ලොවට සත්‍ය ධර්මය 01
Posted on March 30th, 2025
තිස්ස ගුණතිලක
සද්ධර්මය පිළිබදව සැමටම ගැටළු ඇත. ගැටළු නැති අයෙක් සිටිය නොහැක. එවැන්නෙක් සිටීනම් හෙතෙමේට සෝවාන් මාර්ගයට හෝ ආර්ය මාර්ගයට හෝ පිවිසිය හැකිවිය යුතුය. සද්ධර්මය අවබෝධ කරගැනීම සඳහා පලමුවෙන්ම තමාට සද්ධර්මය සම්බන්ධව ඇති ගැටළු ලිහා ගත යුතුය. මක්නිසාද යත් සද්ධර්මය පිළිබදව ආවර්ජනාවක යෙදෙන සෑම මොහොතකම තමතමන්න්ට ඇති ගැටළු මතුවී සද්ධර්මය තුල ඉදිරියට යාමට ගන්නා උත්සාහය වලක්වාලන බැවිනි.
අදින් ඇරඹෙන මෙම සාකාච්ඡා මාලාවේ ප්‍රධානම අරමුන හා තේමාව වන්නේ සියළු දෙනාට පවතින ගැටළු ලිහාගෙන සද්ධර්මය තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිම සකස්කර දීමයි.
ප්‍රථමයෙන්ම සද්ධර්මය පිළිබඳව ඹබ දන්නා දේත්, අපැහැදිලි, පැටලිලි සහිත දේත් පැතතකින් තබන්න. ඒවා කරපින්නාගෙන ධර්මයට පිවිසීමට දරන උත්සාහය නිෂ්ඵලය. ඒසේ කරනා ඔබට සද්ධර්මය නිදහස්ව (non~bias) හැදෑරිය හැකිය. අපි මුලසිට සද්ධර්මට එලෙස පිවිසීමට උත්සාහ ගනිමු.
‘සයධාතුව‘ හා එහි ස්වභාවය
‘සද්ධර්මය‘ යනු ස්වභාවධර්මය තුල පවතින වස්තූන් හෙවත් ස්වභාවධර්මය සෑදී ඇති සංඝඨකවලන් ශරීරයට කරන්නාවූ බලපෑමයි.
ස්වාභධර්මය අපට තේරුම්ගතහැකි පදාර්ථමය හෙවත් අංශු/පරමානුක වස්තූන් වලිනුත් (ඕලාරික) තේරුම්ගත නොහැකි ශක්ති සහ දත්ත වලිනුත් (සුකුම) සෑදුනක් බව බුදුන්වහන්සේ පෙන්වාදුන් සේක. ‘සය ධාතුව’ ලෙස අන්ගුත්තර නිකායේ මහාවග්ගයේ සඳහන්වන්නේ මෙම පැහැදිලි කිරීමයි. එහිදී බුදුන්වහන්සේ ස්වභාවධර්මය ‘පඨවි. අපෝ, තේජෝ, වායෝ යන ධාතු සතරෙනුත් අවකාශ සහ විඤ්ඤාණ යන ධාතු දෙකත් ඇතුළුව සය ධාතුවකින් සෑදී ඇතිබව පෙන්වා දන ලදී.
ස්වභාවධර්මය සය ධාතුවකින් සෑදුන සංසිද්ධිය;
- අනිග්ගහිතෝ – කිසිවකුට තර්කකර වෙස්කල නොහැකි බවත් (not to be refuted, not to be proven wrong or shown to be false by argument),
- අසංකිලිට්ඨො – කිලිටි නොවු, පිරිසිදු සංකල්පයක් බවත්,
- අනුපවජ්ජො – කිසිවෙකුටත් දොස් නැගිය නොහැකි (not blamable) බවත්
එවැනක් අන්තර්ගත දහමක් මා විසින් දෙශනා කල බවත් පවසන ලදී.
මෙම සාකච්ඡාවේ ඉතිරියට සවන්දීමට පහත සඳහන් link එක හරහා පිවිසෙන්න:
මෙයට පෙර සාකච්ඡාවලට පහත සඳහන් link එක හරහා පිවිසිය හැක;
https://youtube.com/@tissagunatilaka?si=CWQ-eT77YPqBi700
තෙරුවන් සරණයි
තිස්ස ගුණතිලක
2025 මාර්තුමස 29වන දා
Sent from Tissa’s Phone