1948 සිට පත් වූ අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ස්ව චින්තන සැළකීමේදී අනුර දිසානායක ජනාධිපතිවරයාත් යටත් විජිත චින්තයේම දිගුවක්ද?
Posted on March 20th, 2025
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.
1948 සිට 2024 දක්වා ලංකාව පාලනය කළේ රට බ්‍රිතාන්‍ය කිරීටයට අර්ධව යටත්ව සිටි අවධියේ ස්ව චින්තනය නිර්මාණය වූ අගමැතිවරු සහ ජනාධිපවරුය. ඒ ගැන විවාදයක් තිබිය නොහැකිය.
ඒ අතරින් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එහි අපගමනයකි. ඒ අපගමනයේ ප්‍රතිඵලය වූයේ එතුමියගේ ප්‍රජා අයිතියද අහිමි කරවීමය. පසුව පාර්ලිමේන්තුව විසින්ම එකී ප්‍රජා අයිතිය අහිමි කිරීම වැරදි බවට යෝජනා කර ගත්තේ ය.
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පාලනය අවධි 4කට වෙන් කළ හැකිය.
1. 1815-1948 සෘජු යටත් විජිත සමය
2. 1948-1972 ඩොමීනියන්/ අර්ධ යටත් විජිත සමය
3. 1972-2024 යටත් විජිත චින්තකයන්ගේ පාලන සමය
4. 2024 නිදහස් චින්තකයන්ගේ පාලනය ආරම්භක සමය
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු සහ හිටපු අගමැතිවරයෙකු වූ 1949 දී උපත ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා නාලිකාවේදී ප්‍රකාශ කරන ලද පහත අදහස මෙම ලිපිය මගින් මතු කරන කාරණය තව දුරටත් පැහැදිලි කරයි.
“I had to come. I wanted to come. I was a subject of her Majesty Queen Elizabeth the second the queen of Ceylon, the most popular figure that we had…’
“මට එන්න සිද්ධ වුණා. මට එන්න ඕන වුණා. මම ලංකාවේ දෙවන එලිසබෙත් රැජිනගේ යටත් වැසියෙක්ව, අපිට හිටපු ජනප්‍රියම චරිතය…”
අනුර දිසානායක ජනාධිපතිවරයා 1968 ඉපදී ඇති අතර ඔහුගේ ස්ව චින්තනය නිර්මාණය වී ඇත්තේ 1972න් පසු ශ්‍රී ලංකා ජනරජය යටතේය.
එබැවින් 2024 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ පාලකයන් මෙන් නොව අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ස්ව චින්තනය ගොඩ නැගීමේදී බ්‍රිතාන්‍යය කිරීටයේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදී තිබිය යුතුය. ඒ අනුව අනුර දිසානායක ජනාධිපතිවරයාත් යටත් විජිත චින්තයේම දිගුවක් ලෙස සැළකිය නොහැකි වුවත් එය ඔහුගේ ජනාධිපති ධූරයේ භූමිකාව ඉටුකරන ආකාරයෙන් කිව හැකිය.
ජනාධිපති ධූරයට පත් වී වසරක්වත් ගෙවී ගොස් නැති හෙයින්
1948 සිට පත් වූ අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ස්ව චින්තන සැළකීමේදී අනුර දිසානායක ජනාධිපතිවරයාත් යටත් විජිත චින්තයේම දිගුවක්ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට තවම කල් වැඩිය.
http://neethiyalk.blogspot.com/202 දුරකථන 0712063394 (2025.03.19)