ආරක්ෂක සහයෝගිතා ගිවිසුමේ ඇතුළාන්තය
Posted on April 5th, 2025

උපුටා ගැන්ම  හිරු පුවත්

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව එළඹුණු ආරක්ෂක සහයෝගිතා ගිවිසුම ඇතුලු අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ලේකම්වරයා මෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා ද අදහස් පළ කළා.

මේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි දැක්වූ අදහස්.

බොහෝදෙනා අවධානය යොමුකරන්නේ ආරක්ෂිත සහයෝගීතාවය ගැන.

ඒ පිළිබඳව නායකයින් දෙපළ අතර ඉතා හොඳ සාකච්ඡාවන් පැවැත්වුණා.

එම සාකච්ඡා ආරම්භ වුණේ පසුගිය දෙසැම්බර් මසදී ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේ සිදුකළ සංචාරයත් සමගින් එය මේ දක්වා අඛණ්ඩව පැවැත්වුණා.

මෙම සාකච්ඡාවේ සැබෑ හරය නම් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවේ සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර ස්වාභාවය පිළිගෙන තිබීමයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ දිල්ලි සංචාරයේදී, මෙම අවස්ථාවේදී සහ වෙනත් අවස්ථාවන් හීදී ඉතා සුපහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ භූමිය ඉන්දියාවේ අවශ්‍යතාවලට අහිතකර හෝ අහිතකර ආකාරයකින් භාවිතා කිරීමට හෝ භාවිතා කිරීමට ඉඩ නොදෙන බව මේ පිළිබඳව අද සාකච්ඡා අතරතුරදී ද ශ්‍රී ලංකාවේ භූමිය හෝ ඒ අවට සාගර ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර කිසිදු ආකාරයකින් භාවිතා කිරීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළා.

මේ තමයි රටවල් දෙක අතර ආරක්ෂිත සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමේ පසුවිපරම. පළමුවරට එළැඹි මෙම අවබෝධතා ගිවිසුම හරහා පවත්නා ආරක්ෂක සහයෝගීතා මුලපිරීම් වඩාත් ව්‍යුහගත කරන රාමු ලේඛනයක් බවට කටයුතු කරනවා.

එහි ව්‍යුහාත්මක අයුරින් ආරක්ෂක සහයෝගීතාව මෙන්ම විවිධ ක්‍රියාකාරකම්ද අන්තර්ගත වනවා.

දෙරට අතර ඉහළපෙළේ සංචාරයන්, ඒකාබද්ධ යුධ ක්‍රියාකාරකම්, විවිධ අංශයන්හී ධාරිතාවයන් ඉහළ දැමීම වගේම ඉහළ ගතික පරාසයක් තුළ සිදුකරනු ලබන මෙහෙයුම් වගේ දෙරට අතර නාවික හමුදාවන් අතර සහයෝගීතාවයන් දෙරට අතර ආරක්ෂණ සහයෝගීතාවයන් ගවේෂණය ද ඇතුළත්.

මේ අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය නිසි අයුරින් ලබාගෙන ඇති බව ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා කියා සිටියා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ, එම ගිවිසුම අත්සන් කරන්නේ වසර 5ක් සඳහා බවයි.

2023 වසරේදී පැවති ආරක්ෂක සංවාදයේදී ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව සහ සම්බන්ධතාවන් වඩාත් කාර්යක්ෂමව හා විධිමත් ආකාරයකින් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් ඊට එකඟත්වය පළ වූ බව එහි සදහන්.

අදාළ අවබෝධතා ගිවිසුම යටතේ සිදු කරනු ලබන සහයෝගීතා ක්‍රියාකාරකම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වඩාත් උචිත භාවිතයන්ට අනුකූලව සිදුකෙරෙන අතර, එමගින් ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ ජාතික ප්‍රතිපත්ති හෝ නීති පද්ධති කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බව ද එම නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම, මෙම අවබෝධතා ගිවිසුම මාස තුනක පූර්ව දැනුම්දීමකින් අවසන් කිරීමට අදාළ පාර්ශ්වයන්ට ඇති අයිතිය සහිතව වසර 05 ක් සඳහා බලාත්මක කිරීමට යෝජනා වී ඇති බවයි එහි දැක්වෙන්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress