1971 ඉපදුනු තෙන්නකෝන් පොලිස්පතිට, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පොලිස්පති වීමට ඉඩ තිබේද යන්න කාලය විසින් විසඳිය යුතු ප්‍රශ්නයකි…!
Posted on March 23rd, 2025
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394
1971 ඉපදුනු තෙන්නකෝන් පොලිස්පතිට, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පොලිස්පති වීමට ඉඩ තිබේද යන්න කාලය විසින් විසඳිය යුතු ප්‍රශ්නයකි…!
ශ්‍රී ලංකාව ජනරජයක් වුණේ 1972 මැයි 22 දිනය. ඒ 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පැමිණි සමඟි පෙරමුණු ආණ්ඩුවේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් රාජකීය විදුහලේ නවරඟහලේදී කෙටුම්පත් කළ 1වන ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව විසින් සම්මත කරමින් එතෙක් ඩොමීනියන් නිදහසක්ව තිබූ 1947 සෝල්බරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරවීමෙනි. එවැනි සේවයක් කළ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරවූ අතර පසුව පාර්ලිමේන්තුව නැවත එකී ප්‍රජාඅයිතිය අහෝසි කරවීම වැරදි බවට යෝජනා සම්මත කරවූයේ කාලයේ ඇවෑමෙන් ය. එයට මුල් වූයේ නීති මහාචාර්ය ජී. ඇල්. පීරිස් ය.
වසර 26ක් පැවති ශ්‍රී ලංකා ජනරජය සහ කොටි සංවිධානය අතර උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුම 2009 මැයි 18 දින අවසන් කෙරුණේ බෙදුම්වාදයද අවසන් කරමින් ය.
1971 ඉපදුනු තෙන්නකෝන් පොලිස් නිලධාරියා එකී සන්නද්ධ ගැටුමේදී ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් විසල් රාජකාරියක් කළ බවට සැකයක් තිබිය නොහැකිය.
උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුම 2009 මැයි 18 දින අවසන් කෙරුණද යුද්ධයට නායකත්වය දුන්නෝ යුධ අපරාධ චෝදනාවලට හසු කරවීමේ දේශීය සහ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයෝ විගසින් ක්‍රියාත්මක වූ අතර, ජිනීවා මානව හිමිකම් යාන්ත්‍රණය මුල් කරගනිමින් ඒවා ක්‍රියාත්මක විය.
උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුම 2009 මැයි 18 දින අවසන් කෙරුණද එයට නායකත්වය දුන් එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වුවද ජනඅරගලයක් මගින් රට හැරදා යාමට සළස්වා ජනාධිපති ධූරයද අහිමි කරවනු ලැබීය.
කිහිප දෙනෙකු ඇති කරන තත්ත්වයන්
කාලය විසින් විසඳීම ස්වභාවයකි.
1965ට පෙර ඉපදී බ්‍රිතාන්‍යය කිරීටය යටතේ චින්තනය නිර්මාණය කරගත් අය වෙනුවට,1965න් පසු ඉපදී
ශ්‍රී ලංකා ජනරජය යටතේ චින්තනය නිර්මාණය කරගත් අය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ පුටුවලට පැමිණීම මේ වන විට ආරම්භ වී ඇත. 1965 ට පෙර ඉපදී ඇති අයගේ චින්තනය නිර්මාණය වී ඇත්තේ බ්‍රිතාන්‍යය කිරීටයේ අවශ්‍යතා සහ පාලනය අනුව සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවය. 1965 ට පසු ඉපදී ඇති අයගේ චින්තනය නිර්මාණය වී ඇත්තේ 1972 සහ 1978 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුවය.
තෙන්නකෝන් පොලිස්පතිවරයා 1971 ඉපදී ඇති අතර ඔහුගේ චින්තනය නිර්මාණය වී ඇත්තේ 1972 සහ 1978 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව මිස 1947 සෝල්බරි ව්‍යවස්ථාව අනුව නොවේ.
තෙන්නකෝන් පොලිස්පතිවරයා විශ්‍රාම යා යුත්තේ 2032 දීය. මේ 2025 වර්ෂයයි.
ඔහුට විශ්‍රාම යාමට තවත් වසර 8 ක් ඇත. මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඔහුට එරෙහිව පවතින නීති කෘත්‍යයන් ඊළග ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර අවසන් කර ගත හැකිද යන්නත් කාලය විසින්ම විසඳිය යුතු තත්ත්වයකි. එසේ අවසන් කළද එවැනි මැතිවරණයකින් පසු තත්ත්වය කෙසේ විය හැකිද යන්න අද තීරණය කළ හැකි තත්ත්වයක් නොවේ. එයද කාලය විසින් මිස නීතිය විසින් විසඳිය හැකි තත්ත්වයක් නොවේ.
එසේ හෙයින් 1971 ඉපදුනු තෙන්නකෝන් පොලිස්පතිට, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පොලිස්පති වීමට ඉඩ තිබේද යන්න කාලය විසින් විසඳිය යුතු ප්‍රශ්නයකි…!
http://neethiyalk.blogspot.com/2025/03/1971.html?m=1
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.03.20)