‘ශ්‍රී ලංකාව මාසිකව රු. බිලියන 700කට වඩා දේශීය වෙළෙඳපොලෙන් ණය ගන්නවා” – ආර්ථික විශේෂඥයෙක් කියයි
Posted on March 17th, 2025
Hiru News
2025 ජනවාරි මාසයේදී පමණක් ශ්‍රී ලංකා රජය භාණ්ඩාගාර බිල්පත් වැනි දේශීය වෙළඳපොළෙන් රුපියල් බිලියන 700කට වඩා ණයට ගත් බව ආර්ථික විශ්ලේෂක තලාල් රාෆි පවසනවා.
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින් ඔහු සඳහන් කර තිබුණේ, අදාළ ණය ප්‍රමාණය වන රුපියල් බිලියන 700ක මුදල කොළඹ සිට කටුනායක දක්වා අධිවේගී මාර්ග අටක් ඉදි කිරීමට වැය වන මුදලට සමාන බවයි.
මෙය රජය පවත්වා ගැනීම සඳහා අපි මාසිකව ණයට ගන්නා මුදලයි. මෙය වත්මන් රජයේ හෝ පෙර රජයේ වරදක් නොවේ. ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වී ඇති ආකාරය මෙයයි,” යනුවෙන් පවසන ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, දළ මූල්‍ය අවශ්‍යතා පිළිබඳව ස්පර්ශ කරමින්, ශ්‍රී ලංකාව වසරක් තුළ පවත්වා ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රමාණය මෙය බවත්, මෙයට පොලිය, පරිණතභාවය සහ මූල්‍ය හිඟය ඇතුළත් බවයි.
2022 ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේදී, මෙරට දළ මූල්‍ය අවශ්‍යතා 32%ක් වූ බවත්, නවතම IMF වාර්තාවට අනුව දැන් 25% දක්වා පහත වැටී ඇති බවත්, එය 24.9%ක පහත වැටීමක් බවත් ඔහු එහි දී වැඩිදුරටත් විස්තර කරනවා.
ශ්‍රී ලංකාවට මෙය විසඳිය හැක්කේ, මූල්‍ය හිඟය පියවා ගැනීමෙන් පමණක් බව පෙන්වා දෙන තලාල් රාෆි පවසන්නේ රටට ආදායමට වඩා වැඩි වියදමක් දරාගෙන ඉදිරියට යා නොහැකි බවයි..
වත්මන් හෝ අනාගත රජයන් ඇතුළුව ශ්‍රී ලංකාව මෙම තත්වයට හසු වී ඇති නමුත් විසඳුම වනුයේ ආදායම වැඩි කිරීම සහ රජයේ නාස්තිකාර වියදම් අඩු කිරීම, සමහර ඵලදායි නොවන අංශ ඉවත් කිරීම බවයි තලාල් රාෆි වැඩිදුරටත් එහි දී සඳහන් කර තිබුණේ.