“පාස්කු ප්‍රහාරයේ මහමොළකරු මම දන්නවා” – ඥානසාර හිමි
Posted on March 6th, 2025

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහමොළකරු කවුරුන්දැයි තමා දන්නා බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ භාර නිලධාරීන් ප්‍රථමයෙන් දැනුවත් කරන බවයි.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) මහනුවරට පැමිණ මල්වතු මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව උන්වහන්සේ පැමිණියේ අස්ගිරි මහා විහාරයටයි.

එහිදී ඥානසාර හිමියන් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress