භික්‍ෂු කතිකාවත් පනතේ යටි අරමුණු ජනාධිපති තේරුම් ගනු මැනවී
Posted on March 12th, 2025
උපුටා ගැන්ම ලංකා ලීඩර්
පසුගියදා අමරපුර මහා සංඝ සභාවේ මහනාහිමියන් වෙත ආක්‍රපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේදී ජනාධිපතිතුමා විසින් භික්‍ෂු කතිකාවත් පනත කඩිනමින් සම්මත කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන්නට යෙදුණි. මෙය තෛනිකායික මහානායක මහිමිවරුන්ගේ බලවත් විරෝධයට ලක් වූ සහ පසුගිය ආණ්ඩු විසින් එම විරෝධයට ගරුකර හකුලා ගත් පනතක් නැවත ගෙන ඒමට හේතුව කුමක් කුමක් ද පැහැදිලි නැත. එහෙත් ජනාධිපතිතුමාගේ සහ මහා සංඝරත්නය ප්‍රමුඛ රටේ බහුතර බෞද්ධ ජනතාවගේ දැන ගැනීම සහ අවශ්‍ය පියවර ගැනීම පිණිස එම පනතට අදාළ අතීත කථිකාව නැවත මතක් කිරීම වැදගත් වේ යැයි සිතමි.
මේ වෛද්‍ය වසනත් බණ්ඩාර මහතා විසින් සම්පාදනය කළ ලිපියකි.


