමන අපහසුවක් පාලමේ පටු බව නිසා ඇති වන නමුත් එය උතුරේ සැබෑ ප්‍රශ්න සමඟ බැලූවිට ඉතාමත් සුළු දේවල්.
රාජ්‍ය අංශයේ වියදම් කළමනාකරණයට එක පැත්තකින් ප්‍රයත්න දරමින් තව 30,000 ක් ගන්න යන්නේ මොන අරමුණකින්ද පැහැදිලි නෑ. අර අසමතුලිත පිරමිඩය තවත් විකෘති වීම වළක්වන්නේ කොහොමද ?
පළාත් පාලන විෂයේ ඇති ලොකුම ගැටලුව කසළ කළමනාකරණය. මේ අයවැයෙන් හඳුනාගෙන තියෙන්නෙ අනුරාධපුරයෙ කසළ කළමණාකරණ ගැටළුව වීම ජාත්‍යන්තර විහිළුවක් වගෙයි. විශේෂයෙන් නොදිරන කසළ කළමනාකරණයට incinerators හෝ සනීපාරක්ෂක බිම් පිරවුම් කෙරෙහිවත් අවධානය යොමු නොකර ක්ලීන් ශ්‍රී ලංකා කරන්නෙ කොහොමද ?
උද්ධමනය ඉහළ යාම
මෙවැනි අයවැයකින් උද්ධමනය ඉහළ යාම වළක්වන්න බෑ. එය ආර්ථික ස්ථායිතාවයට බෙහෙවින් හානිකර වේවි. මේ අය වැය සකස් කර ඇත්තේම මේ වන විට පවතින අවධමන තත්වය වෙනුවට උද්ධමයක් ඇති කර ගැනීම සඳහායි. දැන් මාස 6 කට වැඩි කාලයක් පවතින අවධමනය අවසන් වී, අප්‍රේල් මාසයෙන් පසුව රට තුල බඩු මිල ඉහළ යමින් උද්ධමනය වැඩවීම අනිවාර්යයෙන්ම සිදු වනු ඇති.
නිෂ්පාදන ආර්ථිකය ගැන විශාල උනන්දුවක් පැවති නමුත්, නිෂ්පාදන ආර්ථිකයක් හෝ එවැනි නිෂ්පාදන සංස්කෘතියක් ගොඩනැගීමට විධිමත් වැඩපිළිවෙලක් අය වැය මගින් යෝජනා වී නැත.
ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් රු. මිලියන 20,000 ක් වැය කිරීම වැටුප් වැඩිවීමට පසුව දෙවන විශාලතම වියදමයි.
විශ්‍රාමිකයින්ගේ දීමනා ගෙවීමට, නව සේවක බඳවා ගැනීම් සඳහා වන පිරිවැයට වැඩි වියදමක් ශ්‍රී ලංකන් සඳහා වැය කරනවා. දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් සඳහා වැය කරන රු. මිලියන 2000 වගේ 10 ගුණයක් ශ්‍රී ලංකන් සඳහා වැය කරන්න සිදු වෙනවා.
රජය ශ්‍රී ලංකන් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය ආර්ථිකයට විශාල බරක් වන බව ඉතා පැහැදිලිය.
සමස්ථයක් ලෙස ගත් විට, මේ අය වැය මගින් ‘ආණ්ඩුවට රාජ්‍ය පවත්වාගෙන යාමේ නොහැකියාව පෙන්වනවා’ තිබෙනවා. මේ ආණ්ඩුවට රාජ්‍ය දරාගත නොහැකි තරම් විශාලයි. ඒ නිසා ආණ්ඩුව හා එහි නායකයෝ ‘රාජ්‍යය තමන්ගේ ප්‍රමාණයට කුඩා කර ගනිමින් සිටිනවා. ලංකාව කියන්නේ ක්ලෝඩියස් සීසර් තානාපතිවරු ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණු ආර්ථික වශයෙන් කොහොම වුනත් දේශපාලනික වශයෙන් බලවත් රාජ්‍යයක්.
එවැනි රාජ්‍යයක් ආණ්ඩුවේ තරමට පුංචි කර ගැනීමට අය වැය මගින් දරා ඇති උත්සාහය දීර්ඝ කාලීනව රාජ්‍යයට නරක බලපෑමක් ඇති කරනු ඇති.
රජිත් කීර්ති තෙන්නකෝන්
හිටපු ආණ්ඩුකාරවර