සත්‍ය සෙවීමේ කොමිසම බෙදුම්වාදී මර උගුලක් – පය තබන්න එපා! ජාතික සංවිධාන 55ක අත්සනින් ලිපියක්
Posted on March 31st, 2025
උපුටා ගැන්ම ලංකා ලීඩර්
සත්‍ය සෙවීමේ කොමිසම මර උගුලක් පය තබන්න එපා! ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ජාතික සංවිධාන 55ක අත්සනින් යුතු සංදේශයක් ත්‍රෛනිකායික මහ හිමිපාණන්වරු ප්‍රමුඛ මහා සංඝරත්නයට, ගරු ජනාධිපති තුමාට, මහජන නියෝජිතයන්ට සහ සමස්ත පොදු ජනයා වෙත ඉදිරිපත් කිරීම සදහා අත්සන් තැබීම ඊයේ (30) පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙණේදී සිදුවිය.
මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්ම රතන හිමියන්, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිවරුගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම අවස්ථාව සදහා ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර , විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර ඇතුළු පිරිසක් එක්ව සිටිහය.