අශෝක රන්වල මහ පරිමාණ කුඹුරු ඉඩම් ගොඩ කිරීමක..?
Posted on March 8th, 2025
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
ඉල්ලා අස්වූ කතානායක වත්මන් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා නීති විරෝධී ආකාරයෙන් කුඹුරු ඉඩමක් ගොඩ කරමින් පවතින බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.
කැලණි ගඟ මිටියාවතේ ඉඩම් බියගම දකුණ, රාජසිංහ ඇල මාර්ගය ගලා යන ඉඩමක් මෙසේ ගොඩ කර ඇති බවටත් ඔහු චෝදනා කරයි.
ඊට අදාළ පින්තූර ද ඔහු තම අන්තර්ජාල නාලිකාව ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් පෙන්වා දෙයි.