පාස්කු ප්‍රහාරයටත්, බටලන්දටත් වඩා අපරාධයක් භූවිද්‍යා සහ පතල් කැණිම් කාර්යංශයෙන් කරමින් සිටිනවා… ලහිරුගෙන් අනාවරණයක් (වීඩියෝ)
Posted on March 18th, 2025
උපුටා ගැන්ම ලංකා ලීඩර්
පාස්කු ප්‍රහාරයටත්, බටලන්දටත් වඩා මහා පරිමාණ ඛණිජ සම්පත් ජාවාරමක භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශය නිරතව සිටින බව ලහිරු වීරසේකර මහතා පවසයි.
ඔහු ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ලහිරු වීරසේකර මහතා මෙසේද පැවසීය
‘‘භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශයේ ඉහළ නිලධාරීන්ගේ උවමනාව මත මෙරට වටිනා කණිජ සම්පත් කුණු කොල්ලයට හෝ හිතවත්කම් මත විවිධ සමාගම්වලට ලබාදීමට කටයුතු කරලා තියෙනවා. මේවා අපේ රටේ අනාගත පරපුරට උරුම සම්පත්, මේ රටේ සිද්දධ වෙච්ච පාස්කු ප්‍රහාරයටත්, බටලන්ද වැනි අපරාධ වලටත්වඩා අපරාධයක් මේ හරහා සිද්ධ වෙනවා. යැයි පැවසීය.
සම්පූර්ණ අනාවරණය පහතින්