ශ‍්‍රී ලංකාවේ දේදුනු ජාතියක් බවට පත් කල යුතුයි..- සංස්කෘතික ඇමති
Posted on March 17th, 2025
lanka C news
සුවපත් කිරීමේ සහ සමාව දීමේ සත්‍ය කොමිසමක් පිහිටුවිය යුතුව ඇතැයි ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති සුනිල් සෙනෙවි මහතා සඳහන් කරයි.
දකුණු අප්‍රිකාවෙන් නෙල්සන් මැන්ඩෙලා කලා සේ දේදුනු ජාතියක් ශ‍්‍රී ලංකාවේද බිහිවිය යුතුව ඇති බවත් ඒ මහතා පැවසුවේය.
අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සුවපත් කිරීමේ සහ සමාව දීමේ කොමිසමක් පිහිටුවීමේදී තම අමාත්‍යාංශය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවය.
දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා කළාක් මෙන් ශ්‍රී ලංකාවත් එකිනෙකාට සමාව දිය යුතුයි.
අප්‍රේල් 21 වන දින ළං වෙමින් පවතින අතර එදින පල්ලිවලට පහර දුන් අයට කිතුනුවන් සමාව දෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු’ යයි ඔහු තවදුරටත් පැවසීය.